දොඩන්දූව, මොරකොළ ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික පෙරහැරේ අලියා මිනිසෙකුට පහරදුන් හැටි
දොඩන්දූව, මොරකොළ ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික පෙරහැරේ අලියා මිනිසෙකුට පහරදුන් හැටි
(28.12.2024 – facebook.com/accident1stofficial)
දොඩන්දූව,මොරකොළ ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර, ගාලු පාරේ දොඩන්දූව පාලම මතින් ගමන් ගනිමින් තිබියදී අද (28) පස්වරු 4.00 ට පමණ සිදූවූ අවාසනාවන්ත සිදුවීම.
පෙරහැරේ ගමන්ගත් අලියාගේ මෙම අනපේක්ෂිත පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කෙරුනා.
+
ගඟට වැටුණු තරුණයින් දෙදෙනාගේ (2) මෘත දේහයන් සොයා ගැනේ
(28.12.2024 – 18:14 +0530 – hirunews.lk/sinhala)
මාතලේ, කිවුල ජල පවිත්‍රාගාරයේ සේවය කරමින් සිටි තරුණයන් දෙදෙනෙකු (2) සුදු ගඟට වැටී ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන් දෙදෙනාගේම (2) දේහයන් අද (28) පෙරවරුවේ සොයා ගැණුනා.
එක් සේවකයෙකුගේ මෘත දේහය ප්‍රදේශවාසීන් විසින් අද (28) පෙරවරුවේ සොයාගැනීමට සමත් වුණා.
එම සේවකයින් දෙදෙනා (2) ජල පවිත්‍රාගාරයේ දැලෙහි රැඳී තිබූ බැරලයක් ඉවත් කිරීමට යාමේදී එක් තරුණයකු ගඟට වැටී ඇති බවත්, එලෙස ගඟට වැටුණු තරුණයා බේරා ගැනීමට අනෙක් තරුණයාද ගඟට පැන ඇති බවද, එහිදී ඔවුන් දෙදෙනාම (2) ජල පහර හසු වන්නට ඇති බවටයි කන්දෙනුවර පොලිසිය සැක කරනු ලබන්නේ.
අතුරුදන්ව ඇති අනෙකුත් තරුණයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර, පසුව ඔහුගේද දේහය සොයා ගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙසේ මරණයට පත්ව ඇත්තේ මාතලේ, කිවුල ප්‍රදේශයේ පදිංචි මීගහගේදොන් චානක මදුසංඛ නමැති තරුණයා සහ මාතලේ, කළුදෑවල ප්‍රදේශයේ පදිංචි මේනක මධුසංක අබේසිංහ යන අයයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කෙරෙන බවයි පොලිසිය සඳහන් කළේ ෴
සීදූව වෙඩි තැබීමේ තොරතුරු රැසක් එළියට
(28.12.2024 – 22:12 +0530 – hirunews.lk/sinhala)
සීදුව, ලියනගේමුල්ල වෙළබඩපාර පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අද (28) පස්වරු 05:45 ට පමණ වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.
වෙඩිතැබීමෙන් එක් (1) පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු (2) තුවාල ලබා තිබෙන බවයි පොලිසිය පැවසුවේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ, 53 හැවිරිදි අයෙක්.
වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා (2) බවයි පොලිසිය පවසන්නේ.
ඔවුන් බරපතළ තුවාල ලබා මීගමුව රෝහළට ඇතුළත් කර තිබෙන අතර මියගොස් ඇත්තේ, එම පවුලේ වැඩිමහල් පුත්‍රයායි.
බරපතළ තුවාල ලැබූ 73 හැවිරිදි ව්‍යාපාරිකයා මීගමුව රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
ඔහුගේ අනෙක් පුත්‍රයා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බවයි රෝහල් ආරංචි මාර්ග වාර්තා කළේ.
වෙඩික්කරුවන් මෝටර් රථයකින් පැමිණ තිබෙනවා.
ඔවුන් ප්‍රහාරය සිදුකර පළාගොස් තිබූ අතර එම මෝටර් රථය කටුනායක කෝවින්න ප්‍රදේශයේ ආදාහනාගාරයක් අසල ගිනි ගැනීමකට ලක්ව තිබියදී පොලීසිය සොයාගෙන තිබෙනවා.
ප්‍රහාරය සඳහා වෙඩික්කරුවන් T56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවයි පොලීසිය පවසන්නේ.
වෙඩිතැබීමට හේතුව අනාවරණය වී නොමැති අතර සීදුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
+
+
සිසුවියකගේ වීඩියෝ අන්තර්ජාලයට මුදාහරිනවායැයි තර්ජනය කළ සිසුන් දෙදෙනෙක් (2) අත්අඩංගුවට
(29.12.2024 – 18:21 +0530 – hirunews.lk/sinhala)
විඩියෝ දර්ශන කිහිපයක් අන්තර්ජාලයට මුදා හරින බව පවසා සිසුවියකට තර්ජනය කළ සිසුන් දෙදෙනෙකු (2) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, ගාල්ල – නාගොඩ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙකු (2) මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මෙම සිසුන් දෙදෙනා (2) ගෙන් එක් (1) සිසුවෙකු ඔහු ඉගෙන ගන්නා පාසලේම 13 හැවිරිදි සිසුවියක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා තිබෙනවා.
එහිදී ඔවුන් දෙදෙනා (2) ජංගම දුරකතනයෙන් විඩියෝ ඇමතුම් ඔස්සේ අදහස් හුවමාරු කරගෙන ඇති අතර, එක් අවස්ථාවකදී සිසුවිය සිසුවාට සිය උඩුකය නිරුවත් කර පෙන්වා ඇති බවයි පොලිසිය පවසන්නේ.
කෙසේ වෙතත්, පසුව එම සිසුවා එම දර්ශන උපයෝගී කර ගනිමින් සිසුවිය බියගන්වා අන්තර්ජාලයට මුදාහරින බවටයි තර්ජනය සිදුකර ඇත්තේ ෴
පොලිස් නිලධාරීන්ට අනිවාර්යය වූ දේ
(29.12.2024 – 16:22 +0530 – hirunews.lk/sinhala)
පොලිස් නිලධාරීන් අතර බෝ නොවන රෝග සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් අනිවාර්යයෙන් ශාරීරික අභ්‍යාසවල නිරත වන ලෙසට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව, සෑම සෙනසුරාදා දිනකම උදෑසන කාලයේ ශාරීරික අභ්‍යාසවල නිරත වන ලෙසටයි උපදෙස් ලබාදී ඇත්තේ.
එමෙන්ම, සවස් කාලයේ කණ්ඩායම් ක්‍රීඩා කරන ලෙසටද දැනුවත් කර තිබෙනවා ෴
6,000 දීමනාව පිරිසකට පමණක් දීම අසාධාරණයිලු
(29.12.2024 – 15:24 +0530 – hirunews.lk/sinhala)
2024 නව වසරේ පාසල්, එළැඹෙන ජනවාරි 02 දා ආරම්භ වීමට නියමිත අතර තම දරුවන්ගේ පාසල් උපකරණ ලබා ගැනීම සඳහා මේ දිනවල දෙමව්පියන් තුළ පවතින්නේ දැඩි උනන්දුවක්.
ඒ, එම පාසල් උපකරණවල මිල ගණන් ඉහළ ගොස් ඇති වාතාවරණයක් යටතේයි.
නව රජය බලයට පත්වීමෙන් පසු ඉකුත් නොවැම්බර් 18 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ අඩු ආදායම්ලාභී පුවුල්වල තොරාගත් දරුවන් සඳහා රුපියල් 6,000 ක පාසල් උපකරණ දීමනාවල් ලබා දෙන බවටයි.
මේ වන විටත් ‘අස්වැසුම’ මගින් ඇතැම් දරුවන්ට රුපියල් 6,000 ක පාසල් උපකරණ දීමනාව ලැබී තිබෙන බව ඇතැම් දෙමාපියන් පවසනවා.
කෙසේ වෙතත් ඇතැම් මව්පියන් පෙන්වා දෙන්නේ තොරාගත් පිරිසකට පමණක් පාසල් උපකරණ දීමනාව ලබා දීම අසාධාරණ බවයි.
මේ අතර ‘ලංකා ගුරු සංගමයේ’ ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ මෙය සාධාරණ ලෙස සියලුම දරුවන් වෙත ලබා දිය යුතු බවයි ෴
ආනයනික සහල් මෙට්‍රික් ටොන් 75,000 ක් වෙළඳපොලට
(29.12.2024 – 12:56 +0530 – hirunews.lk/sinhala)
වෙළඳපොළේ පවතින සහල් හිඟය හේතුවෙන් සහල් ආනයනය කිරීමට රජය ගත් තීරණය අනුව මේ වන විට පුද්ගලික අංශය මගින් සහල් මෙට්‍රික් ටොන් 75,000 ක් ආනයනය කර තිබෙනවා.
ඒ අතර කැකුලු සහල් මෙට්‍රික් ටොන් 32,000 ක් සහ නාඩු සහල් මෙට්‍රික් ටොන් 43,000 ක් වන බවයි ‘ශ්‍රී ලංකා රේගුව’ සදහන් කළේ.
කෙසේ වෙතත් තවදුරටත් වෙළෙඳපොළ තුළ කැකුළු සහල් හිඟයක් පවතින බව පාරිභෝගිකයින් පෙන්වා දෙනවා.
වෙළදපළේ පාලන මිල ගණන් ඉක්මවා සහල් අලෙවි වන බවටත් ඇතැම් වෙළදුන් මිල ගණන් ප්‍රදර්ශනය නොකර සහල් අලෙවිකරන බවටත් පාරිභෝගිකයින් චෝදනා කරනවා.
මේ අතර යම් ආකාරයකින් රට තුළ ලුණු හිඟයක් ඇති වුවහොත් ඊට පිළියම් ලෙස ලුණු මෙට්‍රික් ටොන් 30,000 ක් ආනයනය කිරීමට සූදානම් කර ඇති බව ‘ලංකා ලුනු සමාගමේ’ නව සභාපති නන්දනතිලක ප්‍රකාශ කළා.
එමෙන්ම පසුගිය දිනවල රුපියල් 60 ඉක්මවූ මිලකට අලෙවි වූ බිත්තර මිල මේ වනවිට සැළකිය යුතු මට්ටමකින් පහළ ගොස් තිබෙනවා.
මේ දිනවල වෙළෙඳපොළේ බිත්තර අලෙවි වන්නේ රුපියල් 25 ත් 30 ත් අතර මිලකටයි ෴
මේ වසරේ ‘වනඅලි’ මරණ 350 ක්
(29.12.2024 – 11:09 +0530 – hirunews.lk/sinhala)
පෙර වසරවලට සාපේක්ෂව මෙම 2024 වසරේ වනඅලි මරණ වාර්තා වීම ඉහළ ගොස් ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනූව මෙම වසර තුළදී වනඅලි 350 ක් පමණ මියගොස් ඇති බවයි ‘වනජීවී දෙපාර්තමේන්තුව’ පෙන්වා දෙන්නේ.
මේ අතර වැඩිම මරණ සංඛ්‍යාවක් වෙඩි තැබීම්වලින් සිදුව ඇති බව සඳහන්.
එම සංඛ්‍යාව 70 ක් පමණ බවයි පැවසෙන්නේ.
එමෙන්ම විදුලිසැර වැදීමෙන් වන අලි 50 දෙනෙකු මියගොස් තිබෙන බව වාර්තා වනවා.
තවද ‘හක්ක පටස්’ ආහාරයට ගැනීමෙන් 35 කට ආසන්න වනඅලි පිරිසක් මියගොස් ඇති බවයි පැවසෙන්නේ.
මේ අතර දුම්රියේ ගැටීමෙන් වනඅලි මියයන සිදුවීම් වාර්තා වනවා.
එකී වනඅලි මරණ සංඛ්‍යාව 10 ක් බව සඳහන් ෴
‘මියන්මාර සරණාගතයින්’ගේ ගැටලු ගැන මානව හිමිකම් කොමිසම ජනපතිට ලියයි
(29.12.2024 – 13:36 +0530 – sinhala.adaderana.lk)
මෙරට රඳවා සිටින ‘මියන්මාර සරණාගතයින්’ගේ තත්ත්වය පිළිබඳව සොයාබැලීම සඳහා ඔවුන් හමුවීමට අවසර ලබාදෙන ලෙස ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව’ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකර ඇති බව වාර්තා වෙයි.
පසුගියදා මියන්මාරයේ සිට පැමිණි යාත්‍රාවක සිටි සරණාගතයින් 115 දෙනෙකු මුලතිව් වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගනු ලැබීය.
එම යාත්‍රාවේ කාර්යය මණ්ඩලයේ 12 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර අනෙක් පිරිස මුලතිවු ගුවන් හමුදා කඳවුරේ රඳවා තබා ඇති බව වාර්තා වෙයි.
මෙම සරණාගතයින් පිළිබඳව සොයාබැලීම සඳහා ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ’ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 26 වන දින ‘මුලතිවු ගුවන් හමුදා කඳවුර’ට ගොස් තිබුණි.
කෙසේවෙතත් අදාළ සරණාගතයින් බැලීම සඳහා ආගමන විගමන පාලක ජනරාල්වරියගේ අනුමැතියකින් තොරව අවසර ලබාදිය නොහැකි බව ගුවන් හමුදා නිලධාරීන් ප්‍රකාශ කර ඇත.
කිසිදු තැනැත්තෙකුට එම සරණාගතයින් හමුවීමට අවසර ලබානොදෙන ලෙස ආගමන විගමන පාලක ජනරාල්වරිය නියෝග කර ඇති බැවින් ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව’ ‘ආගමන විගමන පාලක ජනරාල්වරිය’ගෙන් ද ඒ සඳහා ඉල්ලීමක් කර තිබුණි.
එහෙත් අදාළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ‘ආගමන විගමන දෙපාර්තමේන්තුව’ දැනුම් දී ඇත්තේ එම රැකවරණය පතන්නන් වෙත ප්‍රවේශය ලබාගැනීම සඳහා අවසර ලබාදෙනු ලබන්නේ සිය දෙපාර්තමේන්තුව මගින් නොව ‘මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා’ බවය.
අදාළ දැනුම් දීම ද ‘ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයෙකු’ විසින් වාචිකව සිදුකර ඇති අතර ‘ආගමන විගමන පාලක ජනරාල්වරිය’ විසින් ඒ සම්බන්ධයෙන් ලිඛිතව සන්නිවේදනය කර නොමැති බව ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව’ පෙන්වාදෙයි.
අධිකරණයමය ආඥාවක් මගින් හෝ අන්‍යාකාරයකින් හෝ රඳවාගෙන සිටින තැනැත්තන්ගේ සුභසිද්ධිය ඔවුන් රඳවාගෙන සිටින ස්ථාන නිරතුරුවම පරීකත්ෂා කිරීමේ බලය ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව’ට පැවරී ඇති බව සඳහන්ය.
අදාළ කඳවුරේ සිටින සරණාගතයින්ගෙන් 40 දෙනෙකුට වැඩි පිරිසක් කුඩා දරුවන් වන අතර ඔවුන්ගෙන් බහුතරය ළදරුවන් බව වාර්තාවන බැවින් ඒ පිළිබඳව සොයාබැලීම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වගකීමක් බව ඔවුන් පෙන්වාදෙයි.
එම නිසා අදාළ රැකවරණය පතන්නන් වෙත කොමිසන් සභා නිලධාරීන්ට බාධාවකින් තොරව ප්‍රවේශ වීමටත් ඒ සඳහා පහසුකම් සැලසීමටත් සුදුසු නියෝග නිකුත් කරන ලෙස ත්‍රිවිධ හමුදා සේනාධිනායකයා සහ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව’ සිය ලිපිය මගින් දැනුම් දී ඇත ෴
ලොරි රථයකට හසුවී කුඩා බිළිඳෙකු මියයයි
(29.12.2024 – 09:38 +0530 – hirunews.lk/sinhala)
හසලක – ඇටබගොල්ල ප්‍රදේශයේදී ලොරි රථයක පිටුපස රෝදයකට යටවීමෙන් අවුරුදු එකයි (1) මාස 10 ක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (28) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බව සදහන්.
මව සහ පියා මෙම දැරියද සමඟ ඥාති නිවසකට ගොස් තිබූ අවස්ථාවේ, එම නිවසේ තිබූ ලොරි රථයක් ඉදිරියට ධාවනය කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කළේ.
අදාළ අනතුර හේතුවෙන් බරපතළ තුවාල ලැබූ කුඩා දැරිය මහියංගණය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදීයි මියගොස් ඇත්තේ.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴
හිටපු අමාත්‍ය මනූෂගේ සහෝදරයා රිමාන්ඩ්
(29.12.2024 – 14:58 +0530 – hirunews.lk/sinhala)
විදේශ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා අද (29) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.
ඉදිරි විමර්ශනවලට මෙම සිද්ධියට අදාළ තවත් පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කර අත්අඩංගුවට ගැනීම පිළිබඳ තීරණය කෙරෙන බවයි පොලිසිය පැවසුවේ.

‘ෆින්ලන්තයේ’ රැකියා ලබා දෙන පවසා රුපියල් මිලියන 3 ක මුදලක් වංචා කළ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා වන ‘තිසර නානායක්කාර’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (28) අත්අඩංගුවට ගත්තේ බිබිල ප්‍රදේශයේ දීයි.
විදෙස් රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 40 ක ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 30 ක මුදලක් ලබා ගෙන වංචා කිරීම ඔහුට එරෙහිව එල්ල වී තිබූ චෝදනාවයි ෴
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් 2025 ජනවාරි 06 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴