ලෝකයේ වැඩිම මිලට ඩීසල් ගත්තේ පැලවත්තෙන් ප‍්‍රිමියම් එකකුත් එක් කරලා..

ලෝකයේ වැඩිම මිලට ඩීසල් ගත්තේ පැලවත්තෙන් ප‍්‍රිමියම් එකකුත් එක් කරලා..


ලෝකයේ වැඩිම මිලට ඩීසල් ගත්තේ පැලවත්තෙන් ප‍්‍රිමියම් එකකුත් එක් කරලා..

(20.04.2026 – lankacnews.com)

පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කරන ලදී :

“පසුගිය ඉන්ධන අර්බූදය සමයේ ඩීසල් බැරලයකට මුළු ලෝකයේම වැඩිම මිල වන ඩොලර් 286 ගෙවලා තිබෙන්නේ ලංකා ඛනිජතෙල් සංස්ථාව. මම නොවේ එහෙම කියන්නේ. එච්එස්බීසී බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි ජෝර්ජස් එල්හෙඩෙරි. මුලින්ම ජෝර්ජස් කිව්වේ ලංකාව තෙල් බැරලයකට ඩොලර් 286 ක් ගෙවලා කියලායි. තෙල් වර්ගය මොකක්ද කියලා කිව්වේ නෑ. තෙල් සංස්ථාවේ සභාපතිතුමා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා ලොකු පචයක් දෙසා බෑවා. සභාපතිතුමා හිතුවේ ජනාධිපතිතුමා පච වලින් ලංකාව රැවැට්ටුවා වගේ එයාට පච වලින් මුළු ලෝකයම රවටන්න පුළුවන් කියලා.

අපි බොරතෙල් බැරලයක් අර ගත්තේ ඩොලර් 71 යි 113 යි අතර මිල ගණන් වලට. මේ බොරුව ප්‍රචාරය කරලා සංස්ථාව අපකීර්තියට පත් කරපු අයට විරුද්ධව නඩු දානවා කියලා සභාපතිතුමා කිව්වා. එතකොට තමයි එච්එස්බීසී කිව්වේ අපි තෙල් කිව්වාට බොරතෙල් කිව්වේ නෑ. ඩොලර් 286 ක් ගෙවලා අරන් තිබෙන්නේ බොරතෙල් නොවේ ඩීසල් කියලා. ඒ පාර සභාපතිතුමා මාධ්‍ය හමුවක් පවත්වලා ඔව් ඩීසල් නම් ඩොලර් 286 ගණනේ අර ගත්තා තමයි කියලා. කිසිම හොරකමක් හොර හිතක් තිබුණේ නැතිනම් අපි බැරලය ඩොලර් 286 ගණනේ ඩීසල් ගත්තා තමයි කියලා අර නිවේදනය නිකුත් කරපු වෙලාවේම කියන්න තිබුණානෙ. සභාපතිතුමා උත්සාහ කලේ නොකිව්ව බොරතෙල් එකක් ගාවගෙන මුළු ලෝකයම නොමග යවන්නයි.

තෙල් සංස්ථාව අපට තවමත් ලෝකයේ ඉහළම මිලට ලංකාවට ඩීසල් ගන්න වුණේ ඇයි කියන එක පැහැදිලි කරලා නෑ. බැරලය ඩොලර් 286 ගණනේ මිල දී ගත්තේ කොහෙන්ද? ගැනුම් මිල කීයද? අධිමිල කීයද? කොපමණ ප්‍රමාණයක් ගත්තා ද වැනි විස්තර කිසිවක් පැහැදිලි කලේ නෑ. නමුත් අපි වැඩිපුරම ඩීසල් මිල දී ගන්නේ සිංගප්පූරුවෙන් නිසාත් සිංගප්පූරු ප්ලැට්ස් මිල දර්ශකය ගැන සභාපතිතුමා මාධ්‍ය හමුවේ දී සඳහන් කළ නිසාත් අපි ඩීසල් මිල දී ගත්තේ සිංගප්පූරුවෙන් කියලා අනුමාන කරමුකෝ.

එතුමා කිව්ව විධියට මේ මිල දී ගැනීම කරන්නේ අප්‍රේල් පළමු සතියේ. ඩීසල් මිල ඉහළම මිලක් වාර්තා කළ සතියේ. මිල නියම වුණේ ඒ සතියේ ප්ලැට්ස් මිල දර්ශකයේ සාමාන්‍ය මිල පදනම් කරගෙන කියලානෙ සභාපතිතුමා කිව්වේ. 2026 අප්‍රේල් පළමු සතියේ ප්ලැට්ස් මිල දර්ශකයේ ඩීසල් සාමාන්‍ය මිල ඩොලර් 224 යි. අපි ගත්තු මිල ඩොලර් 286 යි. ඒ කියන්නේ එක බැරලයකට ඩොලර් 62 ක් අධිමිල නැතිනම් ප්‍රිමියම් එකක් ගෙවන්න වෙලා තිබෙනවා. තෙල් නැවක් කියන්නේ සාමාන්‍යයෙන් බැරල් ලක්ෂ තුනක් (3) විතර. ඒ කියන්නේ ඩීසල් බැරල් ලක්ෂ තුනක් (3) මිල දී අරන් තිබ්බොත් අධිමිල ඩොලර් මිලියන 18.6 ක් නැතිනම් රුපියල් කෝටි 586 ක්. හොඳට මතක තියා ගන්න. මේ එක නැවක අධිමිල විතරයි.

අධිමිල කියන්නේ නැව් ගාස්තු, රක්ෂණය සහ සැපයුම්කරුවාගේ ලාභය කියන අයිතම තුනේ එකතුවට. යුද කලාපයේ රතු මුහුදෙන් හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ගෙනාපු තෙල් වලට වඩා සාමකාමි සිංගප්පූරුවෙන් අපි ගෙනාපු තෙල් වලට රක්ෂණය වැඩි වුණේ කොහොමද? ජපානයට නවසීලන්තයට වගේ ඈත රටවලට යන නැව්වලට වඩා අපේ නැව් ගාස්තු වැඩි වුණේ කොහාමද? වෙනත් කිසිම රටක සැපයුම්කරුගේ ලාභයට වඩා අපේ සැපයුම්කරුගේ ලාභය වැඩි වුණේ ‘අගරු කුමාර’ටයි ‘අඟුරු කුමාර’ටයි ‘පැලවත්ත’ටයි ගෙවන කොමිස් සැපයුම්කරුගේ ලාභයට එකතු කරපු නිසා ද? මෙන්න මේවාට තමයි ‘බිග් කුච්චන්’ කියන්නේ. විෂය භාර ඇමති ‘අගරු කුමාර’ වෙන කොට රටේ ජනපති ‘අඟුරු කුමාර’ වෙන කොට පැලවත්ත විශේෂ බද්දක් ක්‍රියාත්මක වෙන කොට ලෝකයේ ඉහළම මිලට ඩීසල් ගත්ත රට ලංකාව වීමත් පුදුම වෙන්න දෙයක් නෑ.

හිටපු බලශක්ති ඇමති කුමාර ජයකොඩි පට්ට දූෂිතයෙක් කියලා මම බය නැතිව කියනවා. මම මේ ප්‍රකාශය කරන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා නොවේ. ඒ නිසා මම කියන්නේ බොරු නම් මට විරුද්ධව නඩු දාන්න කියලා මම අභියෝග කරනවා. මම මගේම ආණ්ඩුවල දූෂිතයන්ට විරුද්ධව කෑ ගහලා දෙපාරක් ඇමතිකම් නැති කර ගත්තු මිනිහෙක්. ඒ නිසා හොරාට හොරා කියන්න එදා බය වුණෙත් නෑ; අද බය වෙන්නෙත් නෑ” ෴

+++

කුමාර ජයකොඩි පට්ට දූෂිතයෙක් අපි බය නැතිව කියනවා – අපි බොරු කියනවා නම් ගිහින් වහාම නඩු දාන්න (20.04.2026)

+


ගල්අඟුරු හෙළිදරව්වේ මූලිකයා වුණේ, D V චානක… බොරු කියන්න ගිහින් සජබ කට්ටිය සවුත්තු වෙන්නෙපා (20.04.2026)

+

ජේවීපීකාරයින්ට හඳ පායනකොට පිස්සු හැදෙනවා (20.04.2026)

+


ජෙප්පො මේ තරම් හොරු උනේ කොහොමද ? (20.04.2026)

+


ඩීසල් නැව් මංකොල්ලය ප්ලෑන් කල හැටි මෙන්න (20.04.2026)

+


සහරාන්ලව හදපු මහ මොලකාරයෝ මාලිමා ආණ්ඩුවේ – අපිව හෙට හිරේට දැම්මත් රටට ඇත්ත කියනවා (20.04.2026)

+


ආණ්ඩුවේ ලොක්කන්ගේ සෙල්ලම් සේරම ඉවරයි – දිල්කාට කැත කතා කියපු සුදාටත් බඩුම තමයි (20.04.2026)

+


අනුර කුමාර, ලාල්කාන්ත සිවුරු අස්සේ හැංඟිලා හිටපු කට්ටිය – හෙට අනිද්දා නාකි ෂර්ලොක් හෝම්ස් ගෙදර යයි (20.04.2026)

+


අනුර කුමාරගේ සිහිය විකල්වෙලා තියෙන්නේ දැන් – හැම මඟුලටම විරුද්ධ වුණා – නැත්තම් මේක සුර පුරයක් (20.04.2026)

+


ඒකාබද්ධ විපක්ෂය මහ රෑ වහාම රැස්වෙයි – අලුත් අවුරුද්දේ ආණ්ඩුව පෙරලන්න සටනද මේ? (20.04.2026)

+


+


සලේ අප්‍රේල් 22 අධිකරණය හමුවට?? ජනපති අනුරට අධිකරණයට ඇවිත් උත්තර දෙන්න වෙනවා. නීතිඥ සංජීව කිව්ව කථාව. (20.04.2026)

+


ලාල් (හිරු) නම් සල්ලි තමයි ? ‘ස්පෙෂල් ඩෝබි වර්ෂන්’ (20.04.2026)

+


ජවිපෙ වෛරය වැපිරීමෙන් සමාජයට වුණු විනාසය (20.04.2026)

+

ආණ්ඩුවකට කඩේ යන්නෙ, නිකං නෙවෙයි… කාසි වාසියකට තමයි (20.04.2026)

+


ජයකොඩි ගෙදර යද්දි මොනවද? අරන් ගියේ ප්‍රිමියම් ගැහිල්ල (20.04.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *