‘ක්‍රිෂ් නඩුව’ට නාමල් රාජපක්ෂට අධි චෝදනා – පසුව ඇප දෙයි
(18.02.2025 – 10:23 +0530 – hirunews.lk/sinhala)
‘ක්‍රිෂ් ගනුදෙනුවේ’දී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට කොළඹ මහාධිකරණයේදී අද (18) අධිචෝදනා පත්‍ර භාරදීම සිදුවුණා.
ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේයි.
එහිදී විනිසුරුවරයා නියෝග කළේ විත්තිකාර නාමල් රාජපක්ෂ රුපියල් ලක්ෂයක (100,000) මුදල් ඇප සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදාහරින ලෙසයි.
‘රග්බි ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට බව සඳහන් කරමින් ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන’ සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමිනුයි ඔහුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙන්නේ.
ඒ අනුව ඔහුට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කිරීමට පසුගිය 05 වැනිදා නීතිපතිවරයා කටයුතු කළා.
නාමල් රාජපක්ෂට කොළඹ මහාධිකරණය විසින් එදින සිතාසි නිකුත් කළේ අද (18) දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙසයි.
ඒ අනුවයි නඩුවට අදාළව නාමල් රාජපක්ෂට අධි චෝදනා පත්‍ර භාරදීම අද (18) සිදුවුණේ.
මෙහිදී නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ පැවසුවේ මෙම නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයින් 21 දෙනෙකු නම් කර තිබෙන බවයි.
ඒ අතුරින් සාක්ෂිකරුවන් පස් දෙනෙකුම (5) රිමාන්ඩ් භාරයේ පසුවන හෝ ඇප මත මුදා හැර සිටින හෝ දඬුවම් විඳින පුද්ගලයින් බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.
මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා සඳහන් කළේ තමන් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයෙන් අනතුරුව සාක්ෂි කැඳවීමට අපේක්ෂා කරන බවයි.
අනතුරුව විත්තිකාර නාමල් රාජපක්ෂ රුපියල් ලක්ෂයක (100,000) මුදල් ඇප සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදාහරින ලෙස විනිසුරුවරයා නියෝග කළා.
ඊට අමතරව ඔහුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් විනිසුරුවරයා නියෝග කළා.
මෙහි පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය මාර්තු මස 27 වැනිදා කැඳවන ලෙසයි එහිදී නියෝග කෙරුණේ ෴
හිටපු අමාත්‍ය ‘පියංකර ජයරත්න’ට එරෙහිව අධි චෝදනා භාරදෙයි
(18.02.2025 – 12:55 +0530 – hirunews.lk/sinhala)
‘සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා’ වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494,000 ක මුදලක් ‘හලාවත ප්‍රදේශයේ බැංකුවක ගිණුමකට’ බැරකරන ලෙස එම අධිකාරියේ නිලධාරීන් පෙළඹවීම තුළින් ‘දූෂණය’ නැමැති වරද සිදුකළේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය ‘පියංකර ජයරත්න’ට එරෙහිව අද (18) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාරදීම සිදුවුණා.

අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ මෙම අධි චෝදනා පත්‍ර අද (18) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිරකරත්න ඉදිරියේ භාර දෙනු ලැබුවා.
ඉන් අනතුරුව විත්තිකාර හිටපු අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදාහරින ලෙස විනිසුරුවරයා නියෝග කළා.
2013 වසරේ සැප්තැම්බර් මස 21 ඔක්තෝබර් මස 24 වැනිදා දක්වා කාල සීමාව තුළ ‘සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා’ වශයෙන් කටයුතු කරමින් සිටියදී රුපියල් 494,000 ක මුදලක් ‘හලාවත පිහිටි බැංකුවක ගිණුමකට’ බැර කරන ලෙස ‘සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන්’ පෙළඹවීමෙන් ‘අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද’ සිදු කළ යැයි චෝදනා කරමිනුයි ‘අල්ලස් කොමිසම’ විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනන්නේ ෴
පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට
(18.02.2025 – 17:02 +0530 – hirunews.lk/sinhala)
පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ ඔහුගේ පුත්‍රයා ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
‘නීති විරෝධීව එකලස් කළ වාහනයක් ළඟ තබාගත් සිද්ධියට’ අදාලවයි මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය’ සිදුකළ විමර්ශනයකට අනුව මේ අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි පොලිසිය පවසන්නේ ෴

තුන් (3) හැවිරිදි දරුවෙකු හා ඔහුගේ මාමා ළිඳකට වැටී මියයයි
(18.02.2025 – 06:54 +0530 – hirunews.lk/sinhala)
යාපනයේ සංකරත්තෙයි තික්කිරායීකුලම් ප්‍රදේශයේ ළිඳකට ඇද වැටීමෙන් වයස අවුරුදු තුනක (3) දරුවකු හා ඔහුගේ මාමා ඊයේ (17) මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ මුලතිව් විශ්වමඩු රෙඩ්වාන ප්‍රදේශයේ පදිංචි ‘තනූසන් ඩනුසන්’ නැමති තුන් (3) හැවිරිදි දරුවෙකු සහ යාපනයේ වඩුක්කෝඩෙයි විද්‍යාල පාරේ පදිංචි ‘පෙරුමාල් මහින්දන්’ නමැති 30 හැවිරිදි අයෙක්.
ඔවුන් යාපනයේ නෑ ගෙදරකට ගොස් සිටියදී මෙම දරුවා සිය මාමා සමග පාපැදියකින් තවත් නිවසක් වෙත ගොස් තිබෙනවා.
ඒ යන අතරවාරයේ ඔවුන් දෙදෙනා (2) වැවක් අසල පිහිටි ළිඳක් ළඟ නැවතී ඇති අතර කෙසේ හෝ ඔවුන් දෙදෙනාම (2) ළිදට වැටී ඇති බවටයි වාර්තා වෙන්නේ.
මෙම සිදුවීම කිසිවෙකුත් දැක නොමැති අතර ශබ්දයක් ඇසී ළිඳ දෙසට ගොස් බලන විට ඔවුන් ජලය මත දඟලමින් පාවෙමින් සිටිනු දුටු අයෙකු කෑ ගසා එතැනට පිරිසක් කැඳවා ගෙන ඔවුන් දෙදෙනාව (2) ගොඩට ගෙන රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.
යාපනය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඔවුන්ව ඇතුළත් කිරීමෙන් පසුව දරුවා ප්‍රථමයෙන් මියගොස් ඇති අතර මාමා පසුවයි මියගොස් ඇත්තේ.
ඔවුන් දෙදෙනාගේ (2) ඇඳුම් සහ සෙරෙප්පු ළිඳට මදක් ඔබ්බෙන් ගලවා දමා තිබියදී හමු වී ඇති අතර, වඩුක්කෝඩෙයි පොලිසිය සැක කරන්නේ ඔවුන් දෙදෙනා (2) නෑදෑ නිවසට යමින් සිටින අතරවාරයේ දිය නෑමට උත්සහ කිරීමේදී ඔවුන් දෙදෙනාම (2) ළිඳට වැටෙන්නට ඇති බවයි.
මියගිය දෙදෙනාගේ (2) මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා යාපනය ශික්ෂණ රෝහලේ තබා ඇති අතර, වඩුක්කෝඩෙයි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි ෴
පානීය ජලය යැයි සිතා රසායන ද්‍රව්‍යයක් පානය කළ පුද්ගලයෙකු මරුට
(18.02.2025 – 07:04 +0530 – hirunews.lk/sinhala)
පානීය ජලය යැයි සිතා කැල්සියම් දිය කිරීමට ගන්නා රසායන ද්‍රව්‍ය බෝතලයකින් කොටසක් පානය කළ යාපනය තිරුණවේලී ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ (17) මියගොස් තිබෙනවා.
යාපනයේ තිරුණවේලී කලසාලෙයි ගම්මානයේ පදිංචිව සිටි ‘රසන් මයිකල්’ නැමති 83 හැවිරිදි පුද්ගලයෙකුයි පානීය ජල බෝතලයක් යැයි සිතා එම රසායන ද්‍රව්‍ය බෝතලය පානය කර ඇත්තේ.
එම රසායන ද්‍රව්‍ය පානය කිරීමත් සමගම එම පුද්ගලයා දැඩි අපහසුතාවයකට පත්වීම නිසා වහාම ඔහුව රෝහල් ගත කර තිබෙනවා.
යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඔහු මෙසේ මියගොස් ඇත්තේ.
මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් යාපනය ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, නෙල්ලිඅඩි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි ෴
බීමතින් පාසලට පැමිණි පොලිස් නිලධාරියා සිසුවියකට අතවර කිරීමට උත්සාහ කරයි
(18.02.2025 – 11:03 +0530 – hirunews.lk/sinhala)
මුලතිව් ප්‍රදේශයේ පාසලකට බීමත්ව ඇතුලු වී සිසුවියක් රැගෙන ගොස් අතවර කිරීමට සූදානම් වූ පොලිස් නිලධාරියෙකුට එරෙහිව පාසලේ ගුරුවරුන් හා දෙමව්පියන් මල්ලාවී පොලීසියට ඊයේ (17) පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබෙනවා.
මෙම පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල මෙවර පැවැත්වෙන නිසා සවස් කාලයේදී සිසු සිසුවියන් ක්‍රීඩා පුහුණුවීම්වල නිරතවනවා.
පාසල් ශිෂ්‍යවන් තුන් දෙනෙකු (3) තම විද්‍යාලය අසල පිහිටි වෙළද සැලකට ගොස් සිසිල් බීම බෝතලයක් රැගෙන ආපසු පාසල වෙත පැමිණෙද්දී සිවිල් ඇදුමින් සැරසී සිටි මුලතිව් පොලීසියේ සේවය කරන පොලිස් නිලධාරියෙකු සිසුවියන් පසුපස පාසලටම පැමිණ ඇති බව සඳහන්.
පසුව එක් (1) ශිෂ්‍යාවක් කැදවා ඇයව රවටා ගෙන වැසිකිලිය වෙත යන්නට සූදානම් වූ අවස්ථාවේදී සිසුවියගේ කෑ ගැසීම නිසා පිරිසක් එම ස්ථානයට පැමිණ පොලිස් නිලධාරියාව අල්ලා ගෙන තිබෙනවා.
පැමිණිල්ල ඉදිරිපත් කළ පිරිස මල්ලාවී පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ ඔහුව වහාම වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරණ ලෙසත් සෙසු පොලිස් නිලධාරීන්ගේ සහය මත ඔහු පලා යාමට ඉඩ ඇති නිසා ඊට ගැලපෙන ලෙස යම් ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙසයි.
මල්ලාවී පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අරම්භ කොට තිබෙනවා.
+++
බීමතින් පාසලකට ඇතුළුවූ පොලිස් නිලධාරියා රිමාන්ඩ්
(18.02.2025 – 16:12 +0530 – sinhala.adaderana.lk)
බීමතින් පාසලකට ඇතුළුවී දැරියන් ඉදිරියේ අශෝභන ලෙස හසිරුණු පොලිස් නිලධාරියා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීයෙකු ඊයේ (17) බීමතින් පාසලකට පැමිණ පාසල් සිසුවියන් කිහිපදෙනෙකුට කරදර කිරීමක් සම්බන්ධව මල්ලාවි පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් මල්ලාවි පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර තිබුණි.
මෙම සිදුවීමට අදාළ වීඩියෝ දර්ශනයක්ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
ලද පැමිණිල්ලක් අනුව සිදු කළ විමර්ශනයේදී මෙම නිලධාරියා මල්ලාවි පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකු බවට අනාවරණය වී ඇත.
මොහු රාජකාරි යෙදී සිටියදී බීමතින් සිටීමේ වරදට හා රජයේ පාසලකට ඇතුළුවී ගැහැණු ළමුන් ඉදිරියේ අශෝභන ලෙස හැසිරීමේ වරදට මල්ලාවි පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43 ක් වූ කෝපායි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද (18) මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 05 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මල්ලාවි පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි ෴
පාන් ගෙඩියක මිල රු. 10 කින් පහළට
(18.02.2025 – 11:14 +0530 – hirunews.lk/sinhala)
පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු කිරීමට ‘බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය’ එකඟතාව පළ කළ බව වෙළෙඳ අමාත්‍යංශය ප්‍රකාශ කළා.
එමෙන්ම අනෙකුත් බේකරි නිෂ්පාදන මිල ගණන්ද අඩු කිරීමට එම සංගමය තීරණය කර ඇති බවයි වෙළඳ අමාත්‍යාංශය නිවේදනය කළේ.
මේ අතර, අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් පහළ දැමීමට ‘ප්‍රීමා’ සහ ‘සෙරන්ඩිබ්’ සමාගම් ඊයේ (17) තීරණය කළා.
වෙළඳ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහගේ මැදිහත් වීම මත මෙලෙස මිල අඩුකිරීමට අදාළ සමාගම් පියවර ගත් බවයි.
ඒ අනුව එහි වාසිය ජනතාවට ලබා දීම සදහා පාන් ඇතුලු බේකරි නිෂ්පාදනවල මිලද අඩු කිරීමට ‘බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය’ ද එකගතාව පළ කළ බව අදාළ නිවේදනයේ සදහන් ෴
පාන් මිල පහළ ගියද අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් වෙනස් නොවන බව ‘බේකරි හිමියන්ගේ සංගමය’ පවසනවා ෴
මන්නාරම මහ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා අතුරුදන්
(18.02.2025 – 13:49 +0530 – hirunews.lk/sinhala)
මන්නාරම මහ රෝහලේ සේවය කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා දින කීපයක සිට අතුරුදහන්ව ඇති බව රෝහලේ පාලන අධිකාරිය පවසනවා.
ඔහු දින කිහිපයක සිට සේවයට වාර්තා කොට නොමැති අතර ඔහුගේ දුරකතනයද විසන්ධි කොට අති බවයි වාර්තා වන්නේ.
එම රෝහලේ සෙසු වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ ඔහු පාලන අධිකාරියට නොදන්වා සේවයෙන් ඉවත්ව ගොස් ඇති බවට සාධක හමු වී ඇති බවයි.
නමුත් ඔහු ඒ බව පාලන අධිකාරියට දන්වා නොමැති බවයි පැවසෙන්නේ.
ඒ බව සනාථ කෙරෙන දුරකතන කෙටි පණිවුඩයක් එම විශේෂඥ වෛද්‍යවරයා විසින් මිතුරෙකුට යවා ඇති බවටද තොරතුරු හෙළි වී තිබෙනවා.
කෙසේ වෙතත් රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා නොමැතිකම නිසාත් ඔහු වෙනුවට කෙනෙකු හදිසියේ පත් කිරීමට නොහැකිකම නිසාත් ළමා වාට්ටුවේ සියලු කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති බව පැවසෙනවා.
මේ ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් ගැබිණි මව්වරුන් හා අලුත උපන් දරුවන් මෙන්ම සෙසු ළමයින්ද වවුනියාව මහ රෝහලට මාරුකොට යැවීමට පියවර ගෙන තිබෙනවා.
මේ තත්ත්වය ප්‍රායෝගිකව දැඩි අසීරු කරුණක් වී ඇති බැවින්, අලුතින් වෛද්‍යවරයෙකු පත් කරන තුරු වවුනියාව මහ රෝහලෙන් හෝ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සේවය මන්නාරම රෝහලට ලබා දෙන ලෙස මන්නාරම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කොට තිබෙන බවයි අප වාර්තාකරු පවසන්නේ ෴
පවතින වියළි කාලගුණය හමුවේ ‘ජලසම්පාදන මණ්ඩලයෙන්’ විශේෂ දැනුම්දීමක්
(18.02.2025 – 14:13 +0530 – hirunews.lk/sinhala)
පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් ජල මූලාශ්‍රවල ජල මට්ටම් සීඝ්‍රයෙන් පහළට යමින් තිබෙනවා.
මේ නිසා පානීය ජල සැපයුම සීමා සහිත බවයි ජලසම්පාදන මණ්ඩලය ජනතාවට දැනුම් දෙන්නේ.
එබැවින් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි, ‘ජලසම්පාදන මණ්ඩලය’ මහ ජනතාවගෙන් ඉල්ලන්නේ ෴
‘පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සව’ ගැන මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛයක් ?
(18.02.2025 – 15:28 +0530 – hirunews.lk/sinhala)
පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ පාසල් සිසුන් හිරු එළියට නිරාවරණය නොවීම වැදගත් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
එබැවින් අධික හිරු එළියේ එළිමහන් ස්ථානවලට දරුවන් නොයවන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය දන්වන්නේ.
මේ හේතුවෙන් ඉදිරි දිනවල පැවැත්වෙන නිවාසාන්තර ක්‍රීඩා උත්සව සම්බන්ධව මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛයක් අමාත්‍යංශය විසින් නිකුත් කිරීමට අපේක්ෂිතයි.
ඒ සඳහා සෞඛ්‍ය විශේෂඥයන්ගෙන් අවශ්‍ය උපදෙස් ලබා ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.
දැනට පවතින උණුසුම් කාලගුණය මත පාසල් ක්‍රීඩා තරග පවත්වන කාල සීමාව අඩු කිරීමට මේ හරහා පියවර ගනු ඇති බවද වාර්තා වනවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴