අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණ මැදිරිය තුළදී ‘ගණේමුල්ල සංජීව’ වෙඩි වැදී මියයයි
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණ මැදිරිය තුළදී ‘ගණේමුල්ල සංජීව’ වෙඩි වැදී මියයයි
(19.02.2025 – 10:20 +0530 – sinhala.adaderana.lk)
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණ මැදිරිය තුළදී අද (19) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ‘ගණේමුල්ල සංජීව’ නොහොත් ‘සංජීව කුමාර සමරරත්න’ නැමැත්තා ජීවිතක්ෂයට පත්වුණි.
පොලීසිය පැවසුවේ, නීතිඥවරයෙකු ලෙස සැරසුණු පුද්ගලයෙකු විසින් අධිකරණය තුළදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.
වෙඩිතැබීමට සඳහා යොදා ගත් රිවොල්වරය මේ වන විට අධිකරණය භූමියේ තිබී සොයාගෙන තිබේ.
නඩු කටයුත්තක් වෙනුවෙන් ‘ගනේමුල්ල සංජීව’ අද (19) පෙරවරුවේ බූස්ස බන්ධනාගාරයේ සිට අලුත්කඩේ අධිකරණය වෙත රැගෙනවිත් තිබුණි.
මේ වනවිට අධිකරණ පරිශ්‍රය තුළ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වන අතර ඒ අවට ආරක්ෂාව තර කර තිබේ.
+
+
+

+
‘ගනේමුල්ලේ සංජීව’ ඉතිහාසගත වේ.. විත්ති කූඩුවක වෙඩි තබා මැරූ පලමුවැන්නා ඔහුයි..
(19.02.2025 – 11:20 +0530 – lankacnews.com)
අද (19) දිනයේ ‘ගනේමුල්ලේ සංජිව’ ඝාතනය, සැකකරුවෙක් විත්ති කූඩුවක් තුළ ඝාතනයක වූ පලමු අවස්ථාව බවට ඉතිහාස ගත වන බව ප‍්‍රකට නීතිවේදියෙකු සිය සමාජ ජාල ගිණුමේ සදහන් කර ඇත.
පාතාල නායක ‘ගනේමුල්ලේ සංජීව’ අලුත්කඩේ අධිකරණයේ විත්ති කූඩුව තුළදී ඝාතන විම සම්බන්ධයෙන් ඔහු මේ බව සඳහන් කර තිබේ.
අධිකරණ සංකීර්ණයන් තුළ මීට පෙරද වෙඩි තැබීම් වාර්තා වුවත් විත්ති කූඩුවකදී සැකකරුවකු ඝාතනය කරන ලද ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකෙන බවද එහි සඳහන් ය ෴
+
+
‘ගණේමුල්ල සංජීව’ට වෙඩිතැබූ බවට සැක පුද්ගලයාගේ CCTV දර්ශන එළියට
(19.02.2025 – 12:22 +0530 – sinhala.adaderana.lk)
සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ‘ගණේමුල්ල සංජීව’ නැමැත්තාට වෙඩි තැබූ බවට සැකකෙරෙන පුද්ගලයා අධිකරණ භූමියට පැමිණි අවස්ථාවේ CCTV දර්ශන පෙළක් ‘අද දෙරණ’ ට ලැබී තිබේ.
වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා මේ වනවිට හඳුනාගෙන ඇති බව ද පොලීසිය සඳහන් කළේය.
අද (19) උදෑසන අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ දී සිදුවු මෙම වෙඩිතැබීමෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘සංජීව කුමාර සමරරත්න’ නොහොත් ‘ගණේමුල්ල සංජීව’ නැමැත්තා ජීවිතක්ෂයට පත්වුණි.
නේපාලයේ කත්මන්ඩු නුවර සිට ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් 2023 වසරේ සැප්තැම්බර් 13 වන දින කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ‘ගණේමුල්ල සංජීව’ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුව බුස්ස බන්ධනාගාරයේ සිට නඩු කටයුත්තක් සඳහා අද (19) පෙරවරුවේ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය වෙත රැගෙන ආ අවස්ථාවේ දී මෙම වෙඩිතැබීම සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේය.
මනුෂ්‍ය ඝාතන 19 ක් සම්බන්ධයෙන් මේ වනවිට ‘ගණේමුල්ල සංජීව’ට චෝදනා එල්ල වී ඇති අතර, ඔහු පාතාල කල්ලි සාමාජිකයෙක් වන ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වේ.
‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාගේ පියා ඝාතනය කිරීමේ චෝදනාව ගණේමුල්ල සංජීවට එල්ල වී තිබුණි.
+
‘ගනේමුල්ල සංජීව’ මියගිය ඇත්ත හේතුව මෙන්න – ජාතික රෝහලෙන් හදිසියේම විශේෂ ප්‍රකාශයක් – උසාවි එද්දී සිදුවූ දේ (19.02.2025)
+
‘ගණේමුල්ල සංජීව’ බිලි ගත් වෙඩික්කරු හීන් සීරුවේ අධිකරණයට ආපු දර්ශන මෙන්න.. CCTV දර්ශන සහිතයි (19.02.2025)
+
‘ගනේමුල්ලේ සංජීව’ ඝාතනය කළේ අපි කියමින් ඩුබායි වලින් ‘බැලුම්ගල’ට ඇමතුමක් (19.02.2025)
+
‘ගනේමුල්ල සංජීව’ගේ වෙඩික්කරුට සහය දෙන්න නීතිඥ වෙසින් කාන්තාවකුත් ඇවිත්
(19.02.2025 – 14:27 +0530 – hirunews.lk/sinhala)
‘ගනේමුල්ල සංජීව’ගේ වෙඩික්කරුට සහය ලබා දීමට නීතිඥ වෙසින් කාන්තාවකුත් පැමිණ ඇති බව ‘කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නිතීඥ සංගමයේ’ සභාපති ගුණරත්න වන්නිනායක පවසනවා.
ඔහු මේ පිළිබඳව පවසා සිටියේ ‘හිරු ප්‍රවෘත්ති’ කළ විමසීමකදීයි.
එහිදී ‘ගනේමුල්ල සංජීව’ ඝාතනය සම්බන්ධයෙන් ඔහු පවසා සිටියේ මෙවැනි අදහසක් :
“මෙම සැකකරු අංක 09 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත සැකකරුවෙක්. ඒ අනුව විශේෂ කාර්‍ය බලකායේ නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ අංක 09 අධිකරණයට ගෙනල්ලා තියෙනවා. එහිදී විනිශ්චකාරවයා හිටියෙ නැති නිසා, එයාට ආරාක්ෂාව මදි නිසා අංක 05 අධිකරණයට ගෙනල්ලා තියෙනවා. ඒ අවස්ථාවේ අංක 05 අධිකරණයේ අද (19) දින නියමිත සියලුම සේවාදායකයින් එළියට දාලා ස්කයිප් තාක්ෂණයෙන් ගන්න රිමාන්ඩ් නඩු තමයි කැඳවමින් ඉඳලා තියෙන්නේ. ඒ අවස්ථාවේ මේ සැකකරුටත් නඩු කිහිපයක් තිබිලා තියෙනවා අංක 05 අධිකරණයේ. ඒ අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් ඔහු අධිකරණයට ඉදිරිපත්කරලා තියෙනවා. ඒ අවස්ථාවේ ‘බා ටේබල්’ එකේ වාඩි වෙලා හිටපු නීතිඥ ඇදුමෙන් සැරසුණු පුද්ගලයෙක් සංජීව ළඟට ගිහින් තියෙනවා. විනිශ්චකාරතුමිය හිතලා තියෙන්නේ සේවාදායකයා ගෙන් උපදෙස් ගන්න යනවා කියලා. ඒ අවස්ථාවේ තමයි වෙඩි තියලා තියෙන්නේ.”
ප්‍රධාන ගේට්ටුවෙන් මෙම සැකකරු පැමිණි බවත් ඔහුට ආධාර ලබා දීමට නීතිඥ වෙසින් පැමිණි කාන්තාවක් විසින් නීති පොතක් අවශ්‍ය ප්‍රමාණයට කපා එහි ගිනිඅවිය සඟවා ගෙන පැමිණ ඇති බවයි සභාපතිවරයා පවසා සිටියේ.
ඒ පොත මේ වන විට හමුව ඇති බවත් වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් ප්‍රධාන ගේට්ටුවෙන්ම නැවත පිටව ගොස් ඇති බවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නිතීඥ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 5 ක් විමර්ශන මෙහෙයවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පවසනවා.
තවද, ගනේමුල්ල සංජීවගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශ නිලධාරීන් 12 දෙනෙකු යොදවා සිටි බවයි ඔහු පැවසුවේ ෴
+
+
+
මේක නම් හිතාගන්න බැරි වීඩියෝවක් – ‘ගනේමුල්ල සංජීව’ට වෙඩි තියන්න වෙඩික්කරු පොතෙන් ගහපු අමුතු ගේම් එක (19.02.2025)
+
‘ගණේමුල්ල සංජීව’ට මරු කැඳවූ වෙඩික්කරු හඳුනාගැනේ
(19.02.2025 – 16:48 +0530 – hirunews.lk/sinhala)
අද (19) උදෑසන 10:00 ට පමණ අලුත් කඩේ උසාවි සංකීර්ණයේ අංක 05 දරණ අධිකරණය තුලදී වෙඩි තබා ඝාතනය කළ අපරාධකල්ලි නායකයෙකු වන ‘ගණේමුල්ල සංජීව’ නොහොත් ‘සංජීව කුමාර සමරරත්න’ නැමැත්තාට වෙඩි තැබූ අය හදුනාගත් බව පොලිසිය පවසනවා.
ඒ අනුව, ඔහු පසුගියදා දෙහිවල – වටරප්පලදී දෙදෙනෙකුට (2) වෙඩි තැබූ සිද්ධියේ වෙඩික්කරු බවයි පොලිසිය සඳහන් කළේ.
එමෙන්ම, අවිය ගෙනා කාන්තාව මත් ජාවාරමේ යෙදෙන තැනැත්තියක් බවටද හඳුනාගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් දෙදෙනා (2) අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවත්, ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 5 ක් යොදවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී සඳහන් කළා.
තවද, ‘ගණේමුල්ලේ සංජීව’ ට වෙඩි තැබූ සිද්ධිය ගැන පරීක්ෂණයට, බන්ධනාගාර දෙපාර්තමේන්තුව විමර්ශන කණ්ඩායම් දෙකක් (2) පත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා ෴
+
මේ මනුස්සයාට තාම පණ තියෙනවා; ඇයි කවුරුත් රෝහලකට ගෙනියන් නැත්තේ ? උසාවිය ඇතුළේ වීඩියෝවක් ලීක් වෙයි (19.02.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴