වනඅලි දුම්රියවල ගැටීම අවම කිරීමට වැඩපිළිවෙළක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්
වනඅලි දුම්රියවල ගැටීම අවම කිරීමට වැඩපිළිවෙළක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්
(03.03.2025 – 14:47 +0530 – hirunews.lk/sinhala)
වනඅලි දුම්රියවල ගැටීම අනතුරට ලක්වීමේ සිද්ධීන් අවම කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග නොගැනීම තුළින් රජයේ බලධාරින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණා.
‘පරිසර යුක්ති කේන්ද්‍රය’ ඇතුළු පරිසරවේදීන් පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.
එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස වන ජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා, ප්‍රවාහන අමාත්‍යවරයා, වනජීවී අමාත්‍යවරයා, පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ වනඅලින් දුම්රියවල ගැටීමේ සිදුවීම් මේ වනවිට වර්ධනය වීමේ ප්‍රවණතාවයක් දක්නට තිබෙන බවයි.
2011 වසරේ දිවයින පුරා සිදු කරන ලද වන අලි සංගණනයකදී මෙරට වනඅලි සංඛ්‍යාව 5879 ක්ව පැවති අතර මෑතක දී සිදු කරන ලද සංගණනයේදී එම සංඛ්‍යාව 3130 ක් දක්වා පහත වැටී තිබෙන බවත් පෙත්සමේ පෙන්වා දී තිබෙනවා.
පසුගිය වසර 13 තුළ දුම්රිය වල ගැටීම හේතුවෙන් අඩුම වශයෙන් අලි ඇතුන් 151 ක් දෙනෙකු මියගොස් ඇති බවට නිල වාර්තා වලින් තොරතුරු අනාවරණය වී තිබෙන බවත් පෙත්සමේ සඳහන් වෙනවා.
මෙසේ මියගොස් ඇති අලි ඇතුන්ගෙන් සියයට 40 ක් පමණ වයස අවුරුදු 30 ත් 40 ක් අතර වියේ පසුවන අලි ඇතුන් බවත් මෙම තත්වය අලි ඇතුන්ගේ ගහණය වර්ධනය වීමට අහිතකර ලෙස බලපාන බවත් පෙත්සම්කරුවෝ චෝදනා කළා.
වැලිකන්ද සහ පූනානී අතර දුම්රිය මාර්ගයේ වැඩිම අනතුරු සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර 2022 වසරේ එම මාර්ගයේ අලි ඇතුන් අනතුරට ලක්වීමේ සිද්ධීන් 23 ක් වාර්තා වූ බවත් පෙත්සමේ පෙන්වා දී තිබෙනවා.
ඊට අමතරව අඹන්පොළ සහ ගල්ගමුව, ගල්ඔය සහ හිඟුරක්ගොඩ, මනම්පිටිය සහ වැලිකන්ද වැනි මර්ගවලද අලි ඇතුන් අනතුරට ලක්වීමේ සිද්ධීන් බහුල වශයෙන් වාර්තා වූ බවත් පෙත්සමේ සඳහන් වෙනවා.
මෙම දත්ත පිරික්සීමේදී වර්ධනය වෙමින් පවතින අලි ඇතුන් දුම්රියවල ගැටීමේ සිද්ධීන් අවම කිරීම සඳහා විධිමත් වැඩ පිළිවෙලක් සැකසීමේ අවශ්‍යතාවයක් අනාවරණය වන බවත් පෙත්සම්කරු සඳහන් කළා.
මෙවැනි සිද්ධි මතුවී තිබියදීත් ඒවා වැළැක්වීම සඳහා නිසි ක්‍රියා මාර්ග නොගැනීම තුළින් වග උත්තරකරුවන් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් මේ වන විට සිදු වී තිබෙන දුම්රිය වල අලි ඇතුන් ගැටීමේ අනතුරු සිද්ධීන් පිළිබඳ වෝහාරික පරීක්‍ෂණයක් සිදු කරන ලෙස වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටිනවා.
එමෙන්ම අනතුරු බහුල ප්‍රදේශවල අනතුරු වැළැක්වීම සඳහා දුම්රිය රියදුරන් වෙත වේග සීමාවන් හඳුන්වාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කරුවන් අලි ඇතුන් අනතුරට ලක්වීමේ සිද්ධීන් අවම කිරීම සඳහා වන ජීවී හා වෘක්ෂලතා ආඥා පනත යටතේ රෙගුලාසි මාලාවක් නිකුත් කරන ලෙස පරිසර හා වනජීවි අමාත්‍යවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා ෴
+
දුම්රියේ වනඅලින් ගැටීම වැළැක්වීමට ‘AI තාක්ෂණයෙන්’ ලබා ගත් විසඳුම් ක්‍රියාවට නැංවීමට පියවර
(03.03.2025 – 17:28 +0530 – sinhala.adaderana.lk)
දුම්රියේ වනඅලින් ඇතුළු වනජීවීන් ගැටීම වැළැක්වීමට ‘AI තාක්ෂණයෙන්’ ලබා ගත් විසඳුම් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දායකත්වයෙන් ‘කෘතිම බුද්ධිය (AI) තාක්ෂණය’ ඔස්සේ දුම්රියවල නව උපාංග සවි කිරීමේ කටයුතු ද සිදු කිරීමට නියමිත වන අතර එය මාර්තු මස පළමු සති දෙක තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීමටද පියවර ගෙන ඇත.
මෙම උපාංගය දුම්රියේ සවි කිරීමෙන් දුම්රිය ධාවනයේ යෙදීමේ දී අලිඇතුන් දුම්රිය මාර්ගයේ මීටර් 500 ක් දුරින් සිටිය ද දුම්රිය රියදුරාට ඒ බව දැනුම් දීමක් සිදුවනු ඇති බව පරිසර අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
එහි දී පර්යේෂණ මට්ටමෙන් තාක්ෂණික අත්හදා බැලීම් සිදු කිරීමට නියමිත අතර මෙම උපාංගය සවිකර මාස තුනක කාලයක් විධිමත් අධ්‍යයනකින් පසු මෙම උපාංගය වනජීවීන් හුවමාරුවන දුම්රිය ධාවන මාර්ගයන්ට අයත් දුම්රියන්හි සවි කිරීමට ද අපේක්ෂිතය.
එමෙන් ම රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියන්හි වන අලීන් ගැටීම වැළැක්වීම සඳහා අමතර වේග සීමා ක්‍රියාත්මක කිරීම සහ දුම්රිය ආරම්භක වේලාවන් සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමු ව තිබේ.
මේ අතර පරිසරවේදීන් සිදු කරන ලද ඉල්ලීමකට අනුව පරසර අමාත්‍ය දම්මික පටබැඳි, නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරුන්ගේ මැදිහත්වීමෙන් හා දුම්රිය අධිකාරියේ දායකත්වයෙන් දුම්රියට බිලිවෙන අලි ඇතුන් ආරක්ෂා කරගැනීම උදෙසා දුම්රිය මාර්ගයේ සිල්බර අතර හිස්තැන් පිරිවීම පසුගියදා සිදුවිය.
ගල්ඔය හංදිය – හිඟුරක්ගොඩ අතර 141 සැතැපුම් කණුව ආසන්නයෙන් මෙය ආරම්භ කර ඇත ෴
කාන්තාවකට ගලකින් පහරදී ඝාතනය කරයි
(03.03.2025 – 16:40 +0530 – hirunews.lk/sinhala)
ඉඩම් ආරවුලක් මත 80 හැවිරිදි කාන්තාවකට ගලකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කෑගල්ල – දිවුල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.
පසුගිය ජනවාරී මස 08 වනදා අදාළ පහරදීම සිදුව ඇති අතර, පසුව ඇය මාස 02 කට ආසන්න කාලයක් කෑගල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිට තිබෙනවා.
අනතුරුව ඇය ඊයේ (02) ජීවිතක්ෂයට පත්වී ඇති බවයි රෝහල් ආරංචි මාරග පැවසුවේ.
එම සිද්ධියකට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු කෑගල්ල පුස්සැල්ල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක් ෴
සීසන්වලින් යන අය සහ පාසල් සිසුන් මගහැර යන ලංගම බස් ගැන වහාම දන්වන්න
(03.03.2025 – 17:33 +0530 – hirunews.lk/sinhala)
පාසැල් සිසුන් සහ ලංගම වාර ප්‍රවේශපත්‍ර (සීසන්) මගින් ගමන් ගන්නා ජනතාව මගහැර යන ලංගම බස්රථ රියදුරන් සම්බන්ධයෙන් 1958 අංකයට දැනුම් දෙන ලෙස ජනතාවගෙන් රජය ඉල්ලා සිටිනවා.
පසුගියදා පැවති ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මෙම ගැටළුව පිළිබඳව සාකච්ඡා වූ අතර එම අවස්ථාවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.
ඕනෑම පුරවැසියෙකුට ඒ සම්බන්ධයෙන් අදාළ අංකයට දැනුම් දීමක් කළ හැකි බවයි අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළා.
මෙම ගැටළුව සම්බන්ධයෙන් තමා දැනුවත් බවත්, මෙවැනි අකටයුතු සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත්, මේ පිළිබඳව ලංගම රියදුරන් සහ කොන්දොස්තරවරුන් දැනුවත් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා ෴
‘ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය’ට සැක දෙදෙනෙක් (2) රිමාන්ඩ්
(03.03.2025 – 17:39 +0530 – hirunews.lk/sinhala)
‘ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය’ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
‘කොළඹ අපරාධ කොට්ඨාශය’ මගින් අත්අඩංගුවට ගත් ‘උදාර නිර්මාල් ගුණරත්න’ සහ ‘නලින් දුෂ්ශන්ත’ යන සැකකරුවන් දෙදෙනා අද (03) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.
මෙම සැකකරුවන් රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන සිදුකළ බවත් රැඳවුම් නියෝග අවසන් කිරීමෙන් අනතුරුව ඔවුන් අද (03) දින අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළා.
මෙම සැකකරුවන් සම්බන්ධ විමර්ශන අවසන් වී නොමැති හෙයින් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරුවන් දෙදෙනා ලබන 07 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.
‘ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය’ සඳහා යොදාගත් ‘ජංගම දුරකථන සිම්පතක්’ ලබා ගැනීමට ආධාර අනුබල දීම මෙම සැකකරුවන් විසින් සිදුකර ඇති බව සඳහන් කළ පොලිසිය ඒ අනුව ඔවුන් සැකපිට අත්අඩංගුවට ගත් බවත් සඳහන් කළා ෴
ඉන්ධන ඇණවුම් නැවත ආරම්භ කිරීමට ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමයෙන් තීරණයක්
(03.03.2025 – 18:22 +0530 – hirunews.lk/sinhala)
‘ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා’ හෙට (04) ‘ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය’ සමඟ සාකච්ඡාවකට එකඟ වී තිබෙනවා.
ඒ අනූව ඔවුන් තාවකාලිකව, ඇණවුම් නැවත ආරම්භ කිරීමට තීරණය කළ බවයි ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය පවසන්නේ.
මේ ගැටලුව සම්බන්ධයෙන් ‘ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය’ මගින් ජනාධිපති ලේකම් කාර්‍යාලය වෙත ලිපියක්ද බාරදී තිබෙනවා ෴
හැටන් නගරය මැද වෙළඳසැල් දෙකක් මහ රෑ බිඳලා
(03.03.2025 – 18:24 +0530 – hirunews.lk/sinhala)
හැටන් නගරයේ මහජන වෙළඳපොළේ ඊයේ (02) රාත්‍රියේ වෙලදසැල් දෙකක් (2) බිඳ ඇතුළු වී එම වෙලදසැල්වල තිබු භාණ්ඩ සහ මුදල් සොරාගත් සැකකරු අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ශණ ආරම්භකර තිබෙනවා.
එම වෙලදසැල්වල වහල මතින් පැමිණ ඇති සැකකරු වෙලදසැලේ සිවිලිම කඩාගෙන වෙලදසැලට ඇතුල් වී ඇති අතර වෙළඳසැලේ මුදල් සහ භාණ්ඩ රැගෙන සැකකරු වෙලදසැලට ඇතුලු වු ස්ථානයෙන්ම පලාලොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අදාල සැකකරු එක් වෙලඳසැළකට ඇතුළු වන ආකාරය එම වෙළඳසැලේ සවි කර තිබු ආරක්ෂිත කැමරාවක සටහන් ව තිබෙනවා.
හැටන් පොලිස් කොට්ටාශයේ පොලිස් සුනඛ අංශයේ සහයෝගය ඇතිව හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශය පුළුල් විමර්ෂණයක් ආරමභ කර තිබේ ෴
වතු නිවාස පෙලක ගින්නක්; නිවාස 12 ක් සම්පූර්ණයෙන්ම විනාශවෙයි
(03.03.2025 – 20:50 +0530 – hirunews.lk/sinhala)
හැටන් ෂැනන් වතුයායට අයත් කේ.එම්. කොටසේ වතු නිවාස පේලියක අද (03) රාත්‍රී 07:30 ට පමණ ගින්නක් හටගෙන තිබෙනවා.
එම ගින්නෙන් නිවාස 12 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි හැටන් පොලිසිය සඳහන් කළේ.
ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර ගින්නට හේතුව විදුලි කාන්දුවීමක් බවටයි පොලිසිය සැක කරන්නේ.
පැතිර යන ගින්න පාලනය කිරීමට වතුකම්කරුවන් සහ ප්‍රදේශවාසින් දැඩි උත්සාහයක නිරතව සිටින බව අප වාර්තකරු සඳහන් කළා.
+
අනුර දිසානායක ජනාධිපති නැතිවෙන්නේ බිමල් රත්නායක හින්දා තමයි (03.03.2025)
+
නැගෙනහිර විනාශ වන අපේ බොදු උරුමය.. (03.03.2025)
+
දරුවන්ට හෙටක් – හරිනිට අනුශාසනාවක් (03.03.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴