ඛණිජ තෙල් ඇනවුම් කිරීමේ කටයුතුවලින් බෙදුම්කරුවන් ඉවත් වෙයි

ඛණිජ තෙල් ඇනවුම් කිරීමේ කටයුතුවලින් බෙදුම්කරුවන් ඉවත් වෙයි


ඛණිජ තෙල් ඇනවුම් කිරීමේ කටයුතුවලින් බෙදුම්කරුවන් ඉවත් වෙයි

(28.02.2025 – 18:04 +0530 – hirunews.lk/sinhala)

අද (28) මධ්‍යම රාත්‍රියෙ සිට ඛණිජ තෙල් ඇනවුම් කිරීමේ කටයුතුවලින් ඉවත් වන බව ‘තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය’ පවසනවා.

එම සංගමය මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද (28) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීයි.

එහිදී එම සංගමය පවසා සිටියේ පවතින ඛණිජ තෙල් බෙදා හැරීම පමණක් සිදුකරන නමුත් තෙල් සංචිත ඇනවුම් කිරීමක් සිදු නොකරන බවයි ෴

+

+

ඉන්ධන හිඟයක් නැහැ; ප්‍රවාහන කටයුතු සාමන්‍ය පරිදි; සංස්ථා සභාපති

(28.02.2025 – 20:46 +0530 – hirunews.lk/sinhala)

රට තුළ කිසිඳු ඉන්ධන හිඟයක් නොමැති අතර, ඇණවුම් සාමාන්‍ය පරිදි ලැබී ඇති බව ‘ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා’ පවසනවා.

ඒ අනුව, ඉන්ධන ප්‍රවාහන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම, මාසික මිල සංශෝධනයට අනුව මාර්තු මාසයට අදාලව ඉන්ධන මිලෙහි කිසිඳු සංශෝධනයක් සිදු නොකිරීමටයි ‘ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව’ තීරණය කරනු ලැබුවේ ෴

+

ඉන්ධන පිරවුම්හල් අසළ පෝලිම්

(28.02.2025 – 21:48 +0530 – hirunews.lk/sinhala)

තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විසින් අද (28) මධ්‍යම රාත්‍රියේ සිට තෙල් ඇනවුම් කිරීමේ කටයුතුවලින් ඉවත්වන බව ප්‍රකාශ කිරීමත් සමඟම දිවයිනේ ප්‍රදේශ රැසක මේ වනවිට ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් දක්නට ලැබෙන බව අප වාර්තාකරුවන් පවසනවා.

අද (28) පස්වරුවේ ‘තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය’ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේ, ඉන්ධන සඳහා ඔවුන් වෙත ලබා දී තිබූ 3% ක වට්ටම හෙට (29) සිට අහෝසි කිරීමට ‘ඛනිජ තෙල් නීතිගත සංස්ථාව’ ගෙන ඇති තීරණයකට විරෝධය පළ කරමි මෙම තීරණයට එළඹී බවයි.

ඉන්ධන බෙදාහැරීමේ දී දිවයින පුරා ඉන්ධන බෙදුම්කරුවන් සඳහා 3% ක වට්ටමක් හිමිව තිබූ අතර, එම සහනය මාර්තු 01 වැනිදා සිට අහෝසි කිරීමටයි ‘ඛනිජ තෙල් නීතිගත සංස්ථාව’ තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත්, ‘ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයා’ සඳහන් කළේ, රට තුළ කිසිඳු ඉන්ධන හිඟයක් නොමැති බවත්, ඇණවුම් සාමාන්‍ය පරිදි ලැබී ඇති බවයි.

ඒ අනුව, ඉන්ධන ප්‍රවාහන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම, මාසික මිල සංශෝධනයට අනුව මාර්තු මාසයට අදාලව ඉන්ධන මිලෙහි කිසිඳු සංශෝධනයක් සිදු නොකිරීමටයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කරනු ලැබුවේ ෴

+

ඉන්ධන පිරවුම්හල් වාහනවලින් පිරෙයි. පොලීම් තවත් දිගු වෙයි. මෙන්න දැන් ලැබුනු දර්ශන (28.02.2025 10pm +0530)

+


දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8ක් අත්අඩංගුවට ගන්න නියෝග

(28.02.2025 – 18:42 +0530 – sinhala.adaderana.lk)

එවකට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මාතර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ 2023 වසරේ දෙසැම්බර් 31 වනදා මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකට අදාළවය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග, “වැලිගම පොලීසියේ නිලධාරීන් විසින් සිදුකරන ලද වෙඩිතැබීම පුද්ගලික ආරක්ෂාවේ අයිතිය මත පිහිටා කළ වෙඩිතැබීමක් බවත් ඒ අනුව ඔවුන්ට එරෙහිව කිසිදු නෛතික ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසට දන්වා තිබෙනවා. කෙසේ නමුත් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මෙම ස්ථානයට යොමු කිරීම නිත්‍යානුකූල නොවන අයුරින් සිදුව ඇති බවත්, ඒ අනුව එදින මෙම ස්ථානයට පැමිණි නිලධාරීන් සහ එවකට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම් කරන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.” යනුවෙන් පැවසීය.

2023 වසරේ දෙසැම්බර් මස 31 වනදා ‘කොළඹ අපරාධ කොට්ඨාසයේ’ නිලධාරීන් කණ්ඩායමක් ‘හරක් කටා’ගේ සමීපතමයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා මාතර වැලිගම ප්‍රදේශයට ගොස් තිබුණි.

එහිදී ‘වැලිගම පිහිටි W 15 හෝටලය’ දෙස සිට සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන් වෙත ප්‍රහාර එල්ල වීම හේතුවෙන් ඒ දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව පොලීසිය පැවසුවේය.

ඒ අතරතුරදී ‘වැලිගම පොලිස් ස්ථානය’ට අයත් ජංගම මුර සංචාරක රථයක් පැමිණ පොලිස් නිලධාරීන් පැමිණි වෑන් රථයට වෙඩි තබා තිබුණි.

ඒ, එම වෑන් රථයේ සිටින්නේ අපරාධකරුවන් යැයි වරදවා වටහා ගැනීමෙනි.

ඒ සමග වෑන් රථය සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර ඒ වනවිටත් වෑන් රථයේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට (2) වෙඩි වැදී තුවාල සිදුව තිබුණි.

එහිදී රෝහල්ගත කළ එක් (1) පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වුණි.

එලෙස වෙඩිවැදී මියගියේ ‘කොළඹ අපරාධ කොට්ඨාසය’ට අනුයුක්තව සේවය කළ උපුල් චමින්ද කුමාර නමැති 47 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකි.

අදාළ මූලික මරණ පරීක්ෂණය මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වූ අතර එහි තීන්දුව ඊයේ (27) දිනයේදී ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව එවකට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ට නියෝග කර තිබේ.

+


රජයේ දේපළ අවභාවිත කරමින් නගර සභා සේවකයෙකුගෙන් මල් ශාලාවක්

(28.02.2025 – 16:44 +0530 – sinhala.adaderana.lk)

1994 සිට කොළඹ මහ නගර සභාවේ භුක්තිය හිමි, බොරැල්ල සුසාන භූමියේ නිල නිවාසය හා ඉඩම අවභාවිත කරමින් කොළඹ මහ නගර සභාවේම සේවකයෙක් මල් ශාලාවක් ආරම්භ කර පවත්වාගෙන යන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගිය 25 සහ 27 යන දිනයන්හිදී පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ මෙම කරුණු අනාවරණය වී තිබේ.

මෙම දිනයන්හිදී 2022, හා 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ නිලධාරීහු කාරක සභාවට කැඳවා තිබුණි.

මෙහිදී පළමු දින කරුණු දක්වමින් විගණකාධිපතිවරයා බොරැල්ල සුසාන භූමියේ අනවසර ගොඩනැගිල්ලේ නිත්‍යානුකූල නොවන ආකාරයෙන් ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පැවසීය.

2023.07.06 වැනි දිනට පෙර ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය හා එම ගොඩනැගිල්ල නැවත කොළඹ මහ නගර සභාව වෙත ලබා ගැනීම පිළිබඳ නියෝග ඇතුළත් වාර්තාවක් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙසට කාරක සභාව විසින් මීට පෙර ලබාදුන් නිර්දේශයට අනුව කොළඹ මහ නගර සභාව විසින් වාර්තාවක් ඉදිරිපත් කර තිබුණද ගොඩනැගිල්ල නැවත මහ නගර සභාව වෙත ලබාගැනීමේ කිසිදු ප්‍රගතියක් පෙන්වා නොතිබුණි.

ඒ අනුව එහිදී අදහස් දක්වමින් නිලධාරීහු මහ නගර සභාවේ සේවයේ නියුතු සේවකයෙකු බොරැල්ල සුසාන භූමියේ නිල නිවාසය හා ඉඩම අවභාවිත කරමින්, සිදුකරමින් යන ව්‍යාපාරය පිළිබද කරුණු, කාරක සභාවට ඉදිරිපත් කර තිබේ.

එම සේවකයා මීට පෙර වැඩ තහනමකට ලක්ව සිට නැවතත් සේවයේ පිහිටවූ පුද්ගලයෙක් බව එම නිලධාරීහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසූහ.

මෙහිදී සභාපතිවරයා විසින් එම මල් ශාලාව කොළඹ නගරයේ මල් ශාලාවක් ලෙස ලියාපදිංචි කර තිබේද යන්න නිලධාරීන්ගෙන් විමසා සිටියේය.

එහිදී නිලධාරීන් විසින් ප්‍රකාශ කළේ මල් ශාලාවක් සඳහා අවශ්‍යවන බලපත්‍ර නොගෙන අනීතිකව පවත්වාගෙන යන මෙම මල් ශාලාව, සමාගම් රෙජිස්ට්‍රාර් යටතේ සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇති බවය.

එහිදී අදහස් දැක්වූ සභාපතිවරයා පාරිසරික වාර්තාවක් හෝ නොමැතිව මල් ශාලාවක් පවත්වාගෙන යන්නේ කෙසේ ද යන්න විමසූ අතර එහිදී කරුණු දැක්වූ නිලධාරීන් එසේ සිදුකිරීමට හැකියාවක් නොමැති බව කාරක සභාවට දැන්වූහ.

ඒ අනුව අනීතිකව පවත්වාගෙන මෙම මල් ශාලාව වහාම තහනම් කිරීමට කටයුතු කරන ලෙස කාරක සභාව විසින් නියෝග කරන ලදී.

මෙහිදී කාරක සභාව හමුවේ පෙනී සිටි එවකට කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය එම මල් ශාලාව අනීතිකව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඇය සතු තොරතුරු කාරක සභාවට ඉදිරිපත් කළාය.

එහිදී මෙම මල් ශාලාව 1994 සිට පවත්වාගෙන යන බව අනාවරණය වූ අතර කුඨ ලේඛන පෙන්වා අදාළ මල් ශාලාවේ හා එම භූමියේ අයිතිය ලබා ගැනීමට එම සේවකයා උත්සාහ කළද එය සාර්ථක නොවූ බවත් මේ පිළිබඳව දිගින් දිගටම තමන් කටයුතු කිරීම නිසා ජිවිත තර්ජන වලට පවා නතුවීමට සිදුවූ බවත් ඇය කාරක සභාව හමුවේ කරුණු දක්වමින් පැවසුවාය.

මෙම නීති විරෝධී ක්‍රියාවලිය ප්‍රසිද්ධියේ සිදුවන ක්‍රියාවලියක් බව පෙන්වා දුන් හිටපු නාගරික කොමසාරිස්වරිය 1994 සිට 2020 දක්වා කාලය තුළ මෙම ගොඩනැගිල්ල සහ භූමිය අවභාවිතා කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 41 ක අලාභයක් කොළඹ මහ නගර සභාවට සිදුව ඇති බව පෙන්වා දුන්නාය.

එමෙන්ම රාජ්‍ය සේවකයෙකුට ව්‍යාපාර කිරීම නීති විරෝධී බැවින් වංචා සහගතව අදාළ ව්‍යාපාරයේ නම විටින් විට වෙනස් කරමින් ද ව්‍යාපාර කටයුතු කරන බවද ඇය වැඩි දුරටත් කරුණු දක්වමින් පැවසුවාය.

එමෙන්ම මෙම මල් ශාලාව පවත්වාගෙන යන කොළඹ මහ නගර සභාවේ සේවකයාට කොවිඩ් වසංගත සමයේ දේහයක් භූමදානය කිරීම සඳහා ලක්ෂ 6 ක් අල්ලස් වශයෙන් ඉල්ලා සිටීම සම්බන්ධව සහ බොරැල්ල පොදු සුසාන භූමියේ නිකුත් කරන රිසිට්පත්, වංචා සහගතව නිකුත් කිරීම සම්බන්ධව චෝදනාවට ලක්ව සිටි පුද්ගලයෙක් බවද කාරක සභාවේදී අනාවරණය විය.

දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන මෙම වංචනික ක්‍රියාවලිය තනි පුද්ගලයෙක්ට සිදුකිරීමට නොහැකි බවත් එම ක්‍රියාවලිය පිටුපස තවත් නිලධාරීන් රැසක් සිටින බවත් කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන් පැවැසුහ.

එම නිසා පොදු දේපළ පනත යටතේ මෙම පුද්ගලයාට එරෙහිව කටයුතු කළයුතු බව කාරක සභාව යෝජනා කරන කර තිබේ.

ඒ අනුව මෙම පුද්ගලයා විසින් රාජ්‍ය දේපල අනිසි ලෙස භාවිත කරමින් සිදුකරන මෙම ව්‍යාපාරය පිළිබඳව විමර්ශනයක් සිදුකර වාර්තාවක් සති දෙකක් (2) තුළ කාරක සභාවට යොමු කරන ලෙස සභාපතිවරයා විසින් බස්නාහිර පළාත් ප්‍රධන ලේකම්වරියට උපදෙස් ලබා දුන්නේය.

මෙහිදී අනීතිකව පවත්වාගෙන යන මෙම මල් ශාලාව පිළිබඳව සිදු කළ හෙළිදරවු පිළිබඳව කාරක සභාවේ ප්‍රශංසාව හිටපු නාගරික කොමසාරිස්වරිය වෙත පිරිනමන ලදී. ඒ ප්‍රශංසාව ඇගේ පෞද්ගලික ලිපි ගොනුව සඳහා යොමු කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට කාරක සභා සභාපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය ෴


දොම්පෙට යන චාල්ස් සහෝදරයා (28.02.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *