බිංගිරිය ඇඟලුම් කම්හලේ විරෝධතාවය සම්බන්ධයෙන් චෝදනා රැසක්
(31.12.2024 – 14:22 +0530 – hirunews.lk/sinhala)
බිංගිරියේ ඇඟලුම් කම්හලකදී විරෝධතාවක් පැවැත්වීමේ සිද්ධිය පිටුපස සිටින්නේ පරාජයට පත්වූ දේශපාලකයින්ගේ අතකොලු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක පවසනවා.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර පවසන්නේ බිංගිරිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධුරයේ සිටි සමයේදීවත් තමන් මෙම කම්හලේ කටයුතු සඳහා මැදිහත් නොවූ බවයි.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේසිරි බස්නායක සහ අජිත් ගිහාන් යන අය ඊයේ (30) පස්වරුවේ බිංගිරියේ පිහිටි ඇගළුම් කර්මාන්තශාලාවකට පැමිණි අවස්ථාවේදී ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.
මෙම කම්හලේ ප්‍රවාහන සේවාව පවත්වාගෙන යන්නේ බිංගිරිය විලත්තව ප්‍රදේශවාසීන් වන අතර, මන්ත්‍රීවරුන් දෙදෙනා (2) එම ප්‍රවාහන සේවාව ඔවුන් යටතට ගැනීමට සාකච්ඡා කිරීම සඳහා මෙහි පැමිණි බවට ප්‍රදේශවාසීන් විසින් චෝදනා කළා.
කෙසේ වෙතත්, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
+++
ඊයේ (30) බිංගිරිය ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේසිරි බස්නායක සහ අජිත් ගිහාන් යන අය පෞද්ගලික සමාගමකට පැමිණීමට එරෙහිව පිරිසක් විරෝධතා දැක්වූ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
එහිදී ඔවුන් හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2025 ජනවාරි 7 වන දින දක්වා දෙදෙනාම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.
එමෙන්ම මෙම සිදුවීමට අදාලව පුද්ගලයින් 06 දෙනෙකුට වැඩි පිරිසකගේ ප්‍රකාශ සටහන් කරගත් බවයි පොලිසිය සඳහන් කළේ.
එළඹෙන ජනවාරි 07 වැනි දින එම සැකකරුවන් දෙදෙනාව හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටද නියමිතයි.
+++
මාලිමා මන්ත්‍රීවරු දෙන්නට සද්දේ දාලා ගේම ඉල්ලපු සිද්ධියට මාට්ටුවුණු දෙන්නෙකුට උසාවියෙන් දුන්න නියෝගය (31.12.2024)
+++
මාලිමවේ මන්ත්‍රීවරු ගාර්මන්ට් ගියේ ඇයි (31.12.2024)
+
ලංකාවේ බන්ධනාගාර කියන්නේ මිහිපිට අපායවල් (31.12.2024)
+
රට සිහින පෙන්නා මනූෂ නානායක්කාරගෙ මල්ලි කරපු තවත් වංචාවක හඬපට එළියට
(31.12.2024 – 20:51 +0530 – hirunews.lk/sinhala)
විදෙස් රැකියා ලබා දෙන පවසා මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය ‘මනූෂ නානායක්කාර’ගේ සහෝදරයා වන ‘තිසර නානායක්කාර’ නැමැත්තාට මුදල් ලබා දුන් තවත් පුද්ගලයෙකු අද (31) දිනයේත් ‘හිරු ප්රවෘත්ති’ වෙත තොරතුරු අනාවරණ කළා.
ඕස්ට්‍රේලියා යවන බව පවසා සිය මුදල් වංචා කළ බවයි ඔහු ‘හිරු ප්රවෘත්ති’ වෙත තොරතුරු අනාවරණ කළේ.
හිටපු අමාත්‍ය ‘මනූෂ නානායක්කාර’ගේ සහෝදරයා වන ‘තිසර නානායක්කාර’, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බිබිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ ෆින්ලන්තයේ රැකියා දෙන බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කිරීමේ සිදුවීමක් සම්බන්ධ චෝදනාවකටයි.
‘තිසර නානායක්කාර’ට මුදල් දුන් තවත් පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දුරකතන අංකයක් ද නිකුත් කළා.
මේ අතර ඕස්ට්‍රේලියා යවන බව පවසා ‘තිසර නානායක්කාර’ නැමැත්තා මුදල් වංචා කළ බවට අනන්‍යතාව හෙළි කිරීමට අකමැතිවූ පුද්ගලයෙකු ‘හිරු ප්රවෘත්ති’ අප වෙත තොරතුරු රැසක් අනාවරණය කළා.
ඔහු සහ ‘තිසර නානායක්කාර’ නැමැත්තා අතර සිදු වූ දුරකථන හඬපට කිහිපයක්ද අපට ලැබුණු අතර, ඔහු ‘තිසර නානායක්කාර’ නමැත්තාට අවස්ථා කිහිපයකදී රුපියල් ලක්ෂ 25 ක මුදලක් බැංකු ගත කර තිබෙනවා.
කෙසේ නමුත් දිගින් දිගටම ‘තිසර නානායක්කාර’ නමැත්තා මුදල් ලබාගෙන රට යැවීම මඟහැරීම හේතුවෙන් ඔහු විසින් නැවත මුදල් ඉල්ලා තිබෙනවා.
එහිදී ‘තිසර නානායක්කාර’ නමැත්තා ඔහුට තර්ජනය කරමින් සඳහන් කර ඇත්තේ පොලිසියට ගොස් පැමිණිල්ලක් දමා නීතිමය මාර්ගයෙන් මුදල් ලබා ගන්නා ලෙසත්, තමා වසර 10 ක් හෝ නඩු කීමට සූදානම් බවයි.
+
දැන් දෙගොල්ලෝ දෙපැත්තට අදිනවා – JVPයත් ෆේල් NPPයත් ෆේල්; කාටවත් කිසිම වැඩපිළිවෙළක් නෑ (31.12.2024)
+
හොර පාස්පොර්ට්වලින් රට පනින්න ගිය දෙන්නා (2) කොටුවෙයි
(31.12.2024 – 23:25 +0530 – hirunews.lk/sinhala)
කූඨ ලෙස සැකසූ මෙරට ගමන් බලපත්‍ර උපයෝගී කර ගෙන නේපාලයේ කත්මණ්ඩු නුවර හරහා එංගලන්තය වෙත පැන යාමට තැත් කළ ලාංකිකයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අද (31) කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්.
මොවුන් අතරින් එක් අයෙක් මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙක්.
ඔහු අද (31) උදෑසන 07:10 ට නේපාලයේ කත්මණ්ඩු නුවර බලා යාමට නියමිත ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.282 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළට පැමින තිබෙනවා.
ඔහු සියලුම ගුවන් සේවා නිශ්කාශන කටයුතු නිම කර, විගමන කටයුතු සඳහා ආගමන විගමන නිලධාරීන් වෙත පැමිණ සිටිය දී ඔහුගේ සැක කටයුතු ඉරියව් නිරීක්ෂණය කළ එම නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කර තිබෙනවා.
එහිදී අනාවරණය වූ කරුණු අනුව වැඩිදුරටත් ඔහුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී සඟවා ගෙන තිබූ ඔහුගේ රුවට සමාන රුවක් යොදා, ඔහුගේ ජීව දත්ත තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කර තිබූ ව්‍යාජ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් ද සොයා ගත් බවයි පැවසුවේ.
මේ අතර ඔහු සමග තවත් මෙවැනිම කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් රැගත් පුද්ගලයෙකු ඒ වනවිට, ගුවන් තොටුපොළ සියලුම නිශ්කාශන කටයුතු නිමා කර, ඉන්දීය ගුවන් යානය වෙත ද පිවිසී සිටින බව අනාවරණය වී තිබෙනවා.
ඒ අනූවයි සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ ෴
ඉන්ධන මිල සංශෝධනය කෙරේ; භූමිතෙල් මිල රුපියල් 5 කින් පහළට
(31.12.2024 – 21:17 +0530 – hirunews.lk/sinhala)
ඉන්ධන මිල සූත්‍රය අනුව මාසිකව සිදුවන මිල සංශෝධනයෙන් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුව තිබෙනවා.
ඒ අනූව රුපියල් 188 ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 183 ක් වෙනවා.
අනෙකුත් පෙට්‍රල්, ඩීසල් හෝ සුදු ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදුකර නොමැති අතර ඒවා පැවති මිලටම පවතිනවා.
එමෙන්ම ලංකා IOC සමාගමේ ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් නොවන බවයි එම සමාගම පවසන්නේ ෴
දැරියට ගිනි තබා ඝාතනය කර මවත් සිය දිවි නසාගෙන
(01.01.2025 – 15:12 +0530 – hirunews.lk/sinhala)
මවක විසින් සිය කුඩා දැරියට පෙට්‍රල් වත්කර ගිනි තබා ඝාතනය කොට ඇතැයි තලාව පොලිසිය පවසනවා.
පසුව එම කාන්තාවද පෙට්‍රල් වත්කරගෙන ගිනි තබා ගෙන සිය දිවි නසාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
මියගිය දැරිය වයස අවුරුදු 02 මාස 09 ක් සහ මරණකාරියට වයස අවුරුදු 39 ක් වන බව බවයි වාර්තා වන්නේ.
පසුගිය (30) වැනිදා සවස් කාලයේ තලාව, බිදුන්කඩ ප්‍රදේශයේදී සිදුවීම වාර්තා වූ බවයි පැවසෙන්නේ.
මරණකාරිය සිය ගම් ප්‍රදේශයේ කාන්තා සමිතියක භාණ්ඩාගාරික වශයෙන් කටයුතු කර ඇති බවත්, එහිදී වූ මුදල් ගැටළුවක් මත සිත් තැවුලෙන් දැරිය ඝාතනය කර ඇය සිය දිවි නසා ගෙන ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
මේ සම්බන්ධයෙන් ඇගේ ස්වාමි පුරුෂයා පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනූවයි කරුණු අනාවරණය වී ඇත්තේ.
මෘත ශරීර අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර තලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴
පාපැදියක් බස් රථයක ගැටීමෙන් පාපැදිය පැදවූ දරුවා මරුට
(01.01.2025 – 07:10 +0530 – hirunews.lk/sinhala)
උළුක්කුලම පොලිස් වසමේ අවරන්තුලාව පාවක්කුලම මාර්ගයේ යුනිට් 02 ප්‍රදේශයේදී වව්නියාව දෙස සිට යුනිට් 07 දෙසට ධාවනය වූ බස් රථයක අතුරු මාර්ගයක සිට කුඩා දරුවෙකු පදවාගෙන පැමිණි පාපැදියක් ගැටී එම බස් රථයේ පිටුපස රෝදයට යටවීමෙන් එම දරුවා ඊයේ (31) මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ පාපැදියේ ගමන් කළ දරුවා පාවක්කුලම රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි මෙසේ මියගොස් ඇත්තේ.
මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 07 ක් වූ යුනිට් 02, පාවක්කුලම ප්‍රදේශයේ පදිංචි පාසල් දරුවෙක්.
මෘත ශරීරය වව්නියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනතුරට සම්බන්ධ බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් උළුක්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴
පුවක් ගසෙන් වැටුණු දරුවාට දිවි අහිමි වෙයි
(01.01.2025 – 07:06 +0530 – hirunews.lk/sinhala)
පුවක් ගසකින් ඇද වැටී දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 16 ක් වෙන මාවනැල්ල පොලිස් වසමේ අම්බුලු ගල ප්‍රදේශයේදී පදිංචි පිරිමි දරුවෙක්.
මරණකරු තවත් පිරිමි දරුවෙකු සමග කුලි පදනම යටතේ පුවක් කැඩීමට ගොස් සිටියදී පුවක් ගස කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
මෘත ශරීරය මාවනැල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මාවනැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴
දේශපාලනඥයෙකු පැදවූ වෑන් රථයක ගැටී තරුණයෙක් මරුට
(31.12.2024 – 22:49 +0530 – hirunews.lk/sinhala)
දේශපාලනඥයෙකු පැදවූ වෑන් රථයක යතුරුපැදියක් ගැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයෙක් මියගොස් කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.
අනතුරට ලක්ව ඇත්තේ අඹුසැමි යුවළක් වන අතර මියගොස් ඇත්තේ 23 හැවිරිදි සැමියා බවයි පොලිසිය පවසන්නේ.
බරපතළ තුවාල ලබා සිටින 19 හැවිරිදි බිරිය මහනුවර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
නව වසරට ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමට ගොස් එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ (30) රාත්‍රී 09:30 ට පමණ මෙම අනතුර සිදුව තිබෙන්නේ උඩුනුවර – දවුලගල – දොළවන්වලපිටිය ප්‍රදේශයේ දී බවයි පොලිසිය පැවසුවේ.
මෙවර පැවති මහ මැතිවරණයට ‘ගෑස් සිලින්ඩරය’ ලකුණ යටතේ උඩුනුවර ආසනයෙන් තරග කළ ‘රනිල් රාජපක්ෂ’ යන අය පැදවූ වෑන් රථයට මෙම යුවළ ගැටී ඇති බවයි පැවසෙන්නේ.
සැකකරු ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නියෝග කොට ඇත්තේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴