විද්‍යුත් (විදුලි) වාහන ආනයන මගඩිය ගැන විගණන වාර්තාවෙන් හෙළිවෙයි
විද්‍යුත් (විදුලි) වාහන ආනයන මගඩිය ගැන විගණන වාර්තාවෙන් හෙළිවෙයි
(30.12.2024 – 13:13 +0530 – hirunews.lk/sinhala)
විදෙස්ගත ශ්‍රමිකයින්ට බලපත්‍ර මගින් විද්‍යුත් (විදුලි) වාහනයක් ආනයනය කිරීමට පසුගිය ආණ්ඩුව දුන් අවසරය හේතුවෙන් රජයට රුපියල් මිලියන 1,384 ක මුදලක් අහිමි වූ බව විගණන වාර්තාවකින් අනාවරණ කර තිබෙනවා.
අදාළ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේදී විනිවිදභාවය ආරක්ෂා කර නොතිබුණු බවත්, අභ්‍යන්තර පාලන ක්‍රමවේද බරපතළ ලෙස නොසළකා හැරීමෙන් එම යෝජනා ක්‍රමය අවභාවිත වී ඇති බවත්, විගණකාධිපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ එම වාර්තාවේ සඳහන්.
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් දිවයිනට ලැබෙන ප්‍රේෂණ ඉහළ නැංවීමේ අරමුණින් එවන ලද ප්‍රේෂණ මත පදනම්ව එම ප්‍රේෂණවලින් 50% ක උපරිමයක් දක්වා CIF වටිනාකමක් සහිත විද්‍යුත් වාහනයක් ආනයනය කිරීමට බලපත්‍රයක් ලබාදීමේ යෝජනා ක්‍රමයක් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය 2022 වසරේදී ආරම්භ කළා.
වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවා තිබූ අවස්ථාවක ගත් මෙම තීරණය අනුව, විදෙස්ගත ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහනයක් ආනයනයට අවස්ථාව ලබාදීමත්, ආනයනය කරන වාහනය මත අය කරන සුඛෝපභෝගී බදු නිදහස් සීමාව රුපියල් මිලියන 6 සිට 12 දක්වා ඉහළ නැංවීමටත් තීරණය කෙරුණා.
එම තීන්දුවත් සමග 2022 සැප්තැම්බර් 22 වැනිදා සිට මෙම වසරේ ජුනි 30 වැනිදා දක්වා බලපත්‍ර 1,077 ක් නිකුත් කර ඇති අතර, ඉන් අවලංගු කර ඇති බලපත් ගණන 77ක්.
වලංගු බලපත්‍ර 1,000 අතුරින් 510 ක් පමණක් මෙම වසරේ ජුනි 30 වැනිදා වනවිට ආනයනය කර ඇති අතර, එදින වනවිට මෝටර් රථ කොමසාරිස් ජනරාල් කාර්යාලයේ ලියාපදිංචි කර තිබුණේ වාහන 375 ක් පමණයි.
ඒ අනුව, විද්‍යුත් වාහන ආනයනය කිරීමට අදාළව 2022 මැයි 01 වැනිදා සිට 2023 සැප්තැම්බර් 15 වැනිදා දක්වා ක්‍රියාත්මක වූ යෝජනා ක්‍රමය පිළිබඳ විශේෂ විගණන වාර්තාව නිකුත් කර තිබෙනවා.
අදාළ වාර්තාවේ දැක්වෙන්නේ එම බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මූලික සහ අත්‍යාවශ්‍ය තොරතුරු විධිමත් අභ්‍යන්තර පාලන ක්‍රමවේද යටතේ පිළිගත හැකි පරිදි ලේඛනගත කිරීමේ ක්‍රමවේදයක් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය අනුගමනය කර නොමැති බවයි.
එමෙන්ම බලපත්‍ර නිකුත් කිරීමට අදාළව අයදුම්පත් භාරගැනීම, පරීක්ෂා කිරීම, බලපත්‍ර නිකුත් කිරීම, අවලංගු කිරීම ඇතුළු සියලු කරුණු අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු, අක්‍රමවත් පරිදි කර තිබීම හේතුවෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී බලපතළ ලෙස විනිවිදභාවය කඩකර ඇති බව ද නිරීක්ෂණය වී තිබෙනවා.
සහනදායි තීරුබදු බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක රජයේ අධිකාරී ආයතනය වන මහා භාණ්ඩාගාරයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව හෝ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී බලපත්‍ර නිකුත් කළ යුතු යැයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය දී තිබූ ආනයන අපනයන පාලක වෙත එම කටයුතු පැවරීමකින් තොරව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයා එම කටයුතු පවරා ගැනීම තුළින් අධිකාරී බලය අවභාවිත කිරීම හා පැවතිය යුතු යහපත් අභ්‍යන්තර පාලන ක්‍රමවේද නොසළකා හැරීමක් කර තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන්.
එමෙන්ම විගණන වාර්තාවේ දැක්වෙන්නේ, විදෙස්ගත වූ බවට තහවුරු නොවූ පුද්ගලයින් සිවු දෙදෙනෙකු (4) වෙනුවෙන් ද අදාළ නීතිරීති රෙගුලාසි නොසළකා විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර නිකුත් කර ඇති අතර, විදෙස්ගත නොවූ ඔවුන්ගේ ගිනුම්වලට ලක්ෂ ගණනින් ලැබී ඇති විදෙස් ප්රේෂ්ණ මුදල් විශුද්ධිකරණය මගින් හෝ වෙනත් අනීතික ආකාරයකින් ලද මුදල් නොවන බවට තහවුරු කර ගැනීමට ද පියවර ගෙන නොතිබූ බව නිරීක්ෂණය වූ බවයි.
එමෙන්ම දින 3 සිට මාස 3 දක්වා කෙටි කාල පරිච්ඡේද තුළ විදෙස්ගතව සිට පැමිණ පුද්ගලයින්ට හා කඩින්කඩ විදෙස්ගත වූ පුද්ගලයින් 419 දෙනෙකු සඳහා ද මෙම බලපත්‍ර නිකුත් කර ඇති බවත් එහි සඳහන්.
එමෙන්ම නිකුත් කළ බලපත්‍රවලින් 64% ක් සංක්‍රමණික සේවා සඳහා පහසුකම් සැපයීමට ලියාපදිංචි කර ඇති ආයතන 31 න් 2 කට පමණක් ලබා දී ඇති බව ද විගණන වාර්තවෙන් අනාවරණ කර තිබෙනවා.
ඒ අනුව, Auto Capital Investment (Pvt) Ltd බලපත්‍ර 335 ක් සඳහාත් Overland Auto Mobile බලපත්‍ර 305 ක් සඳහාත් ලෙස බලපත්‍රලාභීන් 640 ක් සඳහා පහසුකම් සපයා තිබූ අතර, එම බලපත්‍ර මගින් මෙරටට ආනයනය කර ලියාපදිංචි කළ වාහන 375 න් 84 ක් තුන්වැනි (3) පාර්ශ්වයකට ලබා දී ඇති බව ද විගණන වාර්තාවේ සඳහන්.
එමෙන්ම මෙම පහසුකම යටතේ වාහන ගෙන්වූ ශ්‍රමිකයින් අතර නාවිකයින් 164 ක්, කළමනාකරුවන් 150 ක්, අධ්යක්ෂවරුන් 96 ක්, ඉංජිනේරුවරුන් 78 ක් , නිලධාරීන් 61 ක් , උපදේශකයින් 24 ක් , වෛද්‍යවරුන් 3 ක් සහ අන්තර්ජාතික ක්‍රිකට් විනිසුරුවරයෙක් ද සිටින බවට විගණන වාර්තාව අනාවරණ කරනවා.
වාහන ආනයනයේදී යම් අක්‍රමකතාවක් කර ඇත්නම් ඒ සඳහා වගකිවයුතු පාර්ශ්වවලට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට හා රජයට සිදුව ඇති අලාභ අයකර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද විගණන වාර්තාවෙන් නිර්දේශිතයි.
+
ලිපිකරු රැකියා ලබාදෙන බවට පවසා රුපියල් කෝටි තුනක් (3) වංචා කරලා
(30.12.2024 – 09:28 +0530 – hirunews.lk/sinhala)
යාපනයේ රාජ්‍ය බැංකුවක ලිපිකරු පත්වීම් ලබාදෙන බව පවසා රුපියල් කෝටි තුනක (3) පමණ මුදලක් වංචාකළ යාපනයේ රාජ්‍ය බැංකුවක හිටපු කළමනාකාරවරයෙකු ඊයේ (29) යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සේවය කළ බැංකුවේ ලිපිකරු පත්වීම් ඇති බවත්, තමන් ඉහළ පෙළේ බැංකු නිලධාරීන් දන්නා හඳුනන නිසා ඔහුට එම පත්වීම් ලබාදිය හැකි බවත් පවසමින් එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 15 බැගින් මෙම හිටපු බැංකු කළමනාකාරවරයා විසින් ලබාගෙන ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.
මේ අන්දමට යාපනය, මුලතිව් හා කිළිනොච්චිය යන පළාත්වල තරුණ තරුණියන් විසිදෙනෙකුට (20) වඩා වැඩි පිරිසකගෙන් මුදල් ලබාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
මුදල් ලබාදුන් නමුත් රැකියා නොලැබීම නිසා එම මුදලෙන් විදේශ රටවලට යාමට අපේක්ෂා කළ තරුණයින් දෙදෙනෙකු (2) හිටපු බැංකු කළමණාකාරවරයා හමු වී ඔවුන්ගේ මුදල් ආපසු ඉල්ලා තිබෙනවා.
එහිදී කාලයක් මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කළ ඔහු, පසුව මුදල වෙනුවෙන් ‘මතු දාතම චෙක්පත්’ දෙකක් (2) එම තරුණයින් දෙදෙනාට (2) ලබා දී ඇති අතර, අදාල දිනයේදී තරුණයින් එම චෙක්පත් බැංකුවට ඉදිරිපත් කළද ගිණුමේ මුදල් නොමැතිකම මත චෙක්පත් දෙක අගරු චෙක්පත් වී තිබෙනවා.
පසුව මේ පිළිබඳව එම තරුණයින් දෙදෙනා (2) බැංකු වාර්තා සමග යාපනය පොලීසියේ විශේෂ වංචා විමර්ශන අංශයට පැමිණිලි කිරීමෙන් පසුව හිටපු බැංකු කළමනාකාරවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාකරු සඳහන් කළේ ෴
ජුඩ් ක්‍රිෂාන්ත පියතුමාගේ කතාවට නාමල් කුමාර හොඳටම පත්තුවෙයි | CID ආපු නාමල්ගෙන් සැරකතා ගොඩයි (30.12.2024)
+
වයස අවුරුදු 12 ට අඩු ‘කුඩා දරුවන්’ වෙළඳ දැන්වීම්වලට භාවිතා කිරීම තහනම් කරමින් ගැසට් නිවේදනයක්
(30.12.2024 – 21:29 +0530 – hirunews.lk/sinhala)
කුඩා දරුවන් ආහාර වෙළඳ දැන්වීම්වලට භාවිතා කිරීම තහනම් කරමින් නව ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එම ගැසට් පත්‍රය 2025 ජනවාරි 01 වැනිදා සිට බලපැවැත්වෙනවා.
ඒ අනූව වයස අවුරුදු 12 ට අඩු ‘කුඩා දරුවන්’ ආහාර වෙළඳ දැන්වීම්වලට භාවිතා කිරීම තහනම් කරමිනුයි මෙම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර ඇත්තේ ෴
ඉතිහාසයේ කවදාවත් මෙහෙම වෙලා නෑ – කරුණාකරලා මේක නවත්වන්න – පාර්ලිමේන්තු සේවකයින් වෙනුවෙන් අජිත් පෙරට එයි (30.12.2024)
+
Hiru TV Salakuna Live | Udaya Gammanpila | Episode 464 | 2024-12-30
+
දියේ ගසාගෙන ගිය විදෙස් ජාතිකයෙකු බේරාගැනේ
(31.12.2024 – 07:17 +0530 – hirunews.lk/sinhala)
අහුංගල්ල වෙරළ තීරයේ දිය නාමින් සිටි විදේශීය ජාතිකයෙකු ඊයේ (30) සවස් කාලයේදී දියේ ගසාගෙන යමින් සිටියදී එම ස්ථානයේ රාජකාරී යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී ඔහු නිරුපද්‍රිතව බේරා ගෙන තිබෙනවා.
මෙසේ දිය අනතුරින් බේරාගෙන ඇත්තේ, වයස අවුරුදු 34 ක් වූ රුසියානු ජාතිකයෙක්.
අහුංගල්ල පොලිස් ස්ථානයේ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ පොලිස් පරීක්ෂක මනෝජ් ආරියරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන 29896 ලසන්ත සහ 19342 සංගීත් යන නිලධාරීන් විසින් මෙම දිවි බේරා ගැනීම සිදු කර තිබෙනවා ෴
+
+
වෙන් කළ ආසන ප්‍රවේශපත්‍ර සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
(31.12.2024 – 07:04 +0530 – sinhala.adaderana.lk)
වෙන් කළ ආසන ප්‍රවේශපත්‍ර සහ මුදල් ආපසු ගෙවීම් සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන්ව ඇත්තේ දුම්රිය ආසන වෙන් කිරීමේදී මගියාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බවය.
එමෙන්ම දුම්රිය ස්ථානයට ඇතුළත් වීමේදි හා දුම්රිය තුළදී ප්‍රවේශපත්‍රය පරික්ෂා කිරීමේදී ප්‍රවේශපත්‍රයේ සඳහන් පරිදි ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය පරික්ෂා කර තහවුරු කර ගැනීමට කටයුතු සූදානම් කර ඇති බවත් එහි සඳහන් වේ.
එමෙන්ම එළැඹෙන ජනවාරි 01 වැනිදා සිට වෙන්කළ ආසන ප්‍රවේශපතු මුදල් ආපසු ඉල්ලුම් කිරීමේදි ප්‍රවේශපතු හිමිකරුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම මගියාගේ ජාතික හැඳුනුම්පතේ හෝ විදෙස් ගමන් බලපත්‍රයේ පිටපතක් දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කළ යුතු බවත් එම නිවේදනයේ සඳහන්ව තිබේ ෴
විලංගු වැටුණු හිටපු ඇමති මනූෂගේ සොහොයුරාගේ තවත් මූල්‍ය වංචා හෙළිවේ
(31.12.2024 – 07:42 +0530 – hirunews.lk/sinhala)
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ‘මනූෂ නානායක්කාර’ගේ සහෝදරයා වන ‘තිසර නානායක්කාර’ විසින් සිදුකර ඇති මූල්‍ය වංචා සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා.
ඔහුට මුදල් දුන් පුද්ගලයින් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පැමිණිලි ලබා දීම සඳහා විශේෂ දුරකතන අංකයක් නිකුත් කර ඇත්තේ එවන් පසුබිමකයි.
ඒ අනුව, තිසර නානායක්කාරට මුදල් දුන් පුද්ගලයෙකු ‘හිරු ප්රවෘත්ති’ වෙත විශේෂ අනාවරණයක් කරමින් පැවසුවේ, ඔහු දැනුවත්ව රුපියල් කෝටි 15 ක් පමණ ‘තිසර නානායක්කාර’ නමැත්තා වංචා කර ඇති බවයි.
හිටපු අමාත්‍ය ‘මනූෂ නානායක්කාර’ගේ සහෝදරයා වන ‘තිසර නානායක්කාර’, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බිබිල ප්‍රදේශයේදී පසුගිය 28 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ, ෆින්ලන්තයේ රැකියා දෙන බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන්. ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයෙකු කළ එම පැමිණිල්ලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ‘තිසර නානායක්කාර’ අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, ජනවාරි මස 06 වැනිදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
මේ අතර, හිටපු අමාත්‍ය ‘මනූෂ නානායක්කාර’ගේ සහෝදරයා, ෆින්ලන්තය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් සඳහා සංචාරක වීසා මත පුද්ගලයින් යොමු කරන බවට ෆෙස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළ කර තිබූ දැන්වීම් මේ වනවිට ඉවත් කරගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, ඒ වෙනුවෙන් මුදල් ගෙවූ පුද්ගලයින් අප වෙත එම දැන්වීම් එවා තිබුණා.එමෙන්ම, මුදල් දුන් පුද්ගලයෙකු ‘තිසර නානායක්කාර’ ගෙන් උපදෙස් ලබා ගන්නා ආකාරය දැක්වෙන හඬ පට කිහිපයක් ද අප වෙත යොමු කර තිබුණා.
+
බඩ ගැන හිතන කපුටෙකු නොවී මිනිසෙකු වෙන හැටි.. – පූජ්‍ය බලංගොඩ කස්සප හිමි (31.12.2024)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴