අඳුරු සුනාමි මතකයට අදට (26) වසර 20 යි
(26.12.2024 – 06:36 +0530 – hirunews.lk/sinhala)
එදා මෙදා තුර අපේ රටේ සිදු වූ දරුණුතම ස්වභාවික ආපදාව ලෙස සැලකෙන සුනාමි ව්‍යවසනයට අදට (26) වසර 20 ක් සපිරෙනවා.
රුදුරු ත්රස්ත්රවාදයෙන් බැට කමින් සිටි ශ්‍රී ලාංකිකයින් එල්ටීටීඊ බලපෑම මදකට අමතක කර දමා උදා වූ නත්තල මහත් හරසරින් සමරමින් සිටියා.
නමුත් කිසිවෙකුත් සිහිනෙකින් හෝ අපේක්ෂා නොකළ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව රිච්ටර් පරිමාණ 9.3 ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් හටගැනීමත් සමග පෙරවරු 09:30 ට පමණ වියරු වූ උදම් රළ වෙරළ ප්‍රදේශ රැසකට කඩා වැදුණේ පෙරදින උදා වූ නත්තලේ සිරිය විඳගනිමින් සිටි සියලු දෙනාටම දරාගත නොහැකි වේදනාවක් උරුමකර දෙමින්.
ඉතිහාසයේ විහාර මහා දේවිය සමයේ මුහුද ගොඩ ගැලූ බව පමණක් අසා ඇති, සුනාමිය කියන වචනය පවා අසා නොසිටි අපේ රටේ මිනිසුන් විශාල පිරිසක් උදම් රළට ගොදුරු වෙද්දී බොහෝ දෙනෙකුට මේ සිදුවන්නේ කුමක් දැයි පවා සිතාගැනීමට අපහසු වී තිබුණා.
පැය කීපයක් තුළ සිදුවූ මෙම ව්‍යසනයෙන් අහිංසක ජීවිත 35,000 ක් පමණ අකාලයේ විනාශ වී ගියේ රටම ශෝකයේ ගිල්වමින්.
අතුරුදන්වූ තවත් සැලකිය යුතු පිරිසක් පිළිබද තොරතුරු වාර්තා නොවූ අතර 516,150 දෙනෙකුට මේ ව්‍යසනය හේතුවෙන් උන්හිටිතැන් අහිමිවුණා.
2004 දෙසැම්බර් 26 වැනිදා ඉරිදා අලුයම 06:58 ට හටගත් භූමිකම්පාව හේතු කොටගෙන මහ සයුර ගොඩගැලීමෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව, මාලදිවයින හා බුරුමය යන රටවල් ද අප්‍රිකාවේ සෝමාලියාව යන රටවල්වලට දරුණු ලෙස හානි සිදු වුණා.
ලොවපුරා 225,000 කට වැඩි පිරිසකට ජීවිත තත්පර කිහිපයකදී අහිමි කිරීමට මේ චණ්ඩ රළ පහරට හැකියාවක් ලැබුණා.
එදින අඩි තිහක් (30) උසට සුනාමි රළ ගොඩබිමට පැමිණි බවයි වාර්තා වෙන්නේ.
දරුවන්ට දෙමව්පියන්, දෙමව්පියන්ට දරුවන්, බිරින්දෑවරුන්ට ස්වාමිපුරුෂයින් මෙන්ම ස්වාමිපුරුෂයින්ට බිරින්දෑවරුන් අහිමි කළ මෙම ව්‍යසනයෙන් කිසිදා අමතක කළ නොහැකි වේදනාත්මක මතක ගොන්නක් ලාංකිකයින්ට ඉතිරි කළා.
ඉන් අමතක කළ නොහැකි දුක්බරම මතකය වෙන්නේ සුනාමියට ගොදුරක් වූ පැරෑලියේ දුම්රිය ව්‍යවසනය.
මෙම දුම්රිය ව්‍යසනය ‘2004 ශ්‍රී ලංකා සුනාමි-දුම්රිය ව්‍යසනය’ ලෙසයි හැඳින් වෙන්නේ.
මෙම ව්‍යසනය, ඉතිහාසයේ දුම්රියක් හා සම්බන්ධව සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව සහිත, සිදුවීම ලෙසද හැඳින්වෙනවා.
දෙසැම්බර් 26 වැනිදා උදෑසන 06:55 ට පමණ, සුපුරුදු පරිදි මෙම දුම්රිය කොළඹ කොටුව දුම්රිය නැවතුම්පළින් ගමන් ආරම්භ කළ අතර.ඒ අවස්ථාවේදී දුම්රිය තුල, ප්‍රවේශපත්‍ර සහිත මගීන් 1000-1500 අතර ප්‍රමාණයකුත්, ප්‍රවේශපත්‍ර රහිතව සිටි මගීන් නොදන්නා සංඛ්‍යාවකුත් සිටි බවයි සඳහන් වෙන්නේ.
කොළඹ සිට ගාල්ල දක්වා වූ නියමිත දුම්රිය ගමන් මග අතරතුර හමුවන, තෙල්වත්ත නැවතුම ආසන්නයේ පිහිටි පැරෑළිය ග්‍රාමයේ ධාවනය වෙමින් පැවැති දුම්රිය වෙත සුනාමි රළ ගැටීම නිසා මෙම අනතුර සිදුවුණා.
කොළඹ දුම්රිය නැවතුම්පළින් පිටත් වූ දුම්රිය, උදෑසන 09:30 පමණ වන විට තෙල්වත්ත අසල, පැරෑළිය ග්‍රාමය ඔස්සේ ධාවනය වෙමින් පැවතුණා.
එම අවස්ථාව වන විට ගලා ආ පළමු සුනාමි රළ, වෙරළ තීරය යටකරමින් ගොඩ බිම දෙසට ගලා ඒමෙන් දුම්රිය හාත්පසද වට කර ගැනීම නිසා, දුම්රිය ධාවනය නතර කරන කරනු ලැබුවා.
මුහුදු රළ ගැටුනද දුම්රිය, පීලි මත නිරුපද්‍රිතව පවතීවි යැයි එහි සිටි සිය ගණනක් වූ මගීන් බලාපොරොත්තු වූවත්, ඊළඟ මොහොතේ පැමිණි විශාල සුනාමි රළ, දුම්රිය මැදිරි සහ අවට තිබූ ගස්කොලන්, නිවාස ආදියටද දැඩි හානි සිදුකරමින් ජල පහර ඉදිරියට ගලා ගියා.
සුනාමි රළ පහර හේතුවෙන් ජලයෙන් පිරී ගොස් තිබූ දුම්රිය මැදිරි අටක (8) සිටි පිරිස ඒ තුළම ගිලී මිය ගිය අතර, සමහරක් දෙනා ජල පහරේ ගසා ගෙන ආ සුන්බුන්වල ගැටීම නිසා ජීවිතක්ෂයට පත්වුණා.
මේ අවස්ථාවෙහි දුම්රියේ ගැටී තිබුණු සුනාමි රළ පහර, සාමාන්‍ය මුහුදු මට්ටමේ සිට මීටර 7.5 – 9 ත් පමණ උස් වූ රළ පහරක් බවයි පැවසෙන්නේ.
අනතුර නිසා පුද්ගලයන් 1,700 කට වඩා වැඩි පිරිසක් මිය ගිය අතර එම ප්‍රමාණය, ඊට පෙර දුම්රිය ඉතිහාසයේ වාර්තා වී තිබූ වැඩිම මරණ සංඛ්‍යාව සහිත, 1981 වසරේ සිදුවූ ‘බිහාර් දුම්රිය අනතුරේ’ මරණ සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් (2) වඩා වැඩි ප්‍රමාණයක්.
මෙම අඳුරු මතකය මැදින් කෙමින් කෙමින් ශ්‍රී ලාංකිකයින් නැවත ශක්තිමත් වෙන්නේ නැවත කිසිදු දිනෙක මෙවැනි විපතක් මේ පින්බිමට අත් නොවේවා යන ප්‍රාර්ථනයත් සමඟින්.
+
+
+
+
‘ජාතික සුරක්ෂිතතා දිනය’ අදයි (26)
(26.12.2024 – 07:21 +0530 – hirunews.lk/sinhala)
සුනාමි ව්‍යවසනයෙන් සහ මෙරට සිදු වූ විවිධ ආපදා හේතුවෙන් මියගිය සියලුදෙනා සිහිපත් කෙරෙන ‘ජාතික සුරක්ෂිතතා දිනය’ අදට (26) යෙදී තිබෙනවා.
2012 වසරේ සිට ජාතික සුරක්ෂිත දිනය ලෙස දෙසැම්බර් 26 වැනිදා රජය විසින් ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව, සෑම වසරකම දෙසැම්බර් 26 වැනිදා ජාතික සැමරුම් උත්සවයක් ලෙස මෙය සිහිපත් කෙරෙනවා.
මෙවර ප්‍රධාන සැමරුම් උත්සවය ආරක්ෂක අමාත්‍යාංශ ආපදා කළමනාකරණ අංශ පරිශ්‍රෙය්දී පැවත්වීමට නියමිතයි.
උත්සවය අද (26) පෙරවරු 09:00 සිට 11:30 දක්වා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්ෂක ලේකම්තුමාගේ සහභාගීත්වයෙනුයි පැවැත්වීමට නියමිතව ඇත්තේ.
එමෙන්ම අද (26) පෙ.ව. 09:25 සිට පෙ.ව. 09:27 දක්වා කාලය තුළ සුනාමියෙන් අහිමි වූ ජීවිත සිහිපත් කිරීම සඳහා එහිදී මිනිත්තු 2 ක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලබනවා.
+
+
+
පොලිස් රථවාහන නිලධාරින්ට විශේෂ උපදෙස් මාලාවක් – රාත්‍රී කාලයේ රථ වාහන නවත්වන ක්‍රමවේදයේ වෙනසක්
(26.12.2024 – 07:51 +0530 – sinhala.adaderana.lk)
රථ වාහන රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ට රාත්‍රී කාලයේ දී වාහන නැවැත්වීමේ දී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මාලාවක් වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කර තිබේ.
අදාළ රථවාහන නිලධාරියා රියදුරන්ට මනාව දර්ශනය වන ලෙස ආලෝකය පරාවර්තනය වන ලුමිනස් ජැකට් හා ලුමිනස් අත්වැසුම් පැළඳ සිටිය යුතු අතර, රථවාහන නැවැත්වීම සඳහා මේ වන විට පොලිස් ස්ථාන වෙත නිකුත්කර ඇති රතු විදුලි පන්දම් හැකිතාක් භාවිතා කරන ලෙසට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
රාත්‍රී රාජකාරි යොදවන නිලධාරින් එසේ ක්‍රියාකරන්නේ ද යන්න පිළිබඳව, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්, ස්ථානාධිපතිවරුන් සහ රථවාහන ස්ථානාධිපතිවරුන් විසින් නිරන්තරවම අධීක්ෂණය කළ යුතු බවට ද වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබාදුන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේය.
රථවාහන රාජකාරි නිලධාරීන් රාත්‍රී කාලයේ රථවාහන නැවැත්වීමට සංඥා කිරීමේදී බොහෝ අවස්ථාවල විවිධ ආකාරයේ විදුලි පන්දම් භාවිතා කිරීම තුළින් එම විදුලි පන්දම් ආලෝකය රියදුරන්ගේ මුහුණට වැදීම හේතුවෙන්, ඇතැම් අවස්ථාවල රථය හැසිරවීමට සහ පාලනය කිරීමට ඇති වන අපහසුතාවය පිළිබඳව තොරතුරු ඇති බව සඳහන් වේ.
එබැවින් අනතුරු සිදුවීමට ඇති හැකියාවත්, ආලෝක පරාවර්තන ජැකට් පැළඳ නොසිටීම තුළින් නිලධාරින් අනතුරට පත්වීමේ අවකාශය වැඩි බවටත් නිරීක්ෂණය වී ඇති බැවින් මෙම තීරණය ගත් බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ ෴
බණ්ඩාරවෙල, තන්තිරිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් පසු මෝටර් රථය ගිනි ගැනීමට ලක්වීමෙන් අද (25) පස්වරුවේ සිදුවූ අනතුර. (facebook.com/accident1stofficial/)
+
‘ක්ලබ් වසන්ත බිරිඳ’ගේ ඒ බිහිසුනු අත්දැකීම – ‘ටැටූ දුලාන්’ගේ සැලෝන් එකේ මල්මාලා, හිස්ෆොටෝ ප්‍රේම් එල්ලලා (25.12.2024)
+
මරදාන දුම්රිය ස්ථානයේ සැප දෙන නංගිලයි හොරුයි ගහන ගේම් එක පොලිසියට නොපෙනෙන හැටි බලන්නකෝ (24.12.2024)
+
හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ ගිනිගෙන දැවුනු කැබ් රථයක් තුල තිබී පිලිස්සී ගිය පුද්ගල මළ සිරුරක්
(26.12.2024 – 11:09 +0530 – hirunews.lk/sinhala)
හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ හතේ කණුව සහ බටුඔය අතර 38 කිලෝමීටර් කණුව අසල ගිනිගත් කැබ්රථයක් තුළ තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (25) රාත්රියේදී සොයා ගැනීමට හැකිවූ බව මින්නේරිය පවසනවා.
මෙම පුද්ගලයා කැබ් රථයේ පිටුපස ආසනය තුළම පිලිස්සි මියගොස් ඇති බවයි මින්නේරිය පොලිසිය පවසන්නේ.
දැනට වයස අවුරුදු 64 ක් වු ‘අංක 39, ගැමූණු මාවත, බියගම’ ලිපිනයේ පදිංචි පුද්ගලයෙක් මෙසේ මියගොස් ඇති බවයි මින්නේරිය පොලිසිය සැක කරන්නේ.
මිය යාමට ප්‍රථමයෙන් කුඩා කම්බියකින් කැබ් රථයේ පිටුපස ඩිකිය ප්‍රදේශයෙන් ගැටගසා ඇති අතර එහි අවසන් කෙළවර මියගිය යයි සැක කරන පුද්ගලයාගේ ගමන් මල්ලද එම කම්බියෙන් ගැටගසා තිබියදී සොයාගෙන තිබෙනවා.
අනතුර සිදුවුන ස්ථානයේ මාර්ගය අසල බිම ඔහුව හඳුනා ගැනීමේ කාඩ්පත් කිහිපයක්ම ඒ අවට දමා තිබේදී සොයාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
සිද්ධිය සිදුවු ස්ථානයේ ‘සෝකෝ පරීක්ෂණය’ ඊයේ (25) රාත්‍රියේම සිදුකළ අතර අද (26) දහවල් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.
මෙය ඝාතනයක්ද සියදිවි නසා ගැනීමක්ද යන්න තවමත් සොයාගෙන නොමැති අතර මෙම සිද්ධිය සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් සිදුකරමින් පවතින අතර ඉදිරියේදි නිශ්චිතව එය ඝාතනයක්ද සිදු නසා ගැනීමක්ද පිළිබඳව දැන ගැනීමට හැකියාව ඇති බවයි මින්නේරිය පොලිසිය පවසන්නේ.
+
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴