‘බයිනෑන්ස් මුදල්’ කොල්ල කෑ චීන කොල්ලකල්ලිය රිමාන්ඩ්
(20.12.2024 – 11:56 +0530 – hirunews.lk/sinhala)
මෙරට ගිණුමක තිබූ ඩොලර් 30,000 ක මුදලක් ඉල්ලා ගෙන එය ගෙවීමට ගෙනා රුපියල් එක්කෝටි හය ලක්ෂයක් (1,06,00,000) මංකොල්ල කෑ චීන ජාතිකයන් පිරිසක් ලබන වසරේ ජනවාරි මස 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
මෙරට පුද්ගලයෙකුට අයත් ‘බයිනෑන්ස්’ වලින් ලැබුණු ගිණුමක තිබූ ඩොලර් 30,000 ක මුදල වෙනුවෙන් චීන ජාතිකයන් පිරිසක් ඔහු සමග ඇති කරගත් එකගතාවය මත ලබා දුන් රුපියල් එක්කෝටි හය ලක්ෂයක් (1,06,00,000) මුදල කොල්ලුපිටිය සාප්පු සංකීර්ණයකදී කොල්ල කෑ බවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ චීන ජාතිකයන් සිව් දෙනෙකු (4) මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.
ප්‍රධාන සැකකාරිය සහ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.
පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් ලද පැමිණිල්ලක් අනුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමූහ මංකොල්ල අංශයේ නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ.
පැමිණිලිකරුගේ ගිණුමක තිබූ ඩොලර් 30,000 ක මුදල ලබා දෙන ලෙසත්, එක් ඩොලරයකට රුපියල් 352 බැගින් ගෙවන බවත් ගිවිසගෙන ඩොලර් 30,000 ලබා ගැනීමෙන් අනතුරුව ඊට අදාළ මුදල් එම පුද්ගලයා වෙත ලබා දී නැවත ඔවුන් විසින්ම අදාළ සාප්පු සංර්ණයේදීම මංකොල්ල කා ඇති බවටත්, සිදු කළ විමර්ශන අනාවරණය කර ගෙන තිබෙනවා.
සැකකරුවන් සම්බන්ධයෙන් සිදු කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා, ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශන සිදු කර අධිකරණයට වාර්තා කරන ලෙසත් නියෝග කළා ෴
හිමාලි කිසිදු වංචාවක් කර නැහැ – ඇමති විජිත කියයි
(20.12.2024 – 13:30 +0530 – hirunews.lk/sinhala)
ආන්දෝලනයට තුඩු දී ඇති ඔස්ට්‍රෙලියානු මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්වරියක ලෙස සේවය කළ හිමාලි කරුණාතිලකට එල්ල වන චෝදනා සහ ඇය සම්බන්ධයෙන් ඔස්ට්‍රෙලියානු අධිකරණයකින් දුන් තීන්දුව සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් විසින් අද (20) ප්‍රකාශයක් කරනු ලැබුවා.
ඒ රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුවේ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදියෙක් අසන ලද පැනයකට පිළිතුරු දෙමින්.
එහි දී අමාත්‍යවරයා සඳහන් කළේ, හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය විසින් සිය සේවිකාවකට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කිසිදු වංචාවක් සිදුකර නොමැති බවයි.
සාමාන්‍යයෙන් තානාපතිවරයෙක් හෝ තානාපතිවරියක්, මහ කොමසාරිවරියක් රැගෙන යන සේවකයින්ට වැටුප් ගෙවන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් බවත් ඔවුන්ගේ වැටුප් තලය සකසා ඇත්තේ මෙරටට ගැලපෙන ප්‍රමාණයෙන් බවත් ඒවා ඔස්ට්‍රෙලියාව, යුරෝපය වැනි රටවල් හා සලකා බැලීමේ දී පහළ මට්ටමක පවතින බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මේ අතර අප්‍රිකාව වැනි රටවල් සමග සඳහා බලන කළ මෙරට වැටුප් තලය තරමක් ඉහළ මට්ටමක පවතින බවත් සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, ඔස්ට්‍රෙලියානු මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්වරියට එම ගැටලුවලට පුද්ගලිකවම මුහුණ දෙන්නට සිදු වූ බවයි.
මෙම රාජ්‍ය තාන්ත්‍රික සේවයට පිටව යන බොහෝ දෙනෙක්ට බලපාන ප්‍රශ්නයක් බව සඳහන් කළ අමාත්‍යවරයා එහි දී පැවසුවේ, “මම බොහෝම පැහැදිලිව කියන්න කැමතියි හිමාලි කරුණාතිලක මහත්මිය කිසිදු වංචාවක්, හොරකමක් කරලා නෑ. නමුත් එහෙ රටේ නීතියට අනුව තමයි ඔය නීතිමය තීන්දුව උසාවිය දීලා තියෙන්නේ. අපි මේ ගැන රජයක් විදියට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත යුතු කාරණයක්. අප්‍රිකානු රටවල වැඩකරද්දි ඕකේ අනිත් පැත්ත. ඕක තමා ඇත්ත කතාව.” යනුවෙන්.
කෙසේ නමුත් අදාළ සිදුවීමට මුහුණ දුන් හිමාලි කරුණාතිලක මේ වනවිට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරිය ලෙස කටයුතු කරන අතර ඇය රට වෙනුවෙන් අදටත් සේවය කරමින් සිටින බව ද අමාත්‍යවරයා පැවසුවා ෴
CCD හිටපු අධ්‍යක්ෂක ASP නෙවිල් සිල්වා යළි රිමාන්ඩ්
(20.12.2024 – 14:22 +0530 – hirunews.lk/sinhala)
කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ, සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කළා.
කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය වැනිදායි.
ඒ රුපියල් කෝටි 14 ක් වටිනා මැණික් වාහන ඇතුළු දේපොළ තොගයක් බලහත්කාරයෙන් ලබාගත් බව කියන සිද්ධියක් ගැන කොළඹ අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව එම දේපොළ ඒක පාර්ශිකව පැමිණිලිකරුට ලබාදීම සම්බන්ධවයි.
2023 වසරේ අගෝස්තු 02 වනදා කුරුවිට මැණික් ව්‍යාපාරිකයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ඔහුට අයත් රුපියල් කෝටි 14 ක් පමණ වටිනා දේපොළ බලහත්කාරයෙන් ලබා ගත් බවට පැමිණිල්ලක් කර තිබු බවත්, එම පැමිණිල්ලට අනුව සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා ඒක පාර්ශ්වික ලෙස කටයුතු කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැම්ණිලි අංශයට ලද පැමිණිල්ලක් අනුවයි සහකාර පොලිස් අධිකාරිවරයාට අත්අඩංගුවට ගෙන නඩු පවරනු ලැබුවේ ෴
ගාල්ලේදී පුද්ගලයින් දෙදෙනෙක් (2) යුවළකට වෙඩිතබති
(20.12.2024 – 20:28 +0530 – hirunews.lk/sinhala)
ගාල්ල, දඩල්ල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් මෙම වෙඩි තැබීම සිදු කරනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසිය පැවසුවේ මෙම වෙඩි තැබීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු (2) තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.
ගාල්ල – දඩල්ලේ දී සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ යුවළ අතරින් 38 හැවිරිදි පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා ෴
පොලීසියට පහරදුන් රංගන ශිල්පිණී මහේෂි මධුශංකාගේ සැමියා රිමාන්ඩ්
(20.12.2024 – 18:12 +0530 – sinhala.adaderana.lk)
ප්‍රසිද්ධ රංගන ශිල්පිණි ‘මහේෂි මධුශංකා’ගේ සැමියා විසින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට (2) පහරදීමේ සිද්ධියක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළැඹෙන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
පහරදීමෙන් බරපතළ තුවාල ලද බොරලැස්ගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙක් හා පොලිස් කොස්තාපල්වරයෙක් ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.
පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පෙරේදා (19) රාත්‍රී රංගන ශිල්පිණිය බොරලැස්ගමුව පොලීසිය වෙත දුරකථනය හරහා කරන ලද පැමිණිල්ලකට අනුව රාත්‍රී ජංගම සංචාරයේ දී සිටි පොලිස් සැරයන්වරයා ඇතුළු කොස්තාපල්වරුන් දෙදෙනෙකු (2) රංගන ශිල්පිනියගේ නිවස වෙත ගොස් තිබුණි.
නිවසේ ආලින්දයේ පුටුවක සිට ඇයගේ පැමිණිල්ල සටහන් කර ගනිමින් සිටියදී එම ස්ථානයට කඩා වැදී තිබූ සැකකරු එකවරම පොලිස් සැරයන්වරයාගේ මුහුණ දෙසට පාදයෙන් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමගම සැරයන්වරයා හිද සිටි පුටුවෙන් අඩි කිහිපයක් ඈතට විසිවී වැටී ඇත.
ඒත් සමගම එම ස්ථානයට ගොස් තිබූ සැකකරු සැරන්වරයාගේ ගෙල මිරිකීමට උත්සාහ කිරීමේදී එහි සිටි කොස්තාපල්වරුන් දෙදෙනා (2) සැරයන්වරයා බේරා ගැනීමට උත්සාහ දැරීමේදී ඔවුන්ට ද සැකකරු පාදයෙන් පහර දී ඇති අතර එම ප්‍රහාරයෙන් එක් කොස්තාපල්වරයෙකුද එම ස්ථානයේදීම බිමට වැටී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අනෙක් කොස්තාපල්වරයා විසින් දැඩි ආයාසයක් දරා තුවාල ලබා සිටි සැරයන්වරයාව සහ කොස්තාපල්වරයාව නිවසින් පිටතට ගෙන, ඒ බව පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් එම ස්ථානයට ගොස් දැඩි පරිශ්‍රමයක් දරා සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අධික ලෙස බීමත්ව සිට ඇති අතර ඔහුගේ හිස ප්‍රදේශයට ද තුවාල සිදුවී තිබීම හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනා (2) සමගම කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කිරීමට පියවර ගත් බව පොලීසිය පැවසීය.
සැකකරුගේ අනපේක්ෂිත ප්‍රහාරයේ හේතුවෙන් සැරයන්වරයාගේ වම් ඇසට සහ කොස්තාපල්වරයාගේ දකුණු පාදයට බරපතළ තුවාල සිදුවී ඇත ෴
+
+
‘කුඩු සළිඳු’ට ඇප
(20.12.2024 – 15:09 +0530 – sinhala.adaderana.lk)
‘සළිඳු මල්ෂික ගුණරත්න’ නොහොත් ‘කුඩු සළිඳු’ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් (3) මත නිදහස් කරන ලෙස පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා විසින් නියෝග කර තිබේ.
එකී ශරීර ඇපවලට අමතරව සැකකරු වෙත දැඩි ඇප කොන්දේසි ද නිකුත් කර ඇත.
සැකකරු 2023 මාර්තු මස 15 දින මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙනවිත් අංක 96863 සහ 85145/22 දරණ නඩුවලට අදාළව රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිට පානදුර මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ ඇප මත නිදහස් කර ලෙස නියෝග කර තිබේ.
ත්‍රස්තවාදී ක්‍රියා සිදුකිරීම සහ මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා නඟා තිබුණි.
නීතිඥ ජාලිය සමරසිංහ, ජයබදු කළුපහන, හේමන්ත කුමාර ,අශෝක ධර්මරත්න, බී.ඒ.ආර්. බමුණුසිංහ, ශානිකා කාරියවසම්, සංජුලා සුරවීර සහ එච්.කේ.කේ. හීනටිගල යන නීතිඥ මහත්ම මහත්මීන් විත්තිය වෙනුවෙන් පෙනී සිටියහ.
නඩුව 2025 පෙබරවාරි 10 දින යළි කැඳවීමට නියමිතය ෴
+
+
+
අන්තවාදී සංවිධාන රිසි සේ බුදුසසුනට නිගරු කරන හැටි (20.12.2024)
+
අන්තවාදී සංවිධාන රිසි සේ බුදුසසුනට නිගරු කරන හැටි (20.12.2024)
+
ඇන්ටිජන් මහා වංචාවක් ගැන දිලිප් ජයවීරට එල්ලවන බරපතල චෝදනා අල්ලස් එකට- සංජයගෙන් (20.12.2024)
+
රු. කෝටි 5 ක සන්නිවේදන උපකරණ තොගයක් කටුනායකින් අල්ලයි
(20.12.2024 – lankadeepa.lk)
රුපියල් කෝටි පහක් (5) පමණ වටිනා ජංගම දුරකථන ඇතුළු විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් සමඟ ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් තිදෙනකු (3) අද (20) දින කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොවුන් අතරින් පළමු ගුවන් මගීන් දෙදෙනා අද (20) දින අලුයම 12:30 ට ඩුබායි සිට එෆ්.ඉසෙඩ්.569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් දෙදෙනා (2) කොළඹ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි සහ 25 හැවිරිදි ව්‍යාපාරිකයන් දෙදෙනෙකි.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් තිදෙනා (3) අත් අඩංගුවේ ගෙන මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴