පැහැරහැරි ‘වැට් බදු’ දින 21 ක් තුළ ගෙවන්නැයි ආයතනයකට නියෝගයක්
පැහැරහැරි ‘වැට් බදු’ දින 21 ක් තුළ ගෙවන්නැයි ආයතනයකට නියෝගයක්
(04.03.2025 – 16:53 +0530 – hirunews.lk/sinhala)
රුපියල් දෙකෝටියකට ආසන්න වැට් බදු මුදල් නොගෙවා පැහැර හැරිය බව කියන නාවල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂවරියකගේ විදෙස් ගමන් තහනම් කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ එම බදු මුදල් මාසයක කාලයක් ඇතුළත ගෙවා නිම කරන ලෙස එම ආයතනයේ වග උත්තරකාර අධ්‍යක්ෂකවරුන් දෙදෙනාට නියෝග කර තිබෙනවා.
නාවල ප්‍රදේශයේ පිහිටි ‘සදර්න් ෆෝස්’ නැමැති පුද්ගලික සමාගමක අධ්‍යක්ෂකවරුන් වන රිසානා ගුණසේකර නැමැති කාන්තාවකට හා අයි.ඩබ්. ගුණසේකර නැමති අයෙකුට අධිකරණයෙන් එම නියෝගය ලබා දී ඇත්තේ.
වැට් බදු පනත ප්‍රකාරව එම බදු මුදල් සමථ කිරීමට ප්‍රතිපාදන නොමැති බවත් මාර්තු මස 25 දිනට පෙර ගෙවීමට අපොහොසත් වුවහොත් වගඋත්තරකරුවන්ට මාස හයක (6) සිර දඬුවම් ලබාදෙන ලෙසටද නියෝග කළා.
මෙම ආයතනය 2009 හා 2010 වර්ෂ දෙක (2) සඳහා හිඟ බදු මුදල් වශයෙන් රුපියල් 19,227,332 ක මුදලක් රජයට ගෙවිය යුතුව තිබෙනවා.
නමුත් එම මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ‘දේශීය ආදායම් දෙපාර්තමේන්තුව’ මගින් එම ආයතනයේ අධ්‍යක්ෂකවරුන් වන අයි.ඩබ්. ගුණසේකර හා රිසානා ගුණසේකර යන වග උත්තරකරුවන් දෙදෙනාට එරෙහිව 2020 වසරේදී අධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබෙනවා.
වගඋත්තර කරුවන් දෙදෙනා (2) අවස්ථා කිහිපයකදී අධිකරණය මගහැරීම සම්බන්ධයෙන් ඔවුන්ට විවෘත වරෙන්තු නිකුත් කර තිබූ අතර ඒ අනුව ඉහත සඳහන් වගඋත්තරකාරිය වන රිසානා ගුණසේකර නමැති කාන්තාව පමණක් අධිකරණය හමුවේ පෙනී සිටියා.
මෙම සිද්ධියේ පළමු වගඋත්තරකරු වන අයි.ඩබ්. ගුණසේකර නමැති අය විදෙස් ගතව සිටින බවටද වගඋත්රකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැන්වූවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටි වගඋත්තරකාර අධ්‍යක්ෂකවරිය ශරීර ඇප මත මුදා හරින ලෙසද මහේත්‍රාත්වරයා නියෝග කළා.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් නීතිඥ දිනේෂ් පෙරේරා පෙනී සිටි අතර වගඋත්තරකාර අධ්‍යක්ෂකවරුන් දෙදෙනා (2) වෙනුවෙන් ධම්මික රත්නායක හා ප්‍රියන්ත බණ්ඩාර යන නීතිඥවරු පෙනී සිටියා ෴
මාධ්‍යවේදිනියකගේ සැමියාගේ අබිරහස් මරණයේ විමර්ශන CIDයට
(04.03.2025 – 20:18 +0530 – hirunews.lk/sinhala)
දෙහිවල, හිල් වීදියේ නිවෙසක සිදුවූ අබිරහස් මරණයක් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද දින (04) භාරදෙනු ලැබුවා.
ඒ අනුව මාර්තු මස 18 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නොතීසි නිකුත් කරන ලදී.
මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ අගොස්තිනුගේ සමරජීව නැමැති දෙහිවල, වෛද්‍ය පාරේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයෙක්.
මියගිය තැනැත්තාගේ බිරිඳ මාධ්‍යවේදිනියක වන අතර, සිය සැමියා ජනවාරී මස පළමුවනදා (01) රැකියාවට පිටත්ව ගොස් නැවත නිවස කරා නොපැමිණිම හේතුවෙන් ඒ පිළිබඳව සොයා බැලීමේදී ඊට පසුදින එනම් ජනවාරි 02 වන දින දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ තැළුම් පහරවල් සහිතව ඉතා අසාධ්‍ය තත්වයෙන් සිටියදී සොයා ගෙන තිබෙනවා.
අසාධ්‍ය තත්ත්වයේ සිටි තුවාලකරු ජනවාරි මස 03 වන දින උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගිය පුද්ගලයා දෙහිවල, හිල් වීදියේ නීතිඥවරියකට අයත් නිවසෙහි මිදුලෙහි වැටී සිටින බවට නීතිඥවරියගේ සැමියා වන හිටපු ගුවන් හමුදා නිලධාරිවරයා විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දෙන ලද දුරකතන ඇමතුමකට අනුව රාත්‍රී 11:00 ට පමණ දෙහිවල පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් පරික්ෂා කර බැලුවද තුවාල සහිත පුද්ගලයා එම අවස්ථාවෙහිදී රෝහල්ගත කිරීමට පොලිසිය කටයුතු නොකිරීමත්, තුවාලකරු සෝදා ඔහුට වෙනත් ඇඳුම් ඇන්ඳවීමට කටයුතු කර තිබීමත් සැකයට තුඩු දෙනු ලබන බවත්, මරණය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය මේ වන තෙක් නිසි විමර්ශනයක් සිදු කර නැති බවටත් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ ගීත්ම ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වා තිබෙනවා.
නිවසේ හිමිකරු ඇතුළු නිවැසියන්ගෙන් මේ වනවිට ප්‍රකාශ ලබාගෙන ඇති බවටයි දෙහිවල පොලිසිය විසින් අධිකරණය හමුවේ කරුණු සඳහන් කර ඇත්තේ.
සියලු කරුණු සළකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය මරණයට හේතුව මොට ආයුධයකින් පහරදීමක් ලෙසට මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වී තිබීමත්, මරණය සම්බන්ධයෙන් දෙහිවල පොලිසියෙන් සාධාරණ විමර්ශනයක් සිදු කිරීම බලාපොරොත්තු විය නොහැකි වීමත් යන කරුණු මත මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා ෴
ගාල්තැන්න දේවාලයක තිබූ සැකකටයුතු සුඛෝපභෝගී ජීප් රථයක් අත්අඩංගුවට
(04.03.2025 – 21:23 +0530 – hirunews.lk/sinhala)
මහනුවර, ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක කපුවකු සතුව තිබූ සැකකටයුතු සුඛෝපභෝගී ජීප් රථයක් අද (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ තෙල්දෙණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින්.

පොලිස් කණ්ඩායම එහි යන විට එම ජීප් රථයේ බැටරිය ගලවා පණ ගැන්විය නොහැකි ආකාරයට පත්කොට තිබූ බවයි පොලිසිය පවසන්නේ.
තෙල්දෙණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ ගේ උපදෙස් පරිදි වැටලීම සිදුකර තිබෙනවා.
පොලිසිය පවසන ආකාරයට එම සැක කටයුතු ජීප් රථය සම්බන්ධයෙන් දීර්ඝ කාලීන විමර්ශනයක් සිදුකර තිබෙනවා.
අනතුරුව අනාවරණය කරගෙන ඇත්තේ එය කූඪ ලේඛන උපයෝගී කරගනිමින් ලියාපදිංචි කොට ඇති ජිප් රථයක් බවයි.
ඒ අනූවයි එම සුඛෝපභෝගී ජීප් රථය අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴
රැකියා විරහිත උපාධිධාරීන්ට රාජ්‍ය අංශයේ රැකියා ඉල්ලයි
(04.03.2025 – 22:23 +0530 – hirunews.lk/sinhala)
තමන්ට රාජ්‍ය අංශයේ රැකියා කඩිනමින් ලබාදෙන්නැයි ඉල්ලා ‘ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය’ පාර්ලිමේන්තු වටරවුමේදී විරෝධතාවක නිරත වුණා.
ඒ, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී විවාදයට ගනිමින් තිබූ පසුබිමකයි.
එහිදී විරෝධතාකරුවන්ට ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු සමග සාකච්ඡාවකට අවස්ථාව හිමිවුණද එම සාකච්ඡාද සාර්ථක වුයේ නැහැ.
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය රාජගිරිය ගුවන් පාලම අසළින් අද (04) පෙරවරු 10:30 ට පමණ මෙම විරෝධතා පාගමන ආරම්භ කළා.
ඒ, සියලුම රැකියා විරහිත උපාධිධාරීන්ට කඩිනමින් රාජ්‍ය අංශයේ රැකියා ලබා දෙන්නැයි ඉල්ලමින්.
සියලුම පළාත් නියෝජනය කරමින් ‘රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ’ සාමාජිකයින් මෙම විරෝධතාවයට එක්ව සිටියා.
පාගමනින් පැමිණි ඔවුන් පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේදී විරෝධතාවයේ නිරත වුණේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී විවාදයට ගනිමින් තිබූ පසුබිමකයි.
එහිදී විරෝධතාකරුවන්ගෙන් තිදෙනෙකුට (3) ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු සමග සාකච්ඡාවකට අවස්ථාව හිමිවූ අතර තිදෙනෙකුට (3) පමණක් සාකච්ඡාවට අවස්ථාව ලබාදීමට සම්බන්ධයෙන් විරෝධතාකරුවන්ගෙන් එල්ලවූයේ දැඩි අප්‍රසාදයක්.
කෙසේ වෙතත් සාකච්ඡාවෙන් තමන්ට සාධනීය විසඳුම් නොලැබුණු බවට පවසමින්ව විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මන්සංදිය අවහිර කර නැවතත් විරෝධතාවයේ නිරතවුණා.
අධිකරණ නියෝගයක් ලබාදී ඇති පසුබිමක නැවත විරෝධතාවයට ඉඩ නොදීමට පොලිසිය ක්‍රියාකිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ද හටගත්තා.
එහිදී ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් විරෝධතාවයේ නිරත ව සිටි උපාධිධාරිණියක් රෝහල් ගත කිරීමට පියවර ගත්තා.
+
පිහි ඇණුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
(04.03.2025 – 23:07 +0530 – hirunews.lk/sinhala)
පිහි ඇණුමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙන බව පොලිසිය පවසනවා.
දස දෙනෙකු (10) ගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම පහරදීම සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.
මඩකලපුව, කල්මුණේ, කල්ලඩි ප්‍රධාන මාර්ගයේ ග්‍රාම සංවර්ධන බැංකුව ඉදිරිපිටදී පහරදීම සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
පිහි ඇණුමෙන් දරුණු ලෙස තුවාල ලැබූ එම පුද්ගලයා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එහිදී මිය ගියේ වාලච්චේන ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
+
රටම දන්න ‘චාල්ස් තෝමස්’ට මහපාරේ එල්ලවූ නොසිතූ විරෝධය – කොහොමද ඉස්කෝලේ ඇතුළට ආවේ (04.03.2025)
+
පාලකයන් දළදා වහන්සේ අවභාවිතා කරනවා ද? (04.03.2025)
+
දැන් පාතාලේ මෙහෙයවන්නේ දේශපාලඥයෝ නෙවෙයි චමුදිත – කුඩු කාරයෝ තමයි දේශපාලනේ මෙහෙයවන්නේ (04.03.2025)
+++
‘කෙහෙල්බද්දර පද්මෙ’ගේ ඊළග බිල්ල මෙන්න (04.03.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴