අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගය තෙදිනක් (3) නොපැවැත්වීමට තීරණයක්
අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගය තෙදිනක් (3) නොපැවැත්වීමට තීරණයක්
(26.11.2024 – 17:42 +0530 – hirunews.lk/sinhala)
රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ දිනවල පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඉදිරි දින තුනක් (3) නොපැවැත්වීමට තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.
එහිදී නොවැම්බර් මස 27, 28, 29 යන දිනවලදී පැවැත්විමට නියමිතව තිබූ විභාගයන් නොපැවැත්වීමට තීරණය කර ඇති අතර, දෙසැම්බර් 21, 22, 23 යන දිනවල එම විභාගයන් යලි පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් 30 වනදා සිට යලි ආරම්භ කිරීමටයි විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ ෴
+
+
නිෂ්පාදිත දිනය වෙනස් කර වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබූ සහල් තොගය
(26.11.2024 – 17:20 +0530 – sinhala.adaderana.lk)
අසුරනයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් (2½) ඉදිරියට දැමූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදුකළ වැටලීමකදී සොයාගෙන තිබේ.
නිෂ්පාදිත දිනය හා ඊට අදාළ තොරතුරු වෙනස් කර ආනයනික එම සහල් තොගය වෙළඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබු බව සඳහන් ය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් විසින් ඊයේ (25) එම වැටලීම සිදුකරන ලදි.
එහිදී ඉන්දියාවේ නිෂ්පාදිත 25kg ඇසුරුම් වල අසුරා ඇති එම සහල් ඇසුරුම්වල නිෂ්පාදකයා විසින් සඳහන් කර තිබූ නිෂ්පාදිත දිනය ‘2022 ජනවාරි’ ලෙස සටහන්ව ඇති අතර නිෂ්පාදිත දිනයේ සිට වසරක් (1) තුළ භාවිත කිරීම කළයුතු බව ඉන්දියානු නිෂ්පාදකයා සඳහන් කර තිබියදී ලංකාවේ සහල් ආනයනය කර තිබූ ව්‍යාපාරිකයා විසින් එම අසුරනවල නිෂ්පාදිත දිනය වෙනස් කරමින් ‘2024 ජූනි’ ලෙස ඉදිරි දිනයක් යොදා වෙනත් ලේබලයක් සහිතව එම සහල් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කර තිබිණ.
එමෙන්ම එම සහල් අසුරනවල මුද්‍රිතව තිබූ මිල ගණන් සහ බර ප්‍රමාණයන් ද ලේබල මගින් වෙනස් කර කොළඔ 14 ප්‍රදේශයේ ගබඩාවක් තුළ රහසිගතව තබා ගනිමින් මෙම සහල් ඉදිරි උත්සව සමය තුළදී වෙළෙඳපොළට බෙදාහැරීමට සැලසුම් කොට ඇති බව අනාවරණය වී ඇත.
මෙම වැටලීමේදී නිෂ්පාදිත දිනය වෙනස්කල සහල් සහිත 25kg ඇසුරුම් 717 ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාරයට ගනු ලැබ ඇති අතර චූදිතයන්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට නියමිතය.
භාණ්ඩ මිලදී ගැනීමේදී ඇසුරුමෙහි සඳහන් තොරතුරු පිළිබඳව සැලකිලිමත් වන ලෙසත්, ඇසුරුමෙහි පවතින තොරතුරු කිසියම් වෙනසකට ලක්කොට ඇත් දැයි විමසිලිමත් වන ලෙසත් එවැනි භාණ්ඩ අලෙවි කරනු ලබන වෙළෙදුන් සම්බන්ධව තොරතුරු 1977 කෙටි දුරකථන අංකයට දන්වන ලෙසත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියි ෴
පීඩන අවපාතය හෙට (27) සුළි කුණාටුවක් වන ලකුණු
(26.11.2024 – 20:05 +0530 – hirunews.lk/sinhala)
බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය හෙට (27) දිනය වන විට සුළි කුණාටුවක් දක්වා තීව්ර වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එය මේ වන විට මඩකලපුවේ සිට කිලෝමීටර් 170 ක් සහ ත්‍රිකුණාමලයට 240 ක් පමණ දුරින් ගිනිකොණ දෙසින් පිහිටා ඇති බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කර හෙට (27) වන විට සුළි කුණාටුවක් දක්වා තීව්ර වීමට ඉඩ ඇති බව සදහන්.
මෙහි බලපෑමෙන් දිවයිනේ පළාත් කිහිපයකට ඉදිරි පැය කිහිපය තුළ මිලි මීටර් 200 ඉක්මවූ ඉතා තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඒ අනුව උතුර, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට එලෙස තද වැසි ඇතිවිය හැකි බවයි එම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.
ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අම්පාරෙන් වාර්තාවන අතර එය සටහන් වුණේ මිලිමීටර 311.1 ක් ලෙසයි.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ උතුර, නැගෙනහිර ඇතුලු පළාත් 07 ක පවුල් 15,713 ක පවුල් 55,561 ක් දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
මේ අතර හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද හෙලිකොප්ටර් යානා කිහිපයක් සූදානම් කර තිබෙනවා.
ඒ අනුව බෙල් 412 හෙලිකොප්ටර් යානා 02 ක් සහ බෙල් 212 හෙලිකොප්ටර් යානා 04 ක් ඒ සඳහා සූදානම් කර ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ ප්‍රකාශ කළේ.
මේ අතර නාවික හමුදාව ද සහන කණ්ඩායම් 134 ක් තවදුරටත් සූදානමින් තබා ඇති බව සදහන්.
අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගංගා කිහිපයකම ජල මට්ටම් මේ වන විට ඉහළ යමින් පවතිනවා.
ඒ අනුව මේ වන විට මාදුරු ඔය, මහවැලි ගග, යාන් ඔය, මහ ඔය, හැඩ ඔය, මුන්දෙනි ආරු ද්‍රෝණිය, කිරිදි ඔය ඇතුලු ගංගා ද්‍රෝණිය කිහිපයකම ජල මට්ටම් ඉහළ යමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.
එම ගංගාවලින් මහවැලි ගග, හැඩ ඔය, සහ මුන්දෙනිආරු ඔය ආශ්රිත පහත් බිම්වලට මේ වන විට ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කිරීමටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගත්තේ.
එමෙන්ම දැදුරු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් දැදුරු ඔය නිම්නයේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට ඉදිරි පැය කිහිපය තුළ ගංවතුර තත්වයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ අනුව, වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශවලට මෙම ගංවතුර තත්වය ඇති විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවදානය යොමු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව අදාල ප්‍රදේශවල ජීවත් වන ජනතාවට දැනුම් දෙන්නේ.
මේ වන විට දැදුරු ඔය ජලාශයෙන් තත්පරයට ඝන අඩි 18,000 ආසන්න ජල ප්‍රමාණයක් මුදා හරිමින් පවතින අතර ලැබෙන ජල මට්ටම අනුව මෙම ප්‍රමාණය අද (26) රාත්‍රියේ තවදුරටත් ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළා.
මේ අතර පරාක්‍රම සමුද්‍රය, රාජාංගණය, අංගමුව , බෝවතැන්න, ලූණුගම්වෙහෙර, වෙහෙරගල, දැදුරු ඔය, පොල්ගොල්ල ඇතුලූ ප්‍රධාන ජලාශ 27 ක වාන් දොරටු මේ වන විට විවෘත කර තිබෙනවා.
නුවරඑළිය සහ ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් අධික වැඩි පැවතියහොත් ඉහළ කොත්මලේ ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහලින් කොත්මලා ඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් ලෙස සිටින ලෙසයි නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය ඉල්ලා සිටින්නේ.
වර්ෂාවත් සමග බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය, ගාල්ල, මාතර, කලූතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට නායයෑම් ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.
මේ අතර ඇදහැලෙන අධික වර්ෂාපතනය හමුවේ කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශවල අද (26) පස්වරුවේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබුණා.
එමෙන්ම වර්ෂාවත් සමග අම්පාර, මොණරාගල, බදුල්ල, නුවරඑළිය සහ මාතලේ යන දිස්ත්‍රික්කවල මාර්ග රැසක ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
පොළොන්නරුව – අම්පාර ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය බාධා එල්ල වී ඇත්තේ අරලගංවිල – බෝගහ හන්දිය ප්‍රදේශයේ පිහිටි පාලමක් ගිලා බැසීම හේතුවෙන්.
මේ අතර අම්පාර නගරයට පිවිසෙන සියලු මාර්ග ද මේ වන විට ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.
මාතලේ දිස්ත්‍රික්කයේ ද ස්ථාන රැසක් ජලයෙන් යටවී ඇති අතර මාතලේ අකුරම්බඩ මාර්ගයට ගස් කඩාවැටීම හේතුවෙන් අවට පිරිස් හට ගමනාගමන කටයුතු අඩාල වී තිබුණා.
මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දුම්රිය ගමනාගමනයට ද බාධා එල්ලවී තිබෙනවා.
උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක දුම්රිය මාර්ගයට පස්කදු කඩා වැටීම් හේතුවෙන් අද (26) දින බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය ද අවලංගු කර තිබෙනවා.
එසේම, දුම්රිය ධාවනය සිදු වන්නේ කොළඹ සිට නානුඔය දක්වා පමණයි.
+
අයහපත් කාලගුණික තත්වය හමුවේ අම්පාර, කොන්ඩුවටුවාන ජලාශය වාන් දැමීම පටන්ගෙන තිබෙනවා.
මේ සමඟ ඇති වූ හදිසි ආපදා තත්ත්වය මත අ.පො.ස උසස් පෙළ විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි දරුවන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට යුද හමුදාව කටයුතු කළා.
එමෙන්ම විපතට පත් ජනතාව වෙත සහන සැලසීම සඳහා යුද හමුදා භටපිරිස් බෝට්ටු, ට්‍රක් රථ සහ යුනි බෆල් රථ යොදවා තිබෙනවා.
+
කාර්තිව් පොලිස් බල ප්‍රදේශයේ කාවඩි පල්ලිය ප්‍රදේශයේදී පාලමක් මතින් ගිය ට්‍රැක්ටරයක් පෙරළීමෙන් එහි ගමන්ගත් 11 දෙනෙකු අනතුරකට ලක්ව තිබෙනවා.
එම ප්‍රදේශයේ පවතින ගංවතුර හමුවේ ඉන් 06 දෙනෙක් අතුරුදන්ව ඇති බවයි ‘හිරු ප්රවෘත්ති’ කළ විමසීමකදී කාර්තිව් පොලිසිය පැවසුවේ.
මෙසේ අතුරුදන්ව ඇත්තේ පාසල් සිසුන් 06 දෙනෙක් බවයි අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන්කර සිටියේ.
ඉන් 05 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකිව තිබෙනවා.
පවතින අයහපත් කාලගුණය හමුවේ මෙම අනතුර සිදුව ඇති අතර අතුරුදන් වූ 06 දෙනා සොයා මේ වනවිට මෙහෙයුම් ක්‍රියාත්මකයි ෴
ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව හමුවට
(26.11.2024 – 17:26 +0530 – hirunews.lk/sinhala)
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (26) අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා.
‘රෝයල් පාක් ඝාතන සිද්ධියේ’ සැකකරුට පොදු සමාව ලබාදීමට මුදල් ලබා ගත් බවට කියැවෙන සිද්ධියක් පිළිබඳව පුද්ගලයෙකු අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අද අල්ලස් කොමිසම වෙත කැඳවා තිබුණා.
එම කොමිසම පවසන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවයි.
2005 වසරේ රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණය තුළ තරුණියක් ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ‘ජූඩ් ශමන්ත ජයමහ’ නමැති විත්තිකරුට අභියාචනාධිකරණය මරණීය දණ්ඩනය නියම කර තිබුණා.
අනතුරුව මරණීය දණ්ඩනය පනවන ලද මෙම විත්තිකරුට 2016 වසරේ මැයි මස 17 වැනිදා සමාව ප්රදානය කර එම දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත්කර තිබෙනවා.
2019 වසරේ ඔක්තෝබර් මස 30 වැනිදා මෙම විත්තිකරුට නියම වී තිබූ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමින් ඔහු නිදහස් කරමින් සමාවක් ප්රදානය කිරීමට එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කළා ෴
+
+
මත්ද්‍රව්‍ය කිලෝ 86 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
(26.11.2024 – 16:01 +0530 – hirunews.lk/sinhala)
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 57 ක් සහ හෙරොයින් කිලෝ 29 ක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
මෙම වැටලීම පාදුක්ක – වටරැක ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
+
+
මත්ද්‍රව්‍ය කිලෝ පහක් (5) සමග සැකකරුවෙක් අත්අඩංගුවට..
(27.11.2024 – 02:10 +0530 – lankacnews.com)
පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් නිෂ්පාදනය කරන ලද එන්.සි. නැමති මෙරට තහනම් කර ඇති මත්ද්‍රව්‍ය කිලෝ 5 ග්රැම් 725 ක් සමග සැකකරුවෙකු හැටන් පොලිසියේ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ පදිංචි අවු 50 පමණ වයසැති සැකකරු එන්.සි. මත්කුඩු නිෂ්පාදනය කිරිම සදහා භාවිතා කරනු ලබන දුම්කොළ ඇතුළු අනෙකුත් අමුද්‍රව්‍ය භාවිතා කරමින් මෙම මත්ද්‍රව්‍ය තොගය නිෂ්පාදනය කර ඇති බවයි පොලිසිය විසින් කර ඇති මුලික විමර්ෂණ වලදි අනාවරණ වි ඇත්තේ.
සැකකරුගෙන් හැටන් නගරයේදි මත්ද්‍රව්‍ය ලබා ගැනිම සදහා තරුණයෙකු පැමිණි අවස්තාවේ හැටන් පොලිසියේ නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන සැකකරුගේ හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ පිහිටි නිවස පරික්ෂා කිරිමේදි එන්.සි. මත්ද්‍රව්‍ය සහ එම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරිමට භාවිතා කල අමුද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
රංජිත් රාජපක්ෂ
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴