පෞද්ගලික බැංකුවක වෙබ් අඩවියක් ව්‍යාජ ලෙස සකසා රු. ලක්ෂ 10 ක් වංචා කළ තරුණයෙක් දැලේ

පෞද්ගලික බැංකුවක වෙබ් අඩවියක් ව්‍යාජ ලෙස සකසා රු. ලක්ෂ 10 ක් වංචා කළ තරුණයෙක් දැලේ


පෞද්ගලික බැංකුවක වෙබ් අඩවියක් ව්‍යාජ ලෙස සකසා රු. ලක්ෂ 10 ක් වංචා කළ තරුණයෙක් දැලේ

(21.04.2026 – hirunews.lk)

පෞද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් (Fake Website) නිර්මාණය කර රුපියල් ලක්ෂ දහයකට (10) අධික මුදලක් වංචා කළ සැකකරුවෙකු පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි ‍පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.

පෞද්ගලික බැංකුවක වෙබ් අඩවියට සමාන අයුරින් සකස් කළ ව්‍යාජ අඩවියක් ඔස්සේ රුපියල් 1,000,024 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් ඒකකයට පසුගිය පෙබරවාරි 16 වනදා පැමිණිල්ලක් ලැබී තිබු බව සඳහන්.

ඒ අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් දීර්ඝ විමර්ශනයකින් පසු ඊයේ (20) දහවල් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක්.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරු වාරියපොළ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

සැකකරු අද (21) දින කුරුණෑගල ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා ෴


අධික මිලට ඉන්ධන මිල දී ගැනීම ගැන පැමිණිලි කිරීමට ඒකාබද්ධ විපක්ෂය අල්ලස් කොමිසමට

(21.04.2026 – hirunews.lk)

අධික මිලට ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරියේදී පැමිණිලි කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ සහ පක්ෂ නියෝජිතයින්ගේ විශේෂ රැස්වීමක් ඊයේ (20) දිනයේදී හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ නාරාහේන්පිට කිරුළ පාරේ පිහිටි නිවසේදී පැවැති අවස්ථාවේදී.

ගල් අඟුරු වංචාවටත් වඩා නොදෙවෙනි මෙම ඉන්ධන වංචාව පිළිබඳව නීත්‍යානුකූලව ක්‍රියා කළ යුතු බවත් රටේ ජනතාව දැනුවත් කළ යුතු බවටත් මෙහිදී යෝජනා කර ඇත්තේ එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින්.

ඒ අනුව අධික මිලට ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් ඊට අදාල ලියකියවිලි සකස් කර පැමිණිලි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නීති විශේෂඥයන් කිහිප දෙනෙකුට විපක්ෂයේ පක්ෂ නායකයින් විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම පැමිණිල්ල සඳහා ඒකාබද් විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ අත්සන් ලබා ගැනීමේ කටයුතු භාර දී ඇත්තේ ප්‍රේමනාත් සී. දොළවත්තට සහ සුගීශ්වර බණ්ඩාරට යි.

ජී.එල්. පීරිස් හිටපු අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කොට ඇත්තේ මේ සම්බන්ධයෙන් රට දැනුවත් කිරීම ඒකාබද්ධ විපක්ෂයේ වගකීමක් බවයි.

ඒ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් ඒකාබද විපක්ෂ විසින් පැවැත්විය යුතු බවට යෝජනා කළේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිරි අබේවර්ධන විසින්.

මේ අනුව මේ මස 23 වෙනිදා කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ දී අධික මිලට ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුව ඒකාබද්ධ විපක්ෂය විසින් පැවැත්වීමට නියමිතයි.

ඉදිරි ආණ්ඩුවකදී හෝ මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා දැන් සිටම අදාල පැමිණිලි ඉදිරිපත් කළ යුතු බව පෙන්වා දී ඇත්තේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා විසින්.

අධික මිලට ඉන්ධන මිලදී ගැනීම නිසා රුපියල් බිලියන ගණනක අයුතු ලාභයක් උපයාගෙන ඇති බවත් මේ හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යෑමට ඉඩ ඇති බවත් ඉන් පීඩාවට පත් වන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව නිසා මෙම සියලුම කරුණු ගැන මුළු රටම දැනුවත් කිරීම ඒකාබද්ධ විපක්ෂයේ වගකීම බවත් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක ප්‍රකාශ කර තිබෙනවා.

ඊයේ (20) සවස 05:00 සිට රාත්‍රී 07:30 දක්වා පමණ වේලාවක් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට නිමල් සිරිපාලද සිල්වා, වජිර අබේවර්ධන, තලතා අතුකෝරාල, චම්පික රණවක, ප්‍රසන්න රණතුංග, සාගල රත්නායක, ඩිලාන් පෙරේරා, නිමල් ලාන්සා, දිළුම් අමුණුගම, මහාචාර්ය චන්න ජයසුමන, සුදත් මංජුල, ප්‍රේමනාත් සී දොලොවත්ත, සුගීශ්වර බණ්ඩාර ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් සහ පක්ෂ නියෝජිතයින් පිරිසක් එක්වුණා ෴


පාස්කු ප්‍රහාරයට වගකියන්න ඕනේ රවී – ශානි | මේ දෙන්නා ඉන්නකම් පාස්කු වින්දිතයන්ට සාධාරණයක් නෑ (21.04.2026)

+


කංජිපානිගේ මෙහෙයවීමෙන් කොළඹ බෝම්බ පිපිරවීමට සැලසුම් කළ අයෙකු අත්අඩංගුවට

(21.04.2026 – 13:15 +0530 – sinhala.adaderana.lk)

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක, මොහොමඩ් නජිම් මොහොමඩ් ඉම්රාන් හෙවත් ‘කංජිපානි ඉම්රාන්’ යන අයගේ මෙහෙයවීම මත කොළඹ නගරයේ බෝම්බ පිපිරවීම් මාලාවක් සිදුකිරීමට සැලසුම් කළ බව කියන ප්‍රධාන සැකකරුවෙකු ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.

පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ජා-ඇළ, කලා වීදිය ප්‍රදේශයේදී ඊයේ (20) සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.

මෙරට ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් වන පරිදි කොළඹ ප්‍රදේශයේ ජනාකීර්ණ ස්ථාන ඉලක්ක කර බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට මොහු සැලසුම් කර තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පොලීසිය සැකපල කරන්නේ, දැනට විදෙස්ගතව සිටින බව කියන කංජිපානි ඉම්රාන් විසින් අදාළ සැකකරුට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවට ය.

​අත්අඩංගුවට ගත් සැකකරු රඳවා තබා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිත අතර, ඉන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙම කුමන්ත්‍රණය පිටුපස සිටින සෙසු පුද්ගලයන් සහ පුපුරණ ද්‍රව්‍ය සපයා ගැනීමට ගත් උත්සාහයන් පිළිබඳව ද ත්‍රස්ත මර්දන කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වයි ෴

+++

ප්‍රහාරයක් පිළිබඳ පැතිර ගිය ප්‍රචාර අසත්‍යයි – පොලිසිය

(21.04.2026 – 14:36 +0530 – sinhala.adaderana.lk)

කොළඹ ඇතුළු ජනාකීර්ණ ප්‍රදේශවල බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට පුද්ගලයෙකු සූදානම් වූ බවට සමාජ මාධ්‍යවල හා ඇතැම් වෙබ් අඩවිවල පළවූ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසයි.

ඔහු වැඩිදුරටත් තහවුරු කළේ එවැනි සිදුවීමක් වාර්තාවී නොමැති බවය.

කෙසේවෙතත් ‘කංජිපානි ඉම්රාන්’ සමග සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය ෴


පාස්කු ප්‍රහාරය කරපු උන්ට අපේ ඇස් පනාපිට දඩුවම් ලැබෙනවා – ඒත් මේ පච ආණ්ඩුවෙන් කිසිම දෙයක් වෙන්නේ නෑ (21.04.2026)

+


මාකුඹුරෙන් සුබ නැකතට වැඩ අල්ලපු සුපිරි ‘පතුල පහත බස් බලෑණිය’ මෙන්න (21.04.2026)

App : LMT-GO

+++

මේ හුණ්ඩු පාරවල් වල අපේ බස් දුවන්නෙත් හරි අමාරුවෙන් | අළුත් වැඩේට ගැමුණුගෙන් ලෙඩක් වැටෙයි (21.04.2026)

+


මේ වසරේ දළඳා පෙරහැරට ප්‍රහාරයක්| පුහුණු වෙච්චි 300 කට වඩා එළියේ ඉන්නවා | ගම්මන්පිලගෙන් අනාවරණයක් (21.04.2026)

+++

පාස්කු ප්‍රහාරය කළේ ගෝඨා කියලා සාක්ෂි ඇතුව ඔප්පු කරන්න (21.04.2026)

+


පිටකොටුවේ රෙදි පිළි වෙළෙඳසලකින් රු. ලක්ෂ 62 ක් සොරකම් කළ කළමනාකරු ඇතුළු සිව්දෙනෙක් (4) අත්අඩංගුවට

(21.04.2026 – hirunews.lk)

පිටකොටුව, හෙට්ටිවීදිය මුහුදු මාවතේ පිහිටි ප්‍රධාන පෙළේ නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරයකින් රුපියල් ලක්ෂ 62 ක් පමණ වටිනා මුදල් සහ දේපළ සොරාගත් එම ආයතනයේම කළමනාකරු ඇතුළු සිව්දෙනෙකු (4) අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර ප්‍රදර්ශනාගාර කළමනාකරු සහ වෙළෙඳ සහයකයන් තිදෙනෙකු (3) සිටින බවයි පොලිසිය පවසන්නේ.

මේ මස 01 වන දිනත් 12 වන දිනත් අතර කාලය තුළ තම වෙළෙඳසැලෙන් රුපියල් ලක්ෂ 32 ක මුදලක් සහ අලෙවිය සඳහා තිබූ රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා නිමි ඇඳුම් තොගයක් අතුරුදන්ව ඇති බවට වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ව්‍යාපාරිකයකු විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව ක්‍රියාත්මක වූ විමර්ශන කණ්ඩායම විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකාර කළමනාකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී සොරාගත් රුපියල් ලක්ෂ 32 ක මුදල මට්ටක්කුලිය, ශාන්ත මරියා පාරේ පිහිටි ඔහුගේ නිවසේ සඟවා තිබියදී පොලිසිය විසින් සොයාගනු ලැබුවා.

සෙසු සැකකරුවන් නෝටන් බ්‍රිජ්, රාගල සහ නුවරඑළිය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 17 ත් 42 ත් අතර වයස්වල පසුවන්නන් බව පොලිසිය හඳුනාගෙන තිබුණා.

මෙම මහා පරිමාණ සොරකමට සම්බන්ධ එම ආයතනයේ තවත් සේවකයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත අතර, දැනට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පිටකොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත ද සිල්වාගේ උපදෙස් මත, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.එම්.කේ. අලහකෝන් ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා ෴


හොඳටම ඩෝබි වැඩේ කරපු මාලිමා ඇමතිට දුන්නා ගල් අඟුරු ඇමතිකම තවත් හොඳට හෝදන්න (21.04.2026)

+


ගල් අඟුරු වංචාවේ මහ මොළකරු මෙන්න ? (21.04.2026)

+


මහින්දට වෙඩි තැබූ පතායා පිම්පියා… ෆිලිෆීනේ ඉඳන් කුණුහරුප කියන්නැතුව ලංකාවට වරෙන් (21.04.2026)

+

ප්‍රකාශන නිදහස මේ ආණ්ඩුවෙන් කප්පාදු කරලා ද? ජේවීපී සාහිත්‍ය ඔස්තාද්ලාගේ මුක පූට්ටු වෙලා ඇයි ? (21.04.2026)

+

පැලවත්තට කඩාවැටුණු කොටි පොත් මරාලය… හා කියන්ඩත් බෑ, බෑ කියන්ඩත් බෑ (21.04.2026)

+


වසන්ත ලැජ්ජ කොහෙ තියලද? දෙරණට ගිහින් හිටියෙ (21.04.2026)

+

‘අලුත් පියාපත් දුව’ට බිඳුනු පියාපත් ගැන පියෙකුගෙන් (21.04.2026)

+


දිට්වා සුළි කුණාටුව නිසා කාදිනල්ගේ පාස්කු සටන මග නවතී (21.04.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *