ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකු (3) නිදහස් කළ හැකි බව නීතිපති CIDයට දැනුම්දෙයි
ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකු (3) නිදහස් කළ හැකි බව නීතිපති CIDයට දැනුම්දෙයි
(05.02.2025 – 13:52 +0530 – hirunews.lk/sinhala)
‘මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග’ ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකු (3) නිදහස් කළ හැකි බව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව දන්වා තිබෙනවා.
නීතිපතිවරයාගේ අත්සනින් යුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත යොමු කළ එම ලිපියේ දැක්වෙන්නේ, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නීති කෘත්‍යයට අදාළව ඔවුන් තිදෙනාට (3) එරෙහිව තවදුරටත් නීති මගින් කටයුතු කිරීමට අදහස් නොකරන බවයි.
‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ කතෘ ‘ලසන්ත වික්‍රමතුංග’ ඝාතනයට ලක්වී මේ වන විට වසර 16 ක් ගතවී ඇති පසුබිමක, එම ඝාතනය සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නීති කෘත්‍යයට අදාළ චූදිතයින් තිදෙනෙකු (3) පිළිබඳ ‘නීතිපති පාරින්ද රණසිංහ’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත පසුගියදා ලිපියක් යොමු කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ, ප්‍රේම් ආනන්ද උදලාගම, තිස්සසිරි සුගතපාල සහ ප්‍රසන්න නානායක්කාර යන චූදිතයින්ට විරුද්ධව තවදුරටත් නීති මගින් කටයුතු කිරීමට අදහස් නොකරන අතර, ඔවුන් නිදහස් කළ හැකි බව මහේස්ත්‍රාත්වරයා වෙත දැන්විය යුතු බවයි.
මේ පිළිබඳව වාර්තා කිරීමෙන් පසු අධිකරණය ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව, අදාළ ලිපිය ලැබී දින 14 ක් තුළ තමා වෙත වාර්තා කළ යුතු බවද නීතිපතිවරයා එම ලිපිය මගින් වැඩිදුරටත් දන්වා තිබෙනවා.
නිවසේ සිට සේවා ස්ථානය දක්වා සිය මෝටර් රථයෙන් යමින් සිටියදී රත්මලාන, අත්තිඩිය ප්‍රදේශයේදී මාධ්‍යෙව්දී ලසන්ත වික්‍රමතුංග ආයුධ සන්නද්ධ පිරිසක් අතින් ඝාතනයට ලක්වුණේ 2009 ජනවාරි 08 වැනිදා පෙරවරුවේයි.
2015 ජනවාරි 10 වැනිදා එවකට පැවති ආණ්ඩුව මෙම ඝාතනයේ පරීක්ෂණ ‘ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන්’ ඉවත්කර ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ට පැවරීමට කටයුතු කළා.
මේ සම්බන්ධයෙන් 2016 ජුලි 16 වැනිදා යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්ත හිටපු මාණ්ඩලික සැරයන්වරයෙකු වන ‘ප්‍රේම් ආනන්ද උදලාගම’ අත්අඩංගුවට ගැණුනු අතර, ඔහු ‘රිවිර පුවත්පතේ හිටපු කතෘ උපාලි තෙන්නකෝන්’ට 2009 වසරේදී පහරදීම සම්බන්ධයෙන් සැකකරුවෙකු වන බවද පසුව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබුණා.
අනතුරුව 2018 පෙබරවාරි 02 වැනිදා ‘ගල්කිස්ස පොලිසියේ එවක අපරාධ අංශයේ ස්ථානාධිපතිව සිටි තිස්සසිරි සුගතපාල’ත්, එම වසරේ පෙබරවාරි 14 වැනිදා ‘හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර’ත් මෙම ඝාතනයේ සාක්ෂි වසන් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැණුනා.
මෙම සැකකරුවන් තිදෙනා (3) පසුව ඇප මත නිදහස්ව සිටි පසුබිමකයි පසුගියදා නීතිපතිවරයා විසින් ඔවුන් නිදහස් කළ හැකි බවට වන ලිපිය නිකුත් කර තිබුණේ.
මේ අතර 2016 සැප්තැම්බර් 27 නව මරණ පරීක්ෂණයක් සඳහා ලසන්ත වික්‍රමතුංගගේ දේහය ගොඩ ගැණුනු අතර, 2017 මාර්තු 20 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, මෙම මරණයට හේතු වී ඇත්තේ වෙඩි තැබීමක් නොව විශේෂ අවියකින් හිසට හා මොළයට එල්ල කරන ලද පහර දීමක් බවයි ෴
+++
මාධ්‍යවේදී ලසන්ත ඝාතනය සම්බන්ධ නීතිපතිගේ නිර්දේශය ගැන රජයෙන් ප්‍රකාශයක්
(05.02.2025 – 14:18 +0530 – hirunews.lk/sinhala)
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ නීතිපතිවරයා ලබා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද (05) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.
නීතිපතිවරයා ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් මාධ්‍යවේදීන් විමසා සිටියේ නීතිපතිවරයා ඉවත්කිරීමට හෝ වෙන යම් තීරණයක රජය සිටිනවාද යන්නයි.
එයට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා සඳහන්කළේ මෙවැනි අදහසක්.
“අධිකරණ අමාත්‍යාංශයත්, මහජන අමාත්‍යාංශයත් ඇතුළු ආණ්ඩුව විසින් ගනු ලබන තීන්දුව මතයි එතනින් එහා කටයුතු වෙන්නේ. මේ වෙලාවේ නීතිපති ඉවත් කරන්න හරි කමිටුවකට පත් කරන්න හරි තාම තීන්දුවක් අරගෙන නැහැ.”
ඝාතන පිළිබඳව පරීක්ෂණ යට ගැසීමට ආණ්ඩුවට කිසිම අවශ්‍යතාවයක් නොමැති බවත් විමර්ශන සඳහා කාලයක් ගත වෙන්නේ තාක්ෂණික ප්‍රශ්නයන් මඟහැරවා ගැනීමට බවයි ඔහු පවසා සිටින්නේ.
යම් කාලයක් ගත වුවද ඝාතකයින්ට උපරිම දඬුවම් ලබා දීමටත්, ලබා දුන් ජන වරම අනුව ආණ්ඩුව ලෙස අපරාධකරුවන්ට ගැලවෙන්නට ඉඩ නොදෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකු (3) නිදහස් කළ හැකි බව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව දන්වනු ලැබුවා ෴
රජය වී මිලට ගන්නා මිල ගණන් මෙන්න
(05.02.2025 – 11:19 +0530 – hirunews.lk/sinhala)
රජය වී මිලට ගන්නා මිල ගණන් පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත සඳහන් කළා.
ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) පැවති මාධ්‍ය හමුවේදීයි.
ඒ අනුව වී අලෙවි මණ්ඩලය ගොවියාගෙන් වී මිලට ගන්නා මිල ගණන් පහතින්.
නාඩු 1kg – රුපියල් 120
සම්බා 1kg – රුපියල් 125
කීරි සම්බා 1kg – රුපියල් 132
“මන්ත්‍රීවරුන්ට රජයෙන් වාහන ආනයනය කරන්නෑ” – සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස
(05.02.2025 – 13:23 +0530 – hirunews.lk/sinhala)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රජයෙන් වාහන ආනයනය නොකරන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද (05) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.
අණ්ඩුව ලබා දුන් ප්‍රතිපත්තියට අනුව මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් ලබා නොදෙන අතර ප්‍රතිපත්ති මත මන්ත්‍රීවරයෙකුට වැඩ කටයුතු කරගෙන යෑමට ආණ්ඩුවෙන් සංචිතයක් ඔස්සේ වාහනයක් ලබා දිය යුතු අතර මන්ත්‍රීවරයාගේ කාල සීමාව අවසන් වූ පසු එම මන්ත්‍රීවරයා එම වාහනය නැවත සංචිතයට ලබා දිය යුතු බවත් ඒ සඳහා සංචිතයක් අවශ්‍ය බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.
අවුරුදු 05 කින් වාහන ගෙන්වා නොමැති නිසා වාහන සංචිතයක් සකස්කර ගැනීමේ අවස්ථාව නොමැති නිසා වාහන ගෙන්විය යුතු බවත් නමුදු වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ කිසිම විටෙක මන්ත්‍රීවරු සඳහා වාහන ආනයනය නොකරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ෴
විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලයට කැබිනට් අනුමැතිය
(05.02.2025 – 13:24 +0530 – hirunews.lk/sinhala)
දිනකට ගමන් බලපත්‍ර 4000 ක් නිකුත් කිරීම සඳහා ආගමන – විගමන දෙපාර්තුමේන්තුවේ සේවා පැය 24 පුරා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අතිරේක කාර්ය මණ්ඩල අනුයුක්ත කර ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
විදේශ ගමන් බලපත්‍ර හිඟය මගහරවා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විද්වත් කමිටුවේ නිර්දේශය අනුව “පී” කාණ්ඩයේ චිපය රහිත හිස් විදේශ ගමන් බලපත්‍ර 1,100,000 ක් වත්මන් සැපයුම්කරු වෙතින් සපයා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ඒ අනුවයි, මේ වන විට පවත්නා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය ඉවත් කිරීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීම මගින් දිනකට ගමන් බලපත්‍ර 4,000 ක් බැගින් නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් සැලසුම් කර ඇත්තේ.
ඒ සඳහා අවශ්‍ය අතිරේක කාර්ය මණ්ඩලය, එම දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ලබා ඇති නිලධාරීන්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාව මත කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදවීම මගින් සහ දැනට රජයේ සේවයේ නිරත නිලධාරින්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විමසමින් අනුයුක්ත කර ගැනීම මඟින් සලසා ගැනීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා ෴
අර්චුනා කථානායකට සද්දයක් දායි – “මෙයාට මානසික ගැටලුවක්” දයාසිරි අර්චුනාට කියයි
(05.02.2025 – 14:32 +0530 – hirunews.lk/sinhala)
කථානායකවරයා විසින් ලිඛිත ඉල්ලීමක් කරමින් තමා පොලිස් අත්ඩංගුවට ගන්නා ලෙස දන්වා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසුවා.
එහිදී මන්ත්‍රීවරයා කථානායකවරයාට දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කළා.
එම අවස්ථාවේ නැගී සිටි දයාසිරී ජයසේකර මන්ත්‍රීවරයා පැවසුවේ රටේ ජාති බේදයක් නැති බවත් එවැනි මොහොතක අර්චුනා මන්ත්‍රීවරයා ඉංග්‍රීසි භාෂාවෙන් කතාකරමින් වැරදි අදහසක් සමාජ ගත කිරීම ඔහුගේ මානසික ගැටලුවක් බවයි.
මේ අතර කථානායකවරයා පැවසුවේ පොලිස් රථවාහන නීතිය යටතේ අර්චුනා මන්ත්‍රීවරයාට එරෙහිව කටයුතු කිරීමට ඇති බව පොලිසිය විසින් තමන්ව දැනුම්වත් කර අති බවයි.
මේ රටේ නීතිය සැමට පොදු නිසා ඒ නීතියට ගරුකර කටයුතු කරන්නැයිද කථානායකවරයා අර්චුනා මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටියා.
මේ අතර අර්චුනා මන්ත්‍රීවරයා කථානායකවරයාගෙන් සමාව ඇයැද සිටියා.
මෙහිදී සභානායකවරයා කියා සිටියේ වරප්‍රසාද ප්‍රශ්න භාවිතකරමින් අර්චුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කතාකිරීමට උත්සාහ ගන්නා බවයි.
+
+
‘ඔන්ලයින් පනත’ට සංශෝධන ගෙන ඒමට වත්මන් රජයෙන් තීරණය කර තිබෙනවා – නීතිපති
(05.02.2025 – 10:40 +0530 – hirunews.lk/sinhala)
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට නව සංශෝධන කීපයක් ගෙන ඒමට වත්මන් රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
අදාළ පනත සම්මත කර තිබෙන ආකාරය නීතියට පටහැනි යැයි සඳහන් කරමින් ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ සංවිධානය ඇතුළු පාර්ශව කිහිපයක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් අද (05) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මෙම දැනුම්දීම සිදුකළා.
මෙම පෙත්සම අද (05) එස්. තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන අයගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ වන විට සම්මත කර තිබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට සංශෝධන කීපයක් ගෙන ඒමට වත්මන් රජය තීරණය කර ඇතැයි සඳහන් කළා.
ඊට අදාළව ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවත් ඔහු දැනුම් දී සිටියා.
එම පනතට ඉකුත් රජය සමයේද සංශෝධන ගෙන ඒමට පියවර ගෙන තිබුණද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමගම එම කටයුතු අඩාල වූ බවත් සොලිසිටර් ජනරාල් වරයා සඳහන් කර සිටියා.
මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සෙනානි දයාරත්න සහ ජනාධිපති නීතීඥ විරාන් කොරයා යන අය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම පනත සම්මත කරගත් ආකාරය අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම් ඉදිරිපත් කළ බවයි.
කෙසේ වෙතත් විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර නීතිඥවයේ නීතිඥවරුන්ට පෙන්වා දුන්නේ අදාළ පනතට සංශෝධන ගෙන ඒම සම්බන්ධයෙන් රජය කටයුතු කරමින් සිටින හෙයින් එහි ඉදිරි ප්‍රගතිය සලකා බැලීමෙන් අනතුරුව මෙම පෙත්සම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සුදුසු බවයි.
ඒ අනුව අදාළ පෙත්සම් සලකා බැලීම ජුනි මස 23 වැනිදා දක්වා කල් තැබීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.
පෙත්සම්කරවන් කියා සිටින්නේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් අනතුරුව එහි ඇතැම් වගන්ති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට චෝදනා කරමින් විවිධ පාර්ශව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ඉදිරිපත් කළ බවයි.
එම පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාල පනත පාර්ලිමේන්තුවේදී සාමාන්‍ය බහුතර ඡන්දයෙන් සම්මත කරන්නේ නම් ඊට සිදු කළ යුතු සංශෝධන ගණනාවක් රජය වෙත යෝජනා කර තිබූ බවත් පෙත්සම්කරුවන් පවසනවා.
ඒත් එම පනත සම්මත කිරීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කළ නිර්දේශ ගණනාවක්ම ඊට ඇතුළත් කිරීමට එවක රජය කටයුතු නොකළ බව චෝදනා කරන පෙත්සම්කරුවන් ඒ අනුව අදාළ පනත නිසියාකාරව නිත්‍යානුකූලව සම්මත වී නොමැති බවත් පෙත්සම්කරුවන් ප්‍රකාශ කළා.
මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාල පනත සම්මත කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සන්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා ෴
අනීතිකව ලියාපදිංචි කළ සුපිරි රථයක් හසුවෙයි
(05.02.2025 – 15:12 +0530 – sinhala.adaderana.lk)
‘ටොයෝටා ලෑන්ඩ් කෲෂර්’ වර්ගයේ රථයක් නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි කිරීම තුළින් දූෂණය වරදට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව යටතේ ‘වාහන වෙළඳාම් කිරීමේ ව්‍යාපාරිකයෙකු’ අත්අඩංගුවට ගෙන තිබේ.
‘ශ්‍රී ලංකා රේගුවේ’ නිෂ්කාශනය නොවී ‘මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ’ ලියාපදිංචි කළ වාහන සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරගෙන යනු ලබන විමර්ශන කටයුතුවලට අදාළව ‘ටොයෝටා ලෑන්ඩ් කෲෂර්’ වර්ගයේ රථයක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකර තිබුණි.
ඉහත ‘ටොයෝටා ලෑන්ඩ් කෲෂර්’ වර්ගයේ රථය නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර ‘මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ’ අනීතික ලෙස ලියාපදිංචි කිරීම තුළින් දූෂණය වරදට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව යටතේ ‘මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචි වාහන වෙළඳාම් කිරීමේ ව්‍යාපාරිකයෙකු’ ඉකුත් 03 වනදා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
සැකකරු ඊයේ (04) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එළඹෙන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, එදිනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාරයට නියෝග කෙරුණි ෴
වාහන කම්පැනි අතුගෑවිලාම යනවා වාහන ආනයනයේ අලුත් කතාවක් – විමල් වීරවංශ ගෙන් (05.02.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴