“බෞද්ධ සහෝදරයින්ට යම්කිසි සිත් පෑරීමක් වුණා නම්, අපේ කණගාටුව ප්‍රකාශ කරනවා” – අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්
(23.12.2024 – 13:24 +0530 – hirunews.lk/sinhala)
දිවැස් ප්රසාදිවරු ලෙස පෙනී සිටිමින් ආගම් අතර ගැටුම් ඇති කිරීමට ඇතැමුන් දරන උත්සහය පිළිකුල් සහගත ලෙස හෙළා දකින බව, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
රාගම තේවත්ත ලුර්දු මාතා දේවස්ථානයේ පැවැති උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ අදහස් පළ කළා.
රාගම – තේවත්ත ලුර්දු මාතා දේවස්ථානයේ අභිනවයෙන් ඉදි කළ මීසම් ගෘහය විවෘත කෙරුණේ, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.
එහිදී උන්වහන්සේ මෙසේද සඳහන් කළා :
“දිවැස් ප්‍රසාදි කෙනෙක් කියලා තමන්ට නමක් දාගන්න බැහැ කාටවත්. දෙවියන් වහන්සේ තෝරාගන්නා තැනැත්තාට තමයි දිවැස් ප්‍රසාදි ධුරය දෙන්නේ. අද අපේ සමාජයේ සමහර අය කියනවා ඒ ගොල්ලෝ දිවැස් ප්රසාදිවරු කියලා. ඒ තමන්ම දිවැස් ප්රසාදිවරුයි කියාගන්නා අය අද මිනිසුන් මුලා කිරීමේ ව්‍යාපෘතියකට ගොදුරු වෙලා තියෙනවා. මේ මනුස්සයා ඒ කරගෙන යන වැඩපිළිවෙළට අහුවෙලා තියෙන්නේ සමාජයේ පොහොසත් අය, කෙරුම්කාරයෝ. ඉතින් මේ ඔක්කොමලාගෙන්ම මුදල් අරගෙන ඒ මනුස්සයා ලොකු ජාවාරමක නිරතවෙලා ඉන්නවා.
දෙවියන් වහන්සේ ජැක්පොට් මැෂින් එකක් නෙවෙයිනේ. මේ සල්ලිකාරයෝ දුවගෙන යනවා මේ වගේ දවැස් ප්‍රසාදිවරුන් ගාවට තියෙන සල්ලි මදිවට තවත් සල්ලි හොයාගෙන. ඒ ගොල්ලෝ හිතනවා සල්ලි මැෂින්වලින් දෙනවා කියලා මේ මනුස්සයා. ඒ විතරක් නෙවෙයි, අපේ අන්‍යාගමික සහෝදර සහෝදරියන්ට අපහාස කිරීමේ කටයුත්තක යෙදී සිටිනවා. ඔවුන්ගේ ධර්මයට නිගා කිරීමේ කටයුත්තක යෙදී සිටිනවා. බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ලෙස කෙනෙකුව අන්දවාගෙන ගෙනල්ලා, එයාව සුව කරනවා කියලා පෙන්නලා, බෞද්ධයින්ගේ සිත පාරන්නට මේ තැනැත්තා කරලා තියෙනවා මේ වැඩේ. ආගම් අතර ඝට්ටනයක් ඇති කිරීමේ ඉලක්කයේ සේවකයෙක් බවට ඔහු පත්වෙලා තියෙනවා.
බෞද්ධ භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙකුම මේ සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. මේ අන්තිමටම කරපු දේ ඔවුන්ගේ සිත පාරන කටයුත්තක් බවට පත්වෙලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. මේ ක්‍රියාදාමය අපි පිළිකුල් සහගත ලෙස හෙළා දකිනවා. ශ්‍රී ලංකාව තුළ ආගම පදනම් කරගෙන සමාජය භේද බින්න කරන්නට මේ තැනැත්තා දරන උත්සහය අපිට කොහොමත් පිළිගන්නට බැහැ. අන්‍යන්ව රවට්ටලා මුදල් හම්බ කිරීමේ ව්‍යාපාරවලට ස්වාමීන් වහන්සේ පටලවාගෙන ධනය ඉපැයීමේ ව්‍යාපාරයක් ඇතිකරගෙන ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් පෙනී සිටින මේ මනුෂ්‍යයා ගැන අපි ඇත්තෙන්ම කණගාටු වෙනවා.
ඒ නිසා අපි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා අපේ බෞද්ධ සහෝදරයින්ට යම්කිසි සිත් පෑරීමක් වුණා නම්, මේ සම්බන්ධව අපේ කණගාටුව ප්‍රකාශ කරනවා මේ අවස්ථාවේදී. යම් යම් ජාත්‍යන්තර සංවිධානවල රටවල්වල අතකොළු බවට පත්වෙනවා මේ ගොල්ලෝ. ඒ නිසා මෙය වැළැක්වීමට රජය කටයුතු කළ යුතුයි. මෙවැනි දේ කරන්නන්ට අනුග්‍රහ නොදැක්විය යුතුයි.”
+
බොරදියේ මාළුබාන්නට සැරසෙන කාදිනල්තුමාට අනුශාසනාවක්.. (23.12.2024)
+
තෙවන (3) පාසල් වාරය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්
(23.12.2024 – 09:52 +0530 – hirunews.lk/sinhala)
2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන (3) පාසල් වාරයේ දෙවන අදියර ජනවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
එමෙන්ම සියලුම පාසල්වල තෙවන පාසල් වාරය ජනවාරි 24 වන සිකුරාදා දින අවසන්වන බවයි එම අමාත්‍යාංශය පවසන්නේ ෴
ව්‍යාජ නෝට්ටු රැසක් සමග සිසුන් පිරිසක් හසුවෙයි
(23.12.2024 – 11:13 +0530 – hirunews.lk/sinhala)
තෙල්දෙණිය ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු රැසක් සමඟින් පාසල් වයසේ පසුවන සිසුන් සිව් (4) දෙනෙකු අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලිසිය පවසනවා.
පොලිසිය සඳහන් කළේ එම සිසුන් සන්තකයේ තිබී රුපියල් 5,000 ව්‍යාජ නෝට්ටු 57 ක් පොලිස් භාරයට ගත් බවයි.
දිගන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පොලිසියට සිදුකළ දැනුම්දීමක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, එලෙස අත්අඩංගුවට ගත් සිසුන් වයස අවුරුදු 15 ත්, 16 ත් වන බවයි පොලිසිය පැවසුවේ.
මෙම සිසුන් විසින් දිගන ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකට පැමිණ භාණ්ඩ කිහිපයක් මිලදී ගැනීමෙන් අනතුරුව ලබාදුන් රුපියල් 5,000 නෝට්ටුව ව්‍යාජ බව හැඟීයාමෙන් අනතුරුව එකී වෙළඳසැලේ ව්‍යාපාරිකයා විසින් ඒ බව පොලිසියට දැනුම් දී තිබෙනවා.
අනතුරුව පොලිසිය විසින් එම සිසුන්ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් සඳහන් කර ඇත්තේ තමුන් දන්නා හඳුනන පිරිමි පුද්ගලයෙකු විසින් එම මුදල් නෝට්ටු ලබා දුන් බවයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ ෴
රටට ඉදිරියේදී එන තවත් විපත්… ඊජිප්තුවේ යක්ෂ දොරටුව විවෘත වූයේ ඇයි? උත්තරය මහානායක හිමිවරුන් සතුය (23.12.2024)
+
දේශප්‍රේමීන් හා දේශද්‍රෝහීන් හදුනා ගනිමු..
+
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන පිල් මාරු කරයි
(23.12.2024 – 13:55 +0530 – hirunews.lk/sinhala)
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (23) ‘සර්වජන බල පක්ෂය’ සමග එක්ව තිබෙනවා.
ඔහු පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇත්තේ, එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර අතින්.
එමෙන්ම ඔහුව සර්වජන බලයේ නායකත්ව මණ්ඩලයට ද පත්කර තිබෙනවා.
හිටපු අමාත්‍යවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ අමාත්‍ය තනතුරු කිහිපයක් දැරූ අතර, පසුගිය මහ මැතිවරණයේදී ඔහු නව ප්රජාතන්ත්රවාදී පක්ෂයට එක්වී තරග කළා.
+
+
+
+
පාසල් ළමුන්ට කරන බලු වැඩ අපි දන්නවා – මුන්ට දඬුවම් දිය යුතුයි – ජැක්සන්ගේ බෑනා ‘කසුන් මහේන්ද්‍ර හීනටිගල’ live ඇවිත් සියල්ල වමාරයි (23.12.2024)
+
අපි මාලිමාවට අතින් කාල කඩේ ගියේ.. දැන් ඇමති ෆෝන් උස්සන්නෑ.. – සුවසේවා සංගම් සභාපති
(23.12.2024 – 22:22 +0530 – lankacnews.com)
වර්තමාන ආණ්ඩුව බලයට ගෙන එම සඳහා තම සංගමය දැඩි කැපවීමෙන් කටයුතු කළ බව ‘සමස්ත ලංකා සුවසේවා සංගමයේ වෛද්‍ය සැපයුම් ආයතනයේ සභාපතිවරයා’ පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ නමුත් දැන් තම සංගමය සහ සහ සේවකයන්ගේ ගැටලු කතා කිරීමට කිසිදු තැනක් නැති බවය.
වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා කලින් තමන් සමග බොහෝ වෙලා දුරකථනයෙන් කතාබහ කලද දැන් දුරකථනය උස්සන්නේවත් නැති බවටත් ඔහු චෝදනා කරයි.
ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ වුවමනාවක් තමන්ට නැති බවත් නමුත් තම ගැටළු සඳහා විසදුම් ලබා ගැනීමට සාකච්ඡා කිරීමට අමාත්‍යවරයා වෙලාවක් වෙන් කළ යුතු බවද හෙතෙම කියා සිටයි.
+
අධිකරණ ඇමතිගේ ආචාර්ය පදවියට විස්තර දුන්නේ සභානායක කාර්යාලයෙන් – සාගර කාරියවසම්
(23.12.2024 – 23:04 +0530 – hirunews.lk/sinhala)
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ගේ නම ඉදිරියෙන් තිබූ ආචාර්ය පදවියට අදාළ විස්තර සපයා ඇත්තේ, පාර්ලිමේන්තු සභානායක කාර්යාලයෙන් බව ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ’ පවසනවා.
සමාජ මාධ්‍ය තුළ සංසරණය වන සභානායක කාර්යාලයෙන් නිකුත් වූ ලිපියක් උපුටා දක්වමින් එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් අද (23) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළා.
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් පිළිබඳව සඳහන් වීම සම්බන්ධයෙන් අමාත්‍ය හර්ෂණ නානායක්කාර පසුගිය 16 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
තමන් කිසිදු අයුරකින් ආචාර්ය පදවියක් තම නම ඉදිරියෙන් භාවිත නොකළ බවත් එය කිසියම් පිරිසක් සැලසුම් සහගතව තමන් සහ තම දේශපාලන ව්‍යාපාරය අපහසුතාවට පත් කිරීම සඳහා කළ අසාර්ථක උත්සහයක් බවත් අධිකරණ අමාත්‍යවරයා එහිදී පවසා තිබුණා.
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පාර්ලිමේන්තුවට පැමිණ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගෙන තිබූ අතර, ඒ අනුව පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම්වරයා, පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකු (3) ගෙන් ප්‍රකාශ ලබා ගත්තා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් අදත් (23) අදහස් පළ කළා.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴