සිය 11 හැවිරිදි නැගණිය ඝාතනය කළායැයි සැකපිට 14 හැවිරිදි අයියා අත්අඩංගුවට
සිය 11 හැවිරිදි නැගණිය ඝාතනය කළායැයි සැකපිට 14 හැවිරිදි අයියා අත්අඩංගුවට
(30.05.2026 – 18:55 +0530 – sinhala.adaderana.lk)
සිය 11 හැවිරිදි සහෝදරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 14 හැවිරිදි සිසුවෙකු ඒරාවුර් පොලිසිය විසින් අද (30) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, ඒරාවුර් ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි සත්‍යානන්දන් සදීෂා නමැති සිසුවියකි.
පසුගිය 28 වෙනිදා එම දැරියගේ මළ සිරුර නිවසේ නානකාමරයේ ඇති ජල ටැංකියේ තිබී සොයාගන්නා ලදී.
මිය ගිය නැගණිය දුරකතනය ලබානොදීම හේතුවෙන් එම සිසුවා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
මෙම දරුවන්ගේ මව විදේශගතව සිටින අතර මෙම සිදුවීම සිදුවන දිනයේ ඔවුන්ගේ පියා රැකියාව සඳහා පිට ප්‍රදේශයකට ගොස් ඇත.
මෙවන් පසුබිමක සැකකරු විසින් සිය නැගණියගෙන් දුරකතනය ඉල්ලා ඇති අතර ඇය එය ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්ය.
මේ සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීම දුරදිග යාමත් සමඟ ඔහු මෙම ඝාතනය සිදු කර ඇති බවත් ඉන් අනතුරුව ඔහු අසල්වාසි නිවසකට ගොස් සිට ඇති බවට සැක පළ කෙරේ.
රැකියාවට ගොස් සිටි පියා නිවසට පැමිණ දරුවන්ව සොයා ඇති අතර එහිදී සිය දියණිය ජල ටැංකියේ සිහිසුන්ව වැටී ඇති අයුරු ඔහු දැක ඇත.
ඉන් අනතුරුව ඇයව රෝහල් ගත කිරීමට පියවර ගත්ත ද ඒ වනවිටත් ඇය මිය ගොස් ඇති බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කළහ.
මේ සම්බන්ධයෙන් 14 හැවිදිරි සිසුවාගෙන් පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීමේදී තමන් විසින් සිය නැගණිය ඝාතනය සිදු කළ බවට හෙළි විය.
ඉන් අනතුරුව සැකකාර සිසුවා අත්අඩංගුවට ගත් බවත්, ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය ෴
ලංකාවම හොයන කිරිඳිවැල වෙසක් කූඩුව – ලංකාවේ ලොකුම වෙසක් කූඩුව බලන්න ජන ගඟක් එයි (31.05.2026)
+
බිමල්, ඔයා හිතන්නෙ අපිත් පැලවත්තෙ මීහරක් වගේ කියලද ? (31.05.2026)
+
කාන්තාවන් අඳින පෑඩ් එකේ බද්දවත් අඩු කරපල්ලා… කයිවාරු ගැහැව්වෙ නං කොහොමද? (31.05.2026)
+
වෙසක් ස මරපු හැටි (31.05.2026)
+
බිහිසුණු අපරාධයක් හෙළි කළ ෆේස්බුක් සටහන සහ නීතියේ මළගම! | කපිල චන්ද්‍රසේන (31.05.2026)
+
පල්ලේගම හේමරතන සිද්ධිය යට ගැහුවේ ආණ්ඩුව (31.05.2026)
+
සමාජ මාධ්‍ය කැළඹූ රියදුරු මංකොල්ලයේ සියලු දෙනා අල්ලයි! (31.05.2026)
+
දෙරණ 24 පැයේ මහා බත් දන්සල සාර්ථකව අවසන්
(31.05.2026 – 19:12 +0530 – sinhala.adaderana.lk)
දෙරණ ‘පැය විසි හතරක් පුරා පැවැත්වූ ශ්‍රී ලංකාවේ ලොකුම බත් දන්සල’ මීට සුළු වේලාවකට පෙර අද (31) රාත්‍රී 7 ට අවසන් කෙරුණි.
වෙසක් පොහොය නිමිති කරගනිමින් ‘ටීවී දෙරණ’ තුන්වැනි (3) වරටත් සංවිධාන කළ , පැය 24 ක් පුරා අඛණ්ඩව පැවැත්වෙන ශ්‍රී ලංකාවේ ලොකුම දන්සල කොළඹ 07 නිදහස් චතුරස්‍ර පරිශ්‍රෙය්දී ඊයේ (30) පස්වරු 7 ට ආරම්භ කළේය.
ඒ දෙරණ නිර්මාතෘ දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙනි.
ශ්‍රී ලංකා වෘත්තිය සූපවේදීන්ගේ සංගමය සහ කොළඹ මහනගර සභාව සමඟ අත්වැල් බැඳගනිමින් දෙරණ මාධ්‍ය ජාලය සංවිධානය කළ මෙම ‘පැය විසි හතරක් පුරා පවත්වන ශ්‍රී ලංකාවේ ලොකුම බත් දන්සල’ට හතලිස් දහසකට (40,000) අධික ජනකායක් ඊයේ (30) සහ අද (31)දිනවල පැමිණ තිබුණි.
බත් දන්සලට සමගාමීව තේ දන්සැලක් සහ අයිස් ක්‍රීම් දන්සලක්ද පැවැත්වුණි.
+
ධම්මරාජ මහා බෝසතානෝ : අටමස්ථාන සිදුවීමේ ඇත්ත කතාව – දළදා වහන්සේ බාර මහා දෙවියන්ගේ ස්වභාවය – ප්‍රේතයන්ට බණ කියන හාමුදුරුවෝ (01.06.2026)
+
මෙනින්ජයිටීස් සැක සහිත රෝගීන් 237 ක් වාර්තා වෙයි
(01.06.2026 – 12:56 +0530 – sinhala.adaderana.lk)
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මෙනින්ජයිටීස් සැක සහිත රෝගීන් 237 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පිරිසිදු පානීය ජලය භාවිත කිරීම සහ හැකි සෑම විටම උණුකර නිවාගත් ජලය පානය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය සඳහන් කළේ, මේ වනවිට වැඩි වශයෙන් වාර්තා වන්නේ වෛරස් ආසාදන හේතුවෙන් ඇතිවන මෙනින්ජයිටීස් රෝගීන් බවයි.
ඇය පැවසුවේ මෙම රෝගී තත්ත්වය මුලින්ම අප්‍රේල් 15 වැනිදා මාතර දිස්ත්‍රික්කයේ දෙණියාය ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති අතර, පසුව රිකිල්ලගස්කඩ, මහනුවර, බදුල්ල, වැලිමඩ සහ දියතලාව යන ප්‍රදේශවලින්ද රෝගීන් වාර්තා වූ බවය.
වාර්තා වී ඇති රෝගීන් අතර බහුතරය පාසල් දරුවන් වන අතර, ඊයේ (31) පස්වරුව වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියේ රෝගීන් 59 දෙනෙකු පමණක් බවත්, අනෙක් සියලු දෙනා සුවය ලබා නිවෙස් බලා ගොස් ඇති බවත් ඇය සඳහන් කළාය.
උණ, හිසරදය සහ වමනය මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ අතර වන අතර, වෛරස් මෙනින්ජයිටීස් රෝගය බොහෝවිට දින කිහිපයක් ඇතුළත සුව වන බවද ඇය පැවසුවාය.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශන සහ පාලන කටයුතු සඳහා විශේෂ කමිටු පත්කර ඇති අතර, අපිරිසිදු පානීය ජල මූලාශ්‍ර රෝග ව්‍යාප්තියට හේතු විය හැකි බැවින් සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශ මගින් විශේෂ මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.
දරුවන්ගේ ආහාර එකිනෙකා අතර හුවමාරු නොකරන ලෙසත්, සෑම විටම පිරිසිදු හා උණුකර නිවාගත් ජලය භාවිත කරන ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවට උපදෙස් ලබාදී ඇත.
+
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ operator සමාගමක Duty Free මෙහෙයුම් පිළිබඳ චෝදනා
(01.06.2026 – hirunews.lk)
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ (BIA), කටුනායකයේ duty free මෙහෙයුම් සම්බන්ධයෙන් විශේෂ වරප්‍රසාද සහ අක්‍රමිකතා සිදුවන බවට මගීන් සහ ගුවන් තොටුපළ නිලධාරීන් කිහිප දෙනෙකු විසින් බරපතල චෝදනා එල්ල කර තිබේ.
විදේශ රටකට සම්බන්ධ බවට සඳහන් කරන ලද duty free සමාගමක් මෙරට රේගු හා ගුවන් තොටුපළ නීති උල්ලංඝනය සම්බන්ධ විමර්ශන කිහිපයකට මුහුණ දී ඇති බවද සඳහන් වේ.
ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) ආයතනයේ නිලධාරීන් සහ කර්මාන්ත විශ්ලේෂකයන් පවසන්නේ නියමිත රේගු සීමාවන් ඉක්මවා ගිය ගනුදෙනු නිතර සිදු කර ඇති බවය. එසේම, මගීන්ගේ ගමන් බලපත්‍ර තොරතුරු ඔවුන්ගේ සම්පූර්ණ දැනුවත්භාවය නොමැතිව duty free ගනුදෙනු සඳහා භාවිතා කර ඇති බවටද චෝදනා එල්ල වී ඇත.
මෙවැනි ක්‍රියා පෞද්ගලිකත්වය, නියාමන අනුකූලතාව සහ මගී විශ්වාසය සම්බන්ධයෙන් බරපතල ගැටලු ඇති කරන බව නිලධාරීහු පෙන්වා දෙති. එමෙන්ම රේගු සහ Excise බදු වංචා මගින් රජයට ආදායම් අහිමි විය හැකි බවද ඔවුහු සඳහන් කරති.
තවත් චෝදනා අනුව BIA duty free වාර්තාකරණ පද්ධතිය තවමත් බොහෝ දුරට අතින් සිදුකරන ක්‍රමවේද මත පදනම්ව ඇති අතර, එය විකුණුම් හා quota අනුකූලතාව නිවැරදිව නිරීක්ෂණය කිරීමට බාධාවක් වී ඇත.
රේගු අනුමැතිය නොමැතිව arrival terminal හරහා විශාල මත්පැන් ප්‍රමාණ ගමන් කර ඇති බවටද චෝදනා ඉදිරිපත් වී ඇත.
සමහර සිද්ධීන් මාධ්‍යයේ වාර්තා වුවද, අභ්‍යන්තර විමර්ශන වලින් ලබාදුන් නිර්දේශ සෑමවිටම ක්‍රියාත්මක නොවූ බවද නිලධාරීහු පවසති. විමර්ශන බොහෝ විට සේවකයන්ට එරෙහි විනය ක්‍රියාමාර්ගවලට පමණක් සීමා වූ බවද චෝදනා වේ.
පසුගිය විදේශ සංචාරයකදී ජනාධිපතිවරයා සම්බන්ධ සිදුවීමකදී duty free වරප්‍රසාද භාවිතය පිළිබඳවද චෝදනා මතු වී ඇති අතර, සමහර පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගෙන ඇති නමුත් operator සමාගමට එරෙහිව ක්‍රියාමාර්ග නොමැති බවද සඳහන් වේ.
තවද, 2011 දී නිසි තරඟකාරී ටෙන්ඩර් ක්‍රියාවලියකින් තොරව duty free වෙන්කිරීමක් සිදුව ඇති බවටත්, පසුවද නැවත තරඟකාරී procurement ක්‍රියාවලියක් නොමැතිව එය දිගටම පවත්වාගෙන ගොස් ඇති බවටත් චෝදනා එල්ල වේ.
2015–2018 කාලය තුළ සිදු වූ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධ ජනාධිපති කොමිසමක වාර්තාවකද මෙම කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව සඳහන් වේ.
සිංගප්පූරුව හා ඩුබායි වැනි ගුවන් තොටුපළ duty free සේවාවන් නවීන තාක්ෂණය, තරඟකාරී මිල ගණන් සහ විවිධ නිෂ්පාදන මඟින් ශක්තිමත් කර ඇති බවටද කර්මාන්ත විශ්ලේෂකයන් පෙන්වා දෙති. ඒ සමඟ සැසඳීමේදී BIA duty free සේවාව අඩු දියුණුවක් පෙන්නුම් කරන බවද ඔවුහු සඳහන් කරති.
ඒ අනුව ප්‍රතිපත්ති මට්ටමේ සම්පූර්ණ සමාලෝචනයක්, ඩිජිටල්කරණය, රේගු නිරීක්ෂණ ශක්තිමත් කිරීම, වඩාත් විනිවිදභාවය සහිත procurement ක්‍රියාවලියක් සහ දැඩි නියාමන ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය බව පාර්ශවකරුවන් අවධාරණය කරති ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴