මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ලබාදී තිබූ නියෝගයක් අත්හිටුවන ලෙස නීතිපතිවරයා අධිකරණයට දැනුම් දෙයි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ලබාදී තිබූ නියෝගයක් අත්හිටුවන ලෙස නීතිපතිවරයා අධිකරණයට දැනුම් දෙයි


මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ලබාදී තිබූ නියෝගයක් අත්හිටුවන ලෙස නීතිපතිවරයා අධිකරණයට දැනුම් දෙයි

(13.02.2025 – 13:46 +0530 – hirunews.lk/sinhala)

පෙර කළ දැනුම් දීම මත, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට අදාල නඩුවක සැකකරුවන් 3 දෙනෙකු නිදහස් කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස, නීතිපතිවරයා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබෙනවා.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ සැකකරුවන් තුන්දෙනෙකු (3) සම්බන්ධයෙන් තවදුරටත් නීතිය මගින් කටයුතු කිරීමට අදහස් නොකරන බැවින් ඔවුන් නිදහස් කළ හැකි බවට නීතිපති පාරින්ද රණසිංහ පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී තිබුණා.

යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්ත හිටපු මාණ්ඩලික සැරයන්වරයෙකු වන ප්‍රේම් ආනන්ද උදලාගම, ගල්කිස්ස පොලිසියේ එවක අපරාධ අංශයේ ස්ථානාධිපතිව සිටි තිස්සසිරි සුගතපාල සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර ඊට අයත්. කෙසේ වෙතත් එම ලිපිය සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේම දැඩි සංවාදයක් මතු වුණා.

කෙසේ වෙතත්, නීතිපතිවරයා පසුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, අදාළ නිදහස් කිරීම නව සාක්ෂි හෙළිදරව්වීම මත අපරාධ චෝදනා ගොනු කිරීම සලකා බැලීමට බාධාවක් නොවන බවයි ෴


අදත් (13) නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට මහා කලබලයක් | හිටපු සෞඛ්‍ය ඇමති තාමත් ආතල් එකේ ඉන්නේ කොහොමද ? (13.02.2025)

+


බස් රියැදුරන්ගේ විඩාව නිවා ගන්න බස් හිමියන් මත්ද්‍රව්‍ය දෙන බවට චෝදනා

(13.02.2025 – 13:40 +0530 – hirunews.lk/sinhala)

බස් රථ රියැදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවන කිරීම හේතුවෙන් නිරන්තරයෙන් අනතුරු සිදුවන බව ‘මගී අයිතිවාසිකම් සුරැකීමේ සාමූහිකය’ පෙන්වා දෙනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔවුන් පවසන්නේ, බස් රියැදුරන්ගේ විඩාව නිවා ගැනීම සඳහා බස් හිමියන් රියැදුරන්ට මත්ද්‍රව්‍ය ලබාදෙන බවයි.

ගෙවුණු සතියක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක සිදු වූ මාරක රිය අනතුරු හේතුවෙන් මිනිස් ජීවිත රැසක් රටට අහිමි වුණා.

ඉන් ආසන්නම සිදුවීම මේ මස 10 වැනිදා කුරුණෑගල තෝරයායෙන් වාර්තා වූ අතර, ඉන් 28 දෙනෙකු තුවාල ලැබ අහිමි වූ ජීවිත ගණන 4 ක්.

බස් නැවතුමක නවතා තිබූ පෞද්ගලික බස් රථයක තවත් පෞද්ගලික බස් රථයක් ගැටී අනතුර සිදුව තිබුණා.

මෙලෙස දිගින් දිගටම සිදුවන මාර්ග අනතුරු සහ මගී අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ‘මගී අයිතිවාසිකම් සුරැකීමේ සාමූහිකය’ සංවිධාන කර තිබුණා ෴


රජයේ මුද්‍රණාලයේ නොසන්සුන්තාවයක්

(13.02.2025 – 11:18 +0530 – hirunews.lk/sinhala)

රජය මුද්‍රණාලයේ අද (13) උදෑසන නොසන්සුන්තාවක් ඇතිවී තිබෙනවා.

ඒ රජයේ මුද්‍රණාලයේ භෝජනාගාරයේ ආහාර ගැනීමට නොහැකි බව පවසමින් සේවකයින් පිරිසක් ආයතනයෙන් එළියට ගොස් ආහාර ලබාගැනීමට සූදානම් වූ අවස්ථාවේදීයි.

එහිදී මුද්‍රණාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා මෙම සේවකයින්ට එළියට යෑමට අවසර ලබා දී නැහැ.

එම අවස්ථාවේ සේවකයන් සමග නොසන්සුන්තාවක් ඇති කරගත් ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලාච්චුවේ තිබූ පිහියක් එළියට ගෙන වෘත්ති සමිති නායකයන්ට සහ සේවකයන්ට අනතුරක් සිදුකරන්නට ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

+

+


රටින් පැන්න ‘කොස්තාපල්ගේ පෙම්වතිය’ පොලිස් භාරයට

(13.02.2025 – 11:05 +0530 – hirunews.lk/sinhala)

ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ ද රැගෙන පලාගිය ගල්කිස්ස පොලිසියේ කොස්තාපල්ගේ පෙම්වතිය බව කියන තැනැත්තියක් ද මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම මීට පෙර එම කොස්තාපල්ගේ මව්පියන් ප්‍රශ්න කිරීම සඳහා පොලිස් භාරයට ගත් බවයි පොලිසිය පැවසුවේ.

තවද, එම කොස්තාපල්ට ආධාර අනුබල දුන් එම පොලිස් ස්ථානයේම 28 හැවිරිදි තවත් කොස්තාපලයෙකු පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිසියට අවසර ලබා දී තිබුණා.

රටින් පලා ගිය කොස්තාපල් භාවිත කළ ස්කූටර් වර්ගයේ යතුර පැදිය දෙහිවල කවුඩාන ප්‍රදේශයේ නිවසක් අසල තිබියදී රැගෙනවිත් අත්තිඩිය තනිකඩ භට නිවාසය අසල සඟවා තැබීම ඔහුට එරෙහි චෝදනාවයි.

ගල්කිස්ස පොලිසියේ සේවය කළ ‘කවිඳු ප්‍රකාශ් ජයකොඩි’ නම් 25 හැවිරිදි පොලිස් කොස්තාපල් එහි අවිගබඩාවෙන් ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ 30 ක් සහිත පතොරම් ගැබක් රැගෙන පලාගොස් තිබුණේ පසුගිය 08 වැනිදායි.

ඔහු ඩුබායි බලා පිටව ගොස් ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වුණා.

එමෙන්ම රටින් පලාගිය කොස්තාපල් කටුනායක ගුවන්තොටුපලින් පිටව යන අවස්ථාව දක්වා ඔහු සමග පෙර සඳහන් කොස්තාපල් සබඳතා පැවැත් වූ බව දුරකථන විශ්ලේෂණ වලින් තහවුරු වී ඇතැයි ද පොලිසිය පැවසුවා.

ඒ අනුව එම කොස්තාපල් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පෙන්වා දී ඇත්තේ, අදාළ කොස්තාපල් රටින් පලාගිය කොස්තාපල්ට සිව් වතාවක් (4) ඇමතුම් ලබාගෙන තිබූ බවයි.

අදාළ ස්කූටර් වගයේ යතුරු පැදිය රැගෙන ඒමට ඔහු ගොස් තිබුණේ තවත් නිලධාරියෙකු සමග බවත්, වැරදි සහගත දෙයක් සිදුකිරීමට නම් රාජකාරී නිල ඇඳුමෙන් එම යතුරු පැදිය රැගෙන ඒමට නොයන බවත්, නීතිඥවරයා පෙන්වා දී තිබෙනවා.

කරුණු සලකා බැලූ අධිකරණය පොලිසියට අවසර දුන්නේ සැකකරු පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි.

රටින් පලාගොස් සිටින කොස්තාපල්ගේ වැඩ තහනම් කිරීමටත් පොලිසිය පියවර ගෙන තිබෙනවා ෴


ඉන්දියාවේදී ඇල්ලූ ‘සුමිත් ප්‍රියන්ත’ දිවයිනට

(13.02.2025 – 10:14 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවට පලාගොස් සිටි දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු ලෙස හදුන්වන මන්දලගල, ‘බෝඹුගලගේ සුමිත් ප්‍රියන්ත’ නැමැත්තා, අත්අඩංගුවට ගෙන ඊයේ (12) රාත්‍රියේ දිවයිනට රැගෙන එනු ලැබුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග කියා සිටියේ කප්පම් ලබා ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම සහ ජීව අත්බෝම්බයක් ළග තබා ගැනීම මොහුට විරුද්ධව ඇති චෝදනා බවයි.

එමෙන්ම ඉදිරියේදීත් මෙලෙස ශ්‍රී ලංකාව මග හැර විදේශයන්ට පළා ගොස් සිටින අපරාධකරුවන් අත්අඩංගුව ගැනීමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.

+

+


අදානි ඩොලර් බිලියනයක සුළං බල ව්‍යාපෘතියෙන් ඉවත් වෙයි

(13.02.2025 – 11:35 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම ප්‍රදේශයේ ඉදි කිරීමට සැලසුම් කළ ඩොලර් බිලියන එකක (1) ආයෝජනයක් සහිත සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ‘අදානි ග්‍රීන් එනර්ජි සමාගම’ ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ඒ බව මේ වන විටත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අදාළ සමාගම විසින් දැනුම් දී ඇති බවයි එහි ආරංචි මාර්ග හිරු ප්‍රවෘත්ති අංශයට පැවසුවේ.

අදාළ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය කෙරෙන බොහෝ අනුමැතීන් ලබාගෙන තිබියදීත්, තවමත් නොවිසඳුණු පාරිසරික නිෂ්කාශන ක්‍රියාවලින්න්ට අදාළ ගැටලු සහ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් පැවතීම ඇතුළු තත්ත්වයන් හේතුවෙන් මතුව ඇති ප්‍රමාදය අදාළ සමාගම සඳහා ඉවත් වීමට තීරණ කිරීමට බලපා ඇති බවයි එම ආරංචි මාර්ග පවසන්නේ ෴

+

+++

විදෙස් ආයෝජකයින් ඉවත්ව යාම රටට අහිතකර බව මන්ත්‍රී ආචාර්ය හර්ෂ කියයි

(13.02.2025 – divaina.lk)

විදේශ ආයෝජකයන් ශ්‍රී ලංකාවෙන් ඉවත්ව යාම රටට අහිතකර බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. මේ වන විට ඕස්ට්‍රේලියානු පෙට්‍රෝලියම් සමාගම සහ අදානි සමාගම සිය ආයෝජන ව්‍යාපෘති අත්හැර දමා ගොස් ඇතැයි ද ඔහු කීවේය.

වත්මන් රජයට ලෝක බැංකුව ආධාර ලබා දුන්නේ ‘ලංකා විදුලිබල මණ්ඩලය’ ප්‍රතිසංවිධානය සදහා බවත් ඒ අනුව රජය සහ පෞද්ගලික අංශය එක්ව විදුලිය උත්පාදනය කළ යුතු බවත් පැවසූ මන්ත්‍රීවරයා නමුත් රජය තීරණය කර ඇත්තේ විදුලිය නිපදවීම සම්පූර්ණයෙන්ම රජය සතු විය යුතු බවට යැයි පැවසීය.

මෙම තත්ත්වය මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාදීමට නියමිත තෙවැනි වාරිකය නොලැබීමේ අවදානමක් පවතින බව ද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

+

+


ජුලී චං…Go Home..! ජුලී චං…Go Home…! | කොල්ලුපිටියේ ඇමරිකානු තානාපති කාර්යාලය ළඟ ගිනි විජ්ජුම්බරයයි (13.02.2025)

+


වහාම රෙගු නිලධාරීන්ගේ වත්කම් හොයලා රේගුව සම්පුර්ණයෙන් ‘ක්ලීන්’ කරන්න | සිවිල් සංවිධාන ආණ්ඩුවෙන් ඉල්ලයි (13.02.2025)

+


ආණ්ඩුවේ ඇමති කෙනෙක් විමල්ට කතා කරලා කියපු දේ | හඳුනේත්තිගේ ‘හාදයා’ අමාරුවක වැටිලා (11.02.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *