‘ගණේමුල්ල සංජීව’ට වෙඩි තැබූ සැකකරු වෙස්වළාගෙන පැමිණි යුරෝපීය ඇඳුම හමුවේ
‘ගණේමුල්ල සංජීව’ට වෙඩි තැබූ සැකකරු වෙස්වළාගෙන පැමිණි යුරෝපීය ඇඳුම හමුවේ
(21.02.2025 – 07:48 +0530 – hirunews.lk/sinhala)
අපරාධ කල්ලි සාමාජික ‘ගනේමුල්ල සංජීව’ ඝාතනයකල වෙඩික්කරු නීතීඥවරයෙකු ලෙස වෙස් වලාගෙන පැමිණි කලු පැහැති යුරෝපිය ඇඳුම පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබෙනවා.
ඒ මීගමුව කොච්චිකඩේ රිදීවැලි පාර ප්‍රදේශයේ දමා ගොස් තිබියදී යි.
වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ලබා දුන් තොරතුරුවලට අනුවයි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයා ගනු ලැබුවේ.
මේ අතර, ‘ගනේමුල්ල සංජීව’ගේ දේහය ඔහුගේ මවට මුදාහරින බව පොලිසිය අධිකරණයට දන්වා තිබෙනවා.
ඔහුගේ මරණ පරීක්ෂණය සිදුකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී අධිකරණ වෛද්‍ය නිළධාරීවරයාට ඊයේ (20) නියෝග කළ අතර, කොළඹ ජාතික රෝහලේ පොලිස් මෘත ශරීරාගාරයේදී එය සිදු කර තිබුණා.
ඒ අනුව, දේහය බොරැල්ල කනත්තේ භූමිදානය කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ.
එමෙන්ම, ‘ගනේමුල්ල සංජීව’ට වෙඩි තැබූ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඔත්තුව ලබාදී ඇත්තේ ද අපරාධ කල්ලි පාර්ශවයක් විසින් බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ‘ගනේමුල්ල සංජීව’ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ කොස්තාපල්වරයෙකු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (20) අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ වෙඩිතැබීම සදහා නිතීඥවරියක ලෙස වෙස් වලාගෙන පැමිණ මේ වන විට අතුරුදන්ව සිටින කාන්තාව සමග සම්බන්ධතා පැවැත්වීමේ චෝදනා මතයි.
අත්අඩංගුවට ගත් මෙම පොලිස් නිලධාරියා අධිකරණ කටයුතු භාරව සිටි අයෙකු බවටයි හෙළි වී ඇත්තේ.
මේ අතර, ‘ගනේමුල්ල සංජීව’ නැමැත්තාට වෙඩි තැබූ වෙඩික්කරු සහ පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රථය පැදවූ රියදුරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72 ක කාලයක් රඳවා ගෙන විමර්ශන සිදු කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී වෙත දැනුම් දුන්නා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ මෙම ඝාතනය සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ මහරගම ප්‍රදේශයේ පදිංචි ‘සමිඳු ඩිල්ෂාන් පියුමංග කඳනාරච්චි’ සහ රියදුරු වශයෙන් කටයුතු කළ මොරගහහේන – මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි ‘මහේෂ් සම්පත් ප්‍රියදර්ශන’ යන අය අත්අඩංගුවට ගෙන කොළඹ වරාය පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කරන බවයි.
සිද්ධියේ ප්‍රධාන සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අජිත් පතිරණ අධිකරණය හමුවේ කරුණු දක්වමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගත හැක්කේ අදාළ පනතේ සඳහන් වන ආකාරයේ සුවිශේෂී පුද්ගලයකු මරණයට පත් කළ අවස්ථාවක හෝ සාක්ෂිකරුවකු මරණයට පත් කළ අවස්ථාවක පමණක් බව සඳහන් කර සිටියා.
එහෙත් මෙම සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදු කළ නොහැකි බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා.
එමෙන්ම සිද්ධියෙන් මරණයට පත්වී තිබෙන්නේ අපරාධ සිද්ධීන් ගණනාවකට සම්බන්ධ පුද්ගලයෙකු බවත් මේ හේතුවෙන් සිය සේවාදායකයාට ජීවිත අනතුරක් වර්ධනය වෙමින් පවතින බවද පෙන්වා දුන් නීතිඥවරයා කියා සිටියේ සැකකරු විමර්ශන කටයුතු සඳහා පොලිස් ස්ථානයෙන් පිටතට රැගෙන යන්නේ නම් ඒ බව අධිකරණය දැනුවත් කළ යුතු බවයි.
මේ අතර, අලුත්කඬේ උසාවි සංකීර්ණයේ අධිකරණ මැදිරිය තුළ ‘ගනේමුල්ල සංජීව’ ඝාතනය කිරීම මෙහෙයවා ඇත්තේ, දැනට ඩුබායි හී සැඟව සිටින සංවිධානත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘මන්දුනි පත්මසිරි පෙරේරා’ හෙවත් ‘කෙහෙල්බද්දර පත්මේ’ නැමැත්තා බව, දැනට සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව මෙම ඝාතනය මෙරට සිට සැළසුම් කර ඇත්තේ, වෙඩික්කරුට ගිනිඅවිය ලබාදුන් ‘නීතිඥවරියක් ලෙසින් අධිකරණයට පැමිණි’ ‘පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ’ නැමති මීගමුව – කටුවැල්ලේගම – ජය මාවත ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි කාන්තාව බවටයි තොරතුරු හෙළිව ඇත්තේ.
ඇය අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය මහජන සහය ඉල්ලා සිටියේ ඇයගේ ඡායාරූප කිහිපයක් මාධ්‍ය වෙත නිකුත් කරමින්.
ඒ අනුව කාන්තාව සම්බන්ධයෙන් පොලිසිය ලබාදුන් තොරතුරුවලට අනුව දැක්වෙන මීගමුව – කටුවැල්ලේගම ලිපිනය සදහන් නිවස වෙත ‘හිරු ප්‍රවෘත්ති කණ්ඩායමක්’ ගිය අතර එහිදී නිවසේ රැදී සිටි සැකකාර කාන්තාවගේ මිත්තණිය බව පැවසෙන කාන්තාවක අදහස් පළකළා.
මේ අතර, දැනට කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රඳවාගෙන ප‍්‍රශ්න කෙරෙන ‘ගනේමුල්ල සංජීව’ ඝාතනයේ වෙඩික්කරු සිද්ධිය සම්බන්ධයෙන් පාපොච්චාරණයක් සිදු කර තිබුණා.
ඔහු ප්‍රකාශ කර තිබුණේ තමන්ට මෙම ඝාතනය සදහා රුපියල් කෝටි එකහමාරක (1½) මුදලක් ලබා දීමට පොරොන්දු වූ බවයි.
ඝාතනයට පෙර ඉන් රුපියල් ලක්ෂ 2 ක මුදලක් තමන්ට ලැබුණු බවටද ඔහු සදහන් කර තිබෙනවා.
සැකකරු සංවිධානාත්මක අපරාධකරුවන් විසින් ලබා දෙන කොන්ත්‍රාත් මත මුදලට පුද්ගල ඝාතන සිදු කර තිබෙනවා.
ඒ අනුව, මොහු පසුගියදා ගල්කිස්ස – වටරප්පල ප‍්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු (2) වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ද වෙඩික්කරු බවටයි අනාවරණය වී ඇත්තේ.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වෙත වෙඩික්කරු ප්‍රකාශ කර ඇත්තේ, තමන් සහ ගිනිඅවිය ලබාදුන් කාන්තාව කොළඹ ප්‍රදේශයේ නවාතැන්පොළක සිට ඝාතනය සදහා පැමිණි බවයි.
පසුව ඝාතනය සිදු කොට දෙදෙනාම (2) මරදාන ප්‍රදේශයට පැමිණ ත්‍රිරෝද රථයකින් මීගමුව ප්‍රදේශයට පැමිණි බවත් අනතුරුව තමන් සහ කාන්තාව වෙන්වුණු බවත් වෙඩික්කරු පාපොච්චාරණය කර තිබුණා ෴
+
‘ගණේමුල්ල සංජීව’ගේ ඝාතනය සිදුවූ හැටි ප්‍රථම වරට හෙළිකරයි.. මහජන ආරක්ෂක ඇමතිගේ විශේෂ ප්‍රකාශය (21.02.2025)
+
+
+
+
වනඅලි පහරදීමකින් අක්කයි මල්ලි මරුට
(21.02.2025 – 07:04 +0530 – hirunews.lk/sinhala)
අරලගංවිල පොලිස් වසමේ වෙහෙරගම ප්‍රදේශයේදී ඊයේ (20) උදෑසන වනඅලියෙකු පහරදීම හේතුවෙන් කාන්තාවක් එම ස්ථානයේදීම මියගිය බවත්, පිරිමියෙකු බරපතල තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවත්, අරලගංවිල පොලිසිය සඳහන් කරනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 72 ක පිරිමියෙකු සහ වයස අවුරුදු 75 ක කාන්තාවක්.
ඔවුන් එකම පවුලේ සහෝදරයකු හා සහෝදරියක් වන වෙහෙරගම ප්‍රදේශයේ පදිංචිකරුවන්.
සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴
ගිනි අව්වේ ක්‍රීඩා පුහුණු වූ ගලහා පාසලක සිසුන් පිරිසක් රෝහල් ගත කෙරේ
(21.02.2025 – 08:10 +0530 – hirunews.lk/sinhala)
ගලහා ප්‍රදේශයේ පාසලක ක්‍රීඩා පුහුණුවීම් කළ සිසුන් කිහිපදෙනෙකු ‘ගලහා ප්‍රාදේශීය රෝහල’ට ඇතුළත් කර තිබෙනවා.
ඒ පවතින අධික අව් රශ්මියට නිරාවරණය වීම හේතුවෙන්.
එහිදී අසාධ්‍ය තත්ත්වයේ සිටි සිසුන් දෙදෙනෙකු (2) වැඩිදුර ප්‍රතිකාර සදහා ‘පේරාදෙණිය ශික්ෂණ රෝහල’ වෙත මාරු කර යැවීමටයි පියවර ගැනුණේ.
කෙසේ වෙතත්, ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව දෙමාපියන් පැමිණ සිසුන් රැගෙන ගොස් තිබෙනවා.
මේ අතර, අධික උණුසුම් කාලගුණ තත්ත්වය මත පාසල් ක්‍රියාකාරකම් සිදු කළ යුතු ආකාරය දක්වමින් අධ්‍යාපන අමාත්‍යංශය, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ඊයේ (20) නිර්දේශ නිකුත් කළා ෴
මිද්දෙනියේ ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙකු (3) අත්අඩංගුවට
(21.02.2025 – 10:32 +0530 – hirunews.lk/sinhala)
මිද්දෙනිය ප්‍රදේශයේ පියෙකු සහ දරුවන් දෙදෙනා (2) ඝාතනය කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපලයෙකු ඇතුළු තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මේ බව පැවසුවේ.
+
බූස්ස බන්ධනාගාරයේ සිර මැදිරියකින් ජංගම දුරකතනයක් මතුවෙයි
(21.02.2025 – 10:27 +0530 – hirunews.lk/sinhala)
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ ගණයේ රැදවියන් රදවා සිටින සිර කුටියක තිබී ජංගම දුරකතනයක් ඇතුලු උපාංග කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයා ගෙන තිබෙනවා.
එම බන්ධනාගාරයේ ඩී අංශයේ 83 වන සිර මැදිරිය තුළ මේවා සඟවා තිබූ බවයි එම බලකාය සදහන් කළේ.
ඊයේ (20) සොයාගත් භාණ්ඩ අතරට සිම්පතක්, බැටරි චාජරයක් සහ තවත් හදුනා නොගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් තිබූ බව සඳහන්.
අත්අඩංගුවට ගත් ජංගම දුරකතන ඇතුලු භාණ්ඩ, බන්ධනාගාර පාලන අධිකාරිය වෙත භාර දී තිබෙනවා ෴
රෝහල්ගත කළ උඩුනුවර ප්‍රාදේශීය ලේකම්වරයා හදිසියේ මියයයි
(21.02.2025 – 10:03 +0530 – hirunews.lk/sinhala)
පාද දෙකෙහි ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ උඩුනුවර ප්‍රාදේශීය ලේකම් ආර්.ටි.බි. සුමනසේකර හදිසියේ ජිවිතක්ෂයට පත් වීම සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මියගිය 53 හැවිරිදි ගම්පොල ජයමාලපුර ප්‍රදේශයේ පදිංචි ප්‍රාදේශීය ලේකම්වරයාගේ මරණය සැක සහිත බවයි ඔහුගේ පුත්‍රයා මහනුවර මුලස්ථාන පොලිසිය වෙත පැමිණිලි කර ඇත්තේ.
එහීදි ඔහු පවසා ඇත්තේ තම පියා මහනුවර ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ලබා දුන් එන්නතකින් පසු මියගිය බවයි.
මියගිය පුද්ගලයා ගම්පොල මුලික රෝහලට ඇතුලත් කර තිබුනේ පසුගිය 19 වැනිදා රාත්‍රියේ වන අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අප කල විමසීමකදී මහනුවර ජාතික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු කියා සිටියේ මෙම මරණය සම්බන්ධයෙන් සැකයක් නොමැති බවයි.
මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (20) සිදු කල බවද ඇය කියා සිටියා ෴
උස්වැටකෙයියාව වෙරළ තීරයෙන් සැකකටයුතු වෙඩි තැබීම් සහිත මළ සිරුරක් සොයා ගැනේ
(21.02.2025 – 09:32 +0530 – hirunews.lk/sinhala)
ජා-ඇල, උස්වැටකෙයියාව වෙරළ තීරයෙන් මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, එම මළ සිරුරේ සැකකටයුතු වෙඩි තැබීම් සහිත සලකුණු ද පවතින බවයි.
අදාළ මළසිරුර පිරිමි පුද්ගලයෙකුගේ බවට හදුනාගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ.
එම මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (21) පෙරවරුවේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.
+
+
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴