මිනුවන්ගොඩ රුපියල් කෝටි හත හමාරේ (7½) මුදල් කොල්ලයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා (2) අත්අඩංගුවට
මිනුවන්ගොඩ රුපියල් කෝටි හත හමාරේ (7½) මුදල් කොල්ලයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා (2) අත්අඩංගුවට
(27.11.2024 – 18:22 +0530 – hirunews.lk/sinhala)
මිනුවන්ගොඩ ප්‍රදේශයේදී රුපියල් කෝටි හත හමාරක (7½) මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා (2) අද මිනුවන්ගොඩදීම අත්අඩංගුවට ගනු ලැබුවා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබී කොල්ලකෑ මුදලින් රුපියල් ලක්ෂ 40 ක පමණ ප්‍රමාණයක් සොයාගත් බවයි පොලිසිය සදහන් කළේ.
ඔවුන් දෙදෙනා (2) ඇඹිලිපිටිය සෙවනගල ප්‍රදේශයේ රැදී සිටින බවට ලද තොරතුරකට අනුව විමර්ශන සිදුකරන අතරතුර සැකකරුවන් ගම්පහ ප්‍රදේශයට පළාවිත් ඇති බවට තොරතුරක් ලැබී තිබුණා.
ඒ අනුවයි ඔවුන් මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරුවන් යාපනය ප්‍රදේශයේ සැඟව සිටින බවටයි මීට පෙර තොරතුරු අනාවරණය වී තිබූ අතර, පසුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය මහජන සහය ද ඉල්ලා සිටියා.
සැකකරුවන් දෙදෙනා (2) නාගදීපය විහාරස්ථානයට ද ගොස් පිරිකර 8 ක් පූජා කර තිබුණේ තමන් පොලිසියට හසුනොවී සිටීමට සදහා භාර ඔප්පු කිරීමටයි.
එමෙන්ම, ඔවුන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පළා යාමේ උත්සහයක් ද නිරත වී තිබෙනවා.
ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරන ආයතනයක රියැදුරෙකු මිනුවන්ගොඩ පෞද්ගලික බැංකුවක් වෙත මුදල් රැගෙන යන අතරතුර රුපියල් කෝටි 7 කට අධික මුදලක් රැගෙන එම වාහනයෙන්ම පළා ගොස් තිබුණේ පසුගිය 18 වැනිදායි.
එමෙන්ම මෙම ප්‍රධාන සැකකරුවන් දෙදෙනාගේ (2) හිතවතෙකු, කොල්ලයේ ඉතිරි මුදල් රැගෙන ඩුබායි වෙත පළාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවද පොලිසිය සඳහන් කළා.
+
+
ඩෑන් ප්‍රියසාද් – මහින්ද කහඳගම ඇතුළු තිදෙනෙකු (3) අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු
(27.11.2024 – 16:35 +0530 – sinhala.adaderana.lk)
ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි අද (27) වරෙන්තු නිකුත් කළාය.
ඒ, ගාලු මුවදොර අරගල භූමියට (ගෝඨා ගෝ ගම) පහරදුන් සිද්ධියේ නඩුවට අදාළව ය.

එහිදී එම සිද්ධියට සැකකරුවන් ලෙස නම්කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු ඇප මත සිටින සැකකරුවන් සියලුදෙනා අධිකරණය හමුවේ පෙනී සිටියහ.
නමුත්, මෙම සිදුවීමේ සැකකරුවන් ලෙස නම්කර සිටින ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු තිදෙනෙකු (3) අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.
එහිදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණය හමුවේ පවසා සිටියේ අදාළ සැකකරුවන් මේ වනවිට විදෙස්ගතව සිටින බවය.
ඒ අනුව, කොටුව මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි විසින් ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කළාය.
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ විමර්ශන අවසන් කර උද්ධෘත නීතිපතිවරයා වෙත යවා තිබෙන බවය.
ඒ අනුව, නීතිපති උපදෙස් සඳහා 2025 මාර්තු 26 වන දින නඩුව නැවත කැඳවන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය ෴
ගුවන් යානයේ සිටි සොරා කටුනායකදී අත්අඩංගුවට
(27.11.2024 – 16:04 +0530 – sinhala.adaderana.lk)
එංගලන්තයේ ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රීලංකන් ගුවන්යානයක ගමන්ගත් මගී කාන්තාවකගේ අත්බෑගය සොරා ගත් ගණකාධිකාරීවරයෙකු කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ කාන්තාව එංගලන්තයේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි දැනට එංගලන්තයේ වෙසෙන, ශ්‍රී ලංකාවේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි තැනැත්තියකි.
ඇය ඊයේ (26) ලන්ඩන් නුවර සිට ශ්‍රීලංකන් ගුවන්සේවයේ යූ.එල්. 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඇයගේ අත්බෑගය තුළ රුපියල් 14,23,500 ක් පමණ වටිනා ස්ටර්ලින් පවුම් 2,700 ක්, ඇපල් ජංගම දුරකථන 02 ක් සහ සැම්සුන්ග් වර්ගයේ ජංගම දුරකථන 02 ක් තිබී ඇත.
මෙම ගුවන්යානය ගුවන්ගතවී මද වේලාවකින් පසුව, මෙම අත් බෑගය නැතිවී ඇති අතර, ඒ පිළිබඳව ශ්‍රීලංකන් ගුවන්යානා කාර්යමණ්ඩලය වෙත අදාළ කාන්තාව පැමිණිලි කර තිබුණි.
මේ පිළිබඳ ගුවන්යානය තුළ සොයා බැලීම් සිදුකළ ද, එය සොයා ගැනීමට හැකිවී නොමැත.
පසුව ඒ පිළිබඳව ගුවන්යානයේ නියමුවා කටුනායක ගුවන්තොටුපොළ ශ්‍රීලංකන් ගුවන්සේවයේ විමර්ශන නිලධාරීන් වෙත දැනුම්දී ඇත.
අදාළ ගුවන්යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්වූ පසු ශ්‍රීලංකන් ගුවන්සේවයේ විමර්ශන නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය සමග එම ගුවන්යානයෙන් පැමිණි ගුවන්මගීන් සහ ඔවුන්ගේ ගමන් මලු දැඩිව පරීක්ෂා කර තිබුණි.
එහිදී මෙම නැතිවූ අත් බෑගය ශ්‍රී ලංකාවේ යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි, කැනඩාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි 60 හැවිරිදි පුද්ගලයෙකු සන්තකයේ තිබී සොයාගැනුණි.
ඒ වනවිටත් ඔහු, සොරාගෙන තිබූ ස්ටර්ලින් පවුම් භාවිත කර ගුවන්යානය තුළ අලෙවි කරන මන්පැන් බෝතල් 06 ක් සහ සුවඳ විළවුන් බෝතල් 03 ක් මිලදී ගෙන තිබුණි.
ඉතිරි ස්ටර්ලින් පවුම් ප්‍රමාණය සහ ජංගම දුරකථන ද එම අත් බෑගයෙහි තිබී සොයා ගැනුණි.
ඒ අනුව සැකකාර ගුවන් මගියාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය ෴
මහනුවර ගලගෙදර වෙච්ච ඇඟහිරිවැටෙන සිද්ධිය මෙන්න | මුළු ගෙදරම බිමට සමතලා වෙයි (27.11.2024)
+
මන්ත‍්‍රී වරප‍්‍රසාද කපන යෝජනාව ඉදිරිපත් කෙරේ.. මාලිමාවට පෙර හේෂා බාර දෙයි..
(28.11.2024 – 03:22 +0530 – lankacnews.com)
සමගි ජන බලවේගය පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවට විශේෂ යෝජනාවක් ගෙන විත් ඇත.
එම යෝජනාව ගෙන ආවේ මාලිමාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිළිබඳ සහ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති පිළිබඳ ව පැහැදීමෙන් බවත් හෙතෙම පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතු වරප්‍රසාද රැසක් කප්පාදු කරන ලෙස ඔහු ඉන් යෝජනා කර ඇත.
මේ වන විටත් එම යෝජනාව පාර්ලිමේන්තුවට භාරදී ඇති බවත් එය දසවෙනි (10) පාර්ලිමේන්තුවේ පළමු මන්ත්‍රී යෝජනාව ලෙස විවාදයට ගනු ඇති බවත් හෙතෙම තව දුරටත් කියයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර තිබේ.
+
‘දීඝදන්තු 1’ ඇතා විදුලි සැර වැදී ජීවිතක්ෂයට
(28.11.2024 – 13:02 +0530 – hirunews.lk/sinhala)
කලා වැව රක්ෂිතයේ සැරිසැරූ විශාලම දළ යුගලය හිමි ඇතා ලෙස සැලකෙන ‘දීඝ දන්තු 1’ නැමැති ඇතා විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වනජීවි දෙපාර්තමේන්තුව සදහන් කළේ, අනුරාධපුර – ගල්කිරියාගම ආඩියාගල ප්‍රදේශයේ නිවසෙක අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටී මෙම ඇතා මියගොස් ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ආඩියාගල වනජීවි කාර්යාලය සහ පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.
කලා වැව රක්ෂිතයට අමතරව කහල්ල – පල්ලෙකැලේ රක්ෂිතයේ ද මෙම දළ ඇතා සැරිසරා තිබෙනවා.
මීට පෙර ‘රේවත’ සහ ‘භරණ’ යන ඇතුන්ද මියගොස් ඇත්තේ විදුලි සැර වැදීමෙන් ෴
විදුලිසැර වැදී දෙදෙරු මව ජීවිතක්ෂයට පත්වෙයි
(28.11.2024 – 09:43 +0530 – hirunews.lk/sinhala)
නිවසේදී විදුලිසැර වැදී ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 31 ක් වූ දෙදරු මවක්.
එම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ ඇයත් දරු දෙදෙනාත් (2) පමණයි.
අනතුර සිදු වූ අවස්ථාවේදීම අසල්වාසීන් විසින් එක්වී මෙම කාන්තාව දඹුල්ල රෝහලට ඇතුළත්කර ඇති අතර එහිදී ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිදුවීම පිළිබඳව දඹුල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි ෴
අයහපත් කාලගුණය ජීවිත 12 ක් බිලිගනී
(28.11.2024 – 12:13 +0530 – hirunews.lk/sinhala)
රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා මරණ 12 ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එමෙන්ම පුද්ගලයින් දෙදෙනෙකු (2) අතුරුදන්ව ඇති බවයි එම මධ්‍යස්ථානය පවසම්මේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක සඳහන්කර සිටියේ උතුරුපළාතේ සහ ත්‍රිකුණාමලයේ ඇතැම් ප්‍රදේශවලට මිලීමීටර් 150 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවයි.
උතුරු මුහුදු තීරයේ ධීවර කටයුතුවලින් වැළකී සිටින ලෙසයි ඔහු ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මුලතිව් ප්‍රදේශයට ඇදහැලුණු අතර එය සටහන් වූයේ මිලිමීටර් 133 ක් ලෙසයි ෴
සුඛෝපභෝගී මෝටර් රථයක් වතුරේ පාවෙයි
(28.11.2024 – 11:55 +0530 – hirunews.lk/sinhala)
යාපනය – මන්නාරම මාර්ගයේ ඇලක් හරහා සුඛෝපභෝගී මෝටර් රථයක් ගසාගෙන ගොස් එය ජලයේ පාවෙමින් තිබෙනවා.
එම මාර්ගයේ පාලිආරු සහ සෙප්පිආරු අතර ප්‍රදේශයේ පිහිටි ඇලක ගසාගෙන යන ජලයේ මෙම මෝටර් රථය පාවෙමින් ඇතත් එය තුල කිසිවෙකු දක්නට නොමැති බවයි ගම්වාසීන් පවසන්නේ.

අධික වර්ෂාව පැවති අවස්ථාවේ මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් මෙම ඇලට වැටෙන්නට ඇති බවයි ගම්වාසීන් විශ්වාස කරන්නේ.
මේ දක්වා එම මෝටර් රථය ගොඩ ගෙන නොමැති බවයි ‘හිරු වාර්තාකරු’ සඳහන්කර සිටියේ ෴
ට්‍රැක්ටර් රථය පෙරළී අතුරුදන්ව සිටි රියදුරු සහ සහයකගේ සිරුරු හමුවේ
(28.11.2024 – 13:47 +0530 – hirunews.lk/sinhala)
අම්පාර – මාවඩ්ඩිපල්ලි ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් පෙරළි අතුරුදන්ව සිටි එහි රියදුරු සහ ඔහුගේ සහයකයෙකුගේ මළ සිරුරුද අද (28) උදෑසන සොයාගත්තා.
මීට පෙර ට්‍රැක්ටරය පෙරළී අතුරුදන් වූ සිසුන් 4 දෙනෙකුගේ මළ සිරුරු සොයාගත් අතර, තවත් සිසුන් දෙදෙනෙකු (2) අතුරුදන් බවයි පොලිසිය කියා සිටියේ.
ට්‍රැක්ටර් රථය රළ පහරට හසු වන විට එහි රියදුරු සමග ඔහුගේ සහයකයින් දෙදෙනෙක් (2) ගමන් කර තිබූ අතර, එක් (1) අයෙකු අතර මගදී පැන ගොස් තිබුණා.
ඔහු අද (28) උදෑසන පොලිසියට භාර වී ඇති බව සදහන් ෴
තාවකාලික අංක තහඩු භාවිතා කිරීම 2024 දෙසැම්බර් 15 න් පසු අවසන්
(28.11.2024 – 13:36 +0530 – hirunews.lk/sinhala)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ වාහන අංක තහඩු නිකුත් කිරීමට අදාළව පැවැති ගැටලුකාරි තත්ත්වය අවසන් කර ඇති අතර නැවත නිකුත් කිරීම ආරම්භ කර තිබෙනවා.
වාහන අංක තහඩුවක් ලබා ගැනීම සඳහා ඔබ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත මුදල් ගෙවා මෙතෙක් එය ලබා නොගෙන ඇත්නම්, ඔබේ අංක තහඩුව 2024 දෙසැම්බර් මස 15 වැනි දිනට පෙර ලබා ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලීම් කර ඇත්තේ.
2024 දෙසැම්බර් 15 න් පසු රථ වාහන සඳහා තාවකාලික අංක තහඩු භාවිතා කරමින් මාර්ගය තුළ ධාවනය කිරීම කළ නොහැකි වන අතර එලෙස තාවකාලික අංක තහඩු භාවිතා කරමින් ධාවනය වන රථ වාහන සඳහා පොලිස් දෙපාර්තමේන්තුව මඟින් නීතිමය ක්‍රියා මාර්ග ගනු ඇති.
එසේම මෙතෙක් ඔබට නිකුත් කර තිබූ තාවකාලික අංක තහඩු සමඟ ධාවනයට ලබාදී තිබූ අවසර පත්‍රය 2024 දෙසැම්බර් 15 දිනෙන් අවලංගු වන බවද සඳහන් ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴