ව්‍යාජ ලෙස ලියාපදිංචි කළ මෝටර් රථ 6,000ක් රට පුරා
(14.12.2024 – 16:03 +0530 – hirunews.lk/sinhala)
රේගු බදු නොගෙවා අනීතිකව ආනයනය කර ව්‍යාජ ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ මෝටර රථ 6000 කට ආසන්න ප්‍රමාණයක් රට පුරා පවතින බවට ‘අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව’ අනාවරණය කරගෙන තිබෙනවා.
ඒ අනුව, සිදු කළ විමර්ශනයට අනුව එලෙස ගෙන්වූ වාහන භාරයට ගැනීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර, එම මෝටර් රථ රේගු බදු සහ වෙනත් ගාස්තු අය කර ගැනීමට ‘රේගු දෙපාර්තමේන්තු’ භාරයට පත් කරන බවයි එම කොමිෂන් සභාව සදහන් කළේ.
ආනයනය කරන ලද වාහනවල නීත්‍යානුකූල බව තහවුරු කිරීම සදහා ‘රේගු දෙපාර්තමේන්තුව’ විසින් ‘ඔන්ලයින් ද්වාරයක්’ ද පසුගිය දා හඳුන්වා දුන් අතර මේ හරහා නිර්ව්‍යාජ ගැනුම්කරුවෙකු මෝටර් රථයක් මිලදී ගැනීමට පෙර එය නිසි පරිදි ආනයනික තීරු බදු හා වෙනත් ගාස්තු ගෙවා ඇති බවට තහවුරු කර ගත හැකි බවයි අල්ලස් කොමිසම සදහන් කළේ.
මේ අතර, රුපියල් 6,000 ක අල්ලස් මුදලක් ලබා ගත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල සේවකයෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වීරවිල – පන්නේගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ විදේශ ගමන් බලපත්‍රය සකස් කර දීම සදහා මොහු එම මුදල ඉල්ලා ඇති බව සදහන්.
Sri Lanka Customs – Vehicle Verification Portal :
https://services.customs.gov.lk/vehicles
මාලිගාකන්දේ වෙඩිල්ල වැරදුණු ඉලක්කයක්
(14.12.2024 – 20:22 +0530 – hirunews.lk/sinhala)
කොළඹ – මාලිගාකන්ද අධිකරණය අසලදී අද (14) පස්වරුවේ සිදුවූ වෙඩිතැබීමකින් කාන්තාවක තුවාල ලැබුවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග ‘හිරු ප්රවෘත්ති අංශය’ට සදහන් කළේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) විසින් මෙම වෙඩිතැබීම සිදු කර පළා ගොස් ඇති බවයි.
වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ, 40 හැවිරිදි කාන්තාවක් වන අතර, ඇය කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
කෙසේ වෙතත් අදාළ වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වී ඇත්තේ, අදාළ කාන්තාවගේ ස්වාමිපුරුෂයා බවටයි වාර්තා වන්නේ.
හෙරොයින් සම්බන්ධයෙන් මාලිගාකන්ද අධිකරණයේ පවතින නඩුවක විවෘත වරෙන්තුකරුවෙකු වන ඔහු, පොලිසිය අද (14) ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප ලබා ගෙන පිටව යාමේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවද වැඩිදුරටත් වාර්තා වුණා.
+
ගුල්ලන් ගැසූ සහල් ප්‍රති-අපනයන කිරීමට නියෝග
(14.12.2024 – 19:16 +0530 – hirunews.lk/sinhala)
පුද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද සහල් කිලෝග්‍රෑම් 75,000 ක් ගුල්ලන් ඇතුළු කුරුමිණියන් හඳුනා ගැනීම සහ නිෂ්පාදන තොරතුරු ලේබල් පිළිබඳ ගැටළු හේතුවෙන් නැවත අපනයනය කිරීමට ශ්‍රී ලංකා රේගුව විසින් නියෝග කර තිබෙනවා.
එසේ නොමැතිනම් එම සහල් රාජසන්තක කරන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ සඳහන් කළේ.
රටතුළ මතුව ඇති සහල් ගැටලුවට පිළියමක් ලෙස රජය සහල් ආනයනයට අවසර දීමත් සමග මෙරටට ගෙන්වූ සහල් තොග අතුරින් බහලුම් 3 ක අඩංගු සහල් කිලෝග්‍රෑම් 75,000 ක් පමණ පරිභෝජනයට නුසුදුසු බව සෞඛ්‍ය අංශ මගින් අනාවරණය කරගෙන තිබෙනවා.
රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේවනවිට ආනයනය කර ඇති සහල් මෙට්‍රික් ටොන් 2,400 න් 90% ක් පමණ රේගුවෙන් නිදහස් කර ඇති බවයි.
රජය විසින් පසුගිය 04 වැනිදා සිට සහල් ආනයනය සඳහා පෞද්ගලික ආනයනකරුවන්ට අවසර ලබාදුන්නා.
ඒ අනුව, ඊයේ (13) වනවිට පෞද්ගලික අංශය විසින් මෙරටට ආනයනික සහල් මෙට්‍රික් ටොන් 2,400 ක් පමණ ගෙන්ව ඇති අතර, ඒවා කොළඹ වරායට ගොඩබා තිබෙනවා.
+
+
කථානායක අසෝක රන්වලගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී
(14.12.2024 – 13:39 +0530 – hirunews.lk/sinhala)
කථානායක අසෝක රන්වලගේ ඉල්ලා අස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිගෙන ඇති බව ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තු මහලේකම්වරියට ලිඛිතව දන්වා තිබෙනවා.
10 වැනි පාර්ලිමේන්තුවේ 12 වැනි කථානායකවරයා ලෙස තෝරා පත්කරගනු ලැබූ අසෝක රන්වල ඊයේ (13) කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරනු ලැබුවේ ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව සමාජය තුළ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගතව ඇති පසුබිමකයි.
මාධ්‍ය වෙත ලිපියක් නිකුත් කරමින් අශෝක රන්වල සඳහන් කළේ සිය අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව සමාජය තුළ ගැටලුවක් මතුව තිබුණත් තම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් කිසිඳු සාවද්‍ය ප්‍රකාශයක් කථානායකවරයා ලෙස තමා ප්‍රකාශ කර නොමැති බවයි.
ඒ අනුව කතානායකවරයා සිය අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කර තිබෙනවා.
කථානායකවරයා, නියෝජ්‍ය කථානායකවරයා හෝ නියෝජ්‍ය කාරක සභා සභාපති යන පදවිවලින් කවර හෝ පදවියක් දරන්නෙකු ධුරයෙන් ඉල්ලා අස්වීමට අදහස් කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැට හතර – දෙක (64/2) ව්‍යස්ථාවට අනුව සිය අත්සනින් යුතු ලිපියකින් ඒ බව ජනාධිපතිවරයාට දැනුම් දිය යුතුයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීම පිළිගන්නේ නම් ඒ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත දැනුම් දිය යුතුවනවා.
අශෝක රන්වල පසුගිය මස 21 වැනිදා කථානායක ධුරයේ දිවුරුම් දුන් අතර ඊයේ (13) ඔහු ඉල්ලා අස්වීමට තීරණය කරන විට ධුරයේ කටයුතු කර තිබුණේ දින 22 ක් පමණයි.
ඒ අනුව මෙරට දේශපාලන ඉතිහාසයේ කෙටිම කාලයක් කථානායක ධුරයේ කටයුතු කළේ අසෝක රන්වල යි.
එසේම කෙටිම කාලයකින් ඉල්ලා අස්වූ කථානායකවරයා ලෙසද අශෝක රන්වල ඉතිහාස ගතවනු ඇති ෴
+
පාර්ලිමේන්තුව මීළගට රැස්වන පළමු දිනයේදීම කථානායකවරයා තෝරා පත් කරගත යුතු බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න ප්‍රකාශ කළා.
ඒ අනුව ලබන 17 වැනිදා නව කාථානායවරයා තෝරාපත් කරගත යුතුවනවා.
අලුතින් පත් කෙරෙන මන්ත්‍රිවරයා සම්බන්ධයෙන් බෙදීමක් පවතින්නේ නම් එදින අනිවාර්යයෙන්ම ජන්ද විමසීමක් පැවැත්වෙනු ඇති.
පාර්ලිමේන්තු ලබන 17 සහ 18 යන දෙදින තුළ රැස්වීමට නියමිතයි.
සිය අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව සමාජය තුළ කතා බහක් මතුව ඇති පසුබිමක කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට අශෝක සපුමල් රන්වල ඊයේ (13) තීරණය කළා.
මාධ්‍ය වෙත ලිපියක් යොමු කරමින් ඔහු කියා සිටියේ තමාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව සමාජය තුළ ගැටලුවක් මතුව තිබුණත් තම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් කිසිඳු සාවද්‍ය ප්‍රකාශයක් කථානායකවරයා ලෙස තමා ප්‍රකාශ කර නොමැති බවයි.
මෙරට 10 වැනි පාර්ලිමේන්තුවේ 12 වැනි කථානායකවරයා ලෙස අසෝක රන්වල පසුගිය නොවැම්බර් 21 වැනිදා තෝරා පත්කරගනු ලැබුවා.
කෙසේ වෙතත්, කථානායක අසෝක රන්වල එම ධුරයට පත්වීම මාසයක් ඉක්මයාමටත් පෙර ඔහුගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් ප්‍රශ්න කිරීමත් සමග සමාජය තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වුණා.
සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පාර්ශව කිහිපයක් කථානායක අසෝක රන්වලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කළේ එවැනි පසුබිමකයි.
මෙවැනි පසුබිමක ඊයේ (13) පස්වරුවේ කථානායක අසෝක රන්වල මාධ්‍ය වෙත ලිපියක් යොමු කරමින් කියා සිටියේ තමන් කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.
මේ අතර, ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 64/2 වගන්තිය අනුව කථානායකවරයෙකු සිය අත්සනින් ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් සිය ඉල්ලා අස්වීම දැනුම් දිය යුතු වන අතර ජනාධිපතිවරයා එය පිලිගැනීමෙන් පසු අදාළ ඉල්ලා අස්වීම ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න සඳහන් කළා.
එමෙන්ම පාර්ලිමේන්තු වෙබ් අඩිවියේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරියට වැරදී ආකාරයට ආචාර්ය උපාධි සඳහන් කිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තුවේ ප්‍රධානින් අදාළ නිලධාරීන්ට නියෝග කර ඇති බවද වාර්තාවනවා.
මේ අනුව ඔවුන් ඒ සම්බන්ධයෙන් ලබන සදුදාට (16) පෙර නිදහසට කරුණු ඉදිරිපත් කළ යුතුවනවා.
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සමහර මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරියේ වැරදි ආකාරයට සඳහන් කෙරුණු ආචාර්ය උපාධි පසුගියදා ඉවත් කෙරුණා.
මෙයට අමතරව වෙබ් අඩවියේ තිබී ඇතැයි පැවසෙන තවත් දෝෂ 30 ක් පමණ නිැරදි කර ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
පාර්ලිමේන්තු වෙබ් අඩවියට තොරතුරු ඇතුලත් කරනු ලබන්නේ සභා ලේකම් කාර්යාලය විසින්.
මේ අතර, පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියේ ආචාර්ය පදවියක් ගැන සඳහන් වීම එම තොරතුරු ඇතුළත් කිරීමේදී සිදුවූ වරදක් බව පාර්ලිමේන්තු ප්‍රධානීන් අමාත්‍යවරයාට කනගාටු පළ කර තිබෙනවා.
එමෙන්ම පාර්ලමේන්තුවේ නියෝජ්‍ය කතානායක රිස්වි සාලි තමා වෛද්‍යවරයෙකු මිස විශේෂඥ වෛද්‍යවරයෙකු නොවන බව සඳහන් කර තිබෙනවා.
මුහුණු පොතේ සටහනක් තබමින් ඔහුගේ අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කර තිබුණා.
+
+
+
විදුලි සැර වැදී මිය ගිය පුද්ගලයෙකුගේ සිරුර සැඟවූ සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට
(14.12.2024 – 10:51 +0530 – hirunews.lk/sinhala)
විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයෙකුගේ සිරුර වැසිකිළිවලකට දැමූ පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ විදුලිසැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 58 ක් වූ වල් ඉඟුරු කැටිය, ඌරගස් මංහන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු කුරුඳු තැලීමට මාතරට යන බව පවසා නිවසින් පිටව ගොස් 2024.12.11 වන දින තෙක් නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් ඌරගස් මංහන්දිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණා.
එහිදී අනාවරණය වූයේ එම පුද්ගයා මැන්ඩෝරා වල ප්‍රදේශයේ පිහිටි පැමිණිලිකරුගේ සහෝදරියෙගේ නිවසට ගොස් පාපැදිය එහි දමා අසල වෙල් යායකින් එගොඩ වී ගොස් ඇති බවයි.
එම පුද්ගලයාගේ මෘත ශරීරය එම ප්‍රදේශයේම පාලු ඉඩමක වැළිකිලි වළකට දමා ඇති බවට ලද තොරතුරක් මත ඊයේ (13) දින ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු මෘත ශරීරය ගොඩ ගැනීමට කටයුතු කර තිබෙනවා.
තවදුරටත් කරන ලද විමර්ශන වලදී එම ප්‍රදේශයේ සතුන් දඩයම් කිරීම සඳහා අනවසර විදුලි රැහැන් අදින සැකකරුවන් දෙදෙනෙකු (2) හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වල දී මොවුන් විසින් යොදන ලද අනවසර විදුලි රැහැනක පැටලී මරණකරු මිය ගොස් සිටි බවත්, එම මෘත ශරීරය පිළිබඳව කිසිවෙකුට නොදන්වා ඉහත පාළු ඉඩමේ වැසිකිලි වලට දැමීමට කටයුතු කර ඇති බව පොලිසිය අනාවරණය කර ගෙන ඇති බව සඳහන්.
සැකකරුවන් අවුරුදු 35 හා 46 වයස්වල පසුවන ඌරුගස්මන්හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව සඳහන්.
සැකකරුවන් විසින් අනවසර විදුලි රැහැන් ඇදීමට යොදා ගන්නා ලද කම්බි පොලිස් භාරයට ගෙන ඇති අතර ඌරුගස්මන්හන්දිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴
වැලිපැන්නේ හෝටලයක ගැටුමක්
(14.12.2024 – 22:36 +0530 – hirunews.lk/sinhala)
වැලිපැන්න, ගබඩා හන්දිය ප්‍රදේශයේ හෝටලයකට ආහාර ගැනීම සඳහා අද (14) පස්වරුවේ පැමිණි පිරිසක් හා එම හෝටල් සේවකයින් අතර ඇතිවූ බහින්බස් වීමක් ගැටුමක් දක්වා දුරදිග ගොස් තිබෙනවා.
පැලිපැන්න පොලිසිය සඳහන් කළේ, ආහාර සම්බන්ධයෙන් ඇතිවූ යම් ගැටළුවක් මුල්කරගනිමින් මෙම ගැටුම හටගෙන ඇති අතර, කැපුම් තුවාල ලැබූ තිදෙනෙකු කළුතර, නාගොඩ මහ රෝහලට ඇතුළත් කළ බවයි.
එම පහරදීමෙන් තුවාල ලබා ඇත්තේ දෙනියාය, ඉත්තෑපාන, මීගහතැන්න ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 34, 27, 32 යන වයස්වල පසුවන තරුණයින් පිරිසක්.
මේ වනවිට එම හෝටලය සහ ඒ ආසන්න ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බවත්, සිදුවීමට සම්බන්ධ තරුණයින් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කළා.
එමෙන්ම, තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ ෴
ජනතාවට ‘රිලා සූට්’ අන්දපු රිලව් බත් මුට්ටියටත් වැඩේ දෙන හැටි – රිලා ගැටලුව ගැන සොයන්න ගමට ගිය හිරු (14.12.2024)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴