ඩුබායිහි දී අත්අඩංගුවට ගත් ‘OnmaxDT’ මූල්‍ය වංචාවේ ප්‍රධාන සැකකරු ‘ගයාන් වික්‍රමතිලක’ මෙරටට රැගෙන එයි
(21.02.2025 – 07:29 +0530 – hirunews.lk/sinhala)
‘OnmaxDT’ මූල්‍ය වංචාවේ ප්‍රධාන සැකකරු වන ‘ගයාන් වික්‍රමතිලක’ නැමැත්තා ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසනවා.
එසේ අත්අඩංගුවට ගත් ඔහු ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ විසින් මෙරටට රැගෙනැවිත් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
+++
OnmaxDT මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පරිගණක ඉංජිනේරුවරයා මාර්තු 07 දක්වා රිමාන්ඩ්
(21.02.2025 – 14:27 +0530 – hirunews.lk/sinhala)
‘OnmaxDT පිරමිඩ් මූල්‍ය ආයෝජන සිද්ධිය’ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගනු ලැබූ පරිගණක ඉංජිනේරුවකු බව කියන සැකකරු මාර්තු මස 07 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
ඩුබායිහීදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී හමුවට ඉදිරිපත් කළා.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ‘ඔන්මැක්ස් පිරමීඩ ජාවාරමට අදාළ වෙබ් අඩවිය’ නිර්මාණය කිරීම මෙම පුද්ගලයා විසින් සිදු කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළා.
මේ තුළින් ඔහු විශාල මුදලක් අත්පත් කරගෙන තිබෙන බවත් පොලිසිය පැවසුවා.
එහෙත් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ සැකකරු මේ තුළින් කිසිදු ප්‍රතිලාභයක් උපයාගෙන නොමැති බවයි.
ඔහුගේ ජීවිතයට එල්ල වී තිබූ තර්ජන නිසා ඔහු මෙරටට නොපැමිණි බව සඳහන් කළ නීතිඥවරයා විමර්ශනවලට සහය දීමට සැකකරු සූදානම් බවත් සඳහන් කළා.
කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහු ලබන මාර්තු මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා ෴
+
ඩුබායි ඉදන් ‘ගේම් ගස්සපු’ ගයාන් කොටුකර ගැනේ – කුදලන් ආ හැටි මෙන්න (21.02.2025)
+
පිරමීඩ ආයෝජන ක්‍රමයක් මෙරට ප්‍රවර්ධනය කළ අයෙකුට විදෙස් ගමන් තහනමක්
(21.02.2025 – 12:05 +0530 – hirunews.lk/sinhala)
විදේශයක සිට ක්‍රියාත්මක වන පිරමීඩ ආයෝජන ක්‍රමයක් ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කරනු ලබන බව කියන පුද්ගලයෙකුගේ විදේශ ගමන් තහනම් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමක් අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි විසින් .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුව සඳහන් කර සිටියේ ‘මැලේසියාවේ සිට ක්‍රියාත්මක වන පිරමීඩ ආයෝජන ක්‍රමයක්’ මෙරට තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම පුද්ගලයා දායකවී තිබෙන බවයි.
මේ යටතේ පුද්ගලයින් පන්දහසක් (5000) පමණ මෙම ආයෝජන ක්‍රමයට එක්කර ගැනීමට පියවර ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියා.
මහා බැංකු නියමයන්ට පටහැනි ලෙස ක්‍රියාත්මක වන මෙම කටයුතු පිළිබඳව තවදුරටත් විමර්ශන සිදු කරන බවත්, ශ්‍රී ලංකාව තුළ සිට එම කටයුතු ප්‍රවර්ධනය කරන පුද්ගලයාගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අධිකරණයේ අවසරයකින් තොරව එම පුද්ගලයාට විදේශ ගතවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළා ෴
“රජය බිලියන 5 ක් වෙන් කරලා අපිට පාට් එක දානවා” – ඩඩ්ලිගෙන් වී ගැනිල්ල ගැන සැර කතාවක්
(21.02.2025 – 14:44 +0530 – hirunews.lk/sinhala)
මේ කන්නයේ දී වී මෙට්‍රික් ටොන් මිලියන 26 ක අස්වැන්නක් අපේක්ෂා කලත් එය මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 325 ක් අවශ්‍ය නමුත් රජය වී මිලදී ගැනීමට රුපියල් බිලියන 5 ක් වෙන්කර කයිවාරු ගසන බව සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසනවා.
ව්‍යාපාරික ප්‍රජාව සහ ආර්ථික විශ්ලේෂකයන් සමඟ කොළඹ සංවිධානය කර තිබූ පශ්චාත් අයවැය සංවාද සභාවකදී අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කර සිටියේ.
එහි දී ඔහු පැවසුවේ, “මම හිටපු ජනාධිපතිවරයෙකුගේ මල්ලි කෙනෙක්. ඒ නිසා වැඩ සිද්ධවෙන විදිහ ගැන දන්නවා. මේ හැම දේශපාලනඥයකුටම රටේ ප්‍රශ්න විසඳන්න නෙවෙයි ඕන. රටේ ප්‍රශ්න ඇතිකරන්නයි ඕන. රටේ කන්න සහල් නෑ, පොල් නෑ, මොකක්ද මේ ? ‘මාෆියාව’ කියලා තමන්ගේ නොහැකියාව, බැරිකම, නොදැනුවත්කම වහගන්න හදනවා. දැන් බලන්න පෞද්ගලික අංශයේ සේවක වැටුප් වැඩිවීම රුපියල් 30,000 ක් කියන්නේ මොකක්ද ? රුපියල් 30,000 ක් දීලා මිනිස්සු තියාගන්න පුළුවන් ද ? ඕක අයවැයෙන් කියන්න දෙයක්ද ? මොනවද මේ මෝඩ කතා?
මේ කන්නයේ වී මෙට්‍රික් ටොන් මිලියන 26 ක් බලාපොරොත්තු වෙනවා. එය මිලදී ගැනීමට නම් රුපියල් බිලියන 325 ක් අවශ්‍යයි. රජය බිලියන 5 ක් වෙන් කරලා අපිට ‘පාට් එක දානවා’. හාල් මාෆියාව නවත්වන්න කයිවාරු ගහනවා.” යනුවෙන්.
+
මිද්දෙනියේ පියා, දියණිය සහ පුතු ඝාතනය කළ සිද්ධියේ අලුත්ම කතාව
(21.02.2025 – 19:40 +0530 – hirunews.lk/sinhala)
මිද්දෙණිය – කඩේවත්ත මංසන්ධියේදී පියා සහ දරුවන් දෙදෙනා (2) වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා ලබන මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සෙසු සැකකරුවන් දෙදෙනා (2) හෙට (22) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සදහන් කළේ.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා 35 හැවිරිදි තංගල්ල මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කළ කැප්පිටියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සදහන් කළේ.
සෙසු සැකකරුවන් දෙදෙනා 37 සහ 39 වයස්වල පසුවන වලස්මුල්ල සහ වීරකැටිය යන ප්‍රදේශවල පදිංචි හිටපු යුධ හමුදා සෙබලුන් දෙදෙනෙකු (2) වනවා.
අපරාධය සිදුවූ ස්ථානය අසල තිබි හමුවූ මාංචු කුට්ටම් දෙක (2) සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී එම මාංචු කුට්ට්ම් පොලිස් නිළධාරියෙකු විසින් මියගිය පුද්ගලයාට ලබාදී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
මේ අතර, මියගිය පියාගේ සහ දරුවන් දෙදෙනාගේ (2) දේහ පිළිබද අවසන් කටයුතු හෙට (22) මැදමුලන ප්‍රදේශයේ පිහිටි පවුලේ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඔවුන්ගේ දේහ මිද්දෙණිය කුඩාගල් ආර ප්‍රදේශයේ පිහිටි නිවස වෙත පසුගිය 19 වනදා රැගෙන ආ අතර, මියගිය පුත්‍රයාගේ දේහය ඊයේ (20) රාත්‍රියේ නිවස වෙත රැගෙන එනු ලැබුවා.
විදෙස්ගතව සිටි දරුවන්ගේ මව ඊයේ (20) දිවයිනට පැමිණි අතර, මෙම මරණයන් ඇයට දරාගත නොහැකිව දැඩි කම්පනයක් ගෙන දී තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා (3) ගෙන් පොලිස් කොස්තාපල්වරයා අද (21) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සෙසු සැකකරුවන් දෙදෙනා (2) හෙට (22) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පසුගිය 18 වනදා සිදුවූ අදාළ වෙඩි තැබීමෙන් ‘අනුර ප්‍රියන්ත’ හෙවත් ‘කජ්ජා’ නැමැති 39 හැවිරිදි පියා, 06 හැවිරිදි දියණිය සහ 09 හැවිරිදි පුත්‍රයා මියගොස් තිබුණා.
මෙම වෙඩි තැබීම ඩුබායි රාජ්‍යයේ රැදී සිටින අපරාධ කල්ලි සාමාජිකයෙකු විසින් මෙහෙයවා ඇති බවට අනාවරණය වී තිබූ අතර, වෙඩි තැබීමෙන් මියගිය ‘අනුර ප්‍රියන්ත’ට ජීව අත්අබෝම්බයක් සහ රිවෝල්වරයක් ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවතින බවයි වාර්තා වුණේ ෴
+
+
මීගමුව ප්‍රදේශයේ අද (21) දහවල් සිදු කිරීමට ගිය තවත් වෙඩි තැබීමක් අනූ නමයෙන් ව්‍යර්ථ වෙයි
(21.02.2025 – 17:11 +0530 – sinhala.adaderana.lk)
මීගමුව ප්‍රදේශයේ අද (21) දහවල් සිදු කිරීමට ගිය තවත් වෙඩි තැබීමක් ව්‍යාර්ථ ව ගොස් තිබේ.
මෙම වෙඩි තැබීම ඉලක්ක වී ඇත්තේ මීගමුව පොලිස් බල ප්‍රදේශයේ කාමච්චෝඩය පොල භූමියේ පිහිටා ඇති වෙළෙඳසැලක හිමිකරුවෙකි.
චමින්ද හෙවත් මිරිස් ඇන්තනිගේ වැඩිමහල් පුත්‍රයා ඉලක්ක කර මෙම වෙඩික්කරුවන් පැමිණ තිබේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් මෙම වෙඩි තැබීමට උත්සාහ දරා ඇති නමුත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් ඔවුන් දෙදෙනා (2) පළාගොස් තිබේ.
‘ගනේමුල්ල සංජීව’ගේ ගෝලයෙකු වූ ‘කමාන්ඩෝ සාලින්ද’ නම් අයෙකු මෙම වෙළෙඳසැලෙන් කප්පම් මුදල් ඉල්ලා ඇති අතර එය නොදීම හේතුවෙන් මෙම වෙඩි තැබීමට පැමිණ ඇති බවත් වාර්තා වේ ෴
+
+
දණ ගස්වා වෙඩිතබා මැරූ පුද්ගලයා ‘සංජීව’ සමග ගැටුණු ‘බටුවත්තේ චාමර’ගේත් ඥාතියෙක්
(21.02.2025 – 20:02 +0530 – hirunews.lk/sinhala)
ජා ඇල – උස්වැටකෙයියාව, මෝගන්වත්ත වෙරළ තීරයේ තිබී හමු වූ මළසිරුර ‘මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවෙකුගේ’ බවට අනාවරණය කරගෙන තිබෙනවා.
වෙඩි වැදීමකින් මියගිය බවට සැකකෙරෙන පිරිමියෙකුගේ මළසිරුරක් අදාළ වෙරළ තීරයේ තිබී හමුවුණේ අද (21) උදෑසනයි.
කෙසේ වෙතත්, මෙය ඝාතනයක් බවත්, එය ඊයේ (20) රාත්‍රි කාලයේ සිදුව ඇති බවටත් දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, මරණකරු දණ ගස්වා, ටී-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාර 10 ක් පමණ එල්ල කර ඇති බවටයි හෙළි වී ඇත්තේ.
සිරුර ආසන්නයේ තිබී ටී-56 ගිනි අවි හිස් පතොරම් කොපු 09 ක් සහ එක් (01) ජීව පතොරමක් විමර්ශන නිළධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
එසේම, මරණකරු ‘බටුවත්තේ චාමර’ නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ඥාතියෙකු බවටද වාර්තා වනවා.
‘බටුවත්තේ චාමර’ගේ ඥාතී නිවසකට පසුගියදා වෙඩි ප්‍රහාරයක් ද එල්ල වුණා.
එසේම, ‘ගනේමුල්ල සංජීව’ගේ ප්‍රතිවිරුද්ධ පාර්ශවය නියෝජනය කරන අයෙකු ලෙසයි ‘බටුවත්තේ චාමර’ හැදින්වෙන්නේ.
මෙම පුද්ගලයා මීට මාස කිහිපයකට පෙර ඩුබායි සිට මෙරටට පැමිණි ඇති බවට ද පොලිසිය සදහන් කළා.
අදාළ පුද්ගලයාට ඊයේ (20) රාත්‍රියේ ඩුබායිහි සිටින ‘ඉෂාර’ නැමැත්තෙකු විසින් දුරකතන ඇමතුමක් ලබාදී උස්වැටකෙයියාව ප්‍රදේශයට යන ලෙස පවසා තිබෙනවා.
එම දුරකතන ඇමතුම අනුව ඔහු ත්‍රිරෝද රථයකින් අදාළ ප්‍රදේශයට ගොස් තිබුණා.
එසේම, මියගිය පුද්ගලයාගේ නිවස පරික්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය භාවිතයට යොදාගන්නා උපකරණද පොලිසිය සොයාගෙන තිබුණා.
මොහු කළක් ‘කණ්දකාඩු පුනරුත්තාපන කදවුරේ’ රඳවා සිටි අයෙකු බවටයි වාර්තා වන්නේ.
මේ අතර, මීගමුව ප්‍රදේශයේදී ‘බබා’ නැමැති පුද්ගලයෙකු ඉලක්ක කරගෙන ද කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තැබීමට උත්සහ කර ඇති අතර, එය ව්‍යාර්ත වී තිබුණා. පොලිසිය සදහන් කළේ, වෙඩි ප්‍රහාරයට ඉලක්ක වූ පුද්ගලයා ප්‍රදේශයේ මුදල් පොලියට ලබාදෙන්නෙකු බවයි ෴
‘ගණේමුල්ල සංජීව’ ඝාතනය කිරීම සඳහා පැමිණි වෙඩික්කරුගේ පෙම්වතිය අත්අඩංගුවට
(21.02.2025 – 20:17 +0530 – sinhala.adaderana.lk)
‘ගණේමුල්ල සංජීව’ ඝාතනය කිරීම සඳහා පැමිණි වෙඩික්කරුගේ පෙම්වතිය යැයි කියන කාන්තාවක් මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ වනවිට ඇය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබේ.
වයස අවුරුදු 23 ක් වන එම කාන්තාව ‘කපුගෙදර ගිම්හානි තරුෂිකා දෙව්මිණි’ නමැති මහරගම, පොල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලීසිය පවසයි.
ඇය පන්නිපිටිය, 174 මාර්ගයේ සම්බාහන මධ්‍යස්ථානයක සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
‘ගණේමුල්ල සංජීව’ ඝාතනය කිරීමෙන් පසු වෙඩික්කරු මෙම කාන්තාවද රැගෙන රටින් පිටවීමට සූදානම්ව සිට ඇති බව මේ වනවිට හෙළි වී තිබේ.
ඒ සදහා ඇයව මීගමුව ප්‍රදේශයට රැගෙන යෑමට මහරගමට පැමිණි පුද්ගලයෙකු (1) ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා ‘කොළඹ අපරාධ කොට්ඨාසය’ වෙත භාර දී ඇත.
ඔහු ‘ඒකනායක කළුපහන මිෂෙල් තාරක අක්මන්’ නමැති මහරගම, දඹහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇත.
මෙම පුද්ගලයා වෙඩික්කරුගේ කළමනාකරු ලෙස සිටින පුද්ගලයා බවද පොලිසිය පවසයි.
‘බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති’ ගයංග මාරපන මහතාගේ උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.
+

+
+
‘ගනේමුල්ල සංජීව ඝාතනයේ’ සැකකරුවෝ දැඩි ආරක්ෂාවක් මැද අලුත්කඩේ උසාවියටම ගෙන ආ හැටි (21.02.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴