බැංකු ගිණුමකින් රුපියල් ලක්ෂ 40 ක් ඇද්ද පුද්ගලයෙකු බන්ධනාගාරයට
බැංකු ගිණුමකින් රුපියල් ලක්ෂ 40 ක් ඇද්ද පුද්ගලයෙකු බන්ධනාගාරයට
(09.12.2024 – 20:52 +0530 – hirunews.lk/sinhala)
බැංකු ගිණුමට අනවසරයෙන් ඇතුළුවී එම ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 40 ක් වංචා සහගත ලෙස ලබාගත් බව කියන සැකකරුවෙකු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අද (09) නියෝග කළා.
සැකකරු කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්වන අතර වංචාවට හසුව ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙක්.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලකට අනුවයි මෙම සැකකරුවා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ.
වංචාවට හසු වූ පුද්ගලයා ඉඩමක් විකිණීම සඳහා අන්තර්ජාලය ඔස්සේ දැන්වීමක් පළකර තිබූ බවත් සැකකාර පුද්ගලයා එය ලබාගන්නා මුවාවෙන් පැමිණිලිකාර පුද්ගලයාගේ බැංකු ගිණුම් අංක ලබාගෙන ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට සඳහන් කළා.
පසුව එම පුද්ගලයාගේ බැංකු ගිණුම් අංක ලබාගෙන ඇති සැකකරු පරිගණක දත්ත පද්ධතියක් ඔස්සේ පැමිණිලිකරුගේ බැංකු ගිණුමට ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ 40 ක් වංචා සහගතව ලබාගෙන ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පවසා සිටියා.
සැකකාර පුද්ගලයා ඔහුට හිතවත් තවත් පිරිසක් සමග එක්ව මෙම වංචා සහගත ක්‍රියාව සිදුකර ඇති බවත් වංචා සහගතව ලබාගත් මුදල් සැකකාර පුද්ගලයාගේ බැංකු ගිණුම් 05 කට බැරකර ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කළ කරුණු දැක්වීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා ඔහුව මෙම මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කරනු ලැබුවා ෴
කලාවැවම කැලඹූ ඝාතනයේ සැඟවුණු කරුණු රැසක් එළියට
(09.12.2024 – 19:34 +0530 – hirunews.lk/sinhala)
කලාවැව, වලව්වේගම ප්‍රදේශයේ නිවසක් තුළ සිදුව තිබූ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අඹුසැමි යුවලක් අත්අඩංගුවට ගත් බව ඉපලෝගම පොලිසිය පවසනවා.
කලාවැව, වලව්වේගම ප්‍රදේශයේ නිවසක් තුළ තිබී ඊයේ (08) රාත්‍රියේ පුද්ගල මළ සිරුරක් සොයා ගැනීමට පොලිසිය සමත් වුණා.
එහිදී අනාවරණය වුණේ ඝාතනයට ලක්ව ඇත්තේ, විජිතපුර, වලව්වේගම ප්‍රදේශයේ පදිංචිව සිටි නාවලගොඩ ලියද්දේ ගෙදර තිලක් වීරසිංහ නමැති 37 හැවිරිදි එක්දරු පියෙකු බවයි.
ඝාතනයට ලක්ව ඇති පුද්ගලයාට අයත් බව කියන වලව්වේගම ප්‍රදේශයේ පිහිටි නිවසක කාමරයක් තුළ තිබී එම මළ සිරුර සොයාගත් අතර, මළ සිරුර හමුවූ නිවස ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා විසින් වෙනත් ප්‍රදේශයක යුවලක් සඳහා කුලියට ලබා දී තිබූ එකක් බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
ඝාතනයට ලක්වූ පුද්ගලයා පෙරේදා (07) සවස තමන් පදිංචි නිවසේ සිට කුලියට ලබා දී තිබූ මෙම නිවසට පැමිණ ඇති බවත් එසේ පැමිණී අවස්ථාවේදී කුලියට ලබා දී තිබූ නිවස තුළදී ඔහු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවත්, නිවෙස් හිමියාගේ සිරුර හමුවූ එම නිවසේ කුලියට සිටි යුවලද සිද්ධියෙන් පසු එම නිවස අතහැර පලාගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.
අදාළ නිවසේ කුලී පදනම මත සිටි පුද්ගලයෙකු හා මියගිය පුද්ගලයාද ඇතුළු පිරිසක් පෙරේදා (07) රාත්‍රියේ එම නිවසේ මත්පැන් සාදයක් පවත්වා ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර, එම අවස්ථාවේ ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවූයේද යන්න සම්බන්ධයෙන් විමර්ශනද සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.
කෙසේ වෙතත් සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම කුලී නිවසේ පදිංචිව සිටි අඹුසැමි යුවල අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇති අතර, ඔවුන් හෙට්ටිපොල ප්‍රදේශයේ පදිංචි බව කියන වයස අවුරුදු 39 ක හා 29 ක් වන අඹුසැමි යුවලක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එළෙස අත්අඩංගුවට ගත් යුවල කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර තිබෙනවා.
+
“නඩු ඉවත් කරනවා නම් ජනතාවට හේතු කියන්න ඕනේ” – ජනාධිපති අනුර කුමාර දිසානායක
(09.12.2024 – 22:28 +0530 – hirunews.lk/sinhala)
අල්ලස සහ දූෂණයට එරෙහිව තමන්ට ලැබුණු ජනවරම අනුව, තම පාලන කාලය තුළදී සමස්ත පද්ධතියම ප්‍රතිස්ථාපනය කර ශ්‍රී ලංකාව සුවපත් රාජ්‍යයක් බවට පත් කරන බව, ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ජාත්‍යන්තර දූෂණ විරෝධී දින ජාතික සැමරුමට එක්වෙමින්.
ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනයට සමගාමීව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සංවිධාන කළ ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති මෙම උත්සවයේදී සුපිළිපන් නිලධාරීන්ට පත්වීම් ප්රදානය කළේ ජනාධිපතිවරයා අතින්.
එහිදී අදහස් දැක්වූ ජනපතිවරයා සඳහන් කළේ, 2021 වසරේදී අල්ලස් දූෂණ කොමිෂන් සභාව නඩු 69 ක් පවරා ඇති අතර, නඩු 40 ක් ඉල්ලා අස් කර ගෙන ඇති බවත්, 2022 වසරේදී නඩු 89 ක් පවරා ඇති අල්ලස් හා දුෂණ කමිෂන් සභාව ඉන් නඩු 45 ක් ඉල්ලා අස්කරගෙන ඇති බවයි.
ඒ අනුව, මෙම නඩු ඉල්ලා අස්කර ගැනීමට හේතු ජනතාවට කිව යුතු බවත්, විමර්ශන නිලධාරීන් නඩුවලදී සාක්ෂිකරුවන් නොවීමට හේතු ජනතාවට අනාවරණය කළ යුතු බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කරනු ලැබුවා.
+
සහල් මලුවලින් හාල් අදින ජාවාරමක් අතටම හසුවෙයි
(09.12.2024 – 22:21 +0530 – hirunews.lk/sinhala)
මහා පරිමාණ සහල් මෝලකින් අද (09) පස්වරුවේ ගම්පහ ප්‍රදේශයේ වෙළෙඳසැලකට රැගෙන ආ සහල් මලුවල නියමිත බර නොමැති වීම සම්බන්ධයෙන් ලද තොරතුරක් මත ‘පාරිභෝගික අධිකාරියේ’ නිලධාරීන් අද (09) එම සහල් මලු පරීක්ෂා කළා.
එහිදී නිරීක්ෂණය වී තිබුණේ, අදාළ සහල් මලු ඉතා සූක්ෂමව සිදුරු කර සහල් රැගෙන ඇති බවයි.
මීට දින කිහිපයකට පෙර කළ ඇණවුමක් මත මහා පරිමාණ සහල් නිෂ්පාදන ආයතනයකින් අද (09) පස්වරුවේ ගම්පහ ප්‍රදේශයේ වෙළෙඳසැළකට සහල් ගෙනවිත් තිබුණා.
වෙළෙඳසැලේ සේවකයින් සහල් මලු පරීක්ෂා කිරීමේදී නිරීක්ෂණය වී ඇත්තේ එහි නියමිත බර නොමැති බවයි.
පසුව කළ පරීක්ෂාවේදී අදාළ සහල් මලු සූක්ෂමව සිදුරු කර සහල් ඉවත් කර ඇති බව නිරීක්ෂණය වී තිබුණා.
+
වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිට සුපිරි වාහන ජාවාරම් කළ අයෙක් අත්අඩංගුවට
(09.12.2024 – 11:07 +0530 – hirunews.lk/sinhala)
වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කුලී පදනම මත සුඛෝපභෝගී වාහන ලබාගෙන ඒවාට ව්‍යාජ ලේඛන සකසා අධික මිල ගණන්වලට අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ හෝමාගම පිහිටි උප ඒකකය මගිනුයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඒ අනූව වංචනික ලෙස ලිපි ලේඛන සකසා කෝටි ගණනකට අලෙවි කර තිබූ BMW සහ KDH වර්ගයේ වාහන දෙකක් (2) භාරයට ගත් බවයි එම ඒකකය පැවසුවේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පාමංකඩ පදිංචි 33 පුද්ගලයෙක්.
මොහු වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කොට්ටාවේ වාහන කුලියට දෙන ආයතනයකින් KDH වාහනයක් ලබාගෙන එය මීරිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට රුපියල් කෝටියකට අලෙවි කර තිබෙනවා.
සැකකරු KDH මෝටර් රථයට ව්‍යාජ පොත් දෙකක් (2) සකසා එක් පොතක් රුපියල් ලක්ෂ 80 කට උකස් කර රුපියල් කෝටියකට මීරිගම ප්‍රදේශයේ මෙම පුද්ගලයාට උකස් කර තිබේ.
මුල්ලේරියාව ප්‍රදේශයේ එවැනි ආයතනයකින් BMW වාහනයක් ලබාගෙන එය පිළියන්දල ප්‍රදේශයේ ගණකාධිකාරිවරයෙකුට රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයකට (1,25,00,000) උකස් කර තිබියදී සොයා ගත් බවයි පැවසෙන්නේ.
එසේම BMW වාහනයටත් ව්‍යාජ පොතක් සකසා තිබියදී එම ව්‍යාජ ලේඛනය පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙම ව්‍යාජ ලේඛන සැකසීම සඳහා වාහනවල මුල් අයිතිකරුගේ නමට ව්‍යාජ හැදුනුම්පතක් සකස් කර ගැනීමට මොහු සමත්ව ඇති බව පොලිසිය පැවසුවා.
මෙම ව්‍යාජ ලේඛන සැකසීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ රාජකාරියේ නිරත පුද්ගලයකුගේ පූර්ණ සහය ලැබී ඇති බවත් ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
+
+
ලබන සතියේ රටට එන හොඳම හාල් – “කොමිස් කුට්ටිය විතරක් රු. කෝටි 770 ක්” (09.12.2024)
+
රාජපක්ෂලාගේ හොර දේශපාලුවන්ගේ සල්ලි හංගලා තියෙන්නේ උගන්ඩාවේ නෙවෙයි ඩුබායිවල (10.12.2024)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴