කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිවාඩු ගිය උපදේශකයන් 08 ක් යළි කැඳවයි

(10.07.2020 – 07:40 +0530 – hirunews.lk/sinhala) = කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිවාඩු ගිය උපදේශකයන් 08 ක් යළි කැඳවයි – ආසාදිත උපදේශකවරියගේ මව, පියා ඇතුළු පවුල් 07 ක් ස්වයං නිරෝධායනයට = නාත්තන්ඩිය – කොට්රාමුල්ල ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිත 27 හැවිරිදි තරුණියගේ මව, පියා ඇතුළු ආශ්‍රිත පවුල් 10 ක පිරිස් ස්වයං නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා. අදාළ තරුණිය මත්ද්‍රව්‍යවලට …

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 57 කට කොරෝනා – උපදේශිකාවක් පොදු ප්‍රවාහන සේවාත් භාවිත කර ඇතැයි හෙළිවේ

(09.07.2020 – 15:30 +0530 – hirunews.lk/sinhala) කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් සහ කාර්ය මණ්ඩලයේ 450 කට ආසන්න පිරිසකට සිදුකල පී.සී.ආර්. පරීක්ෂාවන්වලදී ඉන් 56 දෙනෙකුටම කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. එසේම, අද (09) උදෑසන නාත්තන්ඩිය – කොට්ටාරමුල්ල ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාදිත කාන්තාවක් හඳුනා ගෙන ඇති අතර, එම කාන්තාව ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක් …

පූජිත සහ හේමසිරි යලිත් පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට

(09.07.2020 – 13:45 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අද (09) පෙරවරු 10 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඔහු මේ වනවිටත් එම දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශය ලබා දෙමින් සිටින බවයි එහි සිටින පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ. එමෙන්ම …

කල් ඉකුත් වූ රසායනික දියර භාවිත කරමින් විෂබීජ නාශක සැකසූ ආයතනයක් වටලයි

(09.07.2020 – 11:03 +0530 – hirunews.lk/sinhala) කල් ඉකුත් වූ රසායනික දියර භාවිත කරමින් විෂබීජ නාශක සැකසූ ආයතනයක් වටලයි. මාළඹේ – තලාහේන ප්‍රදේශයේදී කල් ඉකුත් වූ රසායනික දියර භාවිත කරමින් විෂබීජනාශක දියර නිෂ්පාදනය කළ ආයතනයක් පාරිභෝගික සේවා අධිකාරිය වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙළඳපොලේ විකිණීමට ඇති දෑත් පිරිසිදු කිරීමේ ක්‍රීම් වර්ගයකට වර්ණ සංයෝජන යොදා ගෙන මෙම …

ජනපති කොමිසමේදී ETI තැන්පත් කරුවන් සාක්ෂි ලබා දෙයි

(08.07.2020 – 14:18 +0530 – hirunews.lk/sinhala) ඊ.ටී.අයි. ආයතනයේ දිවයින පුරා පිහිටි ශාඛා බොහොමයක නිලධාරීන් ගනුදෙනුකරුවන් නොමග යවා ඇති බව ගනුදෙනුකරුවන් ප්‍රකාශ කරනවා. මේ බව හෙළිවුණේ ETI සමාගමේ සිදු වූ බව කියන අක්‍රමිකතා සහ අයථා ක්‍රියාකලාපයන් පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි විමසීමේදීයි. ගත වූ දින දෙක තුළදීම කොමිසම හමුවේ සාක්ෂි ලබා …

මත්ද්‍රව්‍ය ජාවාරමට නාකොටික් හි 18 වෙනියාත් අත්අඩංගුවට – අයි.පී. පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

(08.07.2020 – 06:49 +0530 – hirunews.lk/sinhala) අත්අඩංගුවට ගනු ලැබූ මත්ද්‍රව්‍ය, ජාවාරම්කරුවන්ට විකිණූ බව කියන සිද්ධියට අදාළව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (07) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබුවා. රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මොහු මෙලෙස මෙම ජාවාරමට ඇල්ලූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ 18 වන නිලධාරියා වනවා. මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල …

සහරාන් ඇතුළු කණ්ඩායම යතුරුපැදියක ඇටවූ බෝම්බයක් පුපුරවා හැරි කාත්තන්කුඩි ඉඩම හිස්බුල්ලාට අයත් ඉඩමක් – පාස්කු කොමිසමේදී හෙළිවෙයි

(07.07.2020 – 15:33 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරයට පෙර පුහුණුවක් ලෙස, සහරාන් ඇතුළු කණ්ඩායම යතුරුපැදියක ඇටවූ බෝම්බයක් පුපුරවා හැරි කාත්තන්කුඩි ඉඩම කලකට ඉහතදී නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට අයත්ව තිබූවක් බව අනාවරණය වුණා. ඒ එම ස්ථානීය පරීක්ෂාව සිදු කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදියි. කොමිසම …

මුස්ලිම් දික්කසාද සම්බන්ධයෙන් වන ‘කාති උසාවි’ ගැන තීරණයක් ගන්නැයි රජයෙන් ඉල්ලීමක්

(06.07.2020 – 21:59 +0530 – sinhala.adaderana.lk) මුස්ලිම් දික්කසාද සම්බන්ධයෙන් වන ‘කාති උසාවි’ වහාම තහනම් කරන ලෙස මුස්ලිම් දික්කසාද පිළිබඳ වියත් හවුල රජයෙන් ඉල්ලා සිටියි. එම උසාවි කටයුතුවලින් අගතියට පත් පාර්ශ්ව කිහිපයක් අද (06) බදුල්ලේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ අදහස් පළ කළේය. මේ අතර පූජ්‍ය අතුරලියේ රතන හිමි අද (06) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින්‍ කාති …

අද (06) සිට පාසල් යන ළමයින්, පාසලේ දී මුඛ ආවරණ පැළඳ සිටීම අනිවාර්ය ද ? සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් පහදයි

(06.07.2020 – 09:04 +0530 – hirunews.lk/sinhala) කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු පාසල් අදියර කිහිපයක් යටතේ දින 115 කට පසු අධ්‍යයන කටයුතු සඳහා අද (30) සිට යළි ආරම්භ කෙරුනා. ඒ අනුව පළමු අදියර යටතේ අද (06) පාසල් ආරම්භ කෙරුනේ 11, 13 සහ 5 ශ්‍රේණි සඳහායි. අද (06) සිට අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහා සුදුසු පරිසරය …

සමඟි ජන බලවේගය, ජාතිවාදීන්ගේ බළල් අතක් වෙලා – අගමැති මහින්ද රාජපක්ෂ

(05.07.2020 – 17:31 +0530 – hirunews.lk/sinhala) පටු ජාතිවාදයටත්, කප්පම්කාරී දේශපාලනයටත් තිත තැබීම සඳහා ජනාධිපතිවරණයේදී දුන් ජනවරමටත් වඩා ප්‍රබල ජන වරමක් මෙවර මහ මැතිවරණයේදී ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඡන්දදායකයින්ගෙන් ඉල්ලීමක් කළා. ඒ, විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්. ජාතිවාදීන්ගේ බළල් අතක් වූ සමගි ජන බලවේගය යන ශීර්ෂය යටතේ නිකුත් කළ අදාළ නිවේදනයෙන් පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික …