දකුණු කොරියාවේ ගුවන් අනතුර ගැන මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය ශෝකය පළ කරයි

දකුණු කොරියාවේ ගුවන් අනතුර ගැන මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය ශෝකය පළ කරයි


දකුණු කොරියාවේ ගුවන් අනතුර ගැන මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය ශෝකය පළ කරයි

(29.12.2024 – 16:42 +0530 – hirunews.lk/sinhala)

දකුණු කොරියාවේ ‘මුආන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ’ට, ගුවන් යානයක් ගොඩබෑමේදී සිදුවූ අනතුර සම්බන්ධයෙන් මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය ශෝකය පළ කර තිබෙනවා.

මෙම ඛේදනීය සිදුවීමෙන් ජීවිත අහිමිවූවන්ගේ පවුල්වලට ශෝකය පළ කරන එම අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කළේ තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවයි.

අද (29) උදෑසන ‘ජේජු ගුවන් සේවය’ට අයත් මෙම යානය අනතුරට ලක් වීමෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 176 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, තිදෙනෙකු (3) තුවාල ලබා තිබෙනවා.

අනතුර සිදු වන අවස්ථාව වන විට ගුවන් යානයේ මගීන් 175 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 06 දෙනෙකු සිට ඇති බව සඳහන්. කෙසේ වෙතත්, අනතුරින් පසු ආපදා සේවා විසින් යානයේ පිටුපස කොටසේ සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ (2) දිවි බේරා ගෙන ඇති අතර, අනෙක් සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි දකුණු කොරියානු මාධ්‍ය පෙන්වා දෙන්නේ ෴

+++++

179 දෙනෙකුට දිවි අහිමි කළ දකුණු කොරියාවේ ඛේදවාචකය

(29.12.2024 – 17:57 +0530 – sinhala.adaderana.lk)

දකුණු කොරියාවේ සිදුවූ ගුවන් යානා අනතුරින් කාර්යය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු (2) හැර අනෙක් සියලුදෙනා ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවට බලධාරීන් අනුමාන කර තිබේ.

එමෙන්ම මේ වනවිට මියගිය පුද්ගලයින් 177 දෙනෙකු අනතුරින් මියගොස් ඇති බවට තහවුරු කර ඇත.

යානය අනතුරට ලක්වන අවස්ථාවේ මගීන් 175 දෙනෙකු සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු එහි සිට තිබුණි.

මියගිය පිරිස අතරින් මේ වන විට කාන්තා සිරුරු 84 ක්, පිරිමි සිරුරු 82 ක් සහ ක්ෂණිකව හඳුනාගත නොහැකි තවත් 11 දෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇත.

තවත් දෙදෙනෙකු (2) සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් හෙළිවී නොමැති අතර ඔවුන් ද මියගොස් ඇතැයි අනුමාන කෙරේ.

අනතුරින් මියගිය පුද්ගලයින්ගෙන් පස්දෙනෙකු (5) වයස අවුරුදු 10 ට අඩු ළමුන් බව වාර්තා වේ.

බලධාරීන් පවසන පරිදි, ළාබාලම මගියා තුන් (3) හැවිරිදි පිරිමි ළමයෙකු වන අතර වැඩිමහල් පුද්ගලයා 78 හැවිරිදි බව සඳහන් වේ.

යානය අනතුරට ලක්වූ ස්ථානය ආශ්‍රිතව සෝදිසි මෙහෙයුම් තවදුරටත් සිදුකෙරෙන අතර එම කටයුතු සඳහා 1,500 කට අධික සේවකයින් පිරිසක් එක්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

තායිලන්තයේ බැංකොක් නුවර සිට දකුණු කොරියාවේ මුආන් ගුවන්තොටුපොළ බලා ගමන් කරමින් තිබූ ‘ජේජු ගුවන්සේවය’ට අයත් අදාළ යානය ගුවන්තොටුපොළට ගොඩබැස්සවීමට යාමේදී මෙලෙස අනතුරට පත්ව තිබුණි.

අයහපත් කාලගුණ තත්ත්වය හා යානයේ කුරුල්ලන් ගැටීම හේතුවෙන් එය ගොඩබස්වන විට රෝද ක්‍රියාත්මක නොවීම අනතුරට හේතුවන්නට ඇති බවට සැක කෙරෙන අතර ධාවන පථයේ ඇදී ගිය යානය තාප්පයක ගැටී ගිනිගන්නා ආකාරය වීඩියෝ දර්ශනවල දැක්වුණි.

යානයේ කළු පෙට්ටියේ පියාසර දත්ත සහ නියමු කුටියේ හඬ පටිගත කිරීම් ලබාගෙන ඇති අතර මේ වන විට විශේෂඥයින් විසින් ඒවා පරීක්ෂා කරනු ලබන බව වාර්තා වේ ෴


මවගේ පාදයේ අබාධයකට ගෙන ආ වේදනා නාශකයක් පානය කළ කුඩා දරුවෙකු ජීවිතක්ෂයට

(29.12.2024 – 15:16 +0530 – hirunews.lk/sinhala)

නිවසේ තිබු ‘වේදනා නාශකයක්’ පානය කළ කුඩා දරුවෙකු ඉන් පසුව ඇතිවු අසාද්මිකතාවකින් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

පොලිසිය සදහන් කළේ, පුත්තලම – කල්අඩිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු දෙකහමාරක (2½) කුඩා දරුවෙකු සිද්ධියෙන් මියගොස් ඇති බවයි.

දරුවා මුන්දලම රෝහලට ඇතුළත් කළ පසු වැඩිදුර ප්‍රතිකාර සදහා ‘කොළඹ රිජ්වේ ළමා රෝහල’ට රැගෙන යමින් සිටියදී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලිසිය සදහන් කළේ, මවගේ පාදයක ආබාධයකට ගෙන ආ දියර සහිත වේදනා නාශකයක් දරුවා විසින් පානය කිරීම හේතුවෙන් මෙම අසාත්මිකතාවය ඇති වී ඇති බවයි ෴


රුපියල් කෝටි 14 ක ‘කොකේන්’ සමග විදෙස් කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

(29.12.2024 – 10:17 +0530 – hirunews.lk/sinhala)

ඝානාවේ සිට මෙරටට පැමිණි විදෙස් කාන්තාවක් ‘කොකේන් මත්ද්‍රව්‍ය’ කිලෝග්‍රෑම් 4 යි ග්‍රෑම් 68 ක තොගයක් සමග ‘කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී’ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘දකුණු අප්‍රිකානු ජාතික’ මෙම කාන්තාව අද (29) අලු‍යම 01:50 ට පමණ මෙරටට පැමිණ ඇති අතර, මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් ඇගේ ගමන් මල්ලේ සඟවා තිබියදී මෙම ‘කොකේන්’ තොගය සොයා ගෙන ඇති බවයි ‘රේගු මාධ්‍ය ප්‍රකාශක’, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ සදහන් කළේ.

මෙලෙස රේගු භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 14 කට අධික බව සදහන්.

41 හැවිරිදි සැකකාරිය එච්.අයි.වී. වෛරසය ආසාදිතයෙකු බවටයි රේගු නිලධාරීන් අනාවරණය කර ගෙන ඇත්තේ.

මෙම කාන්තාව සහ ඇය විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා ෴


IMF එකේ බය හිතෙන අරමුණක් – එහෙම වුණොත් අපි අමෙරිකාවට යටත්වෙනවා – ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (29.12.2024)

+


නිර්ධන පංතියේ ආණ්ඩුව – නිර්ධන පංතියටම වැඩේ දීලා – ධනපතියෝවත් මෙහෙම හූරගෙන කෑවේ නෑ (29.12.2024)

+


වනඅලි තර්ජනයෙන් බේරෙන්න විදුලිවැට සාදා දෙන්න කියයි

(29.12.2024 – 22:54 +0530 – hirunews.lk/sinhala)

පිටස්තරින් පැමිණි මහා පරිමාණ ජාවාරම්කරුවන් විදුලි වැට ගලවා කැළෑ එළිපෙහෙළි කරමින් කරන වන විනාශ හේතුවෙන්, සිය ගම්මානවලට වනඅලි තර්ජන එල්ලවන බව, තණමල්විල ගම්වාසීන් පවසනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ විදුලි වැට ප්‍රතිසංස්කරණය කර සිය වගා ආරක්ෂා කර දෙන ලෙසයි.

මේ අතර තලාව ප්‍රදේශයේ අලි ගම්වදින ස්ථානවල ඉදි කෙරෙන ආරක්ෂක කුටි සම්බන්ධයෙන් ක්‍රමවත් පිළිවෙතක් අනුගමනය නොකිරීම හේතුවෙන් නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් නිලධාරීන්ට දැඩි දෝෂාරෝපණයක් එල්ල කළා.

තණමල්විල කිවුල්ආර ගම්මානයේ උඩවලව රක්ෂිතය මායිමේ ඉදිකර තිබූ විදුලි වැට නිසි නඩත්තුවකින් තොරවීම හේතුවෙන් ගලවා ඉවත් කර ඇති බව, ගම්වාසීන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, පිටස්තරින් පැමිණි මහා පරිමාණ ජාවාරමකරුවන් කැළෑව තුළ ඉඩම් අත්පත් කර ගැනීම හේතුවෙන් වනඅලි ගම්වැදී සිය වගා විනාශ කරන බවයි.

කිවුල්ආර, කිතුල්කොටේ, බෝදාගම සහ තණමල්විල ඇතුළු ගම්මාන රැසක පවුල් 3,000 ක් පමණ පිරිසක් මේ හේතුවෙන් පීඩාවට පත්ව තිබෙනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ තිබූ විදුලි වැට යළි ඉදිකර මෙම ගැටළුව විසඳා දෙන ලෙසයි.

+


පුත්තලමේ විදුලිසැර වැදීමෙන් තිදෙනෙකු (3) ජීවිතක්ෂයට

(29.12.2024 – 21:08 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම, පැරණි මන්නාරම මාර්ගයේ 2 වන කණුව ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් තිදෙනෙකු (3) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙහිදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටි සේවකයින් තිදෙනෙකු (3) බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී යකඩ පලංචියකට විදුලි සැර වැදි ඒ මත සිටි තිදෙනෙකු (3) එම ස්ථානයේදීම මරණයට පත්ව තිබෙනවා.

මරණයට පත්ව ඇත්තේ 2 කනුව ප්‍රදේශයේ පදිංචිකරුන් පිරිසක් බවයි පුත්තලම මුලස්ථානය පොලිසිය සඳහන් කළේ ෴

+

30.12.2024

+


ගාල්ලේදී මහමඟ යතුරුපැදියක් ගිනිගනී

(29.12.2024 – 20:40 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් ගාල්ල නගරයේ දී අද (29) සවස ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.

මෙම යතුරුපැදියේ දෙදෙනකු (2) ගමන් කර ඇති අතර, මගීන් පාර හරහා මාරු වෙන ආලෝක වර්ණ සංඥා අසල යතුරුපැදිය නැවතීමත් සමග එකවර ගිනිගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

එහිදී ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න නිවා දමා ඇති අතර සිදුවීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව ඇත්තේ නැහැ ෴


නන්දලාල්ට හදිසියේම අනතුරු හැඟවීම් | ව්‍යාපාරිකයෝ නන්දලාල්ට සැරටම අමතලා ගේමත් ඉල්ලයි… (29.12.2024)

+


අගමැති හරිණි පොඩි පහේ කේස් එකක් නෙවෙයි.. දන්නවද කොළඹ නටන නාඩගම.. දිලිත් ඇයි මේ (29.12.2024)

+


ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්ද? මැරුවාදා ? මැරුවා ! – මරන්න අණ දුන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය (29.12.2024)

+


නව යුද හමුදාපතිවරයා සහ නව නාවික හමුදාපතිවරයා පත්කෙරේ

(30.12.2024 – 12:14 +0530 – hirunews.lk/sinhala)

25 වන යුද හමුදාපතිවරයා ලෙස ‘මේජර් ජෙනරාල් ලසන්න රොද්‍රිගු’ අද (30) පත්කර තිබෙනවා.

දැනට එම ධුරයේ කටයුතු කරන ‘ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ’ ගේ සේවා දිගුව හෙටින් (31) අවසන් වීමට නියමිතයි.

ඒ අනුවයි මෙම නව පත්කිරීම කර ඇත්තේ.

නව යුද හමුදාපතිවරයා ලෙස පත්වූ ‘මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු’ ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානිවරයා ලෙස ද කටයුතු කර තිබුණා.

එමෙන්ම නව නාවික හමුදාපතිවරයා ලෙස ‘රියර් අද්මිරාල් කාංචන බානගොඩ’ අද (30) පත්කර තිබෙනවා.

නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ධුරය හෙබවූ ඔහු කැඩෙට් නිලධාරියෙකු ලෙස 1989 වසරේදී නාවික හමුදාවට එක්වූ අතර, ඔහු බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *