සිසුවියන්ගේ නිරුවත් වීඩියෝ දර්ශන ගෙන්වා ගත් ප්‍රසිද්ධ පාසලක විද්‍යා ගුරුවරයා අත්අඩංගුවට

සිසුවියන්ගේ නිරුවත් වීඩියෝ දර්ශන ගෙන්වා ගත් ප්‍රසිද්ධ පාසලක විද්‍යා ගුරුවරයා අත්අඩංගුවට


සිසුවියන්ගේ නිරුවත් වීඩියෝ දර්ශන ගෙන්වා ගත් ප්‍රසිද්ධ පාසලක විද්‍යා ගුරුවරයා අත්අඩංගුවට

(17.01.2025 – 12:19 +0530 – hirunews.lk/sinhala)

සිය ජංගම දුරකථනය උපයෝගී කරගෙන සිය පාසලේ අධ්‍යාපනය ලබන තරුණ දැරියන් අපයෝජනය කරමින් ඔවුන්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ පට ගෙන්වා ගත් දිවුලපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක විද්‍යා ගුරුවරයෙක් සම්බන්ධව දිවුලපිටිය පොලිසිය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අදාළ ගුරුවරයා විසින් මව් පිය සෙනෙහස අහිමිවන, වෙනත් ගැටළු සහිත බව පෙනෙන දැරියන්ට සමීප වී ඔවුන් සමඟ සම්බන්ධතා ගොඩනඟා ගනිමින් දැරියන් නිරුවත් කර ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ වෙන විට මෙම ගුරුවරයා විසින් වීඩියෝ මාර්ගයෙන් අපයෝජනය කළ එක් දැරියකගේ පියා මියගොස් ඇති අතර මව විදේශ ගතව සිට පැමිණ ඇති බවද සඳහන්.

දැරිය මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වන 16 හැවිරිදි වියේ පසුවන්නියක්.

පාසලේ වැඩ කටයුතු නිවසේ සිට කිරීමට අපහසු බැවින් ඇය සිය නැන්දනියගේ නිවසේ නැවතී සිට ඇති අතර නැන්දණියට ඇයගේ හැසිරීම පිළිබඳව සැක සිතී දුරකථනය පරීක්ෂා කිරීමේදී මෙම ගුරුවරයා දැරියගේ නිරුවත් දර්ශන ගෙන්වා ගෙන ඇයව අපයෝජනය කර ඇති ආකාරයත් ඇයව කාමරයට රැගෙන යෑමට සිදු කරන පෙළඹවීම් සහිත වට්ස්ඇප් පණිවිඩයත් සොයා ගෙන තිබෙනවා.

ඒ අනුව නැන්දණිය විසින් මිනුවන්ගොඩ පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම විද්‍යා ගුරුවරයා දැරියට විටින් විට මුදල්ද ලබා දී බව පොලිස් විමර්ශනවල දී තහවුරු වී තිබෙනවා.

කෙසේ වෙතත් ඊයේ (17) අදාළ පාසලේ විදුහල්පතිවරයාද ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලිසියට කැඳවා ඇති අතර පසුව පොලිස් නිලධාරීන් විසින් විද්‍යා ගුරුවරයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ අධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසු ලක්ෂ දෙකක ශරීර අප මතමුදා හැර ඇති අතර 2025-03-04 දින යළිත් නඩුව කැදවීමට නියමිතයි.

+

+


ජංගම දුරකතනවලට ලැබෙන ව්‍යාජ කෙටි පණිවුඩවලට හසු නොවන්නැයි ඉල්ලීමක්

(17.01.2025 – 09:56 +0530 – hirunews.lk/sinhala)

තෑගි, මුදල් සහ වට්ටම් ලබා දෙන බව පවසමින් ජංගම දුරකතනයට ලැබෙන කෙටි පණිවුඩ සහ දුරකතන ඇමතුම්වලට හසුනොවන ලෙස ‘ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳය’ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඇතැම් අවස්ථාවන්හීදි වට්ස්ඇප් ඔස්සේ ද මෙවැනි පණිවුඩ ලැබිය හැකියි.

මේ කුමන ආකාරයකින් හෝ ඔබට ලැබෙන පණිවුඩයක් තහවුරු කරගැනීමකින් තොරව මුදල් බැර කිරීමක් හෝ පෞද්ගලික තොරතුරු ලබා දීමක් සිදු නොකරන ලෙසයි ‘ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳයේ’ ජ්‍යෙෂ්ඨ තොරතුරු ඉංජිනේරු චාරුක දමුණුපොළ ඉල්ලා සිටියේ ෴


උසස්පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවට ගවුම් ඇඳන් ආපු ගුරුවරියන් හරවා යවයි

(17.01.2025 – 08:42 +0530 – hirunews.lk/sinhala)

පන්නිපිටිය – ධර්මපාල විද්‍යාලයේ පිහිටුවා ඇති උසස් පෙළ විභාගයේ පිළිතුරුපත් ඇගයීම් මධ්‍යස්ථානයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාවට පැමිණි ගුරුවරියන් පිරිසක් එම විද්‍යාලයේ විදුහල්පතිනිය විසින් ප්‍රධාන දොරටුවෙන් ඇතුළට නොගැනීම නිසා උණුසුම්කාරි තත්ත්වයක් හට ගැනුණා.

ඒ සාරි වෙනුවට ගවුම් ඇඳ පැමිණීම හේතුවෙන්.

සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙන දිනයක් වීම හේතුවෙන් විදුහල්පතිනිය විසින් ආරක්ෂක අංශ දැනුවත් කිරීමෙන් පසු ගුරුවරියන් හරවා යැවීමට කටයුතු කර තිබෙනවා.

සිද්ධිය පාලනය කිරීමට පොලිසියද කැඳවිමටයි පියවර ගැනුණේ.

මෙලෙස ඊයේ (16) හරවා යවා තිබුනේ ‘සංයුක්ත ගණිත’ පිළිතුරු පත්‍ර ඇගයීමට පැමිණි ගුරුවරියන් පිරිසක්.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් අද (17) දිනය තුළ ආරම්භ කරන බව අප කළ විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කියා සදහන් කළා.

කෙසේ වෙතත් ගවුම් ඇද ගුරුවරියන් පැමිණීම නිවැරදි බවයි ‘ලංකා ගුරු සංගමයේ’ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ප්‍රකාශ කළේ ෴

+

+


සංචාරකයන් රැගත් බස් රථයක් අධිවේගයේ දී ලොරියක ගැටී රියදුරු මියයයි

(17.01.2025 – 08:25 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගි මාර්ගයේ අපරැක්ක සහ බෙලිඅත්ත අතරදී තංගල්ල දෙසට ධාවනය වූ රුසියානු සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් එම දෙසටම ධාවනය වූ සිමෙන්ති රැගත් ලොරියක ගැටීම හේතුවෙන් අද (17) අලුයම අනතුරක් සිදුව තිබුණා.

සිදු වූ එම අනතුරින් බස් රථයේ රියදුරු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 29 ක් වූ දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

‘බස් රථයේ රියදුරුට නින්ද යාම’ හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරනවා.

එමෙන්ම බස් රථයේ ගමන්ගත් විදේශ ජාතිකයි 19 දෙනෙකු තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තුවාල ලැබූ පිරිස අතර සිටින සංචාරක මඟ පෙන්වන්නාගේ තත්ත්වය ද බරපතළ බවත් ඔහු මේ වනවිට හදිසි ශල්‍යකර්මකට යොමුකර ඇති බවත් රෝහල් පොලිසිය සඳහන් කළා.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ විදේශිය ජාතිකයින් 30 දෙනෙකු පමණ ගමන් කර තිබුණා ෴

+

+


ඖෂධ හේතුවෙන් ආබාධ තත්ත්වයට සහ අන්ධභාවයට පත් පිරිසක් වන්දි ඉල්ලයි

(16.01.2025 – 22:51 +0530 – hirunews.lk/sinhala)

පසුගිය රජය සමයේ රජයේ රෝහල්වලින් ලබාදුන් ඖෂධ හේතුවෙන් ආබාධ තත්ත්වයට සහ අන්ධභාවයට පත් වූවන් පිරිසක් අද (16) ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ලිපියක් බාර දුන්නා.

ඒ එම අගතියට පත් වූවන්ට වන්දි ලබා දෙන ලෙස ඉල්ලමින්.

පසුගිය රජය සමයේ රජයේ රෝහල්වලින් ලබාදුන් ‘හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්’ ඹෟෂධය හා අක්ෂි ඖෂධ හේතුවෙන් බොහෝ පිරිසක් අබාධ තත්ත්වයන්ට සහ අන්ධභාවයට පත් වුණා.

මෙලෙස ලබා දුන් ඖෂධ හේතුවෙන් අගතියට පත් පිරිසක් අද (16) ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් බාර දෙමින් තමන්ට සාධාරනයක් ඉටු කරන ලෙස ඉල්ලා තිබෙනවා.

මේ අතර ‘රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ’ ඖෂධ සැපයුම් ජාලය මෙන් ම සෞඛ්‍ය සේවාවේ නිරත නිලධාරීන් ඉලක්ක කර අසත්‍ය චෝදනා එල්ල කරන බව පවසමින් ‘රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ’ සභාපති ආචාර්ය මනුජ් සී. වීරසිංහ විසින් ඊයේ (15) ‘කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට’ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

රජයේ සෞඛ්‍ය සේවාවන් බිඳ වැට්ටවීම හෝ කඩාකප්පල් කිරීමේ අවශ්‍යතාවය මත මෙලෙස කටයුතු කරන්නේ ද යන සැකයක් මතු වී ඇති බවයි ඔහු පවසා තිබෙන්නේ.

+


අතීතය අමතක නොකරමු… – පූජ්‍ය බලංගොඩ කස්සප හිමි (15.01.2025)

+


ඇයි අපට දියුණු වෙන්න බැරි.? – පූජ්‍ය බලංගොඩ කස්සප හිමි (17.01.2025)

+


ගෝඨාගේ රු. ලක්ෂ 3000 ක රහස් මන්දිරයක් හමුවෙයි (17.01.2025)

+


විදුලිබිල සංශෝධනය ඊයේ (17) රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව බලශක්ති අමාත්‍යවරයා දැනුම් දෙයි

(18.01.2025 – 13:22 +0530 – hirunews.lk/sinhala)

විදුලිබිල සමස්තයක් ලෙස 20% කින් පමණ අඩු කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ පිළිගන්නා බවත් ඒ අනුව ජනවාරි 17 වන දින රාත්‍රි 12:00 සිට විදුලිබිල අඩුකිරීම ක්‍රියාත්මක කරන බවත් රටේ සියලු විදුලි පාරිභෝගිකයන්ටත් සතුටින් දැනුම් දෙන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසනවා.

අද (18) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළා.

රටේ සියලු ජනතාවටත් විශේෂයෙන්ම හෝටල් ක්ෂේත්‍රයට හා කර්මාන්තකරුවන්ටත් මෙහි ප්‍රතිලාභ ඉහළින් ලැබුනු ඇතැයි බලාපොරොත්තු වන බවයි එහිදී ඔහු සඳහන් කර සිටියේ.

එමෙන්ම විදුලිබිල මෙලෙස සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවීම ජනතාවට විශාල සහනයක් වනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ ෴


ජාතික ලැයිස්තු අපේක්ෂකයින් 74 කට නඩු

(18.01.2025 – 10:01 +0530 – hirunews.lk/sinhala)

පසුගිය මහ මැතිවරණයේ වියදම් වාර්තා ලබා නොදුන් දේශපාලන පක්ෂවල ‘ජාතික ලැයිස්තුවල’ සිටි අපේක්ෂකයින් 74 කට නඩු පැවරීමකට තීරණය කර ඇති බව ‘මැතිවරණ කොමිෂන් සභාව’ පවසනවා.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ, වියදම් වාර්තා ලබා නොදුන් මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 800 කට වැඩි පිරිසකට නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.

මේ වන විට ඊට අදාළ කටයුතු සිදු වන බවත් ඒ ඒ පොලිස් ස්ථානවල නඩු ගොනු කිරීම් සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළා ෴


දේශීය මිණිරන්වලින් බැටරි

(18.01.2025 – 08:51 +0530 – hirunews.lk/sinhala)

දේශීය මිණිරන් යොදා ගනිමින් නැවත ආරෝපණය කළ හැකි බැටරි නිෂ්පාදනය කිරීමට ‘විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය’ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, ‘විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය’ට අනුබද්ධ ‘ජාතික මූලික අධ්‍යයන ආයතනයේ’ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම වැඩපිළිවෙල ආරම්භ කර ඇති බව සදහන්.

මෙය වාණිජමය කටයුත්තක් ලෙස සිදු කිරීමට මෙරට පෞද්ගලික අංශයද සම්බන්ධ කරගැනීමට අපේක්ෂා කෙරෙනවා ෴


මහ රෑ මාඋස්සාකැලේ වතු නිවාස පෙළක ගින්නක්

(18.01.2025 – 07:00 +0530 – hirunews.lk/sinhala)

මස්කෙළිය පොලිස් වසමට අයත් මාඋස්සාකැලේ වත්තේ වතු නිවාස පෙලක ඊයේ (17) රාත්‍රි 11:30 පමණ හටගත් ගින්නකින් නිවාස 08 ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව මස්කෙළිය පොලිසිය පවසනවා.

නිවාස 12 කින් සමන්විත එම නිවාස පේළියේ පැතිර යමින් තිබු ගින්‍න පාලනය කිරීමට වතු කමිකරුවන්, පොලිස් නිලධාරින් සහ මාඋස්‍සාකැලේ යුධ හමුදා කඳවුරේ භට පිරිස් සමත්ව තිබෙනවා.

ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදුවි නොමැති අතර, ගින්නෙන් විනාශ වු නිවාස වල පදිංචි කරුවන්ගේ පෞද්ගලික බඩුබාහිරාදිය සම්පූර්ණයෙන්ම විනාශ වි ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගින්නෙන් සිදුවු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බව මස්කෙළිය පොලිසිය පවසනවා.

මේ අතර, මෙම ගින්න විදුලි කාන්දුවකින් සිදුවන්නට ඇති බවටයි වැඩිදුර පරීක්ෂණ පවත්වන මස්කෙළිය පොලිසිය සැක පළ කරන්නේ.

ගින්නෙන් අවතැන් වු පවුල් අටකට (8) අයත් සමාජිකයන් 21 දෙනෙකු ආරක්‍ෂිත ස්ථානයක තාවකාලිකව නතර කිරිමට එම වතුයායේ පාලන අධිකාරිය පියවර ගෙන ඇති බවද සඳහන් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Kassapa. Stop generating ethnic and faith based dissension in the country. You are a rabble rouser. Go do the duties for which you have become a monk, and if you do not know what your duties are, then go and study Dhamma Chakka Pavatvana Sutta, in which Buddha had advised monks in his core teaching. If you cannot do that, disrobe and live like a puthajjana. I say this to all monks who are engaged in this type of improper activities for a monk. Buddhism is being destroyed by these Devadatta Sect monks. By the way, don’t worry, I do n’t want monks like you attending to my paansukoola when it comes to it.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *