දෙනියායේ පැතිර යන උණ රෝගයට හේතුව හෙළි වෙයි
(11.05.2026 – hirunews.lk)
දෙනියායේ පාසල් හතරක (4) දරුවන් අතර උණ රෝගයක් පැතිරයාමට හේතුව, ජල මූලාශ්ර අපවිත්ර වීමෙන් ඇතිවූවක් බව සෞඛ්ය අංශ සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.
‘හිරු ප්රවෘත්ති’ කළ විමසීමකදී දකුණු පළාත් සෞඛ්ය සේවා අධ්යක්ෂ වෛද්ය එන්.ජී.එස්. පණ්ඩිතරත්න ද මේ බව තහවුරු කළා.
දෙනියාය අධ්යාපන කලාපයට අයත් පාසල් හතරක (4) උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එය වැළැක්වීමේ ක්රමෝපායක් ලෙස අදාළ පාසල් දින කිහිපයක් වසා දැමීමට ද පළාත් අධ්යාපන බලධාරින් පියවර ගත්තා.
අනතුරුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කොළඹින් විශේෂඥ වෛද්ය කණ්ඩායමක් එම ප්රදේශයට පිටත්ව ගිය අතර ඔවුන් විසින් සිදුකළ පරීක්ෂණයට අනුවයි ජල මූලාශ්ර අපවිත්ර වීම රෝගය පැතිර යාමට හේතුව බවට අනාවරණය වී ඇත්තේ.
මේ වනවිට රෝගය පැතිර යාම පාලනය කර තිබෙනවා. අදාළ පාසල් පිරිසිදු කිරීමේ කටයුතු ද සති අන්තයේ සිදුකෙරුණු අතර අද (11) සහ හෙට (12) දිනයේ ද උණ රෝගී සිසුන් වාර්තාවූ පාසල් හතර වසා දමා තිබෙනවා ෴
කොළඹ වරාය නගරයේ CDF Duty Free පිළිබඳ නව නියාමන වෙනස්කම්
(11.05.2026 – hirunews.lk)
China Duty Free Group විසින් හඳුන්වාදුන් ‘Downtown Duty Free’ සංකල්පය යටතේ ක්රියාත්මක වන කොළඹ වරාය නගරයේ CDF Duty Free වෙළඳසැල, නව නියාමන සංශෝධන සමඟ ශ්රී ලංකාවේ duty-free වෙළඳ ආකෘතිය තවදුරටත් ශක්තිමත් කිරීමට යෝජනා කර ඇත.
මෙම වෙළඳ සංකීර්ණය ඩුබායි, සිංගප්පූරුව සහ හොංකොං වැනි ප්රමුඛ වෙළඳ මධ්යස්ථානවලට සමාන උසස් මට්ටමේ වෙළඳ පරිසරයක් යටතේ, ශ්රී ලාංකික සංචාරකයන්ට ජාත්යන්තර මට්ටමේ duty-free මිලදී ගැනීමේ අත්දැකීමක් ලබාදෙයි.

මෙම යෝජිත නියාමනවල ප්රධාන කරුණු වන්නේ:
සෑම විදේශ ගමනකින් පසුවම ශ්රී ලංකා පුරවැසියන්ට සහ පදිංචිකරුවන්ට duty-free මිලදී ගැනීම් සඳහා සුදුසුකම් ලබාදීම.
රටට පැමිණීමෙන් පසු දින 4ක කාලය තුළ වාර දෙකක් (2) වෙළඳසැලට පැමිණීමට අවසර ලබාදීම.
“කොළඹ වරාය නගරයේ (Port City Colombo) පිහිටි මෙම වෙළඳසැල, ගුවන්තොටුපොළ වෙළඳසැල්වල පවතින කාල සීමා පීඩනයකින් තොරව, ශ්රී ලාංකික සංචාරකයන්ට පහසුවෙන් duty-free භාණ්ඩ මිලදී ගැනීමට හැකිවන පරිදි සැලසුම් කර ඇත” යැයි CEO / Country GM ඩිමන්ත කිනිගම මහතා පැවසීය.
“මෙහි සුවඳවිලවුන්, රූපලාවන්ය නිෂ්පාදන, ඇඳුම්, චොකලට්, විදුලි උපකරණ සහ ගමන් අවශ්යතා ඇතුළු පුළුල් නිෂ්පාදන පරාසයක් duty-free මිලට ලබාගත හැක. මෙම වෙළඳසැල තරඟකාරී මිල ගණන් සහ ජාත්යන්තර වෙළඳ සන්නාම රැසක් සමඟ කලාපීය මට්ටමේ duty-free ගමනාන්තයක් ලෙස ස්ථාපිත වී ඇත.”
2024 සැප්තැම්බර් මාසයේදී මෙහි මෙහෙයුම් ආරම්භ කළ අතර, ආරම්භක ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 5 කි. මේ වන විට CDF Duty Free විසින් සංචාරකයන් 120,000 කට ආසන්න සංඛ්යාවකට සේවය ලබාදී ඇත.
ආගමනික සංචාරකයන් සඳහා දැනට පවතින duty-free මිලදී ගැනීමේ උපරිම සීමාව ඇමරිකානු ඩොලර් 2,000 ක් වන අතර, එය භාණ්ඩ වර්ග අනුව ප්රමාණ සීමාවන්ට යටත් වේ.
සියලු ගනුදෙනු ශ්රී ලංකා රේගු පද්ධතිය සමඟ ඩිජිටල් ලෙස සම්බන්ධ කර ඇති අතර, ඒ මඟින් නියාමන අනුකූලතාව සහ විනිවිදභාවය තහවුරු කෙරේ ෴
ත්රිකුණාමලයේ බිළිඳු මරණය : විශේෂඥ වෛද්යවරයෙකු සහ ජ්යෙෂ්ඨ නේවාසික වෛද්යවරියකගේ වැඩ තහනම්
(11.05.2026 – hirunews.lk)
ත්රිකුණාමලය මහ රෝහලේදී සිදුවූ බිළිඳු මරණයක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකට අනුව, එහි සේවය කළ ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්යවරයෙකු සහ ජ්යෙෂ්ඨ නේවාසික වෛද්යවරියකගේ සේවය වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවීමට සෞඛ්ය අමාත්යාංශය පියවර ගෙන තිබෙනවා.
මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ ත්රිකුණාමලය මහ රෝහලේ ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්යවරයෙකුගේ සහ ජ්යෙෂ්ඨ නේවාසික වෛද්යවරියකගේයි.
රාජකාරි වේලාව තුළ සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කිරීම ඇතුළු විෂමාචාර ක්රියාවන් කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ.
පසුගිය අප්රේල් මස 09 වනදා රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය ක්රියාත්මක කළ වෘත්තීය සමිති ක්රියාමාර්ගය අතරතුර, ත්රිකුණාමලය මහ රෝහලේදී සිදුවූ දරු ප්රසූතියකදී බිළිඳෙකු මියගොස් තිබුණා.
ඒ සම්බන්ධයෙන් සෞඛ්ය අමාත්යාංශය පැවැත්වූ මූලික විමර්ශණයේදී අනාවරණය වී ඇත්තේ, එස්. තිලක්ෂිකා නමැති මවගේ ප්රසූතිය සම්බන්ධයෙන් සූතිකාගාරයේ සිට අවස්ථා හයකදී (6) දුරකථනයෙන් දැනුම් දී තිබුණද, අදාළ වෛද්යවරුන් දෙදෙනා (2) සූතිකාගාරයට පැමිණ නොමැති බවයි. (#)
මෙම සේවය අත්හිටුවීමට එරෙහිව ත්රිකුණාමලය මහ රෝහලේ වෛද්යවරුන් අද (11) වැඩ වර්ජනයක නිරත වන බවට රාවයක් පැතිර ගියද, එවැනි වෘත්තීය සමිති ක්රියාමාර්ගයක් පිළිබඳව තමන් දැනුවත් කර නොමැති බව රෝහල් අධ්යක්ෂ වෛද්ය සදමාලි සමරකෝන් පැවසුවා.
අද (11) දින රෝහලේ සියලු සායනික හා ප්රතිකාර කටයුතු සාමාන්ය පරිදි සිදුවූ බවද රෝහල් ආරංචි මාර්ගවලින් පැවසෙනවා ෴
(# එමෙන්ම අදාළ වෛද්යවරු දෙදෙනා එම අවස්ථාවේ පෞද්ගලික රෝහලක සිසේරියන් සැත්කමකට සහභාගී වී සිට ඇති බවටත් චෝදනා එල්ල වී තිබූ අතර ඒ අනුව සෞඛ්ය අමාත්යාංශය විසින් සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදුකර තිබේ. – sinhala.adaderana.lk)
උදය ගම්මන්පිල ඇතුළට – ත්රස්ථ විමර්ශන ඒකකය ළඟ දැන් ලැබුණු දර්ශන (11.05.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්රතිචාර (සිංහල හෝ ඉංග්රීසි බසින්) ලබාදෙන්න ෴