ජපනුන් වංචාවලට හසුකර ගන්නා ශ්‍රී ලාංකික සංවිධානයක් ගැන ‘ජපානයේ කියෝඩෝ පුවත් සේවය’ හෙළි කරයි
ජපනුන් වංචාවලට හසුකර ගන්නා ශ්‍රී ලාංකික සංවිධානයක් ගැන ‘ජපානයේ කියෝඩෝ පුවත් සේවය’ හෙළි කරයි
(24.12.2024 – lankadeepa.lk)
ජපන් ජාතිකයන් ආයෝජන වංචාවලට හසුකර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණ සමාගමක් ලෙස පෙනී සිටින ශ්‍රී ලංකාවේ වංචනික සංවිධානයක් ජපන් බස කතා කළ හැකි ශ්‍රී ලාංකිකයන් බඳවා ගනිමින් සිටින බව ‘ජපානයේ කියෝඩෝ පුවත් සේවය’ පෙරේදා (23) වාර්තා කළේය.
මෙම සංවිධානය කොළඹ සිට ක්‍රියාත්මක වන බවත් එහි සේවකයන් 100 කට අධික පිරිසක් සේවය කරන බවත් ‘කියෝඩෝ පුවත් සේවය’ ප්‍රකාශ කළේය.
තොරතුරු තාක්ෂණ සමාගමක් යැයි පවසන එම සංවිධානයේ එකඳු ජපන් ජාතිකයකුවත් සේවය නොකරන බව ලැබී තිබෙන තොරතුරු අනුව අනාවරණය වී ඇතැයි ‘කියෝඩෝ පුවත් සේවය’ පැවැසුවේය.
තොරතුරු තාක්ෂණ සමාගමක් යැයි පවස ගන්නා මෙම සමාගමේ කෙටි කළක් වැඩ කළ සේවකයකු අදාළ සමාගම පිළිබඳව ‘කියෝඩෝ පුවත් සේවය’ට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් උපුටා දක්වමින් එම පුවත් සේවය මෙම ලිපිය පළ කර ඇත ෴
නාවික සෙබළා රාජකාරි ගිනි අවිය සමඟ අතුරුදන්
(25.12.2024 – lankadeepa.lk)
ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරට අයත් භාණ්ඩ තොගයක් රැගෙන නාවික හමුදා ලොරි රථයකින් කොළඹට පැමිණෙමින් සිටි නාවික හමුදා සෙබළෙකු රාජකාරී ටි-56 ගිනි අවිය සහ උණ්ඩ තිහක් සහිත මැගසිනයක් සමඟ අතුරුදන්ව ඇතැයි වරකාපොල පොලීසිය කියයි.
සැකකාර නාවික සෙබලා ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරට අයත් සෙබලෙකු වන අතර ඉහත ලොරි රථයේ ආරක්ෂාව පැමිණ සිටි පුද්ගලයෙකි.
මෙම ලොරි රථය කොළඹ බලා පැමිණෙමින් සිටියදී ඊයේ (24) රාත්‍රියේ වරකාපොල වරයගොඩ ප්‍රදේශයේදී සැකකාර නාවික සෙබළා ඔහුගේ සොහොයුරා නිවසේ සිට රාත්‍රී ආහාර රැගෙන විත් ඇති බවට පවසමින් එම ආහාර රැගෙන ඒමට ලොරි රථයෙන් බැසගොස් ඇති අතර යලිත් ඔහු පැමිණ නොමැති බව පොලිසිය පවසයි.
සැකකරු ලොරි රථයෙන් බැස ගොස් යළි නොපැමිණීම සම්බන්ධයෙන් සොයා බලා රථයේ රියදුරු වශයෙන් කටයුතු කළ නාවික සෙබළා සිද්ධිය සම්බන්ධයෙන් වරකපොල පොලිසියට පැමිණිලි කර ඇත ෴
ඩොලමයිට් ලොරියක් දක්ෂිණ අධිවේගයේ බෑවුමකට පෙරැළෙයි
(25.12.2024 – lankadeepa.lk)
ටොන් 30 ක් පමණ බරුති ඩොලමයිට් තොගයක් පටවාගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වු තට්ටු ලොරියක් කහතුඩුව පිවිසුම ආසන්නයේ කිලෝමීටර් 6 කණුව අසලදී ආරක්ෂිත වැටේ ගැටී අඩි 30 ක් පමණ බෑවුමට පෙරැළී අනතුරක් සිදුව ඇතැයි දක්ෂිණ අධිවේගී රථ වාහන පොලිසිය කියයි.
ලොරිය බෑවුමට පෙරළීමේදී කිලෝ 50 ක බරින් යුත් කොට්ට 600 කින් යුත් ඩොලමයිට් තොගය සමඟ වට තුනක් (3) පෙරළී ඇති බවත් එම අවස්ථාවේදී ලොරි රියදුරු දැඩි වෙහෙසක් දරා සුක්කානමේ එල්ලි ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. රියදුරුට කිසිදු හානියක් වී නැතැයි පොලීසිය පවසයි.


මාතලේ ප්‍රදේශයේ සිට ඇල්පිටිය දක්වා මෙම ඩොලමයිට් තොගය ප්‍රවාහනය කරමින් සිට ඇති අතර කහතුඩුව පිවිසුම ආසන්නයේ දි එකවරම ලොරි රථය වම්පස ආරක්ෂිත වැටේ අඩි 30 ක පමණ ප්‍රමාණයක් රූරාවිත් බෑවුමට පෙරළී ඇති බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය සඳහන් කරයි.
තට්ටු ලොරියේ පටවා තිබූ ඩොලමයිට් තොගය ලොරිය අසලම සීසීකඩ වැටී තිබූ අතර ලොරිය ධාවනය වන ආකාරයෙන්ම බැවුමේ පහළ කොටසේ රැඳී තිබූ බව උසස් පොලිස් නිලධාරියකු පැවසී. සිදු වූ අනතුරින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටේ අඩි 25 ක පමණ කොටසකට දැඩි අලාබ හානි සිදුවී තිබිණි.
තෙරපි වේශයෙන් ඇවිත් දොස්තරගේ සේසතටම සුද්දයක් දීලා
(24.12.2024 – lankadeepa.lk)
පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකු අන්තර්ජාලයෙන් සිදු කළ ඇනවුමක් අනුව නාරහේන්පිට මළලසේකර මාවතේ නිවසකට තෙරපීවරයකු වේශයෙන් පැමිණි පුද්ගලයකු වෛද්‍යවරයා මත්කර දියමන්ති ආභරණ ඇතුළු රුපියල් මිලියන 20 කට අධික දේපළ තොගයක් සොරාගෙන ගොස් ඇතැයි නාරහේන්පිට පොලිසිය කියයි.
සොරාගෙන ගිය දේපළ අතර දියමන්ති මාලයක්, දියමන්ති කරාබු යුගලක්, විදේශීය මත්පැන් බෝතල් කීපයක් මෙන්ම පවුම් 10 කට ආසන්න රන් භාණ්ඩ ද ඇතුළු දේපල රැසක් වන බව පොලිසිය සඳහන් කරයි.
දෙමහල් නිවසේ 31 හැවිරිදි වෛද්‍යවරයා සහ ඔහුගේ සමීප මිතුරකු වන 38 හැවිරිදි රූපලාවණ්‍ය ශිල්පීයකු පදිංචිව සිටින අතර මිතුරා නුවරඑළිය ප්‍රදේශයේ මංගල සාදයකට සහභාගි වීම සඳහා එම නිවසින් පිටවී තිබූ බව පොලිසිය කියයි.
එදින වෛද්‍යවරයා පමණක් නිවසේ සිට ඇති අතර ඔහු පසු දින (22) අන්තර්ජාලය ඔස්සේ ශරීරය සම්භානය කර ගැනීම සඳහා තෙරපීවරයකු ඇනවුම් කර ඇති අතර එම පුද්ගලයා පැමිණ එම කටයුතු සිදුකර මඳ වේලාවකදී ඖෂධ කරලක් පානය සඳහා වෛද්‍යවරයා වෙත ලබා දී අනතුරුව මුදල් ලබාගෙන පිට වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණයවී ඇත ෴
උත්සව සමයේ අන්තර්ජාල මුදල් වංචා ඉහළ ගිහින්
(25.12.2024 – 14:07 +0530 – sinhala.adaderana.lk)
උත්සව සමය තුළ අන්තර්ජාලය හරහා සිදුවන මුදල් වංචා කිරීමේ සිද්ධීන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
එම සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පැවසුවේ පාරිභෝගිකයින් වෙත දුරකතන ඇමතුම් ලබා දෙමින් යම් යම් ත්‍යාග දිනා ඇති බව පවසමින් මුදල් වංචා කිරීම් සම්බන්ධව මේ වන විට පැමිණිලි ලැබී ඇති බවය.
තවද AI තාක්ෂණය භාවිත කරමින් සිදුවන යම් යම් අක්‍රමිකතා සම්බන්ධවද මේ වන විට පැමිණිලි වාර්තා වී ඇති බවත් ඔහු පැවසීය.
මෙවැනි ඇමතුම් සහ සිදුවීම්වලින් ආරක්ෂා වීම සඳහා මහජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය ෴
පින්නවල අලි සංරක්ෂණාගාරය නැරඹීම සඳහා ඔන්ලයින් ටිකට්
(25.12.2024 – 16:00 +0530 – hirunews.lk/sinhala)
පින්නවල අලි සංරක්ෂණාගාරය නැරඹීම සඳහා බලාපොරොත්තු වෙන දෙස් විදෙස් සංචාරකයන්ට අන්තර්ජාලය හරහා මාර්ගගත ක්‍රමයට ප්‍රවේශ පත්‍ර මිලදි ගත හැකි බව සත්වෝද්‍යාන අධ්‍යක්ෂක ජනරාල් රංජන් මාරසිංහ පවසනවා.
ඒ අනුව හෙට 26 සිට එය ක්‍රියාත්මක වන බවයි ඔහු පැවසුවේ.
පින්නවල එළිමහන් සත්වෝද්‍යානයට ගෙන එන ලද බෙංගාලි කොටි දෙදෙනකු මහජන ප්‍රදර්ශනය සඳහා යොමු කිරීම නිරීක්ෂනයට අද (25) එක්වෙමින් අධ්‍යක්ෂක ජනරාල්වරයා මේ බව සඳහන් කළා.
එමෙන්ම ඔහු සඳහන් කළේ QR කේතය භාවිතා කිරීම සහ බැංකු කාඩ්පත් මගින් ප්‍රවේශ පත්‍ර මිලට ගැනීමේ හැකියාවද පවතින බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සත්වෝද්‍යාන අධ්‍යක්ෂක ජනරාල් රංජන් මාරසිංහ :
“වත්මන් රජයේ ඩිජිටල් කරන වැඩ සටහනට සමගාමීව මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට අප කටයුතු කළා. ඒ අනුව හෙට (26 දා) සිට පින්නවල එළිමහන් සත්වෝද්‍යානය හා මේ ප්‍රවේශපත්‍ර ඉදිරි මාස තුනක (3) කාලයක් සඳහා වෙන්කර ගැනීමේ හැකියාව පවතිනවා” ෴
සොරකම් 24 ක් සිදුකර සැඟවී සිටි කල්ලියක් කොටුවෙයි
(25.12.2024 – 18:19 +0530 – sinhala.adaderana.lk)
දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස හා රන් ආභරණ වෙළෙඳසැල් 21 කට අධික සංඛ්‍යාවක් බිඳ රුපියල් කෝටි ගණනක මුදල්, රන් භාණ්ඩ, ජංගම දුරකථන ඇතුළු දේපොළ සොරාගත් සැකකරුවන් කණ්ඩායමක් මහනුවර, ගලහා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අවුරුදු 19, 21, 22, 23 සහ 26 යන වයස්වල පසුවන යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
මෙම පිරිස වසර 4 ක් පුරා යාපනය, වව්නියා, කයිට්ස්, මාමණ්ඩු, ගම්පොළ, ගලහා, නුවරඑළිය, කඳපොළ සහ මාතලේ යන ප්‍රදේශවල නිවාස, කෝවිල් සහ රන් ආභරණ වෙළෙඳසැල් බිඳ මෙම කොල්ලකෑම් සිදුකර ඇතැයි අනාවරණය වී තිබේ.
පොලීසිය පවසන්නේ මේ වනවිට සැකකරුවන් විසින් සිදුකළ සොරකම් 24 ක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බවය.
මෙම සැකකරුවන්ට එරෙහිව යාපනය අධිකරණ බල ප්‍රදේශයෙන් පමණක් වරෙන්තු 9 ක් නිකුත් කර ඇති බව ගලහා පොලීසිය පවසයි.
අධිකරණවලින් නිකුත් කළ වරෙන්තු අනුව සැකකරුවන් කාලෙන් කාලෙට විවිධ ප්‍රදේශවලට ගොස් නිවසක් කුලියට ගෙන එහි සිට මෙම සොරකම් සිදුකොට ඇති බව වාර්තා වෙයි.
ඔවුන් සොරකම් කළ මුදල් මේ වනවිට වියදම් කර ඇති අතර සොරාගත් රන් ආභරණ කිහිපයක් පමණක් යාපනය ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයක තිබියදී සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මහනුවර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය ෴
+
+
පැය 18 ක ජල කප්පාදුවක්
(25.12.2024 – 19:16 +0530 – hirunews.lk/sinhala)
දෙසැම්බර් 26 වන දින පෙ.ව 9 සිට දෙසැම්බර් 27 වන දින අලුයම 3 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බෝම්බුවල යන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවනු බවයි නිවේදනය කර ඇත්තේ.
හදිසි අලුත්වැඩියාවක් සඳහා මෙසේ ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වන්නේ ෴
අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ දේහය හෙට (26) ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයට
(25.12.2024 – 21:55 +0530 – hirunews.lk/sinhala)
අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ දේහය මේ වන විට මහජන ගෞරවය සදහා නුගේගොඩ, ගංගොඩවිල පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.
එම දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන් සහ රසික රසිකායින් විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරු කියා සිටියේ.
හෙට (26) දහවල් දක්වා ප්‍රියා සූරියසේනගේ දේහය මෙලෙස මහජන ගෞරවය සඳහා නිවසේ තැන්පත් කර තැබෙන අතර හෙට (26) පස්වරු 02:00 සිට 05:00 දක්වා දේහය ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ තැන්පත් කර තැබීමට නියමිතයි.
අනතුරුව දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක් වෙත රැගෙන යන අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා (27) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
මේ අතර,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රියා සූරියසේනගේ දේහයට අද (25) අවසන් ගෞරව දැක්වනු ලැබුවා.
දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා ගායන ශිල්පීන් වන ජානක වික්‍රමසිංහ, දයාන් විතාරණ සහ සුනිල් එදිරිසිංහ ඇතුලු කලාකරුවන් රැසක්ම පැමිණ සිටියා.
+
+
+
+
මාලිමා ආණ්ඩුවේ වෙන දේවල් ගැන, තක්කෙටම අනාවැකි කියන භාරත, සනේෂ් ගැන කලින්ම කිව්වෙ කොහොමද? (25.12.2024)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴