පිරමීඩ ජාවාරම් වලට ඉඩ දුන්නාට අධිකරණයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට දොස්
පිරමීඩ ජාවාරම් වලට ඉඩ දුන්නාට අධිකරණයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට දොස්
(19.12.2024 – 10:20 +0530 – hirunews.lk/sinhala)
‘නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතන’ වලින් ජනතාව බේරාගැනීමට සහ ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සදහා සන්නිවේදන වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ‘ශ්‍රී ලංකා මහ බැංකුව’ට ඊයේ (18) නියෝග කළා.
රුපියල් කෝටි 5000 කට අධික ජනතා මුදල් චංචා කරමින් මෙරට පවත්වාගෙන ගිය නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතන 11 කට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනවලට අදාළව මහ බැංකු නිලධාරීන් කැදවා සිදුකළ විමසීමකදීයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇත්තේ.
ඒ අනුව එම වැඩපිළිවෙළේ ව්‍යාපෘති සැලැස්මක් මාස දෙකක් (2) ඇතුළත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද විනිසුරුවරයා නියෝග කළා.
එසේම, මහ බැංකුවේ කාර්ය භාර්ය විමසීම සදහා ශ්‍රි ලංකා මහ බැංකුවේ තැන්පතු රක්ෂණ සහ නිරාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ද අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසට මීට පෙර මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා.
අධිකරණය නිකුත් කළ එම නියෝගයට අනුව එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ නිරෝෂන් මායාදුන්නේ ඊයේ (18) අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර එහිදී ඔහු කරුණු දක්වමින් කියා සිටියේ, බැංකු පනතේ 83(ඈ)03 වගන්තිය ප්‍රකාරව නීති විරෝධී මූල්‍ය ආයතනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය මහ බැංකුව සතුවන බවයි.
එම පනත ප්‍රකාරව නීතිය ක්‍රියාත්මක කර සැකකරුවන්ට එරෙහිව අදාළ නීතිය ක්‍රියාත්මක කිරීම සදහා සැකකරුවන් පොලිසියට යොමු කළ හැකි බවත් නීතිවිරෝධී මූල්‍ය ආයතන සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල දැන්වීම් පළ කිරීම් සිදු කරන බවත් අධ්‍යක්ෂවරයා එහිදී අවධාරණය කළා.
එහිදී මහේස්ත්‍රාත්වරයා, කියා සිටියේ මහ බැංකුව මගින් ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියා තමන් මෙරට ජනමාධ්‍ය හරහා දැක නොමැති බවයි.
මහේස්ත්‍රාත්වරයෙකු ලෙස නොව සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස තමා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය පරිශීලනය කරන බවත් මේ ආකාරයට දැන්වීම් තමා දැක නොමැති බවත් විනිසුරුවරයා මෙහිදී කියා සිටියා.
මහ බැංකුවට විමර්ශන සඳහා බලතල සහ සම්පත් පවතින බවත් නීති විරෝධී ආයතනවල ජනතාව මුදල් අයෝජනය වලක්වන්න මෙන්ම අධෛර්ය කරන්න මහ බැංකුව මීට වඩා දායක විය යුතු බවද ඔහු මෙහිදී සඳහන් කළා.
ජිවිතයේ සැදෑ සමය ගෙවන විශ්‍රාමිකයන් මේ ආයතනවල මුදල් අයෝජනය කර කොතරම් අගතියට පත්ව ඇත්දැයි විනිසුරුවරයා මෙහිදි ප්‍රශ්න කළා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මහ බැංකුවට සිදුකළ හැකි කාර්යභාර්ය හා ඒ සදහා ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාස දෙකක් (2) ඇතුළත අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටයි නියෝග කර තිබෙනවා.
එසේම, රහස් පොලිසිය මගින් දැනට පිරමීඩාකාර මූල්‍ය ආයතන සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව සහය පල කරන ලෙසට ද මහ බැංකුවට නියෝග කර තිබෙනවා.
එමෙන්ම, පැමිණිලි වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ද අධිකරණයේ හමුවේ පෙනී සිට ඇති අතර විමර්ශනවල ප්‍රගතිය ලබන වසරේ අප්‍රේල් 03 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියෝග කළා ෴
සමාජ මාධ්‍යවල ගිය බල්ලෙකුට පොල්ලකින් පහර දෙන සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට
(19.12.2024 – 09:16 +0530 – hirunews.lk/sinhala)
සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ, ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් සුනඛයෙකුට පොල්ලකින් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවට අදාළව සැකකරුවන් දෙදෙනෙකු (2) අක්මීමන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සුනඛයාගේ හිමිකාරිය විසින් ඊයේ (18) දිනයේ දී අක්මීමන පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පසුවයි.
එහි දී පැමිණිලිකාරිය සඳහන් කර තිබුණේ ඉකුත් 11 වැනි දා ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් තම සුනඛයාට පහර දුන් බවත් ඒ හේතුවෙන් සුනඛයා මියගොස් ඇති බවයි.
ඒ අනුව විමර්ශන ආරම්භ කළ අක්මීමන පොලිසිය විසින් වීඩියෝවෙහි සිටි සුනඛයාට පහරදුන් සැකකරුවන් දෙදෙනා (2) ත්‍රීරෝද රථය ද සමග ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
සැකකරුවන් වයස අවුරුදු 34 ක් සහ 37 ක් වූ බටදූව ප්‍රදේශයේ පදිංචිකරුවන්.
මෙය 1907 අංක 13 දරන සත්ත්ව හිංසාව වැළැක්වීමේ ආඥා පනතේ දෙවැනි වගන්තිය යටතේ යම් තැනැත්තකු යම් සතකුට කෲර ලෙස පහරදීම, හිංසා කිරීම, නොසලකා හැරීම, වාහනයක, කූඩයක රැගෙන යෑම, වේදනාවට පත්කිරීම ආදී ක්‍රියා මඟින් සත්ත්ව හිංසනය කිරීම යටතේ ගැනෙන වරදක්.
ඒ අනුව මෙම සැකකරුවන් අද (19) දින ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි ෴
විදුලිසැර වැදී දැරියක් මරුට
(19.12.2024 – 07:14 +0530 – hirunews.lk/sinhala)
නවගත්තේගම පොලිස් වසමේ තරණගහවැව ප්‍රදේශයේදී ගැහැණු දරුවෙකුට ඊයේ (18) රාත්‍රී කාලයේදී විදුලි සැර වැදී පුත්තලම රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව නවගත්තේගම පොලිසිය සඳහන් කරනවා.
මියගිය දැරිය වයස අවුරුදු 14 ක් වූ ඉහලකුරුකැටියාව, නවගත්තේගම ප්‍රදේශයේ පදිංචිකාරියක්.
අනාරක්ෂිත විදුලි රැහැනක් මගින් බ්ලෙන්ඩරයකට විදුලිය ලබා ගෙන එය ක්‍රියාත්මක කිරීමට යාමේදී විදුලි සැර වැදී මෙම මරණය සිදුව ඇති බවටයි විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.
මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, නවගත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴
කොළඹ කඩ රැසක් පාරිභෝගික අධිකාරියේ පරික්ෂාවට
(18.12.2024 – 21:58 +0530 – hirunews.lk/sinhala)
මිනිස් පරිභෝජනයට නුසුදුසු පලතුරු, මස් ඇතුළු විවිධ ආහාර ගබඩා කර තිබූ කොළඹ නගරයේ ප්‍රදේශ රැසක වෙළෙඳසැල් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ගේ පරික්ෂාවට ලක් කෙරුණා.
එහිදී පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග විනාශ කිරීමටත් අදාළ වෙළෙඳසැල් හිමියන්ට අවවාද කිරීමටත් ඔවුන් කටයුතු කළා.
උත්සව සමයේ තෑගි බෝග ඇතුළු නිවෙස්වලට අවශ්‍ය දෑ මිලදී ගැනීම සඳහා ජනතාව වැඩි වශයෙන් මේ දිනවල සාප්පු සවාරියේ නිරත වනු දැක ගත හැකියි.
එහිදී ඔවුන් මහා මාර්ගය දෙපස තිබෙන වෙළෙඳසැල්වලින් ආහාර පාන ලබා ගැනීම සුලබ දසුනක්.
නමුත් කූඨ වෙළෙඳුන් පරිභෝජනයට නුසුදුසු ආහාර ජනතාවට අලෙවි කිරීමට මෙම තත්ත්වය යොදා ගන්නවා
එවන් පසුබිමක කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ සෞඛ්‍ය පරීක්ෂකවරුන් එලෙස පරිභෝජනයට නුසුදුසු ආහාර කූඨ ලෙස අලෙවි කරන වෙළෙඳුන් සොයා කොළඹ ප්‍රදේශ කිහිපයක වැටලීම් ක්‍රියාත්මක කළා.
එහදී පරිභෝජනයට නුසුදුසු පලතුරු, රස කැවිලි ඇතුළු විවිධ ආහාර වර්ග අලෙවි කිරීම සඳහා තබා තිබූ වෙළෙඳුන්ට අවවාද කිරීම සහ අදාළ ආහාර වර්ග විනාශ කිරීමද සිදු කෙරුණා.
+
බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට වරෙන්තු
(19.12.2024 – 10:47 +0530 – sinhala.adaderana.lk)
ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි ගොනුකර ඇති නඩුවක විත්තිකරුවකු ලෙස නම්කර සිටින ‘බොදුබල සේනා සංවිධානයේ’ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම නඩුව කැඳවූ අවස්ථාවේ අද (19) අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය.
මෙම නඩුවේ තීන්දුව අද (19) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.
එහෙත් නඩුව කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් අධිකරණයේ පෙනී සිටියේ නැත.
ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් තමා සේවාදායක හිමියන් අසනීප තත්ත්වයෙන් පසුවන නිසා අධිකරණයට පැමිණීමට නොහැකි වූ බව සඳහන් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නඩු තීන්දුව ප්‍රකාශ කිරීම ජනවාරි මස 09 වනදා තෙක් කල් තැබීය.
ඒ අනුව ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය ෴
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 63 දක්වා යළි ඉහළට
(19.12.2024 – 11:57 +0530 – hirunews.lk/sinhala)
රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම යෑම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සහා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා විසින් ගෙන එන ලද අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුවයි.
ඒ අනුව විශේෂඥ වෛද්‍ය නිලධාරින්, ශ්‍රේණි වෛද්‍ය නිලධාරින්, විශේෂඥ දන්ත වෛද්‍ය නිලධාරින්, සියලුම දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරින්, පරිපාලන වෛද්‍ය නිලධාරින් යන රජයේ ලියාපදිංචි සියලුම වෛද්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 63 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මින් පෙර වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 ක් ලෙස පැවතියත් එය පසුව වයස අවුරුදු 60 දක්වා පහළ දැමුවා.
ඒ හේතුවෙන් මෙම කරුණ සම්බන්ධයෙන් නඩු කටයුත්තක් ද පැවතුණා ෴
ලිහිල් වූ වාහන ආනයන කොන්දේසි මෙන්න
(19.12.2024 – 14:07 +0530 – hirunews.lk/sinhala)
වාහන ආනයන සීමා ඉවත් කිරීමට අදාළව පළමු (1) අදියර ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇති අතර, ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ සඳහා අදාළ කොන්දේසි කිහිපයක් ද ඇතුළත් බව එම නිවේදනයේ සඳහන්.
මෝටර් රථ වාහන ආනයනය කිරීම සඳහා වූ තාවකාලික අත්හිටුවීම ඉවත් කිරීම සම්බන්ධයෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
විදේශ සංචිතවල ඇතිවූ වැඩිදියුණු වීමත් සමඟින් ආර්ථිකය ක්‍රමිකව යාථා තත්ත්වයට පත්වීම සහ ආර්ථික කටයුතු සාමාන්‍යකරණය වීමත් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුවේ ද එකඟතාව සහිතව සංයෝජිත වර්ගීකරණ සංකේතාංක හෙවත් ‘HS CODES’ 304 ක් යටතේ වර්ගීකරණය වන මෝටර් වාහන ආනයනය කිරීමට අදාළව පනවා තිබූ තහනම අදියර 3 ක් යටතේ ඉවත් කිරීමටයි 2024 සැප්තැම්බර් මස 13 වැනිදා අමාත්‍ය මණඩල අනුමැතිය ලැබී ඇත්තේ.
එම ‘අදියර 3’ යටතේ පළමු (1) අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් අනුමැතිය ලබා දුන් බව එම නිවේදනයේ සඳහන්.
වර්ගීකරණ සංකේතාංක 52 ක් යටතේ වර්ගීකරණය වන පොදු ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා බස් රථ, විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා රථ සහ අනෙකුත් මෝටර් රථ ඒන්ජින් භාවිත නොවන රෝද සහිත අයිතම ආනයනය කිරීමට අවසර ලබාදීම පිණිස 2415/35 අංක දරණ 2024 දෙසැම්බර් 18 දිනැති ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර ඇති බවද එම නිවේදනයේ දැක්වෙනවා.
මේ සඳහා අදාළ කොන්දේසි වන්නේ :
01. ආනයනය කරනු ලබන මෝටර් වාහන, ආයාත බිල් පත්‍රයේ හෝ රේගු සටහන්කරයේ දිනයේ සිට දින 90 ක් ඇතුළත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුයි.
02. මාසිකව CIF වටිනාකමින් 3% සිට අයකරනු ලබන ප්‍රමාද ගාස්තු ගෙවීමට යටත්ව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අදාළ වාහනය ලියාපදිංචි කළ යුතුයි.
03. ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරුන්ගේ නමට ලියාපදිංචි කළ නොහැකි අතර එසේ ආනයනය කරන ලද වාහන ගැනුම්කරුවන්ගේ නමට ලියාපදිංචි කළ යුතුයි.
04. මෙම ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාව උල්ලංඝණය කරමින් ආනයනය කළහොත් ආනයනකරුට වාහන ආනයනය කිරීම අවම වශයෙන් මාස 36 ක කාලයකට තහනම් කරනු ලැබෙනවා.
05. රෙගුලාසිවලට පටහැනිව මොටර් රථයක් ආනයනය කළහොත් දින 90 ක් ඇතුළත ප්‍රතිඅපනය කළ යුතුයි.
06. මින් පෙර භාවිත නොකළ නව අයිතම ආනයනය කළ යුතුයි.
+
බදු සංශෝධනයෙන් ඉතිරි කිරීමේ ගිණුම් ලක්ෂ 161 කට රැදවුම් බදු වැඩි කරලා…
(19.12.2024 – 16:40 +0530 – lankacnews.com)
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
= පුවත්පත් නිවේදනය =
බදු සංශෝධනය – අටුව කඩලා පුටුව හැදීම : 121,000 කට බදු අඩු කර, ඉතිරිකිරීමේ ගිණුම් ලක්ෂ 161 කට රැඳවුම් බදු වැඩි කරලා
ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කර ඇති බදු සංශෝධන මගින් උපයන විට ගෙවීමේ බද්ද (PayE tax) ගෙවූ 121,000 කට සහන ලබා දී, ස්ථීර සහ ඉතිරිකිරීමේ ගිණුම් ලක්ෂ 161 කට බලපාන පරිදි රැදවුම් බද්ද 5% කින් ඉහත දමා ඇස්බැන්දුමකින් රටම රවටා ඇති යැ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිණී කවිරත්න පවසයි.
මැතිවරණ සමයේ දී රට රවටමින් උපයන විට ගෙවීමේ බදු සීමාව රු. ලක්ෂ දෙකක් (200,000) කරන බව පැවසූ අනුර කුමාර දිසානායක මැතිතුමා ඊයේ එය රු. 150,000 ක් කරන බව නිවේදනය කළේය. අදාළ බද්ද ගෙවන පුද්ගලයින් 121,000 කට එමගින් වාසියක් සැලසේ.
ඒ සමඟම රජය දැනට 5% ක් වන රැදවුම් බද්ද 10% දක්වා වැඩි කර ඇත. ලංකාවේ ඉතිරිකිරීමේ ගිණුම් ලක්ෂ 161 ක් පවතින අතර එයින් ගිණුම් ලක්ෂ 50 ක් මාසික ක්‍රියාකාරී මට්ටමේ පවතී. මේ සියළුම ගිණුම් සඳහා ලැබෙන පොලිය 5% ක බදු වැඩිවීමට යටත් කොට ඇත.
වත්මන් අර්බුදය හමුවේ මෙරට ආර්ථිකය දිගින් දිගටම හැකිලෙමින් තිබේ. සමාජයේ පහළ මැද පන්තිය සිය දෛනික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොහැකිව ලත වෙමින් ඇත. එසේ තිබිය දී, රටේ පහළම ආදායම ලබන පිරිසක් ද ඇතුළත් වන ලක්ෂ 161 ක් වන සියළුම ඉතිරි කිරීමේ ගිණුම් හිමියන්ට අතිරේක බදු බරක් පැණවීම කිසි ලෙසකින් හෝ අනුමත කළ නොහැකිය.
මාසිකව හෝ අර්ධ වාර්ෂිකව තැම්පත් පොලිය, ආහාර – බෙහෙත් ඇතුළු දෛනික අවශ්‍යතාවයන් සඳහා ලබා ගන්නා ලක්ෂ 50 කට ආසන්න පිරිසකට රැඳවුම් බදු බර පැටවීම සහාසික ක්‍රියාවකි.
රෝහිණී කවිරත්න
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
දුම්රියේ ගමන් ගත් එක්දරු පියෙක් දුම්රියෙන් ඇද වැටි ජිවිතක්ෂයට
(19.12.2024 – 17:29 +0530 – hirunews.lk/sinhala)
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රියෙන් (19) දින ගමන් කරමින් සිටි එක්දරු පියෙක් දුම්රියෙන් ඇද වැටි ජිවිතක්ෂයට පත් වි ඇති බව දිඹුල පතන පොලිසිය පවසනවා.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ කොටගල ගංගායිපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි වෙල්ලසාමි ජයකුමාර් නැමති 40 හැවිරිදි එක්දරු පියෙක්.
රාත්‍රි තැපැල් දුම්රිය (19) දින අලුයම 4 ට පමණ කොටගල දුම්රිය ස්ථානය වෙත ළගා වි ඇති අතර, දුම්රිය යලිත් බදුල්ල දක්වා ධාවනය කල අවස්තාවේ කොටගල දක්වා දුම්රියෙන් පැමිණි ජිවිතක්ෂයට පත් පුද්ගලයාට කොටගල දුම්රිය ස්ථානයෙන් බැසිමට නොහැකි වු නිසා ඔහු දුම්රියෙන් බැසිමට උත්සහ කිරිමේදි දුම්රියෙන් ඇද වැටි ජිවිතක්ෂයට පත් වන්නට ඇති බවයි අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන දිඹුල පතන පොලිසිය සැකකරන්නේ.
නානුඔය සිට කොළඹ දක්වා අලුයම ධාවනය වු දුම්රියේ රියදුරු විසින් කොටගල සහ තලවකැලේ දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය මාර්ගය අසල මල සිරුරක් ඇති බවට දැක පසුව එම දුම්රියෙන් සිරුර කොටගල දුම්රිය ස්ථානය දක්වා රැගෙනවිත් භාර දි තිබෙනවා.
මිය ගිය එක්දරු පියා සතුව කොළඹ කොටුව සිට කොටගල දක්වා ගමන් කිරිමට දුම්රිය ප්‍රවේශපත්‍රයක් තිබි හමුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පතන පොලිසිය පරික්ෂණ පවත්වනු ලබනවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴