හිටපු මන්ත්‍රීවරයෙකුගේ රුපියල් කෝටි 05 ක වාහන පොලිස් භාරයට

හිටපු මන්ත්‍රීවරයෙකුගේ රුපියල් කෝටි 05 ක වාහන පොලිස් භාරයට


හිටපු මන්ත්‍රීවරයෙකුගේ රුපියල් කෝටි 05 ක වාහන පොලිස් භාරයට

(02.01.2025 – 07:40 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධීව ආනයනය කර, කූට ලේඛන භාවිත කරමින් එකලස් කළ යුද හමුදා රථයකට සමාන ජීප් රථයක් පිංවත්ත, පාසල් මාවතේදී සහ ලෑන්ඩ්රෝවර් ජීප් රථ 2 ක් රත්මලාන දුම්රිපොළ ප්‍රදේශයේදී වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය ඊයේ (01) සොයා ගනු ලැබුවා.

පොලිසිය සදහන් කළේ, රුපියල් කෝටි 5 ක් පමණ වටිනා මෙම ජීප් රථ 3, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ධාවනයෙන් ඉවත් කරන ලද ගර්හිත වාහනවල අංක යටතේ ව්‍යාජ ලෙස ලියාපදිංචි කර ඇති බවයි.

මෙම වාහන අයත් බවට පැවසෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී අමල් සිල්වාගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මුදා හැරි බවත්, එම වාහන අද (02) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිසිය සඳහන් කළා.

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමට අයත්ව තිබී 2011 වසරේදී පොලිස් භාරයට ගෙන මතුගම අධිකරණයේ විභාගවන නඩුවකට අදාළ නීතිවිරෝධීව එකලස් කළ ජීප් රථය අලෙවි කර ඇත්තේ ද මොහු විසින් බවයි අනාවරණය වී ඇත්තේ.

මේ අතර සැකසහිත චැසි කොටස් කපා බද්ධ කරන ලද බවට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට තොරතුරු ලැබී ඇති වාහන 400 කින් 259 කට අදාළ විමර්ශන ගොනු එම ඒකකයට භාර දී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ප්‍රකාශ කළා.

එමෙන්ම, චැසි අංක සහ එන්ජින් අංක වෙනස් කරමින් නීතිවිරෝධීව එකලස් කළ වාහන අලෙවි කිරීමේ ජාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාලගත විමර්ශන ඒකකය මගින් හෙළිකරගෙන තිබෙනවා.

එහි ප්‍රධාන සැකකරු මාතලේ, පලාපත්වලදී අත්අඩංගුවට ගැණුනේ, නීතිවිරෝධීව එකලස් කළ රුපියල් කෝටි 5 කට අධික වටිනාකමකින් යුතු ජීප් රථ ඇතුළු වාහන 8 ක් ද සමඟින්.

නීතිවිරෝධීව එකලස් කළ වාහන අලෙවි කිරීමේ ජාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මාතලේ, කෝන්ගහමුල ප්‍රදේශයේදී අනාවරණ කරගත්තා.

එහිදී නිවසක ගෙවත්තේ ගාල්කර තිබූ වාහන විශාල සංඛ්‍යාවක් සොයාගත් අතර, ඉන් රුපියල් කෝටි 05 ක් පමණ වටිනා ජීප් රථ ඇතුළු වාහන 08 ක් සම්බන්ධව කිසිදු ලේඛනයක් ඉදිරිපත් කිරීමට නිවෙස් හිමිකරු අපොහොත් වී තිබෙනවා.

මෙම සැකකරු චැසි සහ එන්ජින් අංක වෙනස් කර පිළියන්දල ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා ඇති ජීප් රථයක් ද දෙපානම නිවසක තිබී පොලිස් භාරයට ගැණුනා.

මෙම සැකකරු සමග ජාලයක් ක්‍රියාත්මක වන බවත්, මූල්‍ය ආයතන සේවකයෙක් එම ජාලය සමග එක්ව අදාළ නීතිවිරෝධී වාහන ගැනුම්කරුවන්ට මූල්‍ය පහසුකම් සළසා ඇති බවත් අනාවරණ වී තිබෙනවා ෴

+

+


හිටපු කතානායක අශෝක රන්වල අස්වී සති දෙක (2) පනී.. මොරටුවේ සහතිකයවත් තාම නෑ.. පාර්ලිමේන්තුවේ දී ප‍්‍රශ්ණ කරයි..

(02.01.2025 – 03:20 +0530 – lankacnews.com)

හිටපු කතානායක අශෝක රන්වලගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් මෙවර පාර්ලිමේන්තු සැසියේදී ප්‍රශ්න කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් සූදානම් වෙති.

පසුගිය 13 වැනිදා ඔහු කතානායක දූරයෙන් ඉල්ලා අස්වූයේ තමන්ගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ලිඛිත සහතික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට නිවේදනයක් ද නිකුත් කරමිනි.

නමුත් මේ වන විට සති දෙකක් (2) ඉක්මවා කාලය ගතවී ඇතත් ඔහුගේ එම සුදුසුකම් තහවුරු කිරීමේ කිසිදු ලේඛනයක් ඉදිරිපත් කර නැත.

ජපානයේ වසේදා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගත් බවත්, මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබාගත් ඔහු ප්‍රකාශ කළේය.

නමුත් මොරටුව විශ්ව විද්‍යාලයෙන් ලබාගත් ඉංජිනේරු උපාධි සහතිකයවත් මේ වනතෙක් ඉදිරිපත් කිරීමට ඔහු සමත්වී නැත ෴


බිමත් පුද්ගලයෙකු යටකර පලායයි..

(02.01.2025 – 02:12 +0530 – lankacnews.com)

අධික වේගයෙන් ධාවනය කල යතුරුපැදියකට මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු යට වි බරපතල ලෙස තුවාල ලැබිමෙන් පසු තුවාලකරු (01) දින පස්වරුවේ දික්ඔය මුලික රෝහලට ඇතුලත් කල බව හැටන් පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ (01) දින පස්වරු 4 ට පමණ හැටන් තරුණ බෞද්ධ මාර්ගයේ මුස්ලිම් පල්ලිය ඉදිරිපිටදිය.

හැටන් දික්ඔය ඇන්ෆිල්ඩ් වතුයායේ සිට සාදයකට සහභාගි විම සදහා තරුණයා එම මාර්ගයේ යතුරුපැදිය අධික වේගයෙන් ධාවනය කර ඇති බවත්, මාර්ගය හරහා ගමන් ගත් පුද්ගලයෙකු යතුරුපැදියේ ගැටි බරපතල ලෙස තුවාල ලැබිමෙන් පසු යතුරුපැදිකරු එම ස්ථානයෙන් යතුරුපැදිය රැගෙන පලා යමින් සිටියදි ප්‍රදේශවාසින් යතුරුපැදිකරු අල්ලා හැටන් පොලිසිය වෙත භාර දි ඇත.

අත්අඩංගුවට ගත් යතුරුපැදිකරු අවු 25 පමණ වයසැති අයෙකු බවත්, සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්තාවේදි අධික ලෙස බිමත්ව සිටි බවයි අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන හැටන් පොලිසියේ නිලධාරින් කියා සිටියේ.

අනතුර සිදුවන ආකාරය එම මාර්ගය අසල පිහිටි මුස්ලිම් පල්ලියේ ආරක්ෂිත කැමරාවේ සටහන් වි තිබුණි.

රංජිත් රාජපක්ෂ


අනියම් සැමියාගේ පහරින් අහිංසක සැමියෙක් මරුට

(01.01.2025 – 18:36 +0530 – hirunews.lk/sinhala)

අනියම් සබඳතාවක් හේතුවෙන් අතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් ඇති වු ගැටුමකදී අද (01) පුද්ගලයෙකු මියගොස් ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් තිබෙන්නේ බලන්ගොඩ, මස්සැන්න, උඩුමුල්ල ප්‍රදේශයේ පදිංචි (54) හැවිරිදි පුද්ගලයෙක්.

මරණකරුගේ බිරිය සමග අනියම් සබඳතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු සැමියා නොමැති අවස්ථාවලදී නිවසට පැමිණ යන බව පැවසෙනවා.

මේ අයුරින් අද (01) දහවල් නිවසට පැමිණ ආපසු යමින් සිටි අනියම් සැමියා මරණකරු විසින් දැක තිබෙනවා.

එහිදී ගෙහිමියා සහ බිරියගේ අනියම් සැමියා අතර බහින්බස් වීමක් සිදුව තිබෙනවා.

මේ අතර සැමියා විසින් අනියම් සැමියා බව කියන පුද්ගයාට පහර දීමට උත්සාහ කර තිබෙන බවත් එහිදී සැමියා බිම ඇද වැටි මියගොස් තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

එහි පැමිණි රත්නපුර අපරාධ ස්ථාන පරික්ෂණ අංශය නිළධාරිහු ස්ථානිය පරික්ෂණ සිදුකළ අතර බලන්ගොඩ මහේස්ත්‍රාත් භාග්‍ය දිල්රැක්ෂි වික්‍රමසිංහ විසින් මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකළා.

සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණක් සිදු කරන්නටත් අධිකරණයට එහි වාර්තාවක් ලබාදෙන ලෙසත් නියෝග කෙරුණා.

සැකකරු අත්අඩංගුවට ගත් බවයි බලන්ගොඩ පොලිසිය පවසන්නේ ෴


‘හිරු’ අනාවරණයෙන් නැවතුණු මාතලේ මහ රෝහලේ කසළ ගැටළුව

(01.01.2025 – 23:05 +0530 – hirunews.lk/sinhala)

මතලේ මහ නගර සභාව විසින් දිස්ත්‍රික් මහ රෝහලට යාබද ඉඩමට කසළ බැහර කිරීම හේතුවෙන් ඇතිවී තිබෙන ගැටළුව විසඳීමට කඩිනම් පියවර ගෙන තිබෙනවා.

ඒ එම ගැටලුව සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති’ බලධාරීන්ගේ අවධානය යොමු කළ පසුබිමකයි.

එම ස්ථානයේ කසළ බැහැර කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමටයි මේවනවිට පියවර ගෙන ඇත්තේ.

මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් රෝහල අසළ ඇති මාතලේ මහ නගර සභාවේ කසළ අංගනය හේතුවෙන් දැඩි පීඩාවකට පත් වී සිටිනවා.

ඒ හේතුවෙන් මේ වනවිට රෝහලේ කටයුතුවලට ගැටලු රැසක් මතුවී ඇති අතර රෝහල තුළ දැඩි දුර්ඝන්ධයක් ද පවතිනවා.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුසන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ, කසළ හේතුවෙන් රෝහල තුළ දැඩි දුර්ගන්ධයක් පවතින අතර, මැස්සන් වැඩි වශයෙන් ගැවසීම නිසා රෝහලේ දැඩි සත්කාර ඒකකය හා ශල්‍යගාරය වැසී යාමේ අවදානමක් පවතින බවයි.

+


මාතර බන්ධනාගාරයේ සිදුවු ඛේදවාචකය ගැන තවත් තොරතුරු

(02.01.2025 – 07:07 +0530 – sinhala.adaderana.lk)

මාතර බන්ධනාගාරයේ ගොඩනැගිලල්ලක් මතට ගසක අත්තක් කඩාවැටීමෙන් තුවාල සිදු වූ 11 දෙනෙකු තවමත් මාතර රොහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය පවසයි.

ඊයේ (01) රාත්‍රියේ 10:14 ට පමණ සිදු වූ මෙම අනතුරෙන් රැඳවියන් 12 දෙනෙකු තුවාල ලබා මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව එක් රැඳවියෙකු මියගියේය.

මියගොස් ඇත්තේ 34 ක් වූ මිදිගම තුර්කි ගම්මාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලීසිය පැවසුවේ රැඳවියන් රඳවා තිබූ G හා F යන වාට්ටු මතට ඒ ආසන්නයේ තිබූ බෝ ගසක අත්තක් මෙලෙස කඩා වැටී ඇති බවය.

තුවලා ලැබූ රැඳවියන් 25, 27, 32, 34, 35, 39, 41 සහ 52 යන වයස් වල පසුවන දෙනිපිටිය, මිරිස්ස , වැලිගම , ගාල්ල , මාතර , ගන්දර, බටපොල, දෙයියන්දර හා ගල්ගමුව යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බව සඳහන් වේ.

අනතුර සිදුව වන අවස්ථාව වන විට G හා F වාට්ටු දෙකෙහි රැඳවියන් 100 කට ආසන්න පිරිසක් රඳවා සිට තිබේ.

මේ වන විට අනෙක් රැඳවියන් සියලුදෙනා වෙනත් ගොඩනැඟිල්ලක ආරක්ෂතව රැඳවීමට බන්ධනාගාර නිලධාරින් කටයුතු කොට ඇත.

එමෙන්ම මාතර බන්ධනාගාරයේ සිටින රැඳවියන් සියලුදෙනා හෝ කොටසක් වෙනත් බන්ධනාගාරයකට ආරක්ෂිතව මාරුකර යැවීමට නියමිත ව ඇති බව අප කළ විමසීමකදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙම සිදුවීම සම්බන්ධව මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

+

01-01-2025

+


පූජ්‍ය බලංගොඩ කස්සප හිමිට චෝදනා කළ අයට වැඩ වරදී (02.01.2025)

+


මහනුවර විහාර මහාදේවී බාලිකා විදුහලේ ෆාතිමා අවුරා | 2024-09-16 | රූපවාහිනී නුගසෙවන

+


‘ජීන් ආන්ටි’ව බලන්න සුදා රෝහලට | මේ ප්‍රහාරය 99.9% ක්ම එඬේරමුල්ල පොලීසියේ OICගේ වැඩක් | 02.01.2025

+


රන්ජන් රාමනායක කාදිනල්තුමන් ගැන හෙළි කළ හඬපටය ගැන සුදා රන්ජන්ගෙන් කෙලින්ම අහයි (02.01.2025)

+


පොලිසියෙන් එලියට දාපු විමල් CID දොරෙන් දුමක් මැදින් මතු වූ හැටි | හිත හොඳ පොලිස් මහත්තයා මොකද මෙහෙ (02.01.2025)

+


පාඨලී පෙන්වා දුන් ඇඟ කිලිපොළා යන හෙළිදරව්ව (02.01.2025)

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *