අම්පාරේ ට්‍රැක්ටර් අනතුර – විදුහල්පති ඇතුළු 4 ක් අත්අඩංගුවට
(28.11.2024 – 17:54 +0530 – sinhala.adaderana.lk)
අම්පාර කාර්තිව් මාවඩිපල්ලි පාලම අසළදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව නින්දවූර් මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා, ගුරුවරයෙක් සහ ට්‍රැක්ටර් රථයේ සහායකයින් ලෙස කටයුතු කර තිබූ දෙදෙනෙක් (2) අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ සැකකරුවන් සමන්තුරෙයි මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

ඉකුත් 26 වනදා පාසල් නිමවී අදාළ සිසුන්ට නිවෙස් බලායෑමට බස් රථයක් නොමැති හෙයින් එම ට්‍රැක්ටර් රථයෙන් යන ලෙසට උපදෙස් ලබාදී මුදල් ද ලබාදී ඇත්තේ විදුහල්පතිවරයා බවට වාර්තා විය.
බස් රථය ධාවනය කිරීම නතර කර ඇත්තේ ද ඒ වනවිට පැවැති ගංවතුර තත්ත්වය හේතුවෙනි.
එවන් පසුබිමක මුදලට මගීන් ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් රථයෙන් දරුවන් නිවෙස් වෙත රැගෙනයෑමට උපදෙස් ලබාදී ඇත්තේ විදුහල්පතිවරයා බව පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ.
මාර්ගය අවදානම් බැවින් ට්‍රැක්ටර් රථයෙන් දරුවන් ප්‍රවාහනය නොකරන ලෙස හමුදාව එහිදී උපදෙස් ලබාදී තිබූ බවද වැඩිදුරටත් අනාවරණය වී ඇත.
එවන් පසුබිමක සිසුන් 11 දෙනෙකු සමග ට්‍රැක්ටර් රථය සැඩ පහරට හසුවී පෙරළීයෑගොස් තිබූ අතර ඉන් ඒ මොහොතේ සිසුන් 5 දෙනෙකු දිවි බේරාගත් අතර තවත් සිසුන් 6 දෙනෙකු දියේ ගිලී අතුරුදන්විය.
මෙලෙස අතුරුදන් වී තිබුණේ වයස අවුරුදු 12 ත් 16 ත් අතර වයස්වල පසුවන සිසුන් 6 දෙනෙකි.
මේ වනවිට සිසුන් 5 දෙනෙකුගේ සිරුරු හමුවී ඇති අතර තවත් එක් සිසුවෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.
ඊට අමතරව ට්‍රැක්ටර් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරු මේ වනවිට සොයාගෙන තිබේ ෴
අම්පාරේ මද්‍රාසා සිසුන් 5 දෙනෙකු ගමන් කළ ට්‍රැක්ටරය ගසාගෙන යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා දෙසැම්බර් 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අනෙක් දෙදෙනා (2) සමන්තුරේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් ඇප මත මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ ෴
කල්ඉකුත්වන දිනය වෙනස් කළ කුරක්කන් ටොන් 22 ක් කොටහේනේ ගබඩාවක
(28.11.2024 – lankadeepa.lk)
ඇසුරුමේ කල්ඉකුත්වන දිනය සහ නිෂ්පාදිත දිනය වෙනස් කළ කුරක්කන් මෙට්‍රික්ටොන් 22 ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975 ක් වෙළඳපලට නිකුත් කිරීමට සූදානම් කර තිබියදී කොළඹ, කොටහේන ප්‍රදේශයේ ගබඩාවක තිබියදී භාරයට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසීය.
එහිදී කුරක්කන් කිලෝග්‍රෑම් 30 බැගින් වූ ඇසුරුම් 740 ක නිෂ්පාදිත වර්ෂය 2024 ලෙස සහ එය මාස 12 ක් ඇතුළත භාවිතා කළ යුතු බවට ඉන්දියානු නිෂ්පාදකයා සඳහන් කර තිබුණ ද ශ්‍රී ලාංකික ආනයනකරු ඇසුරුම් කළ වර්ෂය හා මාසය, 2024 අගෝස්තු සහ කල්ඉකුත්වන වර්ෂය සහ මාසය, මාස 24 ක් ඉදිරියට යොදමින්, 2026 ජූලි ලෙස ස්ටිකරයකින් වෙනස් කර වෙළඳපලට නිකුත් කිරීමට සැළසුම් කර තිබූ බවත් ඒ මහතා කීය.
එම ගබඩාවේම කූනිස්සන් කිලෝග්‍රෑම් 5 බැගින් වූ ඇසුරුම් 195 ක නිෂ්පාදිත වර්ෂය සහ මාසය 2024 ජූලි ලෙස සහ කල්ඉකුත්වන වර්ෂය සහ මාසය 2024 දෙසැම්බර් ලෙස සඳහන් කර තිබුණ ද ඒ මත නිෂ්පාදිත වර්ෂය සහ මාසය 2024 ඔක්තෝම්බර් සහ කල්ඉකුත්වීමේ දිනය 2025 සැප්තැම්බර් ලෙස ස්ටිකරයකින් වෙනස්කර වෙළෙඳපලට නිකුත් කිරීමට සූදානම් කර තිබූ බව ද සමරකෝන් මහතා සඳහන් කළේය.
අදාල ව්‍යාපාරිකයාට විරුද්ධව නීතිමය කටයුතු සිදුකිරීමට කටයුතු යොදා ඇති අතර ඉදිරි උත්සව සමය තුළ මෙවැනි භාණ්ඩ වෙළඳපලට නිකුත් කිරීම වැලක්වීමට දිවයින පුරා විමර්ශන සහ වැටලීම් කරන බව ද සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය ෴
යාපනය ශික්ෂණ රෝහලත් ගංවතුරින් යටවෙයි
(28.11.2024 – 19:43 +0530 – hirunews.lk/sinhala)
යාපනය දිස්ත්‍රීක්කයට අද (28) දින ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහල ද ජලයෙන් යට වී තිබෙනවා.
යාපනය ශික්ෂණ රෝහලේ නේවාසික වාට්ටු කිහිපයක්ම ගංවතුර තර්ජනයකට ලක්ව තිබෙන අතර වාට්ටුතුලට ජලය ගලාඒම හේතුවෙන් කාර්ය මණ්ඩලයන් මෙන්ම රෝගීන්ද දැඩි පීඩාවන්ට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
නේවාසිකාගාර කිහිපයක්ද ජලයෙන් යටවීම හේතුවෙන් කාර්ය මණ්ඩලයේ සේවකයින්ගේ රාජකාරි කටයුතුවලටද දැඩි බාධාවක් වී තිබෙනවා.
යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ ශල්‍යකර්ම ආදි ප්‍රතිකාර කටයුතු සඳහාද ගංවතුර තත්වය දැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි.
එමෙන්ම අද (28) දින යාපනය දිස්ත්‍රික්ක ඇඳහැලුනු ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් යාපනය නල්ලූර් කෝවිල් භූමිය ඇතුලු ප්‍රදේශයද ජලයෙන් සම්පූරණයෙන්ම යටවී තිබෙනවා ෴
අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 401,707කට පීඩා
(28.11.2024 – 17:22 +0530 – hirunews.lk/sinhala)
අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 120,534 කට අයත් පුද්ගලයින් 401,707 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා.
එහිදී 12 දෙනෙකු මිය ගොස් ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ.
මෙම තත්ත්වය හේතුවෙන් 18 දෙනෙකු තුවාල ලබා ඇති අතර එක් පුද්ගලයෙකු තවමත් අතුරුන්ව ඇති බවද සඳහන් ෴
මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද එපා කියාගෙන ආවේ | හත්තිලව්වේ…දැන් මොකක්ද වෙලා තියෙන්නේ (29.11.2024)
+
බල්ලා සරමෙන් ඇදලා එළියට ගෙන්නුවා |දඩාස් ගාලා ගේ කඩාගෙන වැටුණා |බල්ලා නිසා ජීවිත 5 ක් බේරුණු හැටි (29.11.2024)
+
මියගිය අය සමරන්න රටෙන් කෑල්ලක්ම ඕන ද.? (ඊළාම් රාජ්‍යයේ සමාරම්භය) (29.11.2024)
+
වැසි ජලයේ පීනා ආ සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් තරුණයෙක් මරුට
(29.11.2024 – 22:54 +0530 – hirunews.lk/sinhala)
වැසි ජලයේ පීනා ආ සර්පයෙකු දෂ්ඨ කිරීම හේතුවෙන් වවුනියාව නෙඩුන්කෙණී පට්ටිකුඩීඉරිප්පු ප්‍රදේශයේ තරුණයෙකු 28 දා රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ එම ගම්මානයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඔහු වර්ෂාව නිසා ගෙදර මිදුලට පොල් ගසකින් වැටෙන් පොල් එකතු කරමින් සිටියදී වැසි ජලය දිගේ පීනා ආ සර්පයෙකු ඔහුට දෂ්ඨ කර තිබෙනවා.
වහාම ඔහුව නෙඩුන්කේණී රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බැවින් වවුනියාව මහ රෝහල දක්වා මාරු කර යවා තිබෙනවා.
අධික වර්ෂාව නිසා මහා මාර්ග ජලයෙන් යට වී තිබීම නිසා ගිලන් රථයට වවුනියාවට පැමිණීමට විශාල කාලයක් ගත වීම හේතුවෙනුයි එම තරුණයා මිය ගොස් ඇත්තේ.
නෙඩුන්කේණී පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ ෴
රටම කැළඹූ ගංවතුරට හසුවූ ට්‍රැක්ටර් අනතුරේ කරුණු රැසක් අනාවරණය වෙයි
(29.11.2024 – 22:24 +0530 – hirunews.lk/sinhala)
අම්පාර, කාර්තීව් මාවඩිපල්ලිය ප්‍රදේශයේ ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු (01) අතුරුදන් වීමේ සිද්ධියට අදාළව පොලිසිය කරුණු රැසක් අනාවරණය කරගෙන තිබෙනවා.
පොලිසිය පවසන්නේ අනතුර සිදුවන අවස්ථාවේ අදාළ ට්‍රැක්ටර් රථයේ තිහකට (30) අධික පිරිසක් ගමන්කර ඇති බවයි.
අම්පාර – මාවඩිපල්ලිය පාලම මතින් ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් ඉකුත් 26 දා පස්වරුවේ පෙරළී ගොස් තිබුණේ මද්‍රසා පාසලක් නිමවූ සිසුන් පිරිසක් නින්දවූර් සිට සමන්තුරෙයි දෙසට රැගෙන යමින් සිටියදීයි.
අනතුරින් පාසල් සිසුන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර අතුරුදන් වූ තවත් පාසල් සිසුවෙකු හා ට්‍රැක්ටර් රථයේ රියැදුරු සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
අදාළ අනතුර සම්බන්ධයෙන් පොලිසිය මේ වනවිට කරුණු රැසක් අනාවරණය කරගෙන තිබෙනවා.
අනතුර සිදුවූ දින පස්වරු 03:30 ට පමණ අදාළ විදුහල්පතිවරයා සහ සිසුන් 11 දෙනෙකු බස් රථයකින් සමන්තුරෙයි බලා පිටත්ව තිබූ අතර මාවඩිපල්ලිය පාලම සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසා බස් රථයේ රියදුරු ඒ හරහා ගමන් කිරීම ප්‍රතික්ශේප කර තිබුණා.
පසුව තමන් බස්රථය මාවඩිපල්ලිය පාලමට මදක් මෙපිටින් වූ කාර්තීව් පොලිස් මුරපොළ අසළ නතර කළ බවත්, අදාළ විදුහල්පතිවරයා සිසුන් 11 දෙනා ඉන් බස්වා නැවත මාවඩිපල්ලිය පාලම අසලට රැගෙන ගිය බවත් බස්රථයේ රියදුරු පොලිසියට පවසා තිබෙනවා.
පසුව විදුහල්පතිවරයා විසින් ඒ අසළ නවතා තිබූ ට්‍රැක්ටර් රථයකට සිසුන් 11 දෙනා නංවාගෙන ඇති අතර තවත් පුද්ගලයින් 14 දෙනෙකු හා යතුරුපැදි දෙකක් (02) ද ට්‍රැක්ටර් රථයේ පටවාගෙන තිබුණේ රුපියල් 500 බැගින් ගාස්තුවක්ද අයකර ගනිමින්.
මේ අතර ට්‍රැක්ටර් රථයේ රියදුරු වයස අවුරුදු 18 ක තරුණයෙක් වන අතර ඔහුට රියදුරු බලපත්‍රයක් තිබුණේද යන්න පිළිබඳවත් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා, ගුරුවරයා සහ ට්‍රැක්ටර් රථයේ රිය සහයකයින් දෙදෙනා (02) ඊයේ (28) පස්වරුවේ අත්අඩංගුවට ගෙන සමන්තුරෙයි වැඩබලන මහසේත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ අතර විදුහල්පතිවරයා සහ ගුරුවරයා ලබන 02 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමයි නියෝග කර ඇත්තේ.
අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා 31 හැවිරිදි නින්දවූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
රිය සහයකයින් දෙදෙනා (02) ඇප මත මුදා හැර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
++++++
+
හිටපු ඇමතිවරුන්ගේ සැප වාහන වෙන්දේසියට
(29.11.2024 – 20:34 +0530 – hirunews.lk/sinhala)
හිටපු අමාත්‍යවරු භාවිතා කළ සියලු නිළ නිවාස මේවන විට රජයට භාරදී ඇති බව රාජ්‍ය පරිපාලන අංශය ප්‍රකාශ කළා.
එහි උසස් නිළධාරියෙකු සදහන් කළේ, එම නිළ නිවාස වර්තමාන කැබිනට් අමාත්‍යවරුන්ට ලබාදෙන ලෙස රජය තවමත් ඉල්ලීමක් කර නොමැති බවයි.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 35 දෙනෙකු නිවාස ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීර සදහන් කළා.
මේ අතර, දැනට අමාත්‍යාංශ සතුව පවතින අඩු ඉන්ධන දහනයක් සහිත අති සුඛෝපභෝගී වාහන 254 ක් පමණ වෙන්දේසි කිරීමට රජය තීරණය ගෙන තිබෙනවා.
අමාත්‍ය මණ්ඩලයේ සහ රජයේ තක්සේරුකරුගේ සහතිකය ලබා ගැනීමෙන් පසු මෙම මෝටර් රථ වෙන්දේසි කිරීමට අපේක්ෂා කරන බවයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල කියා සිටියේ.
මෙම සුඛෝපභෝගී මෝටර් රථ නඩත්තු කිරීම සදහා රජයට විශාල වැය බරක් දැරීමට සිදුව ඇති අතර මින් බොහොමයක් හිටපු මැති ඇමතිවරුන් විසින් භාවිත කර ඇති බව සදහන්.
මේ අතර, තීරු බදු රහිත වාහන බලපත්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීම ද රජය විසින් අත්හිටුවා තිබෙනවා. නව පාර්ලිමේන්තු සැසිවාරයට පෙර ඒ සදහා කැබිනට් මණ්ඩල අනුමැතියක් ලබා ගත් යුතු නමුත් මෙවර පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය විසින් ඒ සදහා අනුමැතිය ලබා ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසර 05 කින් පසුව ලබා දෙන විශ්‍රාම වැටුප අහෝසි කිරීමට ද රජය තීරණය කර තිබෙනවා.
ඒ සදහා කරුණු සොයා බැලීමට කමිටුවක් ද පත් කර ඇති බවයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල කියා සිටියේ.
+
අල්ලස් ගත් මීගමුව කොට්ඨාස වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට
(29.11.2024 – 19:40 +0530 – hirunews.lk/sinhala)
අල්ලස් ගත් බවට සිදුකළ විමර්ශනයකින් අනතුරුව මීගමුව කොට්ඨාස වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මෝටර් රථයක් සම්බන්ධයෙන් සිදුවූ ආරවුලකට අදාලව රු. 270,000 ක් වටිනා වායු සමීකරණයක් අල්ලස් වශයෙන් ඉල්ලා එම මුදල ගිණුමකට බැර කර ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴