කුරුණෑගල ‘එරාමිකල් ජෙනිසිස්’ අධ්යක්ෂවරුන් 14 ක් අල්ලන්න නියෝග
කුරුණෑගල ‘එරාමිකල් ජෙනිසිස්’ අධ්යක්ෂවරුන් 14 ක් අල්ලන්න නියෝග
(20.12.2024 – mawbima.lk)
‘එරාමිකල් ජෙනිසිස්’ නමැති වෙබ් අඩවියක් හරහා ‘පිරමිඩාකාර මූල්‍ය ආයතනයක්’ පවත්වාගෙන යමින් තැන්පත්කරුවන් 3,000 ට වැඩි පිරිසකගෙන් රුපියල් කෝටි 1000 ට අධික මුදලක් වංචා කළ බව කියන සිද්ධියට සම්බන්ධ එම ආයතනයේ අධ්‍යක්ෂකවරුන් 14 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කරන සිටින එම නීතිවිරෝධී මූල්‍ය සමාගමේ සභාපතිවරයා හා එහි අධ්‍යක්ෂිකාව ලබන ජනවාරි 09 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද නියෝග කළේය.
කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි ‘එරාමිකල් පෞද්ගලික සමාගමේ’ අධ්යක්ෂ ‘රණසිංහ ආරච්චිගේ ධම්මික කුමාර රණසිංහ’ (55) සහ ඔහුගේ බිරිය ‘ගාල්ලේ වඩුගේ සමුද්‍රා සුරංගනී හේමචන්ද්‍ර’ අඹු-සැමි යුවළ එසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරිණි.
රක්ෂිත බන්ධනාගාරගත සැකකාර බිරියගේ කටහඬ ඇතුළත් හඬ පටයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇති බවද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් කොට්ඨාසය අධිකරණයට දැන්වීය.
රක්ෂිත බන්ධනාගාරගත එම සැකකරුවන් දෙදෙනාගේ (2) බැංකු වාර්තා කැඳවීමටද පෙර නඩු වාරයේදී අධිකරණයෙන් නියම කර තිබිණි.
මෙම සිද්ධියට අදාළ මෙම සැකකරුවන් දෙදෙනා (2) බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ (19) අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
මෙම සැකකරුවන්ට මේ වන විට බැංකු ගිණුම් 25,000 ක සංඛ්‍යාවක් තිබෙන බවත් තැන්පත්කරුවන් 3,000 ට අධික පිරිසක් නීත්‍යනුකූල නොවන එම පිරමීඩාකාර මූල්‍ය ආයතනයට මුදල් ආයෝජනය කර ඇති බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි විය.
මෙම ‘ව්‍යාජ පිරමීඩ ජාවාරම්’ මඟින් මේ වන විට රු. කෝටි 200 මුදල් ප්‍රමාණයක් හුවමාරු වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
මුදල් වංචා කළ සැකකාර යුවළ කලක් විදේශගතව සිට පසුගියදා කටුනායක ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.
ප්‍රධාන සැකකරුවන් දෙදෙනාට (2) අමතරව මෙම ‘පිරමීඩ ජාවාරම’ ලංකාවේ සිට මෙහෙයවනු ලැබූ තවත් සැකකරුවන් හැටඅට (68) දෙනෙක් සහ නායකයන් තිස්දෙනකු (30) මෙම සිද්ධියට සම්බන්ධව ඇති බවද බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය ෴
+++++++++
තහනම් ආයෝජන ක්‍රම පවත්වාගෙන ගිය ආයතන 20 කට නඩු
(20.12.2024 – 07:54 +0530 – hirunews.lk/sinhala)
තහනම් ආයෝජන ක්‍රම පවත්වාගෙන ගිය ආයතන 20 කට එරෙහිව මහ බැංකුව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
දැනටමත් ඇතැම් ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ වී ඇති අතර, අනෙකුත් ආයතන පිළිබදව නීතිය ක්‍රියාත්මක කිරීමේ අධිකාරිය විසින් විමර්ශන ආරම්භ කර ඇති බවයි මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
එම ආයතන ලැයිස්තුව පහතින් :
+
අර්ජුන මහේන්ද්‍රන්ට විවෘත වරෙන්තුවක්
(20.12.2024 – mawbima.lk)
මහ බැංකු බැඳුම්කර සිද්ධිය යටතට ගැනෙන මුදල් විශුද්ධිකරණ නඩුවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටි එවකට මහ බැංකු අධිපතිවරයාව සිටි ‘අර්ජුන් මහේන්ද්‍රන්’ හා ‘අජාන් ගාර්දීන් පුංචිහේවා’ යන සැකකරුවන් දෙදෙනාට (2) විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඊයේ (19) නියෝග කළේය.
වැට් බදු නොගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතකර සිටින ‘අර්ජුන් ඇලෝසියස්’ නමැත්තාද මෙම සිද්ධියේ සැකකරුවකු වන අතර ඊළඟ නඩු වාරයේදී ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.
‘අර්ජුන් ඇලෝසියස්, අර්ජුන මහේන්ද්‍රන්, ජෙෆ්රි ජෝසප් ඇලෝසියස්, කසුන් පලිහේන, අජාන් ගාර්ඩ්දීන් පුංචිහේවා, පුෂ්පමුත්තු ගුණවර්ධන හා මුත්තුරාජා සුරේන්ද්‍රන්’ යන අය මෙම සිද්ධියේ සෙසු සැකකරුවන්ය.
එම සැකකරුවන් අතර සිටි ‘අර්ජුන මහේන්ද්‍රන්’ හා ‘අජාන් ගාර්ඩ්න් පුංචිහේවා’ යන සැකකරුවන් දෙදෙනා (2) ඊයේ (19) අධිකරණය හමුවේ පෙනී නොසිටීම සැලකිල්ලට ගෙන මහෙස්ත්‍රාත්වරයා ඔවුන්ට එසේ විවෘත වරෙන්තු නිකුත් කළේය.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇති බවද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණයට දැන්වූහ ෴
‘හිරු CIA’ ඇසට හසු වූ මාරාන්තික අලිවැට
(19.12.2024 – 22:56 +0530 – hirunews.lk/sinhala)
කහල්ල – පල්ලෙකැලේ රක්ෂිතයේ මෙන්ම කලා වැව ආශ්‍රිතව දිවි ගෙවමින් මෙරට අභිමානය ලොවට ගෙන ගිය විසල් දළ සහිත ‘දීඝ දන්තු එක’, ‘රේවත’ මෙන්ම ‘භරණ’ යන හස්ති රාජයන් මේ වනවිටත් මෙලොවින් සමුගෙන අවසන්.
දිගින් දිගටම අනවසර විදුලි රැහැන්වල ගැටී ජීවිත හැරගිය මේ දැවැන්තයින්ගේ නික්මයාමෙන් පසුව හෝ වනජීවී දෙපාර්තමේන්තු බලධාරීන් අලි – මිනිස් ගැටුමට ගෙන ඇති විසදුම් ප්‍රමාණවත් ද ?
අද (19) ‘හිරු CIA’ අනාවරණය ඒ පිළිබඳ විමසා බැලීමටයි.
‘දීඝ දන්තු එක’ හස්තියා ලෙස හැදුන්වු මෙම දැවැන්තයා කලා වැව රක්ෂිතයේ සැරි සරමින් දෙස් – විදෙස් සංචාරකයන්ගේ නොමඳ ආදරය දිනා සිටියේ මෙරට සිටි විශාලතම දළ යුගලයට හිමිකම් කියු ඇත් රජු ලෙසයි.
පසුගිය නොවැම්බර් 28 වැනිදා මෙම දැවැන්තයා හදිසියේ මිය යන්නේ, අනුරාධපුර- ගල්කිරියාගම, හිඟුරුවැව ප්‍රදේශයේ නිවසක ඇද තිබු අනවසර විදුලි රැහැනක ගැටීම හේතුවෙන්.
මීට පෙර ද කලා වැව කේන්ද්‍ර කර ගනිමින් දිවි ගෙවූ ‘රේවත’ සහ ‘භරණ’ යන දළ ඇතුන්ටද ඛේදනීය ලෙස ජීවන ගමන හමාර කිරීමට සිදුවුයේ අනවසර විදුලි රැහැන්වල ගොදුරක් ලෙසයි.
කහල්ල – පල්ලෙකැලේ රක්ෂිතය නිජබිම කොටගත් මෙම සද්දන්තයන් ගමන්ගන්නා අලිමංකඩ රැසක් මේ වනවිට අවහිර වී ඇත්තේ අනවසර හේන් ගොවිතැන් හා අනවසර ඉදිකිරීම් හේතුවෙන්.
‘දීඝ දන්තු එක’ ඇතා මිය යාමෙන් පසුව ද වන ජීවී දෙපාර්තමේන්තුව පැවසුවේ අනවසර විදුලි රැහැන යෙදු නිවැසියා අත්අඩංගුවට ගෙන සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට නිලධාරීන් කණ්ඩායමක් අදාල ප්‍රදේශයට යැවු බවයි.
එසේ පැවසීමෙන් පමණක් අත පිසදා ගැනීමට අලි ඇතුන්ගේ ඇතුළු වනජීවීන්ගේ ජීවිත භාර වනජීවී නිලධාරීන්ට හැකි ද ?
මේ ‘දීඝ දන්තු එක’ හස්තියා මියගිය ගල්කිරයාගම, හිඟුරුවැව – වඩුවාවැව ආශ්රිත රජය මගින් ස්ථාපිත කර ඇති විදුලි වැටයි.
දීගදන්තු මියයාමට සති කිහිපයක පෙර සිටම මෙම විදුලි වැට මුලු මනින්ම පාහේ මහපොලොවට ඇද වැටී තිබෙනවා.
ගම්වාසීන් ද මෙහි ප්‍රමිතිය සම්බන්ධයෙන් මෙලෙස චෝදනා එල්ල කරනවා.
මෙම ‘හිරු CIA’ අනාවරණයෙන් පසුව හෝ වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් රජයේ අලි වැට නිසි ප්‍රමිතියෙන් ස්ථාපිත කිරීම මෙන්ම මේ ප්‍රදේශවල අලි මංකඩවල ඇති අවහිරතා ඉවත්කිරීම අත්‍යාවශ්‍ය කටයුත්තක්.
එය තව තවත් පමා කිරීම හරහා සිදුවන්නේ කලා වැව ආශ්‍රිතව මේ වනවිට ඉතිරිව පවතින අතේ ඇගිලි ගණනටත් අඩු වු ඇතුන් මෙන්ම, අලි රංචුවලද ඉරණම අනවසර විදුලි රැහැන්වලටම බිලිදීමටයි.
+
සහල් ආනයනය සදහා ලබාදුන් කාලය දීර්ඝ කරයි
(20.12.2024 – 07:03 +0530 – hirunews.lk/sinhala)
සහල් ආනයනය සදහා පෞද්ගලික අංශයට ලබා දී තිබූ කාලය 2025 ජනවාරි 10 වනදා දක්වා දීර්ඝ කිරීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
එම කාලය අවසන් වීමට තිබුණේ අද (20) දිනයේදීයි.
රට තුළ පවතින සහල් හිඟයට විසඳුමක් ලෙස පසුගිය 04 වනදා සිට සහල් ආනයනයට අවසර ලබා දුන්නා.
ඒ අනුව ඊයේ (19) පස්වරුව වන විට ආනයනය කළ සහල් මෙට්‍රික් ටොන් 35,000 ක් පමණ රේගුවෙන් නිදහස් කර තිබෙනවා ෴
මුල්ලිවයික්කාල් වෙරළට පැමිණි මියන්මාර සරණාගතයින් ත්‍රිකුණාමල වරායට
(20.12.2024 – 08:28 +0530 – hirunews.lk/sinhala)
මුලතිව් – මුල්ලිවයික්කාල් වෙරළ තීරයට ගොඩගසා තිබූ බහුදින ධීවර යාත්‍රාවක සිටි ‘මියන්මාර් සරණාගතයින්’ බව කියන පිරිස සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහ මෙරට නීතියට අනුව කටයුතු කරන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ප්‍රකාශ කළා.
අදාළ යාත්‍රාවේ පුද්ගලයින් 103 දෙනෙකු සිටින අතර ඔවුන් අද (20) දිනයේ ත්‍රිකුණාමලය වරායට රැගෙන එන බවයි ‘හිරු ප්රවෘත්ති අංශය’ට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.
නීතිවිරෝධීව වෙනත් රටකට යමින් සිටියදී ‘මියන්මාර් ජාතිකයින්’ රැගත් මෙම බහුදින ධීවර යාත්‍රාවක් මුලතිව් – මුල්ලිවයික්කාල් වෙරළ තීරයට ඊයේ (19) ගොඩගසා තිබුණා.
අදාළ යාත්‍රාවෙහි කුඩා දරුවන් 35 දෙනෙකු පමණ සිටි බවයි වාර්තා වන්නේ.
මෙම යාත්‍රාව මුලින්ම දැක ඇත්තේ ප්‍රදේශයේ ධීවරයින් වන අතර පසුව ඔවුන් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුවත් කර තිබෙනවා.
ත්‍රිකුණාමල වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව අදාළ සරණාගතයින් පිරිස ත්‍රිකුණාමල වරායට ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සදහන් කළා.
+
මියන්මාර සරණාගත යාත්‍රාවේ 12 දෙනෙකු රිමාන්ඩ්
(20.12.2024 – 21:24 +0530 – hirunews.lk/sinhala)
මුල්ලිවයික්කාල් වෙරළට පැමිණි මියන්මාර සරණාගතයන් සහිත යාත්‍රාවේ සිටි කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු ලබන 31 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබෙනවා.
එම යාත්‍රාවේ සිටි තවත් 103 න් දෙනෙකු මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයට යොමුකල බවයි පොලිසිය සඳහන් කළේ ෴
+
සිසුවෙකු රවටා රු. ලක්ෂ 30 ක් වංචාකළ දෙදෙනෙකු (2) අත්අඩංගුවට
(20.12.2024 – 09:14 +0530 – hirunews.lk/sinhala)
ජංගම දුරකථනයක් මිලදීගෙන දෙන මුවාවෙන් 14 හැවිරිදි පාසල් සිසුවෙකු රවටා රු. ලක්ෂ 30 කට අධික මුදලක් වංචා කිරීමේ සිදුවීමකට අදාලව පුද්ගලයින් දෙදෙනෙකුව (2) පයාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී පයාගල, ඈතගම සහ මග්ගොන පදිංචි 18 හැවිරිදි සහ 21 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකුව (2) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
පියා සහ වැඩිමල් සොහොයුරියන් දෙදෙනා (2) සමග පයාගල ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම පාසල් සිසුවාට පියා විසින් ලබා දුන් ජංගම දුරකථනය අස්ථානගත වීම හේතුවෙන් ඔහු අසල්වැසි නිවෙසේ පදිංචි සම වයසේ මිතුරකුගේ වැඩිමහල් සොහොයුරාගෙන් ජංගම දුරකතනයක් ඉල්ලා තිබෙනවා.
එහිදී ඒ සඳහා මුදල් හෝ රන් භාණ්ඩ කිහිපයක් ලබා දෙන ලෙසයි ඔහු මෙම සිසුවාට පවසා ඇත්තේ.
ඒ අනුව එම සිසුවා අල්මාරියේ තිබූ රුපියල් ලක්ෂ තිහකට (30) ආසන්න වටිනාකමකින් යුත් රන් මාල, මුදු, කරාබු, වළලු සහ අත් පලඳනා අවස්ථා තුනකදී (3) සැකකරුට ගෙනැවිත් දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එම මුදලින් ප්‍රධාන සැකකරු අතරමැදියන් දෙදෙනකු (2) මාර්ගයෙන් අවස්ථා තුනකදී (3) ඒවා අලෙවි කර සහ උකස් කර රුපියල් ලක්ෂ 17 කට ආසන්න මුදලක් ලබාගෙන ජංගම දුරකතනයක් ද සිසුවාට ලබා දී, අනෙකුත් මුදලින් කුලී පදනම මත මෝටර් රථ ලබාගෙන රට වටා විනෝද චාරිකා ගොස් සුඛෝපභෝගී දිවියක් ගත කර ඇති බවත්, ජංගම දුරකතන, ඩ්‍රෝන කැමරා, වටිනා සුවඳ විලවුන්, ඇඳුම් පැලඳුම් මිලදීගෙන තිබෙනවා.
අනතුරුව රන් භාණ්ඩ හිමි නිවැසියන්ගේ පැමිණිල්ල මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව විකුණා සහ උකස් කර තිබූ රන් භාණ්ඩ සොයාගත් බවත්, සැකකරුවන් දෙදෙනා (2) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය සඳහන් කළා ෴
‘එට්කා ගිවිසුම’ ගැන ඇමති විජිත කියයි
(20.12.2024 – 10:55 +0530 – hirunews.lk/sinhala)
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (ETCA) පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට පමණක් ජනාධිපතිවරයා මෑතකදී කළ ඉන්දීය සංචාරයේදී එකඟත්වය පළකළ බවයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ.
ඒ අනුව, යම් යම් පිරිස් විසින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ එකඟතාවය හෙවත් ‘එට්කා’ ගිවිසුමට අත්සන් කිරීම ආණ්ඩුව විසින් සිදු කරනවා යන ප්‍රකාශ අසත්‍ය බවයි ඔහු ප්‍රකාශ කළේ.
ඔහු මේ බව සඳහන් කළේ ජනපතිවරයා සිදුකළ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට අද (20) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී යි.
එමෙන්ම මෙහිදී එක් රජයේ සේවකයෙකු සති දෙක (2) බැගින් වසර පහකට (5) රජයේ සේවකයින් 1500 දෙනෙකු පුහුණුවක් සඳහාද ඉන්දියාවට යැවීමට ගිවිසුම්ගත වූ බවයි ඔහු සඳහන් කළේ.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴