නව මිල සංශෝධනයට අනුව සහල් අලෙවි කරන්න බැහැ – සහල් වෙළදුන්ගෙන් චෝදනා

නව මිල සංශෝධනයට අනුව සහල් අලෙවි කරන්න බැහැ – සහල් වෙළදුන්ගෙන් චෝදනා


නව මිල සංශෝධනයට අනුව සහල් අලෙවි කරන්න බැහැ – සහල් වෙළදුන්ගෙන් චෝදනා

(08.12.2024 – 15:06 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් සහල් සඳහා පැනවූ නව උපරිම සිල්ලර මිල යටතේ සහල් අලෙවි කිරීමට නොහැකි බවට වෙළදුන් චෝදනා කරනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සහල් ව්‍යාපාරිකයින් අතර ඊයේ (07) පැවැති විශේෂ සාකච්ඡාවෙන් පසු, සහල් සඳහා නව උපරිම සිල්ලර මිලක් පැනවීමටයි රජය තීරණය කළේ.

ඒ අනුව වෙළෙඳපොළේ නාඩු, සම්බා සහ කැකුළු සහල්වල මෙතෙක් පැවැති උපරිම සිල්ලර මිල රුපියල් 10 කින් වැඩිකර ඇති අතර කීරි සම්බා මිලෙහි වෙනසක් සිදුවන්නේ නැහැ.

2022 වසරේ මැයි 02 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව උපරිම සිල්ලර මිල දැක්වුණේ, නාඩු සහල් කිලෝවක් රුපියල් 220 ක්, සම්බා සහල් කිලෝවක් රුපියල් 230 ක් සහ කීරී සම්බා සහල් කිලෝවක් රුපියල් 260 ක් ලෙසයි.

පසුව රතු සහ සුදු කැකුළු කිලෝවක් සඳහා රුපියල් 210 ක් වශයෙන් එම වසරේම ජුනි මස 10 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයෙන් උපරිම සිල්ලර මිලක් නියම කෙරුණා.

ඊයේ (07) පස්වරුවේ පැවැති සාකච්ඡාවේදී එම උපරිම සිල්ලර මිල ගණන් මෙන්ම තොග මිල ද සංශෝධනය කිරීමට තීරණය වී තිබෙනවා.

ඒ අනුව නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 225 ක් සහ සිල්ලර මිල රුපියල් 230 ක් වනු ඇති. සම්බා සහල් කිලෝවක තොග මිල රුපියල් 235 ක් සහ එහි සිල්ලර මිල රුපියල් 240 ක් කිරීමට මෙම සාකච්ඡාවේදී තීරණය වුණා.

එමෙන්ම කීරි සම්බා සහල් කිලෝවක තොග මිල රුපියල් 255 ක් වන අතර එහි සිල්ලර මිල රුපියල් 260 ක් වනු ඇති.

ඊට අමතරව සුදු සහ රතු කැකුළු කිලෝවක තොග මිල රුපියල් 215 ක් සහ සිල්ලර මිල රුපියල් 220 ක් ලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරුණා.

ඒ අනුව නාඩු, සම්බා සහ රතු හා සුදු කැකුළු සහල්වල වෙළෙඳපොළේ මෙතෙක් පැවැති සිල්ලර මිල මෙම නව තීරණයත් සමග රුපියල් 10 කින් වැඩි වනවා.

කෙසේ වෙතත් කීරි සම්බා සහල් දැනට පවතින මිලටම අලෙවි කෙරෙනු ඇති.

මේ අතර වෙළදුන් පවසන්නේ වෙළදපළේ සහල් හිගයක තවමත් පවතින බවත් නව උපරිම සිල්ලර මිල යටතේ සහල් අලෙවි කිරීමට නොහැකි බවයි.

මේ අතර ජනපතිවරයා ලබාදුන් නියෝගය පරිදි අරලිය සහල් දඹුල්ල වෙළඳපළට අද (08) උදෑසන සිට ලැබෙමින් පවතින බව අප වාර්තාකරු සදහන් කළා.

මෙවන් පසුබිමක පොළොන්නරුව ප්‍රදේශයේ සහල් මෝල් අද (08) දිනයේ විශේෂ පරික්ෂාවට ලක්කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ප්‍රකාශ කළා.

එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි සියලුම සහල් මෝල්වල තොරතුරු ලබාගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවයි ෴

අද (08) සිට දිනපතා වී මෝල් හිමියන් විසින් දෛනිකව නිෂ්පාදනය කරන මුලු සහල් ප්‍රමාණය, තොග ප්‍රමාණය මෙන්ම වෙළඳපොලට නිකුත් කරන සහල් ප්‍රමාණය සම්බන්ධයෙන් වාර්තා ලබා ගැනීමට රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිළධාරීන් විසින් ලබා ගන්නා එම වාර්තා වෙළඳ අමාත්‍යවරයා වෙත ලබා දීමට නියමිතයි.

පොළොන්නරුව ප්‍රදේශයේ සහල් මෝල් විශේෂ පරික්ෂාවට ලක් කිරීමටද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අද පියවර ගත්තා.

එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි සියලු‍ම සහල් මෝල්වල තොරතුරු ලබාගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවයි ෴

රජය විසින් ආනයනය කිරීමට තීරණය කළ සහල් තොග ලබන සතියේ මෙරටට ලැබෙනු ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයකරුවන්ගේ සංගමය පවසනවා.

මතුව ඇති සහල් හිගයට පිළියමක් ලෙස මෙට්‍රික් ටොන් 70,000 ක උපරිමයකට යටත්ව සහල් ආනයනය කිරීමට පසුගියදා රජය තීරණය කළා.

ආනයනික සහල්වලින් වැඩි ප්‍රමාණයක් ඉන්දියාවෙන් ඇනවුම් කර ඇති අතර, ඒ අනුව එම සහල් තොග රැගත් නෞකා ඉදිරි සතිය තුළ දිවයිනට පැමිණෙනු ඇති.

සහල් සඳහා පනවා තිබූ ආනයනික බදු සංශෝධනය කරමින් දෙසැම්බර් මස 04 වන දින සිට 20 වන දින දක්වා කාලය තුළ සහල් ආනයනය සඳහා අවසර ලබාදෙමින් රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කළා.

ආනයනය කරනු ලබන සහල් කඩිනමින් පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් වරායට පැමිණෙන නෞකාවල පවතින සහල් පැය 04 ක් ඇතුළත ඉන් නිදහස් කිරිමට කටයුතු කරන බවයි රේගු දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සහ මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ පසුගියදා ප්‍රකාශ කළේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සහල් ව්‍යාපාරිකයින් අතර ඊයේ (07) පැවැති විශේෂ සාකච්ඡාවෙන් පසු, සහල් සඳහා නව උපරිම සිල්ලර මිලක් පැනවීමටයි රජය තීරණය කළේ ෴


කුලී රියැදුරන් මත්කර කොල්ලකෑ ‘හතරෙ කල්ලිය’ අත්අඩංගුවට

(08.12.2024 – 18:54 +0530 – hirunews.lk/sinhala)

කුලී ගමන් යන මුවාවෙන් ත්‍රිරෝද රථවලට නැග එහි රියැදුරන් මත්වීමට සලස්වා රුපියල් 5,500,000 කට ආසන්න මුදල් හා රන් භාණ්ඩ කොල්ල කෑ සිවු දෙනෙකු (4) බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ කොල්ල කෑ රන් භාණ්ඩවලින් රුපියල් 4,100,000 ක් පමණ වටිනා රන් භාණ්ඩ තොගයක් හෙට්ටිවීදියේ රන් භාණ්ඩ අලෙවිසැළකින් සොයා ගත් බවයි.

බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසිනුයි සැකකරුවන් ඊයේ (08) අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත්තේ සැකකරුවන් පොලිස් වසම් 15 ක පමණ මෙම සොරකම් සිදුකර ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් රක්වාන, මරදාන, බදුල්ල, වැරැල්ලගම ප්‍රදේශවල පදිංචි 37-38 ත් අතර වයසේ පසුවන අය බවයි පොලීසිය පවසන්නේ.

සැකකරුවන් කොල්ලයක් සඳහා නාවලපිටිය නගරයේ සැරිසරන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබූ බවත් පොලිසිය පැවසුවා ෴


පොලිසියට අත්බෝම්බයක් ගහලා පනින්න ගිය හොරා අත්අඩංගුවට

(08.12.2024 – 20:06 +0530 – hirunews.lk/sinhala)

පොලිසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පලායාමට උත්සාහ කළ සැකකරුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි යාපනය පොලිසිය පවසන්නේ.

යාපනය, කෝපායි, අච්චුවේලි, චුන්නාකම් ප්‍රදේශවල ජනතාව බියට පත්කරමින් රාත්‍රී කාලයේ නිවාසවලට පැන කෝටි ගණනක මුදල්, රන්බඩු ඇතුළු දේපොළ කොල්ලකෑ අයෙක් මෙසේ කොටුකර ගත් බවයි පොලිසිය පැවසුවේ.

මොහු අත්අඩංගුවට ගැනීමේදී යාපනය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාගේ උදරය ප්‍රදේශය සපා කා තුවාල සිදුකර තිබෙනවා.

එසේ තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත, ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 38 ක පුද්ගලයක්.

ඔහු කොල්ලකෑ රන් භාණ්ඩ පවුම් 50 ක් පමණ සොයාගෙන ඇති අතර විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය මූලස්ථාන පොලිසියේ නිලධාරීහු පිරිසක් විසිනුයි මෙම වැටලීම සිදුකළේ ෴


අශිෂ්ඨ හා අසභ්‍ය ප්‍රකාශ සංඝ සමාජයට විශාල අගතියක් ගෙනදෙනවා.. (08.12.2024)

+


ඩඩ්ලිගෙන් සල්ලි අරන් වමාරගන්න බැරිව ඉන්නවා (08.12.2024)

+


යතුරුපැදිය සේදීමට ගිය තරුණයාට දිවි අහිමි වෙයි

(08.12.2024 – 19:15 +0530 – sinhala.adaderana.lk)

යහළුවන් සමග සිය යතුරුපැදිය සේදීමට ළිඳට පැමිණි තරුණයෙකු ළිඳට වැටී දියේ ගිලි මියගොස් තිබේ.

යතුරුපැදිය සෝඳමින් සිටින විටදී බාල්දිය ළිඳ වැටී ඇති අතර එය නැවත ගැනීමට උත්සාහ කිරීමේ දී තරුණයා ළිඳට වැටී දියේ ගිලි ඇති බව අනාවරණය වී ඇත.

පොලීසිය පැවසුවේ කළුතර, පනාපිටිය ප්‍රදේශයේ දී අද (08) සවස මෙම අනතුර සිදුව ඇති බවය.

මෙලෙස මියගොස් ඇත්තේ මහියංගනය ප්‍රදේශයේ පදිංචිව සිටි 18 හැවිරිදි තරුණයෙකි.

ඔහු ඊයේ (07) කළුතර, පනාපිටිය ප්‍රදේශයට පැමිණ ඇත්තේ සිය යහළුවන් දෙදෙනෙකු 2 සමග සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වීම සඳහාය.

මේ සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය ඉදිරි විමර්ශන සිදුකරයි ෴


ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

(08.12.2024 – 11:03 +0530 – sinhala.adaderana.lk)

සංගණන කටයුතු සඳහා නිවාස වෙත පැමිණෙන ගණන් ගැනීමේ නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු ලබාදීමට කිසිදු බියක් ඇති කරගත යුතු නැතැයි බව ‘ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව’ පවසයි.

එම දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය පවසා සිටියේ, සංගණන කටයුතු සඳහා පැමිණෙන නිලධාරීන්ට ඇතැම් නිවාසවලින් තොරතුරු ලබානොදීමේ තත්ත්වයක් වාර්තා වී ඇති බවය.

කෙසේවෙතත් එම සංගණන කටයුතු දෙසැම්බර් මස 23 වන දිනෙන් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළාය.

මෙම වර්ෂය සඳහා වන සංගණන කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනලේඛන හා සංඛ්‍ය ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය මෙම අදහස් පළ කළාය.

“ජන හා නිවාස සංගණනයේ තොරතුරු රැස්කිරීමේ අදියරයේ කටයුතු 2024 වසරේ ඔක්තොබර් මාසයේ 07 වෙනිදා ආරම්භ වුණා. 2023 වසරේ ඔක්තොබර් මාසේ ආරම්භ කළා සෑම නිවසකට, ගොඩනැගිල්ලකටම රතුපාට ලේබලයක් අලවන්න. ඒ ලේබලය පදනම් කර ගනිමින් තමයි නිවාසවල ජීවත් වෙන පුද්ගලයන්ගේ සහ ඒ නිවාසවල තොරතරු රැස්කිරීම අපි සිදුකළේ.

මෙම තොරතුරු රැස්කිරීම ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන්නේ සංගණන අඥාපනත යටතේ පැවැරී ඇති බලතල අනුව. කිසිසේත්ම සැකයත් ඇති කරගන්න එපා කිසිදු ආකාරයකින් පුද්ගලික මට්ටමේ තීන්දු තීරණ ගැනීමට මෙම තොරතරු ගැනීමට මෙම තොරතුරු භාවිතා වෙන්නේ නැහැ. රටේ ඉදිරි අනාගතයට, ඉදිරි වසර 10 සඳහා ජාතික ප්‍රතිපත්ත සම්පාදනයට, සැලසුම් සකස් කිරීමට අවශ්‍ය වෙන තොරතුරු තමයි මේ සංගණනයෙන් ලබාදෙන්නේ.

මෙම ගණන් ගැනීමේ අදියරයේ කටයුතු දෙසැම්බර් 23 වනදායින් අවසන් වෙන්න සියලු කටයුතු සැලසුම් කරලා තියෙනවා. දෙසැම්බර් 19 දිනය සංගණන දියන විදිහට ප්‍රකාශයට පත්කරලා ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා විසින් නිකුත්කරලා තියෙනවා. ඒ අනුව ගණන් ගන්නා නිලධාරියෙක් සංගණනය සඳහා තොරතුරු රැස්කිරීමට ඕබේ නිවසට නොපැමිණියහොත් 1901 දුරකථන අංකය අමතා දැනුම් දෙන ලෙස සියලුදෙනාම දැනුවත් කරනවා.”


කැබිතිගොල්ලෑවේ පුද්ගලික ඉඩමකදී ගැබිණි කෙනරක් විදුලි සැර වැදී මරුට

(08.12.2024 – 22:38 +0530 – hirunews.lk/sinhala)

ගැබ්බරව සිටි වයස අවුරුදු 25 ක් පමණ වන කෙනරක (ගැහැණු අලියා) විදුලි සැර වැදීමකින් මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ‘මැදවච්චිය වනසත්ව අඩිවි ආරක්ෂක කාර්යාලයේ’ නිලධාරීන් මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එහිදී මැදවච්චිය වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මියගිය කෙනරගේ සිරුර කැබිතිගොල්ලෑව, හේරත්හල්මිල්ලවැව ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක තිබී සොයා ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකිව තිබෙනවා.

විදුලි සැර වැදීමකින් මියගොස් ඇති එම කෙනෙර, උස අඩි 08 ක් පමණ වන වයස අවුරුදු 25 ක් පමණ වන ගැබිණි කෙනරක බවත්, වනජීවී නිලධාරීන් සිරුර සොයා ගන්නා අවස්ථා වනවිටත් එම කෙනෙරගේ දේහය නරක්වෙමින් පැවැති බවත් එම නිලධාරීන් සඳහන් කරනවා.

මියගිය කෙනරගේ සිරුර සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර, පණ්ඩුලගම, ‘වනසත්ත්ව සෞඛ්‍ය කලමනාකරණ ඒකකයේ’ පශු වෛද්‍ය උදේශීකා මධුවන්ති විසින් සිදුකර ඇති අතර, මියයන විටදී ඇය ගැබ්බර කෙනෙරක බවටත්, විදුලි සැර වැදීමකින් එම කෙනෙර මරණයට පත්ව ඇති බවත් එහිදී අනාවරණය වී තිබෙනවා.

ගැබ්බර කෙනෙරක විදුලි සැර වැදීමෙන් පුද්ගලික ඉඩමක් තුල මියයාමේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වූ සැකකරුවන් සොයා මැදවච්චිය වනසත්ත්ව අඩවි ආරක්ෂක කාර්යාලය මගින් මේ වනවිට වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴


වලව්වේගම නිවසක පුද්ගල ඝාතනයක්

(08.12.2024 – 22:28 +0530 – hirunews.lk/sinhala)

ඝාතනය කළ පුද්ගලයකුගේ මළ සිරුරක් අද (08) රාත්‍රියේ සොයා ගත් බව ඉපලෝගම පොලිසිය පවසනවා. කලාවැව, වලව්වේගම ප්‍රදේශයේ නිවසක් තුළ තිබියදී මෙම සිරුර හමුව තිබෙනවා. ඝාතනයට ලක්ව ඇත්තේ විජිතපුර, වලව්වේගම පදිංචිව සිටි (37) හැවිරිදි පුද්ගයෙක්.

මලසිරුර හමුව ඇත්තේ ඝාතනයට ලක්ව ඇති පුද්ගලයාටම අයත් බව කියන කුලියට දී තිබූ නිවසක් තුළ තිබියදීයි. මෙම නිවස යුවලක් සඳහා කුලියට ලබා දී තිබූ එකක් බවට පොලිස් විමර්ශණවලදී අනාවරණය වි තිබෙනවා.

ඝාතනයට ලක්වූ පුද්ගලයා ඊයේ (07) සවස ඔහු පදිංචි නිවසේ සිට කුලියට ලබා දී තිබූ නිවසට පැමිණ ඇති බව පැවසෙනවා. ඉන් පසුව එම නිවස තුළදී ඔහු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මේ අතර නිවසේ කුලීයට සිටි යුවල ඊයේ (07) සිට නිවස අතහැර පලා ගොස් ඇතැයි පොලිසිය පවසනවා. ඝාතනය සම්බන්ධයෙන් ඉපලෝගම පොලිසිය වැඩිදුර විමර්ශණ සිදුකරනවා ෴


ගම්පහ වෙඩි තැබීමකින් අයෙකු මරුට

(08.12.2024 – 22:04 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ පොලිස් වසමේ තම්මිට පාරේ, කවුඩන්ගහ ප්‍රදේශයේදී අද (08) රාත්‍රියේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින්ම පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩිතබා පලාගොස් ඇති බව පොලිසිය පවසනවා.

එහිදී වෙඩි වැදී තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මරණකරු වයස අවුරුදු 39 ක් වූ තම්මිට, මාකෙවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලිසිය සැක කරනු ලබනවා.

මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

+


ඖෂධ ලොක්කෙක් නිවාඩු යවයි

(08.12.2024 – lankadeepa.lk)

ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ඇගයීම් නිලධාරි තුෂාර රණදේව මහතා ‘ජාතික ඖෂධ නියාමනාධිකාරිය’ විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු යවනු ලැබ ඇත.

ඔහු ‘ඖෂධ වේදීන්ගේ සංගමයේ’ සභාපතිවරයාද වෙයි.

ඖෂධ නියාමන අධිකාරියේ රහස්‍ය තොරතුරු බාහිර සමාගම්වලට දෙන බවට එම අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් අනුව ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා විසින් ඔහු මෙසේ අනිවාර්ය නිවාඩු යවනු ලැබ ඇත.

රණ දේව මහතා පාවිච්චි කළ සියලු බඩුමුට්ටුවහම බාර දෙන ලෙසත් යම්කිසි කාරණයකට හෝ ආයතන පරිශ්‍රයට පැමිණිය හැක්කේ තමාගේ අනුමැතිය අනුව පමණක් බවත් විජේවික්‍රම මහතා ඔහු අනිවාර්ය නිවාඩු යවමින් භාරදී ඇති ලිපියේ සඳහන් වේ.

එමෙන්ම තුෂාර රණදේව ගේ පෞද්ගලික ජංගම දුරකතනයද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇත.

ඒ අධිකාරියේ රහස්‍ය තොරතුරු බාහිර සමාගම්වලට ලබාදී ඇති බවට චෝදනා කරමින්, ඖෂධ නියාමන අධිකාරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුවය.

කෙසේ වෙතත් අධිකාරියේ ඇතැම් සේවකයන් පවසන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරී ඇතුළු දූෂිත ඉහළ නිළධාරීන්ගේ බලපෑම්වලට යටත් නොවී වංචා දූෂණ ක්‍රියා හෙළිකිරීම හේතුවෙන් රණදේව මහතාට මෙම ඉරණමට මුහුණ දීමට සිදුවූ බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *