අල්ලස් ගත් කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් අත්අඩංගුවට
(23.01.2025 – 11:14 +0530 – sinhala.adaderana.lk)
රුපියල් දෙලක්ෂ පනස්දහසක (2,50,000) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් කම්කරු දෙපාර්තමේන්තුවේ, බටහිර කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කම්කරු නිලධාරියෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඊයේ (22) පස්වරුවේ ගල්කිස්ස, ගාලු පාර, ටෙම්පල්ස් පාර හන්දිය අසල පිහිටි ‘රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව’ ඉදිරිපිට සැකකරු අත්අඩංගුවට ඇත.
පැමිණිලිකරු විසින් පවත්වාගෙන යනු ලබන ආයතනයේ සේවකයින්ට මාසිකව ගෙවනු ලබන මූලික වැටුප රුපියල් පන්දහසකින් (5000) වැඩි කළ යුතු බවත්, එම වැඩි කළ මුදලට අදාළව රජයට ගෙවිය යුතු සේවක අර්ථසාධක මුදල් ගෙවිය යුතු බවත්, මෙම ආයතනය සම්බන්ධයෙන් පෙර වැරදි ඇති බවත් දන්වා ඒ සම්බන්ධයෙන් උසස් නිලධාරීන් දැනුවත් කර නීති මඟින් කටයුතු නොකර සිටීම සඳහා සහ විමර්ශන කටයුතු සඳහා භාරයට ගත් ලේඛන නැවත ලබාදීම සඳහා මෙම අල්ලස් මුදල් ලබා ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත ෴
මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
(23.01.2025 – 14:03 +0530 – hirunews.lk/sinhala)
මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 11 ක්, හෙරොයින් ග්‍රෑම් 180 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් 255,000 ක මුදලක්ද මේ අතර වනවා.
අදාල මත්ද්‍රව්‍ය තොගය හා මුදල් සමඟ 31 හැවිරිදි සැකකරුවෙකු මාලඹේ දී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ ෴
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අයකළ මුදල රුපියල් 1,550 කින් ඉහළට
(23.01.2025 – 13:07 +0530 – hirunews.lk/sinhala)
පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ආහාර මිලදී ගැනීමේ දී මන්ත්‍රීවරුන්ගෙන් මෙතෙක් අය කල ගාස්තු රුපියල් 1,550 කින් ඉහළ දැමීමට අද රැස්වූ පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන සතියේ සිට නව මිල ගණන් ක්‍රියාත්මක බවයි, එම කාරක සභාවේ සාමාජික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක කියා සිටියේ.
මේ අනුව මෙතෙක් උදෑසන ආහාරය සඳහා අයකළ රුපියල් 100 ක ගාස්තුව රුපියල් 600 ය දක්වා ද රුපියල් 300 ක් ව පැවති දිවා ආහාරය සඳහා ගාස්තුව රුපියල් 1,200 දක්වා ද ඉහළ දමා ඇති අතර තේ පැන් සඳහා රුපියල් 50 ක් ව අය කළ ගාස්තුව රුපියල් 200 දක්වා ඉහළ දමා ඇත.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් අය කරන ගාස්තු ඉහළ දැමීමට තීරණය නොකළ බවයි නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක කියා සිටියේ ෴
අසත්‍ය වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ විශේෂඥ වෛද්‍යවරයෙක් රිමාන්ඩ්
(23.01.2025 – 12:33 +0530 – hirunews.lk/sinhala)
තම රෝගී තත්ත්වය පිළිබඳව අසත්‍ය වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ බව කියන විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයකු ලබන 13 වෙනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.
විත්තිකාර වෛද්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පංච (5) පුද්ගල වෛද්‍ය මණ්ඩලයක් විසින් ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මෙම නියෝගය නිකුත් කළා.
තීරු බදු බලපත්‍රවලට විදේශ වලින් වාහන ගෙන්වා දෙන බව පවසා වෛද්‍යවරුන්ගෙන් මුදල් ලබාගෙන සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් මෙම වෛද්‍යවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණා.
මෙම නඩුව ඉකුත්දා කැඳවූ අවස්ථාවේදී විත්තිකාර වෛද්‍යවරයා අධිකරණය පෙනී නොසිටි අතර තමන්ට අසනීප තත්ත්වයක් පවතින බව දන්වමින් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
එහෙත් එම වෛද්‍ය වාර්තාව පිළිගත නොහැකි බව තීන්දු කළ මහාධිකරණය විනිසුරුවරයා අදාල විත්තිකරු පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා ඇතුළු පංච (5) පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට නියෝග කළා.
එම වෛද්‍ය මණ්ඩලයේ අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණේ විත්තිකර අධිකරණයේ පෙනී සිටිය නොහැකි මට්ටමේ රෝගයකින් නොපෙනන බවයි.
ඒ අනුව විත්තිකරු අසත්‍ය වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයේ නොමගය වීමට කටයුතු කර තිබෙන බව පෙන්වා දුන් විනිසුරුවරයා අනතුරුව මෙම නියෝගය නිකුත් කළා ෴
විද්‍යුත් දුම්රිය ටිකට්පත් (දුම්රිය ඊ-ටිකට් පත්) වංචාව සම්බන්ධයෙන් තවත් දෙදනෙකු (2) අත්අඩංගුවට
(23.01.2025 – 11:35 +0530 – hirunews.lk/sinhala)
ඇල්ල ඔඩිසි විද්‍යුත් දුම්රිය ටිකට්පත් වංචාව සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරියෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසනවා.
මේ අතර, මහනුවර පොලිස් වසමේ සුදුහුම්පොළ ප්‍රදේශයේදී මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විදේශිකයින්ට අධික මිලකට දුම්රිය ප්‍රවේශ පත්‍ර විකිණීමේ ජාවාරමක් සිදු කල සැකකරුවෙකු ඊයේ (22) අත්අඩංගුවට ගත්තා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37 ක් වන සුදුහුම්පොල, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී ඔඩිසි දුම්රිය සඳහා ඔන්ලයින් ක්‍රමයට ලබා ගන්නා ලද දුම්රිය ටිකට්පත් 21 ක්, එම දුම්රිය ටිකට්පත් අළෙවි කිරීමේ ජාවාරමෙන් උපයාගත් බවට සැක කරන මුදල් රුපියල් 130,670 ක මුදලක්, මීට පෙර දුම්රිය ටිකටිපත් විකිණීමේ තොරතුරු සටහන් කර ගන්නා ලද සටහන් පතර 130 ක් හා ජංගම දුරකතනයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබුණා.
විදේශිකයින්ට අධික මිල ගණන් යටතේ ‘දුම්රිය ඊ-ටිකට් පත්’ විකිණීමේ ජාවාරම සම්බන්ධයෙන් මුල් වරට රටට අනාවරණය කරන ලද්දේ ‘හිරු ප්රවෘත්ති’ හරහායි.
ඊට දුම්රිය දෙපාර්තමේන්තුවේද නිලධාරීන් සම්බන්ධ බවට අප අනාවරණය කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය සේවකයෙකු ඇතුළු කිහිප දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴
මාලිමා ආණ්ඩුවේ පළමු දඩයම අනුර මේ සඳහා ප්‍රබල මහජන විරෝධයක්එ රෙහිව කතා කළොත් අත්වන ඉරණම මේකයි – පාඨලී චම්පික (23.01.2025)
+
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි
(23.01.2025 – 17:24 +0530 – hirunews.lk/sinhala)
2024 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.
ඒ අනුව https://www.doenets.lk/ සහ https://www.results.exams.gov.lk/ යන සබැඳියට පිවිසීම හරහා ඔබට ප්‍රතිඵල ලබා ගත හැකියි.
පසුගිය 2024 සැප්තැම්බර් 15 වැනිදා පැවැත් වූ පහ (5) ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් සිසුන් 244,092 ක් සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 79,787 ක් ලෙස සිසුන් 323,879 දෙනෙකු ලියාපදිංචි වී තිබුණා ෴
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ, දිස්ත්‍රික්ක අනුව අදාල කඩඉම් ලකුණු නිකුත්කර තිබෙනවා.
ඒ අනුව ඉහළම කඩඉම් ලකුණු සීමාව 143 ක්වන අතර අවම කඩඉම් ලකුණු සීමාව 130 ක් ලෙසයි එහි දැක්වෙන්නේ.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ දිස්ත්‍රික්ක අනුව කඩඉම් ලකුණු සීමාවන් මෙසේය :
ඔන්ලයින් පාස්පෝර්ට් පෝලිම පාර්ලිමේන්තුවට
(23.01.2025 – 15:48 +0530 – hirunews.lk/sinhala)
විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමය ඔස්සේ දිනයක් වෙන්කර ගත හැකි බවත් එම දිනයට පැමිණ එදිනම විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට හැකියාව පවතින බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද (23) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ අද දිනයේ දී යම් කෙනෙකු විසින් දිනයක් වෙන්කර ගත්තේ නම් ඔහුට හෝ ඇයට ඒ සඳහා ලැබෙන දිනය ජූනි 27 වනු ඇති බවයි.
අදහස් දැක්වූ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල :
“මාර්ගගත ක්‍රමය මගින් දිනයක් වෙන්කරවා ගත හැකි අතර එම දිනයට පැමිණ එදිනම විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. අද දිනයේ දිනයක් වෙන් කර ගන්නේ නම් නිදසුනක් හැටියට කියන්න පුලුවන් ජූනි 27 තමා ලැබෙන දිනය.. දළ වශයෙන් කියන්න පුලුවන්.. ඒ කියන්නේ මාර්ගගත ක්‍රමයට දිනයක් ගත්තාම දළ වශයෙන් මාස 05 ක් පමණ ඉදිරියට තමයි දිනයක් ලැබෙන්නේ. එහෙත් මෙම වෙන්කර ගත් දිනට ප්‍රථම හදිසි අවශ්‍යතාවයක් වෙනුවෙන් විදශෙ ගමන් බලපත්‍රයක් ලබාගන්න අවශ්‍ය නම්, ඒ ඕනෑම අයෙකුට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසලා තියෙනවා. ඒ සඳහා දෙපාර්තමේන්තුවේ ස්ථාපනය කරලා තියෙනවා කමිටුවක්. කමිටුවට ඇවිල්ලා ඔවුන්ගේ හදිසි අවශ්‍යතාවය තහවුරු කරගෙන එදිනටම විදේශ ගමන් බලපත්‍රය ලබා ගන්න ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා.”
+
වැඩි මිලට සහල් විකිණූ 20 ක් කොටු
(23.01.2025 – 17:20 +0530 – sinhala.adaderana.lk)
පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් අද (23) දින කොළඹ දිස්ත්‍රික්කය තුළ සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා විශේෂ වැටලීමක් සිදු කළේය.
එහිදී විශේෂ විමර්ශන කණ්ඩායම් 6 ක් යොදවමින් පිටකොටුව තොග වෙළෙඳුන් සහ ආනයනකරුවන් පරීක්ෂා කෙරුණි.
තවද බොරැල්ල, නුගේගොඩ, වැල්ලවත්ත, දෙහිවල, රත්මලාන, මොරටුව, බත්තරමුල්ල, කොහුවල, බොරලැස්ගමුව, කොලොන්නාව, වැල්ලම්පිටිය, කඩුවෙල, හංවැල්ල, අවිස්සාවේල්ල, පාදුක්ක, ගොඩගම යන නගර ආශ්‍රිතව තොග සහ සිල්ලර වෙළදසැල් තුළ වැටලීම් ක්‍රියාත්මක විය.
එහිදී වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් 20 කට වැඩි ප්‍රමාණයක් නීතියේ රැහැනට හසුකරගත් අතර සහල් සඟවාගන සිටි වෙළෙන්දෙකු සහ කල්ඉකුත් වූ සහල් ගබඩාකරගෙන සිටි වෙළෙඳසැලක් ද නිලධාරීන් විසින් වටලා තිබුණි.
සහල් වැඩි මිලට අලෙවිකරණ වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම අඛණ්ඩ වැටලීම් ක්‍රියාත්මක කරයි.
එහිදී නීතිය තදින්ම ක්‍රියාත්මක කර රාත්‍රී කාලයේදී ද විශේෂ විමර්ශන සිදුකරයි ෴
වරාය කියන්නේ මත්ද්‍රව්‍ය රට තුළට එන කුඩු තිත්පොලක්.. (23.01.2025)
+++
රේගුවෙන් රතු ලේබල් ගහපු බහාලූම් ගැන හෙළිකරයි (23.01.2025)
+
නියෝජ්‍ය ඇමති චතුරංගට කස්සප හිමිගෙන් අනුශාසනාවක්.. (23.01.2025)
+++
දිසානායකගෙන් පොල් වගාව ගැන නියෝජ්‍ය ඇමතිට උපදේශයක්.. (23.01.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴