රුපියල් මිලියන 09 ක අල්ලසක් ලබා ගත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු සහ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට
රුපියල් මිලියන 09 ක අල්ලසක් ලබා ගත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු සහ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට
(28.12.2024 – 09:49 +0530 – hirunews.lk/sinhala)
පිටකෝට්ටේ දී හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු සහ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රුපියල් මිලියන 09 ක අල්ලසක් ලබා ගැනීමේ සිදුවීමකට අදාළවයි.
‘නාගරික සංවර්ධන අධිකාරිය’ විසින් අත්පත් කරගත් තම ඥාතියෙකුගේ ඉඩමට වන්දි ගෙවීම කඩිනම් කරන බවට පොරොන්දු වී තවත් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 09 ක අල්ලසක් ලබා ගනිමින් සිටියදී මෙම දෙදෙනා (2) අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම පවසන්නේ ෴
+
‘සලෝචන ගමගේ’ සහ ව්‍යාපාරිකයා රිමාන්ඩ්
(28.12.2024 – 13:43 +0530 – sinhala.adaderana.lk)
අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී ඇතුළු ව්‍යාපාරිකයා එළඹෙන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සැකකරුවන් දෙදෙනා (2) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.
රුපියල් මිලියන 09 ක අල්ලස් මුදලක් ලබාගත් ‘බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ’ හා ඊට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේ ඊයේ (27) දිනයේදීය.
කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව පිටකෝට්ටේ ප්‍රදේශයේදී වෙළෙඳසැලක් ඉදිරිපිටදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.
පැමිණිලිකරුගේ ඥාතියෙකුට අයත් ‘ටොරිංටන් ඇවෙනිව්’ ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ‘නාගරික සංවර්ධන අධිකාරිය’ මගින් පවරා ගැනීමෙන් අනතුරුව, එම ඉඩමකට අදාළ වන්දි මුදල් කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදන බව පවසා සැකකරුවන් අදාළ අල්ලස් මුදල ඉල්ලා ඇති බව වාර්තා විය ෴
හිටපු ජනාධිපති ‘මහින්ද රාජපක්ෂ’ගේ ප්‍රධාන ආරක්ෂක ‘මේජර් නෙවිල් වන්නිආරච්චි’ ගෙන් පැය 04 ක ප්‍රකාශයක් – ‘යෝෂිත රාජපක්ෂ’ටත් කැඳවීමක්
(28.12.2024 – 07:59 +0530 – hirunews.lk/sinhala)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන ‘මේජර් නෙවිල් වන්නිආරච්චි’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ (27) පැය 04 ක ප්‍රකාශයක් ලබාදුන්නා.
ඒ අයතා වත්කම් උපයා ගැනීමට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන්.
ඊයේ (27) උදෑසන 09:30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි මොහු ඉන් පිටව ගියේ පස්වරු 01:30 ට පමණයි.
මීට පෙර අවස්ථා දෙකකදී (2) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස මොහුට දැනුවත් කර තිබුණද ඔහු එහි පැමිණ තිබුණේ නැහැ.
මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් ‘යෝෂිත රාජපක්ෂ’ට ද ලබන වසරේ (2025) ජනවාරි මස 03 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.
ඒ, අයතා වත්කම් උපයා ගැනීමේ සිද්ධියක අදාළව සිදු කෙරෙන විමර්ශන සඳහායි ෴
රු. කෝටි 160 වංචා කළ අඹුසැමියන් රිමාන්ඩ්
(27.12.2024 – 17:45 +0530 – sinhala.adaderana.lk)
මූල්‍ය වංචාවක් සිදුකර රටින් පළාගොස් සිට ඉන්දියාවෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙරටට ඇතුළු වීමේ දී අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ ජනවාරි මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සැකකාර යුවළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
‘ප්‍රිවෙල්ත් ග්ලෝබල් ප්‍රයිවට් ලිමිටඩ්’ නම් මූල්‍ය ආයතනයක් මඟින් ව්‍යාපාරවල ලභාංශ ලබාදෙන බව පවසා රුපියල් කෝටි 160 ක පමණ මුදලක් වංචා කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි රැසක් ලැබී තිබුණි.
විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ එහි අධ්‍යක්ෂවරයා බිරිය හා දරුවා සමග නීතිවිරෝධී අයුරින් බෝට්ටුවක් මඟින් 2021 වසරේදී ඉන්දියාවට පළා ගොස් ඇති බවය.
අනතුරුව සැකකරුවන්ට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය හරහා ‘රතු නිවේදන’ නිකුත් කළ අතර එහිදී සිදුකළ සොයාබැලීමේදී අනාවරණ වී ඇත්තේ, සැකකරු සිය පවුල ද සමග ‘ඉන්දියාවේ වේදනායගම්’ ප්‍රදේශයට ගොඩබැසීමේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇති බවය.
අනතුරුව ඔවුන් වසර තුනක (3) පමණ කාලයක් එරට රැඳවුම් භාරයේ සිට ඇති අතර ඊයේ (26) මෙරටට පිටුවහල් කර තිබේ.
පළමුව අදාළ ආයතනයේ හිමිකරු හා ඔහුගේ 14 හැවිරිදි පුත්‍රයා දිවයිනට පැමිණීමේදී ‘කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ’දී ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්’ විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙරටට පැමිණීමට නොහැකි බව පවසමින් නොසන්සුන් ලෙස හැසිරීම හේතුවෙන් සැකකාර කාන්තාව වෙනත් ගුවන් යානයකින් මෙරටට එවා තිබේ.
ඒ අනුව ඇය ද ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනුනු අතර සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය’ වෙත භාර කෙරුණි.
ඔවුන් ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ අදාළ මූල්‍ය ආයතනය මහ බැංකුවේ ලියාපදිංචි කර නොමැති බවය.
සමන්තුරේ, කල්මුණේ සහ අම්පාර ප්‍රදේශවල මුස්ලිම් ජනයා ඉලක්ක කර මෙම නීතිවිරෝධී ක්‍රියාව සිදුකළ බවද, ව්‍යාපාරය පාඩු ලැබීම හේතුවෙන් ලාභාංශ ගෙවීම මඟහැර දිවයිනෙන් පළා ගිය බවද සැකකරුවන් පවසා තිබේ.
සැකකාර යුවළ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 06 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර ඔවුන්ගේ 14 හැවිරදි දරුවා තාවකාලික පරිවාසයට යටත්ව මිත්තණිය වෙත මුදාහරිනු ලැබීය.
+
මහනුවර ටියුෂන් සිසුන්ගේ ‘ෆෝන් හොරා’ බඩුත් එක්ක අත්අඩංගුවට
(27.12.2024 – gossiplankanews.com)
පෞද්ගලික පන්තිවලට සහභාගි වීම සඳහා මහනුවරට පැමිණෙන පාසල් සිසුන්ගේ ජංගම දුරකතන සොරාගැනීම සම්බන්ධයෙන් මහනුවර පොලීසියට ලැබුණු පැමිණිලි ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් මහනුවර දළදා වීදියේ බේකරි නිෂ්පාදනය අලෙවි ස්ථානයක් තුළදී අදාළ පුද්ගලයා ජංගම දුරකතනයක් සොරාගැනීමට උත්සහ කරද්දීම අත්අඩංගුවට ගෙන තිබේ.
කටුගස්තොට, කහල්ල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් පසු ඔහු විසින් සොරකම් කර අඹතැන්න සහ අකුරණ නගරවල ජංගම දුරකතන අලුත්වැඩියා කරන ස්ථාන දෙකකට (2) ඉතා අඩු මුදලකට විකුණා තිබූ ජංගම දුරකතන 15 ක් සොයාගත් බව පොලීසිය පවසයි. දිනකට රුපියල් 9,000 ක මුදලක් හෙරොයින් මත්කුඩු භාවිතය සඳහා වැය කරන සැකකරු සෙනග වැඩිපුර සිටින බස් රථවලට ගොඩ වී මගීන් අතර තෙරපෙමින් ගමන් බෑග්වල හා සාක්කුවල තිබෙන ජංගම දුරකතන හා මුදල් පසුම්බි සොරකම් කරන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
සැකකරු ජංගම දුරකතනයක් සොරාගත් වහා අකුරණට හෝ අඹතැන්නට ගොස් එය රුපියල් 5,000 ක මුදලකට අලෙවි කරන බවත්, දිනක පානය සඳහා අවශ්‍ය මත්කඩු ලබගැනීමට ඔහු අනිවාර්යයෙන්ම ජංගම දුරකතන දෙකක් (2) සොරාගැනීමට පුරුදුව සිට ඇති බවත් පොලීසිය පවසයි.
පිළියන්දල ප්‍රදේශයේ පදිංචි සැකකරු විවාහ වීමෙන් අනතුරුව කහල්ලේ පිහිටි බිරියගේ නිවෙසේ පදිංචියට පැමිණ ඇත. සැකකරුගෙන් ලද තොරතුරු මත අකුරණ හා අඹතැන්න ප්‍රදේශවල ජංගම දුරකතන අලුත්වැඩියා කරන ස්ථාන දෙක (2) පරීක්ෂා කිරීමේදී සැකකරුගෙන් අඩු මුදලට ගත් දුරකතන එහිදී කැබලි කර වෙනත් දුරකතන අලුත්වැඩියා කිරීමට ඒ කොටස් යොදාගන්නා බව අනාවරණය වී තිබේ. සොරබඩු මිලට ගැනීමේ චෝදනාව මත ජංගම දුරකතන අලෙවි ස්ථානයක පුද්ගලයකුද අත්අඩංගුවට ගත් බවත්, තවත් අයකු අත්අඩංගුවට නියමිත බවත් පොලීසිය පවසයි.
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් මත, කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතාගේ මෙහෙයවීමෙන්, පොලිස් පරීක්ෂකවරුන් වන ධම්මික, වීරරත්න, පොලිස් සැරයන්වරුන් වන 32874 ජයවර්ධන, 31973 රත්නායක, 5855 වෑත්තෑව, පොලිස් කොස්තාපල් 76739 තිලකරත්න යන නිලධාරීන් මාසයක පමණ කාලයක් තිස්සේ පරීක්ෂණ සිදු කරමින් තොරතුරු රැස් කර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ ෴
මගී ප්‍රවාහන බස් පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුම් තවදුරටත්
(28.12.2024 – 16:40 +0530 – hirunews.lk/sinhala)
මගීන්ගේ ආරක්ෂාව සඳහා, මගී ප්‍රවාහන බස් රථ පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිසිය පවසනවා.
මෙහිදී ප්‍රධාන වශයෙන් දුර ගමන් සේවා බස් රථ රියදුරන් මාර්ග නීති උල්ලංඝනය කරමින් අපරික්ෂාකාරී ලෙස ධාවනය කිරීම සම්බන්ධයෙන් අවදානය යොමු කෙරෙනු ඇතියි.
ඒ සම්බන්ධයෙන් අදාළ බස්රථ වල ගමන් ගන්නා මගීන් ගෙන් ද සාර්ථක තොරතුරු පොලිසියට ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.
මෙහිදී බස් රථ සඳහා සිවිල් ඇඳුමින් නිළධාරීන් රාජකාරියේ යොදවා දුර ගමන් සේවා බස් රථවල සැළකිය යුතු දුර ප්‍රමාණයක් ගමන් කර රියදුරන් සිදු කරන රථවාහන වැරදි සම්බන්ධව නිරීක්ෂණය කිරීමට කටයුතු කර තිබෙනවා.
ඉන්පසු ඉදිරි ස්ථානයකදී නිල ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් එම බස් රථ නවත්වා, සිදුකරන ලද රථවාහන වැරදි පිළිබඳ අදාළ රියදුරන් දැනුවත් කර ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීම සිදු කරනු ඇති.
+
+
කොලොන්නාවේ ඉන්ධන ජාවාරමකට 5 ක් කොටුවෙයි
(28.12.2024 – 15:40 +0530 – hirunews.lk/sinhala)
කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ සිට යන ඉන්ධන පිරවු බවුසර්වලින් ඉන්ධන ජාවාරමේ නිරත වූ බවට සැකපිට පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම ඉන්ධන පිරවු බවුසර් රථවල මුද්‍රා නොකඩා ඉතා සූක්ෂම අයුරින් ඉන්ධන සොරා ගෙන අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ බවයි වාර්තා වන්නේ.
ඒ සම්බන්ධයෙන් ඉන්ධන බවුසර් රථ දෙකක (2) රියදුරන් දෙදෙනෙකු (2) සාහයකයන් දෙදෙනෙකු (2) මෙන්ම ඉන්ධන මිලදී ගත් පුද්ගලයා (1) ද අත්අඩංගුවට ගත් බවයි බණ්ඩාරගම පොලිසිය පවසන්නේ.
පෙට්‍රල් ලීටර් 70 ක් සහ ඩීසල් ලීටර් ඉන්ධන 80 ක් සහිත ප්ලාස්ටික් බුලි 7 ක් සමගයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
බණ්ඩාරගම, වැල්මිල්ල, මෛත්‍රී මාවතේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා ෴
හිටපු අමාත්‍ය මනූෂගේ සොහොයුරා CID අත්අඩංගුවට
(28.12.2024 – 14:20 +0530 – hirunews.lk/sinhala)
‘හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර’ගේ සොහොයුරා ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ විසින් අත්අඩංගුවට ගනුලැබ තිබෙනවා.
ඒ ‘මූල්‍ය වංචාවක්’ සම්බන්ධයෙන් අද (28) බිබිල ප්‍රදේශයේදී යි.
ඒ, ‘ෆින්ලන්තයේ විදේශ රැකියා ලබා දෙන බව’ පවසා රුපියල් ලක්ෂ 40 ක මුදලක් ඉල්ලා සිට ඉන් රුපියල් ලක්ෂ 30 ක මුදලක් ලබාගෙන වංචා කිරීමේ සිද්ධියකට අදාලව බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සොහොයුරෙකු වන ‘තිසර ඉරෝෂණ නානායක්කාර’ නමැති අයෙක්.
එමෙන්ම, අත්අඩංගුවට ගත් සැකකරු හෙට (29) දිනයේදී ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

+
මනුෂ නානායක්කාරගේ සහෝදරයා අත්අඩංගුවට.. ලේකම් පසුපස පොලිසිය පන්නයි.. ඔහු අතුරුදන්..
(28.12.2024 – 15:00 +0530 – lankacnews.com)
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මූල්‍ය වංචා සිද්ධියකට අදාළව මෙම සැකකරු බිබිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
ඊශ්‍රායල් රැකියා සහ දකුණු කොරියානු රැකියා ලබාදෙන බව කියමින් අයථා ලෙස මුදල් ඉපයූ බව කියන පරීක්‍ෂණයකට සිදු කරන විමර්ශණ වලට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.
හිටපු අමාත්‍යවරයාගේ සමබන්ධීකරන ලේකම්වරයෙකුව සිටි ‘භාග්‍ය කාරියවසම්’ නැමති පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව පැවසේ.
එම පුද්ගලයාත් එම ජාවාරමට සම්බන්ධ තවත් කිහිප දෙනෙකුත් මේවන විට අතුරුදහන්ව සිටි ෴
රථ වාහන වැරදි සම්බන්ධයෙන් පැය 24 ක කාලය තුළ හසුවූ රියදුරන් ගනන 8,000 ඉක්මවයි
(28.12.2024 – 17:38 +0530 – sinhala.adaderana.lk)
අද (28) පෙරවරු 6න් අවසන් වු පැය 24 ක කාලය තුළ සිදුකළ විශේෂ රථ වාහන මෙහෙයුමේ දී බීමත් රියදුරන් 383 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව අදාළ කාලය තුළ සමස්ත රථ වාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 8,392 නෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
එහිදී මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රියදුරන් 1382 දෙනෙක්ද, බලපත්‍ර වැරදි සම්බන්ධයෙන් රියදුරන් 690 දෙනෙක්ද, අධිකවේගයෙන් රිය පැදවීම සම්බන්ධයෙන් 98 දෙනෙක්ද මෙන්ම අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය සම්බන්ධයෙන් රියදුරන් 59 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේ.
උත්සව සමයේ රථවාහන අනතුරු අවම කර ගැනීමේ අරමුණින් වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි විශේෂ රථවාහන මෙහෙයුමක් පසුගිය 23 වනදා සිට දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරුණි ෴
ගංවතුරෙන් කඩුවෙල යටවීම වැළැක්වීමට විශේෂ පියවරක්
(28.12.2024 – 16:53 +0530 – sinhala.adaderana.lk)
කැලණි ගඟේ ගංවතුර හේතුවෙන් කඩුවෙල නගර සභා ප්‍රදේශ යටවීම පාලනය කිරීම සඳහා විශේෂ පියවර කිහිපයක් ගෙන තිබේ.
ඒ අනුව ඒ අවට පහත් බිම් ගොඩ කිරීම සහ ඒ ආශ්‍රිත සිදුකෙරෙන වැලි කැණීම් කටයුතු ඊයේ (27) සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.
කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී මේ සම්බන්ධව තීරණය ගත් බව එම කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ පැවසීය.
ඔහු පැවසුවේ අඹතලේ ජල පවිත්‍රාගාරයට ආසන්නව ඉදිකර ඇති පාලන ජල වේල්ල හේතුවෙන් ගංවතුර තත්ත්වය ඇති වීම සඳහා විශාල බලපෑමක් ඇතිවන බවය.
මේ හේතුවෙන් ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ මෙම ස්ථීර ජල වේල්ල වෙනුවට ස්වංක්‍රීය ජල වේල්ලක් සකස් කිරීම සඳහා සැලසුම් මේ වන විට සකස් කරමින් පවතින බවද ඔහු පැවසීය ෴
උතුරු නැගෙනහිර ඉන්දියාවට පාවා දෙන දේශද්‍රෝහීන්… (28.12.2024)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴
Re Salochana Gamage ……. oya inne hotu pohottu horu! Munge ley walama thiyena gathiyak.