Category «ව්‍යාපාරික සහ බැංකු»

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වය ගෝඨාභයට

(11.08.2019 – 16:02 +0530 – sinhala.adaderana.lk) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීම මීට සුළු මොහොතකට පෙර පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුවිය. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා තරග කිරීමට නියමිතය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා …

කංජිපානි ඉම්රාන්ගේ පොලිස් විමර්ශන කෙරෙන හැටි ගැන සුදත්ත හිමි කළ අනාවරණය

(10.08.2019 – 19:27 +0530 – sinhala.adaderana.lk) දැනට රැඳවුම් නියෝග ලබා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කන්ජිපානි ඉම්රාන්ට එරෙහිව පොලිස් විමර්ශන නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවට සාධක ඇතැයි නව සිංහල රාවය ජාතික සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසයි. අද කළුතරදී මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ මේ සම්බන්ධයෙන් කරුණු කිහිපයක් හෙළිදරව් කළේය. එහිදී සුදත්ත හිමි විසින් වීඩියෝ දර්ශනයක් …

රට බේරගන්න දියසෙන් කුමාරයෙක් අහසෙන් වැටෙන්නේ නෑ – මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

(10.08.2019 – 07:51 +0530 – sinhala.adaderana.lk) අන්තවාදින්ගේ සහාය ලබානොගන්නා අපේක්ෂකයෙක් ඉදිරි ජනාධිපතිවරණයේ දි නිර්මාණය කළ යුතු බව මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි. උන්වහන්සේ ඊයේ (09) මේ බව සඳහන් කළේ ජාතික වියත් පවුර වැඩසටහනට එක් වෙමින්ය. අභියෝගයෙන් රට ගලවා ගැනීමට කිසිදු දියසෙන් කුමාරයෙක් අහසෙන් නොවැටෙන බවත් දියසෙන් කුමාරයෙක් අපි තුළින් නිර්මාණය කරගත යුතු බවත් මහචාර්ය …

නෙළුම් කුලුනේ වැඩ ඉබි ගමනේ : රජයට මිලියන 5,475 ක ආදායමක් නැති වෙලා

(08.08.2019 – 22:00 +0530 – lankadeepa.lk) නෙළුම් කුලුන පිහිටි ඉඩම නාගරික සංවර්ධන අධිකාරියෙන් නිසි ආකාරයට පවරා නොගැනීමත්, ඉදිකිරීම සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන නිසි කාලයට තීරණ නොගැනීම හා කොන්ත්‍රාත්කරු විසින් සිදු කරන ලද ප්‍රමාදයන් නිසා ඇස්තමේන්තුගත අගයන් අනුව 2018 අගෝස්තු 30 වන විට රුපියල් මිලියන 5,475 ක පමණ ආදායමක් රජයට අහිමි වි තිබෙන බව විගණකාධිපති දෙපාර්තමේන්තුව …

කුරුණෑගල ‘සිසේරියන් සාපියා’ : සාෆිට එරෙහිව මව්වරුන් 50 ක් මානව හිමිකම් කොමිසමට

(08.08.2019 – 19:27 +0530 – hirunews.lk/sinhala) වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්ගේ සැත්කම්වලට භාජනය වූ මව්වරුන් 50 දෙනෙකු පමණ අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එහිදී ඔවුන් ප්‍රකාශ කළේ තමන්ට සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට ඇතැම් පාර්ශව බාධා එල්ල කරමින් සිටින බවයි. එමෙන්ම, වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්ගේ වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂා කර මුදල් විශුද්ධිකරණ පනත …

රට තුළ සිංහල අන්තවාදයක් නොමැති බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් කියයි

(07.08.2019 – 20:25 +0530 – hirunews.lk/sinhala) අග්‍රාමාත්‍යවරයා පැවසූ පරිදි රට තුළ සිංහල අන්තවාදයක් නොමැති බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී සිදුකළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින්. මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය ගැන වාද විවාද (07.08.2019 – 20:20 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තුවේ …

පැල්මඩුල්ලේ මැණික් කොල්ලයට 5 ක් අල්ලයි – ගුරුවරුන් සහ හිටපු හමුදා සෙබළුත් ඒ අතර

(07.08.2019 – 07:47 +0530 – hirunews.lk/sinhala) රුපියල් කෝටි 3 ක මැණික්, මුදල් සහ රන් ආභරණ පැල්මඩුල්ල ප්‍රදේශයේ ආයතනයකින් කොල්ලකෑමේ සිද්ධියට ගුරුවරුන් සහ හිටපු හමුදා සෙබළුන් ඇතුලු පස් දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 28 වනදා එම ආයතනයට පැමිණි සැකකරුවන් එහි තිබූ රුපියල් කෝටි එකහමාරකට ආසන්න වටිනාකමකින් යුත් මැණික් ගල් 604 ක්, මුදලින් රුපියල් හාරලක්ෂ 47,000 …

නවකවදය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රුහුණු සරසවියේ සිසුන් 19 දෙනෙකු රිමාන්ඩ්

(06.08.2019 – 18:24 +0530 – hirunews.lk/sinhala) නවකවදය ලබාදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් රුහුණු සරසවියේ සිසුන් 19 දෙනෙකු ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා ෴ රුහුණේ චන්ඩි පොලිසිටය බයේ හඬා වැටෙයි.. (07.08.2019 – webgossip.lk) රුහුණ විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවියන්ට ලිංගික අඩත්තේට්ටම් සිදු කරමින් අමානුෂික ලෙස නවකවදය දුන් බව කියන එම …

ත්‍රස්ත සැකකරුවන් වන්දි සමඟ උත්සවාකාරයෙන් පවුලේ අයට භාරදෙන්න – ගම්මන්පිල

(05.08.2019 – 21:03 +0530 – sinhala.adaderana.lk) රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා පිළිබඳ සාධාරණ විමර්ශනයක් සිදු කිරීමට පොලීසිය අපොහොසත් වු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. “පාස්කු බෝම්බ ප්‍රහාරයේ සිදුවීම් සමඟ නම කියැවුණු එකම මන්ත්‍රිවරයා තමයි රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා. එතුමා ගැන …

පල්ලෙවෙල විෂ මත්පැන් සිද්ධියේ හිමිකරු සහ සහයකයා රිමාන්ඩ් – සාම්පල රස පරීක්ෂකට

(05.08.2019 – 07:24 +0530 – hirunews.lk/sinhala) පුද්ගලයින් කිහිප දෙනෙකුට මරු කැඳවමින් පල්ලෙවෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය හිරු පුවත් අනාවරණයෙන් පසු පොලීසිය ඊයේ පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහි තිබී නිෂ්පාදනය කරන ලද මත්පැන් සහ ඊට යොදාගත් උපකරණ තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තාවන්නේ. ඒවායේ සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත ද යොමු කර තිබෙනවා. …