පාතාලයෙන් වැටුප් ලබන පොලිස් නිලධාරීන් ඉන්නවා – මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල
පාතාලයෙන් වැටුප් ලබන පොලිස් නිලධාරීන් ඉන්නවා – මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල
(26.12.2024 – 11:38 +0530 – sinhala.adaderana.lk)
පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම තුළ වැටුප් ලබන පොලිස් නිලධාරීන් සිටින බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද (26) ‘BIG FOCUS’ වැඩසටහනට එක්වෙමිනි.
එහිදී ඔහු පෙන්වා දුන්නේ පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමට ගෙන ඇති ඇතැම් පියවර මාධ්‍ය ඉදිරියේ හෙළි කිරීමට නොහැකි බවය.
“පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම යට පඩි ගන්න පොලිස් නිලධාරීන් ඉන්නවා. අපිට රුවන්වැල්ලේ මුළු පොලීසියම වගේ මාරු කරන්න සිද්ධ වුණා. බුද්ධි තොරතුරු අරගෙන. ඒ විතරක් නෙමෙයි අවිස්සාවේල්ලේ. මේ අය ජාලයක්. පාතාල සල්ලි පොලීසිය අතට යනවා.”
“අපි පොලිස්පතිව ගෙනල්ලා සාකච්ඡා කළා. දැන් පාතාලය මෙහෙයවන්නා මතුගම ඉන්නේ.”
“අපි මේක ප්‍රශ්නයක් විදියට දකිනවා. අපි ගත්තු සියලුම ක්‍රියාමාර්ග මාධ්‍ය හරහා හෙළිකරන්න අමාරුයි. මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමින් තීන්දු තීරණ ටිකක් අරගෙන තියෙනවා. ඒවා ක්‍රියාත්මක කිරීමේ වගකීම දීලා තියෙන්නේ පොලිස්පති ඇතුළු කණ්ඩායමට.”
“අපි සියලුම පොලිස් නිලධාරීන්ට කියන්නේ මහජන වරමට ගරු කරන්න කියලා.”
“ඊයේ පෙරේදා ආයෙත් පාතාල සිද්ධි ඉස්මතු වුණා. මේක ඇතුළේ පටු අවස්ථාවාදී දේශපාලනයත් තියෙනවා.”
+
උපන් බිමේ අයිතිය අහිමි බෞද්ධයෝ.. – පූජ්‍ය බලංගොඩ කස්සප හිමි (26.12.2024)
+
NPP නිරාගමික මිසදිටුවන්ගේ දැනගැනීම පිණිස : පාළි – සිංහල ජයමංගල ගාථා – ගායනය නන්දා මාලනී දේවිය
+
මුහුදේ දිය නෑමට ගොස් අතුරුදන් වූ තවත් අයෙකුගේ සිරුර වෙරළට
(26.12.2024 – 13:20 +0530 – hirunews.lk/sinhala)
‘අම්පාර, සංගමන්කන්ද උම්රි තොටුපොල’ ආසන්න මුහුදේ දිය නෑමට ගිය පිය පුතු දෙපළක් (2) ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් (3) දියේ ගිලී අතුරුදන් වුණා.
අද (26) පෙරවරුවේ ඔවුන්ගෙන් එක් (1) අයෙකුගේ මළ සිරුර වෙරළට ගොඩගසා තිබුණා.
අම්පාර සංගමන්කන්ද, තණ්ඩිඅඩි ප්‍රදේශයේ පදිංචි පිරිසක් ඊයේ (25) පස්වරු 6 ට පමණ ‘සංගමන්කන්ද උම්රි තොටුපොළ’ ආසන්නයට ගොස් තිබුණේ නත්තල් නිවාඩු දිනයේදී විනෝද වීම සඳහායි.
පුද්ගලයින් 10 දෙනෙකු පමණ එහි සිට ඇති අතර, ඔවුන්ගෙන් අයෙක් මුහුදේ දිය නාමින් සිටියදී ජල පහරකට හසුව ගසාගෙන ගොස් තිබුණා.
ඥාතීන් පවසන්නේ, එම තරුණයාව බේරා ගැනීම සඳහා පිහිනා ගිය ඔවුන්ගේ ඥාති සොහොයුරෙක් ද එහිදී දියේ ගිලී අතුරුදන් වූ බවයි.
ඒ අනුව, දෙවැනියට (2) අනතුරට මුහුණ දුන් තරුණයාගේ පියා ද ඔවුන් දෙදෙනා (2) බේරා ගැනීමට පිහිනා යෑමේදී රළ පහරකට හසුවී දියේ ගිලී අතුරුදන් තිබුණා.
අනතුරුව මේ පිළිබඳව කළ දැනුම්දීම අනුව නාවික හමුදාව, පොලිසිය සහ ගම්වාසීන් එක්ව බෝට්ටු යොදාගෙන ඔවුන් සෙවීමේ කටයුතු ආරම්භ කළත් එය සාර්ථක වූයේ නැහැ.
එවන් පසුබිමක දියේ ගිලුණු පුද්ගලයින් තිදෙනා (3) ගෙන් එක් (1) අයෙකුගේ මළ සිරුර අද (26) පෙරවරු 9 ට පමණ වෙරළට ගොඩ ගසා තිබුණා.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නැහැ ෴
කළු ගඟට ගිය කාන්තාව කිඹුලෙකුට බිලි
(26.12.2024 – 14:48 +0530 – hirunews.lk/sinhala)
කිඹුලෙකු විසින් ඩැගැගෙන ගිය කාන්තාවක් අවාසනාවන්ත ලෙසින් ජීවිතක්ෂයට පත් වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
ඒ කළුතර කොහොලාන ප්‍රදේශයෙන්.
මෙම කාන්තාව කළු ගගේ වළං සේදීමට ගිය අවස්ථාවේදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී තිබෙනවා.
මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 50 ක කාන්තාවක්.
කළු ගගේ බෝට්ටු යොදා ප්‍රදේශයේ ජනතාව සිදුකළ සෝදිසි මෙහෙයුමෙන් පසුව ඇගේ දේහය සොයාගෙන තිබෙනවා.
+
+
රහසිගත වීඩියෝවක් එළියට දාපු සංජය කළ දැවැන්ත හෙළිදරව්ව (26.12.2024)
+
මෙයාලා ගහන්නෙත් කෙහෙළියගේ ගේම..? | ඖෂධ සංස්ථාවේ සභාපතිගේ කතාවට වෛද්‍ය චමල් සංජිවගේ විරෝධය (26.12.2024)
+
රූපවාහිනිය රු. කෝටි 80 ක වැට් ගෙවලා නෑ, හතර වටේට බිලියන රු. 1.6 ක් ණයයි | රූපවාහිනය ඇතුළේ රහස් (26.12.2024)
+
වසර 3 කට පෙර රුපියල් බිලියන 1.6 ක මූල්‍ය වංචාවක් කළ යුවළක් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට
(26.12.2024 – 22:41 +0530 – hirunews.lk/sinhala)
වසර 3 කට පෙර රුපියල් බිලියන 1.6 ක මූල්‍ය වංචාවක් සිදු කර බෝට්ටුවකින් ඉන්දියාවට පලා ගිය බව කියන යුවළක්, නැවත දිවයිනට පැමිණීමට උත්සාහ කිරීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම යුවළ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ ෴
ත්‍රිකුණාමල මුහුදෙන් මතුවූ අබිරහස් යානය
(26.12.2024 – 23:03 +0530 – hirunews.lk/sinhala)
විදේශ රටක නිෂ්පාදිත ඩ්‍රෝන යානයක් ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදේදී ධීවරයෙකුට හමුවී තිබෙනවා.
අදාළ ඩ්‍රෝන යානය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ වන විට වැඩිදුර විමර්ශනයක් ආරම්භ කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක එරන්ද ගීගනගේ මහතා සඳහන් කළා.
විදෙස් රටක නිෂ්පාදිත බවට සැකකෙරෙන ‘ටාගට් ඩ්‍රෝන්’ නමින් හඳුන්වන ඩ්‍රෝන යානාවක් ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදේ දී ධීවරයෙකුට හමුවී තිබෙනවා.
ධීවරයා විසින් ඩ්‍රෝන යානය ගොඩබිමට ගෙන ඒමෙන් පසු පොලිසිය දැනුවත් කර ඇති අතර අදාළ ඩ්‍රෝන යානය වැඩිදුර පරීක්ෂණ සඳහා ගුවන් හමුදා කඳවුරට ගෙන ගියා.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා සඳහන් කළේ අදාළ ඩ්‍රෝන යානය ගුවන් හමුදා පුහුණුවලදී, ගුවන් යානාවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉලක්ක ගැනීමේදී ගුවන් යානා අනුරූ ලෙස භාවිත කරන ඩ්‍රොන යානා විශේෂයක් බවයි.
ඒ අනුව අදාළ ඩ්‍රෝන යානය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම මීට වසර කිහිපයකට ඉහතදී ද ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ සිට මෙවැනි ටාගට් ඩ්‍රෝන යානයක් මෙරටට පැමිණ ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
+
ත්‍රිකුණාමලය මුහුදේ Target drone යානයක්
(26.12.2024 – 22:18 +0530 – sinhala.adaderana.lk)
ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ කුඩා ගුවන් යානයක් ධීවරයන් පිරිසකට හමුවී තිබේ.
ගොඩබිම සිට මුහුදු සැතපුම් 35 ක පමණ දුරක මෙය තිබී ඇත.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පවසා සිටියේ, මෙය ‘ටාගට් ඩ්‍රෝන්’ වර්ගයේ යානයක් බවයි.
මෙවැනි වර්ගයේ යානයක් මීට පෙර 2020 වසරේදී හමු වූ බවත් හෙතෙම පැවසීය.
කිලෝ 40 ක් පමණ බරකින් යුත් මෙවැනි යානා ඉන්දියානු ගුවන් හමුදාව පුහුණු සැසිවල ඉලක්ක ලෙස භාවිත කරන බව එවර සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.
කෙසේ නමුත් මෙවර සොයාගත් ගුවන් යානය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට විශේෂ කණ්ඩායමකන් පත්කර තිබේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකරයා පවසා සිටියේ, මෙම යානය හානි දායක නොවන බවත්, පුපුරණ ද්‍රව්‍ය කිසිවක් හමු වී නොමැති බවත්ය.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴