‘මුහුදේ මත්කුඩු ජාවාරම්’ ගැන හෙළි වූ දේ
(14.02.2025 – 21:54 +0530 – sinhala.adaderana.lk)
මත්කුඩු ජාවාරම්කරුවන් මසුන් ඇල්ලීමට මුහුදු යන ධීවරයන්ට පහරදී, බලහත්කාරයෙන් මත්ද්‍රව්‍ය රැගෙන ඒම සඳහා පොළඹවගන්නා බව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබේ.
එලෙස ජාවාරම්වලට හසුව ආරක්ෂක අංශවල අත්අඩංගුවට ගැනුණු ධීවරයන්ගේ මව්පියන් පවසන්නේ තම දරුවන්ට ජාවාරම්කරුවන්ගෙන් මරණ තර්ජන පවා එල්ලවන බවය.
‘මුහුදේ මත්කුඩු ජාවාරම්’ පිළිබඳ ‘අද දෙරණ උකුස්සා’ මේ පිළිබඳව අනාවරණය කළේය.
මෙරටට මත්ද්‍රව්‍ය පැමිණෙන ප්‍රධානම මාර්ගය වන මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය රැගෙන එන අයුරු ‘අද දෙරණ’ අප ඊයේ (13) අනාවරණ කළේය.
කෙසේ වෙතත් මෙලෙස අත්අඩංගුවට ගැනෙන ධීවරයන්ගේ පවුල් මේවන විට අන්ත දුක්ඛිත තත්ත්වයකට පත්ව තිබේ.
අත්අඩංගුවට ගැනුණු ඇතැම් ධීවරයන්, බෝට්ටු හිමිකරුවන් විසින් බලහත්කාරයෙන් ඊට පොළඹවා ගැනුණු බවයි ඔවුන්ගේ මව්පියන් චෝදනා කරනුයේ.
පොලිසිය පවසන්නේ බිය ගැන්වීම තුළින් ජාවාරම සඳහා බලහත්කාරයෙන් ධීවරයන් පොළඹවා ගැනීමට ජාවාරම්කරුවන් උත්සාහ දරන්නේ නම් ධීවරයන්ට එහිදී නීතියෙන් රැකවරණය ඇති බවය.
මෙම ජාවාරම් මැඬලීමට 2024 වසරේදී දියත් කළ මෙහෙයුම්වලින් රුපියල් මිලියන විසි දෙදහසකට (22,000) අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසයි.
මේ අතර නාවික හමුදාව පැවසුවේ දිවයිනට මත්ද්‍රව්‍ය රැගෙන ඒම වැළැක්වීමේ මෙහෙයුම් පැය 24 පුරා ක්‍රියාත්මක බවය.
+
‘අයිස් මත්ද්‍රව්‍ය’ සමග යුධ හමුදා විශේෂ බලකා සෙබළුන් සිව් දෙනෙකු (4) අත්අඩංගුවට
(14.02.2025 – 19:54 +0530 – sinhala.adaderana.lk)
‘අයිස් මත්ද්‍රව්‍ය’ සමග යුධ හමුදා විශේෂ බලකා සෙබළුන් සිව් දෙනෙකු (4) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගලෙන්බිඳුණුවැව පොලිස් වසමට අයත් උපුල්දෙනිය ප්‍රදේශයේ දී අදාළ සැකකරුවන් පොලිස් අත්අඩංගුවට ගත් බව ගලෙන්බිඳුණුවැව පොලිසිය පැවසීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අක්මීමන, හොරොව්පතාන, ලුණුගල,පරසන්ගස්වැව යන ප්‍රදේශවල සැකකරුවන් සිව්දෙනෙකි (4).
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (14) දින කහටගස්දිගිලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
සිද්ධියය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගලෙන්බිඳුණුවැව පොලිසිය විසින් සිදුකරනු ලබයි ෴
පෞද්ගලික බස් රථයක් පානදුරේදී පෙරළෙයි
(15.02.2025 – 06:23 +0530 – sinhala.adaderana.lk)
පානදුර ගුවන් පාලම ආසන්නයේදී අද (15) අළුයම 4 ට පමණ බස් රථයක් පෙරළී සිදු වූ අනතුරකින් සිව්දෙනෙකු (4) තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත.
ඊයේ (14) රාත්‍රී 11 ට පමණ ලුණුගම්වෙහෙර සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස පෙරළී ඇති බව පානදුර දකුණ පොලීසිය පැවසීය.
අනතුරු සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 50 කට වැඩි පිරිසක් සිට ඇති බව වාර්තා වේ.
බස් රථයේ රෝදවල සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය අනුමාන කරයි.
මෙම අනතුරෙන් බස් රථයට ද හානි සිදුව තිබේ.
බස් රථය පැදවූ රියදුරු පානදුර දකුණ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
+
+
USAID වැඩසටහනට මුවාවී ආ බිලියනපතියා ලංකාවට මොකද කළේ? (14.02.2025)
+++
කනට වෙඩි වැදුන ට්‍රම්ප් USAID බෝඩ් ලෑල්ල ගලවයි | GLOBAL INSIDE with උවිඳු විජේවීර (11.02.2025)
+++
USAID ට්‍රම්ප් අකමැති ඇයි ? – සතියේ විත්ති with UDAYA – Episode 2 | Part 6\6 (11.02.2025)
+
ගිනි ජාලාවක් වුණු කර්මාන්තශාලාව ගැන ඇසින්දුටුවෙක් කියන කතාව (13.02.2025)
+++
HDDES GROUP of Companies
https://hddes.com/
රුපියල් ලක්ෂ 2 ක අල්ලසක් ගත් PHI අත්අඩංගුවට
(15.02.2025 – 08:28 +0530 – hirunews.lk/sinhala)
දඹුල්ල ප්‍රදේශයේ හෝටලයකින් රුපියල් ලක්ෂ දෙකක (2) මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමට තැත් කළ ‘මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු’ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහි උසස් නිලධාරියෙකු සදහන් කළේ, ඊයේ (14) සැකකරු හෝටලයේ ඉහළ නිලධාරියෙකු සිය නිවස ආසන්නයට ගෙන්වා මෙම මුදල් ලබා ගැනීමට යාමේදී අත්අඩංගුවට ගත් බවයි.
අදාළ හෝටලයේ සේවකයින් වාර්ෂිකව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ යුතු අතර මෙවර එය එම පරීක්ෂණය නොකර සිටීමට සැකකාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් මෙම හෝටලයෙන් රුපියල් ලක්ෂ දෙකක (2) මුදලක් ඉල්ලා තිබෙනවා.
ඒ අනුව ඔහු ඊයේ (14) අදාළ හෝටලය වෙත ගොස් ඇති අතර එහිදී ඇති වූ සැකයක් මත යළි ඔහු නිවස වෙත පැමිණ තිබෙනවා.
කෙසේ වෙතත් පසුව ඔහු හෝටලයේ නිලධාරියෙකු ගෙන්වා මෙම මුදල ලබා ගැනීමටයි කටයුතු කර ඇත්තේ.
එම අවස්ථාවේදීයි සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ ෴
+
+
පිළිස්සී ගිය පුද්ගල මළ සිරුරක් හමුවෙයි
(15.02.2025 – 10:15 +0530 – hirunews.lk/sinhala)
කඩවත ගනේමුල්ල පාරේ අධිවේගී මාර්ගයට ආසන්න ලදු කැලෑවක තිබී පිළිස්සී ගිය නාදුනන පිරිමිකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා.
ඊයේ (14) රාත්‍රී 08:00 පමණ මෙම ස්ථානයේ ගින්නක් හටගෙන ඇති අතර ඒ මොහොතේ මෙම පුද්ගලයා එම ස්ථානයට ගෙනවිත් පුච්චන්නට ඇති බවයි පොලීසිය සැක කරන්නේ.
සිද්ධිය පිළිබඳ කඩවත පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත් මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි වාර්තා වන්නේ ෴
අධික උණුසුම හමුවේ විජලනයෙන් මිදීමට ජලය හෝ ස්වභාවික දියර පානය කරන්නැයි උපදෙස්
(15.02.2025 – 13:54 +0530 – hirunews.lk/sinhala)
දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල පවතින උණුසුම් කාලගුණය හේතුවෙන් එළිමහන් ක්‍රියාකාරකම්වල නිරත පුද්ගලයින්ට විජලන තත්වයන් ඇති විය හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා පවසනවා.
මෙම තත්වය අවම කර ගැනීම සදහා වැඩිපුර ‘ජලය හෝ ස්වභාවික දියර වර්ග’ පානය කළ යුතු බවයි ඔහු කියා සිටියේ.
එමෙන්ම, පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් පාසල් ක්‍රීඩා උත්සව පැවැත්වීමේදී පාසල් බලධාරීන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ.
මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වයේ වැඩිවීමක් මාර්තු සහ අප්‍රේල් මාසයේදී අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
+
මේ අතර, රාවණාඇල්ල වනජිවි සහ වනසංරක්ෂණ රක්ෂිතයට අයත් ඇල්ල රොක් කඳුපන්තියේ හටගත් ගින්න මේ වන විට පාලනය කර තිබෙනවා.
යුධ හමුදාව, ගුවන් හමුදාව සහ වනජීවී හා වන සංරක්ෂණ නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව එය පාලනය කර ඇති බව සදහන්.
කෙසේ වෙතත්, පවතින ගින්න පැතිර යාම වැලැක්වීම සදහා කටයුතු කරමින් සිටින අතර පෙරේදා (13) සිට මේ දක්වා පැවති ගින්නෙන් අක්කර 600 ක් පමණ විනාශ වී තිබෙනවා ෴
ඉන්දියාවට පැන්න අපරාධකරුවන් පිරිසක් ළඟදීම දිවයිනට
(15.02.2025 – 16:04 +0530 – hirunews.lk/sinhala)
මෙරට තුළ අපරාධ සිදු කර විදෙස් ගතව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවන් මෙරටට රැගෙන ඒමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිසිය ප්‍රකාශ කළා.
ඒ අනුව, ඉන්දියාවේ සැඟව සිටි අපරාධකරුවන් කිහිපදෙනෙකු ළගදීම මෙරටට රැගෙන ඒමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග කොළඹ අද (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ.
එසේම, වසරේ මේ දක්වා කාලය තුළ දී වෙඩි තැබීම් 13 ක් සිදුව ඇති බවත්, ඉන් 07 ක් ම සංවිධානාත්මක අපරාධකරුවන් විසින් සිදු කර ඇති බවත් ඔහු සඳහන් කළා.
ඒ සදහා යොදා ගත් ටී 56 ගිනිඅවි තුනක්, පිස්තෝල අවි 05 ක් සහ යතුරුපැදි 04 ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මේ අතර, මත්ද්‍රව්‍ය මෙහෙයුම් වැඩසටහන යටතේ පුද්ගලයින් 16,000 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළේ ෴
කීරි සම්බා තොගයක් සඟවාගෙන සිටි වෙළෙන්ඳෙකුට වැඩවරදී
(15.02.2025 – 16:23 +0530 – hirunews.lk/sinhala)
වැඩි මිලට අලෙවිකිරීම සඳහා කීරි සම්බා කිලෝග්‍රෑම් 4750 කට ආසන්න තොගයක් සඟවාගෙන සිටි වෙළෙන්ඳෙකු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සොයාගෙන තිබේ.
කොළඹ 12 ප්‍රදේශයේ ගබඩාවක එම සහල් තොගය සඟවාගෙන තිබියදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් අද (15) සොයාගෙන ඇත.
එහිදී සඟවාගන තිබු කීරි සම්බා කිලෝග්‍රෑම් 5 හේ අසුරන 950 කට ආසන්න ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් භාරයට ගෙන තිබේ.
බස්නාහිර පළාත් පොලිස් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසින් ලබාදුන් තොරතුරකට අනුව එම වැටලීම සිදුකර තිබුණි.
මෙම සහල් තොගය සඟවාගෙන සිටි ව්‍යාපාරිකයා සහ භාණ්ඩ ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴