ධාවනය වූ වෑන් රථයක රෝදයක් ගැලවී මාරක අනතුරක්

ධාවනය වූ වෑන් රථයක රෝදයක් ගැලවී මාරක අනතුරක්


ධාවනය වූ වෑන් රථයක රෝදයක් ගැලවී මාරක අනතුරක්

(27.12.2024 – 07:41 +0530 – sinhala.adaderana.lk)

ධාවනය වෙමින් තිබූ වෑන් රථයක පිටුපස දකුණු රෝදය ගැලවී ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මෙම අනතුර සිදුවී තිබුණේ, ඊයේ (26) සවස් කාලයේ මාවතගම පොලිස් වසමේ මහනුවර කුරුණෑගල මාර්ගයේ උදාරගම ප්‍රදේශයේදී ය.

මහනුවර දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයේ පිටුපස දකුණු රෝදය ගැලවී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රීරෝද රථයක වෑන් රථය ගැටී තිබුණි.

එහිදී ත්‍රීරෝද රථයේ ගමන් කළ රියදුරු සමග පසුපස අසුනේ සිටි තිදෙනෙකු (3) හා වෑන් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා මාවතගම රෝහලට ඇතුළත් කෙරුණි.

එම අනතුරෙන් මියගොස් තිබුණේ ත්‍රීරෝද රථයේ ගමන් කර තුවාල ලැබූ එක් පුද්ගලයෙකි.

මරණකරු වයස අවුරුදු 60 ක් වූ දොඩවෙල, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘතශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මාවතගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි ෴


වාහන පරීක්ෂා කළ සැරයන්වරයා ටිපර් රථයට යටවී ජීවිතක්ෂයට

(27.12.2024 – 08:38 +0530 – hirunews.lk/sinhala)

හබරණ ත්‍රිකුණාමලය මාර්ගයේ ගල්ඔය පොලිස් මාර්ග බාධකය අසලදී පොලිස් නිලධාරීන් වාහන පරීක්ෂා කිරීමේ රාජකාරි යෙදී සිටියදී ටිපර් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරියෙකුගේ ගැටීමෙන් ටිපර් රථයද සමග ඉදිරියට ඇදීගෙන ගොස් ඉදිරියෙන් තිබූ ලොරි රථයක හා කාර් රථයකද ගැටීමෙන් ඊයේ (26) අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් පොලිස් නිලධාරියා බරපතල තුවාල ලබා හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

තවද එම අනතුරින් තවත් පොලිස් නිලධාරියෙකු, කාර් රථයේ සිටි කාන්තාවක් සහ වයස මාස 04 ක කුඩා දරුවෙකු, ලොරි රථයේ රියදුරු ද තුවාල ලබා හබරණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා දඹුල්ල රෝහලට මාරුකර යවා තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 56 ක් වූ භාතියගම, කන්තලේ ප්‍රදේශයේ පදිංචි හබරණ පොලිස් ස්ථානයට අනුයුක්ත ගල්ඔය පොලිස් මුරපොලෙහි රාජකාරි කරනු ලැබූ පොලිස් සැරයන්වරයෙක්.

මෘත ශරීරය පොළොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනතුරට සම්බන්ධ රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඇතිමලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


මාලිමා මන්ත‍්‍රී මාලිමා මන්ත‍්‍රීනියක් හා අනියම් ඇසුරක.. ප‍්‍රාඩෝ රථයකුත් සොරකම් කරලා.. – බිරිද පොලිසි යයි..

(27.12.2024 – 09:20 +0530 – lankacnews.com)

ප‍්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් පැහැර ගත් බවට ‘ජාතික ජන බලවේග’ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

එම පැමිණිලි කර ඇත්තේ එම මන්ත්‍රීවරයාගේ බිරිඳවන නීතිඥවරියක් විසිනි.

තමන්ට අයත් මෙම ජීප් රථය රැගෙන ගොස් පරිහරණය කරන බවත් එම රථය කිසියම් නීති විරෝධී ක්‍රියාවක් සඳහා යොදවා ගන්නේදැයි බලවත් සැකයක් පවතින බවත් නීතීඥ බිරිඳ මෙම පැමිණිල්ල මගින් කියා සිටියි.

තමාගේ රථය සැමියා ගෙන ගොස් පරිහරණය කිරීමෙන් තමන්ගේ ගමන් බිමන් යාමට නොහැකිව අපහසුතාවයට පත්ව සිටින බව ද ඇය සදහන් කර ඇත.

තම සැමියා ‘ජාතික ජන බලවේග’ මන්ත්‍රීවරියක් සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවත් එම සම්බන්ධතාවය නතර කරන ලෙස අවස්ථා ගණනාවකදී අවවාද කළත් එය නතර කර නොමැති බවද පැමිණිලිකාරිය කියා සිටී.

එම අනියම් සම්බන්ධතාවය නතර නොකළ නිසා තමන් තම මවගේ නිවසට ගොස් පදිංචිව සිටින බව ඇය කළ පැමිණිල්ලේ සදහන්ය.

මේ පිළිබවදව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත ෴


පල්ලිය හා පන්සල අතර ඇති වෙනස කුමක් ද? – පූජ්‍ය බලංගොඩ කස්සප හිමි (27.12.2024)

+


“මං ගැන හොයන්න එපා” | හබරණ කැලේ ගිනිගත් කැබ්රථයේ හිමිකරු අවසන් වරට බිරිඳට දුන් ඇමතුම (27.12.2024)

+


රුපියල් කෝටි 160 ක මුදලක් වංචාකර ඉන්දියාවට පැන්න අඹුසැමියන් ගැන තවත් කරුණු

(27.12.2024 – 13:57 +0530 – sinhala.adaderana.lk)

රුපියල් කෝටි 160 ක මුදලක් වංචාකර රටින් පළාගොස් සිටි අඹුසැමි යුවළක් ඉන්දියාවෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ මගින් ‘කටුනායක ගුවන්තොටුපොළේදී’ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර යුවළ අද (27) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

‘ප්‍රිවෙල්ත් ග්ලෝබල් ප්‍රයිවට් ලිමිටඩ්’ නම් මූල්‍ය ආයතනය මගින් ව්‍යාපාරවල ලාභාංශ ලබාදෙන බව පවසා රුපියල් කෝටි 160 ක පමණ මුදලක් වංචා කර ඇති බවට ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට’ පැමිණිලි රැසක් ලැබී තිබුණි.

ඒ අනුව විමර්ශන සිදුකළ නිලධාරීන්ට දැනගැනීමට හැකිව ඇත්තේ එහි අධ්‍යක්ෂවරයා, සිය බිරිය හා දරුවා සමග නීතිවිරෝධී අයුරින් බෝට්ටුවක් මගින් 2021 වසරේදී ඉන්දියාවට පළාගොස් ඇති බවය.

අනතුරුව සැකකරුවන්ට එරෙහිව ‘ජාත්‍යන්තර පොලීසිය’ හරහා ‘රතු නිවේදන’ නිකුත් කළ අතර, එහිදී සිදුකළ සොයාබැලීමේදී අනාවරණ වී ඇත්තේ, සැකකරු සිය පවුලද සමග ඉන්දියාවේ වේදනායගම් ප්‍රදේශයට ගොඩබැසීමේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අනතුරුව ඔවුන් වසර තුනක (3) පමණ කාලයක් එරට රැඳවුම් භාරයේ සිට ඇති අතර‍, ඊයේ (26) දිනයේදී මෙරටට පිටුවහල් කර තිබේ.

පළමුව අදාළ ආයතනයේ හිමිකරු හා ඔහුගේ 14 හැවිරිදි පුත්‍රයා දිවයිනට පැමිණීමේදී කටුනායක ගුවන්තොටුපොළේ දී ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ’ නිලධාරීන් මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහුගේ බිරිද මෙරටට පැමිණීමට නොහැකි බව පවසමින් ඉන්දියාවේදී කලබල කර ඇති අතර අනතුරුව ඇයව වෙනත් ගුවන් යානයකින් මෙරටට එවා තිබේ.

ඒ අනුව ඇයව ද ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරුවන් පිරිස අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය වෙත වැඩිදුර විමර්ශන සඳහා භාරදී තිබේ.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ මහ බැංකුවේ අදාළ මූල්‍ය ආයතනය ලියාපදිංචි කර නොමැති බවය.

එමෙන්ම සිය ව්‍යාපාරය පාඩු ලැබීම හේතුවෙන් ලාභාංශ ගෙවීම මගහැර දිවයිනෙන් පලාගිය බවද ඔවුන් පවසා තිබේ.

‘සමන්තුරේ, කල්මුණේ සහ අම්පර ප්‍රදේශවල මුස්ලිම් ජනයා’ ඉලක්ක කර මෙම නීති විරෝධී ක්‍රියාව සිදුකළ බවද සැකකරුවන් පවසා ඇති බව වාර්තා වේ ෴


නැගෙනහිර ක්‍රිස්තියානි ආක්‍රමණය… (27.12.2024)

+


‘හිරු නිවේදිකාවක්’ ලක්ෂපාන දියඇල්ලෙන් පනී

(27.12.2024 – 16:25 +0530 – hirunews.lk/sinhala)

මෑතකදී ලොව පුරා කරන ලද සංචාරක සමීක්ෂණවලින් ආසියාවේ සුන්දරම සහ ආකර්ෂණීයම ගමනාන්ත අතර ප්‍රමුඛස්ථානය හිමි කරගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

අභියෝගාත්මක කාලසීමාවකින් පසු මෙරට සංචාරක කර්මාන්තය යළිත් වර්ධනය වී ඇත්තේ මේ වසරේ (2024) මිලියන 2 කට ආසන්න සංචාරකයින් සංඛ්‍යාවක් සිය ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තෝරාගෙන ඇති පසුබිමකයි.

එලෙස යළි පණ ලබන සංචාරක කර්මාන්තයේ නව අත්දැකීමක් සොයා ‘හිරු ප්‍රවෘත්ති කණ්ඩායම’ ගවේෂණය කළා.

මීට අමතරව ලක්ෂපාන දියඇල්ලත් සංචාරකයින්ට තවත් වෙනස් අත්දැකීමක් විඳගත හැකි ස්ථානයක්.

මීටර 126 ක උසකින් යුත් ලක්ෂපාන දියඇල්ලට හිමිවන්නේ මෙරට උසම දියඇලි අතර 08 වන ස්ථානයයි.

මෙම දියඇල්ල ආශ්‍රිතව ත්‍රාසජනක අත්දැකීමකට එකතු වෙන්න ‘හිරු’ටත් අවස්ථාව හිමිවුණා.

+


27.12.2024

+


ප්‍රිය ගීතයෙන් සංගීත කෙත පෝෂණය කළ ප්‍රියා දැයට සමුදෙයි

(27.12.2024 – 19:28 +0530 – hirunews.lk/sinhala)

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (27) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරුණා.

ඒ කලාකරුවන් ඇතුලු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්.

දේහය අද (27) පස්වරුව වනතුරු බොරැල්ලේ, පෞද්ගලික මල්ශාලාවක තැන්පත්කර තිබුණා. ජනාධිපති අනුර කුමාර දිසානායක ද එහිදී දේහයට අවසන් ගෞරව දක්වනු ලැබුවා.

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 24 වනදා පෙරවරුවේ අභාවප්‍රාප්ත වුණේ, සිය දිවි ගමනේ අසූ වැනි (80) කඩඉම පසුකරමින් සිටියදීයි.

මේ අවමංගල්‍ය සභාව ඇමතුවා ප්‍රවීණ ගායන ශිල්පීන් වන ජානක වික්‍රමසිංහ සහ විශාරද එඩ්වඩ් ජයකොඩි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *