අනන්‍යතාවය තහවුරු කරගැනීමට නොහැකිව ‘කසුන් මහේන්ද්‍ර හීනටිගල’ පොලිස් අත්අඩංගුවට
අනන්‍යතාවය තහවුරු කරගැනීමට නොහැකිව ‘කසුන් මහේන්ද්‍ර හීනටිගල’ පොලිස් අත්අඩංගුවට
(21.12.2024 – 15:11 +0530 – hirunews.lk/sinhala)
ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල තම නිවස ඉදිරිපිට වෙළෙඳසැලකට යමින් සිටියදී හැදුනුම්පත සන්තකයේ නොමැතිවීමෙන් අනන්‍යතාව තහවුරු කිරීමට නොහැකි වීම මත ‘අතුරුගිරිය පොලිසිය’ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සිදුවීම සහ එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ක්‍රියා කළ ආකාරය පිළිබඳ විමර්ශනය කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ.
සිදු වූ එම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ඔහු චෝදනා කර තිබුණේ, එම අවස්ථාවේදී ඔහුට එම පිරිස විසින් පහරදී ඇති බවයි.
අනතුරුව ඔහු පැය දෙකහමාරකට (2½) පමණ පසුව පොලිස් අත්අඩංගුවෙන් නිදහස් වූ බවත් ඔහු එමගින් සඳහන් කරනවා.
+
+
+
මාධවීගේ සැමියාගේ සිද්ධිය ගැන පොලිස්පති දුන් නියෝගය – පොලීසියෙන් හදිසියේම විශේෂ දැනුම්දීමක් (21.12.2024)
+
හැටන් සිට මහනුවර බලා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් තේ වත්තට පෙරළී බිහිසුණු අනතුරක්
(21.12.2024 – 11:08 +0530 – hirunews.lk/sinhala)
හැටන් සිට මහනුවර බලා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් අද (21) පෙරවරුවේ තේ වත්තට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.
මෙම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ඒ අසල තිබූ තේ වත්තට පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේ අදාළ බස් රථය තුළ මගීන් 20 ත් 25 ත් අතර ප්‍රමාණයක් සිට ඇති බවයි.
බස් රථයේ ගමන්ගත් සියලු දෙනා තුවාල ලබා දික්ඔය සහ වටවල රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.
+
+
+
ඉන්දියන් සංචාරයේ නොදුටු පැතිකඩ (1 වන කොටස) (21.12.2024)
+
අපිරිසිදු ආපනශාලා සොයා පිටකොටුවේ සිදුකළ හදිසි වැටලීම
(21.12.2024 – 18:22 +0530 – sinhala.adaderana.lk)
කොළඹ පිටකොටුව බෝධිරාජා මාවතේ ඇති ආපනශාලා ජින්තුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අද (21) පෙරවරුවේ හදිසි වැටලීමක් සිදුකර තිබේ.
එහිදී ඇතැම් ආපනශාලා ඉතා අපිරිසිදු තත්ත්වයේ පැවැති අතර මුළුතැන්ගෙය ආශ්‍රිතව ආහාර පිසින ස්ථානයන් හී මීයන්ගේ අසූචි පැවතීම සහ මීයන්ගේ අසූචි ආහාර පිසින භාජනවලට එකතු කිරීම නිලධාරීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ද ලක් විය.
තවද ඇතැම් ආපනශාලා හී ආහාර පිසින ස්ථානයන් හි සුරතල් බළලුන් පවා සිටින අයුරුද මෙහිදි දක්නට ලැබිණි.
වැටලීම් සිදුකරනු ලබන අවස්ථාවේදී ආපනශාලා හිමිකරුවන් සහ අදාළ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක්ද නිර්මාණය වූ අතර ඇතැම් වෙළෙඳසැල් හිමියන් පැවසුවේ මීයන් ගහනය වැඩි බවත් නගර සභාව විසින් මේ සඳහා පිළියම් යෙදීමක් සිදු නොකරන බවත්ය.
මෙහිදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අදාළ වෙළෙඳසැල් වෙත දැඩි ලෙස අවවාද කර ඇති අතර කෑම සකස් කිරීම සඳහා කැඩී බිඳි ගිය නුසුදුසු ප්ලාස්ටික් භාජන ඉවත් කරන ලෙසද ආපනශාලා හිමියන් වෙත උපදෙස් ලබා දුන්නේය.
තවද අපිරිසිදු ලෙස ආහාර පිසින ලද ආපන ශාලා සියල්ලටම නඩු පැවරීමටද අදාළ නිලධාරීන් පියවර ගනු ලැබීය ෴
+
+
+
කොළඹ ‘නෙලුම් කුලුන’ විවෘතව පවතින වෙලාවේ වෙනසක්
(22.12.2024 – 07:33 +0530 – hirunews.lk/sinhala)
නත්තල් සමය සහ නව වසර උදාව නිමිත්තෙන් කොළඹ නෙළුම් කුලුන මහජනතාව සඳහා විවෘත කර තැබෙන වේලාව දීර්ඝ කිරීමට එහි කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා.
ඒ අනුව දෙසැම්බර් 25 සහ 26 යන දෙදින පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රිය දක්වාත්, දෙසැම්බර් 27 වනදා පෙරවරු 9 සිට රාත්‍රි 11 දක්වාත් නෙළුම් කුලුන විවෘතව තැබෙනු ඇති.
මීට අමතරව දෙසැම්බර් 31 වැනිදා සහ ජනවාරි 01 වැනිදා යන දින දෙකෙහිම පෙරවරු 9 සිට පසුදින අලුයම 1 දක්වා නෙළුම් කුලුන විවෘතව තැබීමට නියමිතයි ෴
මහනුවර පොදු වෙළඳපොලේ කූඨ වෙළඳාම් පිරිලා
(21.12.2024 – 17:02 +0530 – hirunews.lk/sinhala)
මහනුවර පොදු වෙළඳපොලේ ඇතැම් වෙළෙඳුන්ගේ කූඨ වෙළඳාම් කටයුතු සම්බන්ධයෙන් නිරන්තරවම තොරතුරු වාර්තා වනවා.
එම වෙළඳපොල භූමියේ සමහර සිල්ලර වෙළෙඳුන් හොඳ එළවලු වෙනුවට නරක් වූ එළවලු විකුණන බවයි පාරිභෝගික ජනතාව පවසන්නේ.
නැවුම් එළවලු ප්‍රදර්ශනයට පමණක් තබා තිබෙන බවත් ඒවා පාරිභෝගිකයන්ට ඇල්ලීමට හෝ අවශ්‍ය එළවලු තෝරා ගැනීමට නොදෙන බවත් ඔවුන් පවසනවා.
එමෙන්ම මහනුවර පොදු වෙළඳපොලේ මාළු අලෙවිකරන ස්ථානයේ ‘නැවුම් මාළු’ බව අඟවමින් ‘කුණු මාළු’ අලෙවිකරන බවයි පාරිභෝගිකයන් පවසන්නේ.
එම ස්ථානයේ බිම මාළු ගොඩගසා විටින්විට වතුර වත්කරමින් නැවුම් බව පෙන්නෙන්නට සලස්වා භාවිතයට නුසුදුසු මාළු අලෙවිය සිදු කරන බවයි වාර්තා වන්නේ.
එවැනි මාළු මිලදීගත් බොහෝ පාරිභෝගිකයින්ට සිදුව ඇත්තේ බස් රථයට නැගුණු පසුව කුණුමාළු ගඳ ඉවසා ගැනීමට නොහැකිව ලැජ්ජාවෙන් අපහසුතාවට ලක්වීමටයි.
මේ නිසා නිකරුණේ මුදල් ගෙවා භාවිතයට නොගෙනම මාළු විසිකිරීමට සිදුවන බවයි එම ජනතාව කියා සිටියේ.
මේ අතර මහනුවර පොදු වෙළඳපොල ඉදිරිපිට සමහර සිල්ලර පලතුරු වෙළෙඳුන් හොඳ පලතුරු ගොඩ මත අඩුමිල සහිත පුවරුවක් තබා මිලදී ගැනීමේදී තැලුණු සහ පරණ පලතුරු අලෙවිකරන බව පැවසෙනවා.
මේ සම්බන්ධයෙන් විමසීමේදී අඩුවට දෙන්නේ මේවා පමණක් බව කියා පාරිභෝගිකයන් මුලාකරන බවයි ඔවුන් පවසන්නේ.
මෙසේ ප්‍රශ්න කරන පාරිභෝගිකයන්ට ඇතැම් වෙළෙඳුන් අශෝබන ලෙස බැණ වදින බවද වාර්තා වනවා.
මේ ආකාරයට ඉදිරි උත්සව සමයේ මෙකී කූඨ වෙළඳාම බහුලව සිදු කිරීමටයි අවස්ථාව ඇත්තේ.
එබැවින් සිදුවන අසාධාරණය සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇවැසි පියවර ගන්නා ලෙසයි වගකිවයුතු අංශවලින් පාරිභෝගික ජනතාව ඉල්ලා සිටින්නේ ෴
රහස් පොලිසිය පාර්ලිමේන්තුවට
(21.12.2024 – 16:45 +0530 – hirunews.lk/sinhala)
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සදහන් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු නිලධාරින් කිහිපදෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කළේ, මෙලෙස නිලධාරින් 07 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.
ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 08 දෙනෙකු පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ මෙලෙස ප්‍රකාශ ලබාගෙන තිබුණා.
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තමාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සදහන් කිරීමෙන් අපහාසයක් සිදුව ඇති බවට නීතීඥ හර්ෂණ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය දා පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා.
ඒ අනුවයි මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබුවේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴