අනීතික E-8 වීසා ගිවිසුමෙන් නෛතික කොරියානු වීසාවලටත් රතු එළියක් – විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති
(26.11.2024 – dinamina.lk)
පසුගිය රජයේ අමාත්‍යවරයකු නීති විරෝධී අයුරින් අත්සන් කරන ලද E-8 වීසා ගිවිසුම නිසා වසර 20 කට අධික කාලයක් පුරා විශාල ශ්‍රී ලාංකික තරුණ පිරිසකට හිමිවූ E-9 වීසා කාණ්ඩයේ රැකියා අහිමිවීමේ අවදානමක් ඇති වී තිබෙන බවත්, නීතිවිරෝධී වීසා බලපත්‍ර නීත්‍යනුකූල කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
දකුණු කොරියානු E-8 වීසා කාණ්ඩයේ ‘සෘතුමය රැකියා’ සඳහා පුද්ගලික පාර්ශ්වයන්ට මුදල් ලබාදුන් පිරිස් බත්තරමුල්ල ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට සිදුකරන උද්ඝෝෂණ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
පසුගිය සමයේ තමන් විසින් හෙළිකළ ගුවන් ටිකට්පත් වංචාවට සම්බන්ධවූ අය ඒ සම්බන්ධයෙන් ආරම්භ කර ඇති වංචා දූෂණ පිළිබඳ විමර්ශනය කඩාකප්පල් කිරීම සඳහා මෙවැනි අරගල සිදුකරන බව ද සභාපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා මෙසේද පැවසුවේය :
“E-8 දිනාගැනීමේ අරගලයක් කියලා ඇතැම් පුද්ගලයන් හුවා දක්වනවා. නමුත් ඇත්තටම E-8 දිනාගන්න බෑ. මම අවස්ථා කිහිපයකදීම සඳහන් කළා E-8 කියන්නේ නිසි ක්‍රමවේදයෙන් පුද්ගලයන් විදේශ රැකියාවට යවන්න අනුගමනය කරපු ක්‍රමයක් නෙවෙයි. කිසිම විදිහකට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පුද්ගලික විදේශ රැකියා නියෝජිතායතනයකට දකුණු කොරියාවේ ‘සෘතුමය රැකියා’ සඳහා ශ්‍රමිකයන් යොමුකරන්න අවසරය දීලා නෑ. කාර්යාංශ පනත අනුව ශ්‍රමිකයෙක් විදේශ රැකියාවකට යනවා නම් අනිවාර්යෙන්ම කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගත යුතුයි. කාර්යාංශය විසින් E-8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබාදෙන්න කැබිනට් අනුමැතිය ගන්න යෝජනාවලියක කෙටුම්පතක් මැයි මාසේ 14 දින සකස් කරලා තියෙනවා. ඒ අතරතුර දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජුනි මාසේ 08 වෙනිදා කාර්යාංශයට ලිපියක් යොමුකරලා තියෙනවා කොරියාවේ ‘වන්ඩු’ පළාතෙන් සෘතුමය රැකියා සඳහා ශ්‍රමිකයන් බඳවාගැනීම පහසුකරන මෙන් ඉල්ලා සිටිනවා කියලා. එම ලිපියට පිළිතුරක් වශයෙන් හිටපු සභාපතිතුමා යළි ලිපියක් යොමු කරනවා ‘වන්ඩු පළාත’ සමඟ තිබෙන මෙම ගිවිසුම පිළිබඳ කාර්යාංශය දැනුවත් නෑ කියලා. ඒ අතර, කාර්යාංශයේ සාමාන්‍යාධිකාරිවරයාට, අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා විසින් ලිපියක් යොමුකරනවා E-8 වීසා කාණ්ඩය නීත්‍යනුකූල බවට පවසමින් චක්‍රලේඛනයක් නිකුත් කරන්න කියලා. සාමාන්‍යාධිකාරිවරයා චක්‍රලේඛයක් නිකුත් කරනවා මෙම රැකියාවලට යනවා නම් විධිමත් රැකියා ගිවිසුමක් අවශ්‍යයි, රැකියා ඇණවුම තානාපති කාර්යාලය මඟින් සහතික කළ යුතුයි කියලා.
එහෙම ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන අතරතුර, වන්ඩු පළාත සමඟ ගිවිසුමක් අත්සන් කරලා කියලා කටකතාවක් ප්‍රචාරය වෙනවා. හිටපු අමාත්‍යවරයෙක් කැබිනට් අනුමැතිය ලබාගන්නත් පෙර, රජයේ කිසිදු අනුමැතියකින් තොරව පෞද්ගලිකව ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. ඇමැතිවරයාත් එක්ක තියෙන සම්බන්ධකම් උඩ බාහිර පුද්ගලයන් තරුණයන්ව පුහුණු කරලා රැකියා සඳහා යවන්න සූදානම් කරලා තියෙනවා. මේක ඇත්තටම බැලුවොත් මිනිස් වෙළෙඳාම් ගණයට ඇතුළත් වෙන වරදක්. මේ සම්බන්ධයෙන් අපි දැඩි ක්‍රියාමාර්ග අරගන්නවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම අභ්‍යන්තර විගණන පරීක්ෂණයකුත් සිදු කරනවා.
අපි ඉල්ලා සිටිනවා රැකියා අපේක්ෂිතයන්ගෙන් මේක ඉතාම නීතිවිරෝධි ක්‍රියාවක්. මේකට අහුවෙන්න එපා. අපිට කිසිලෙසකින්වත් මේක අනුමත කරන්න බෑ. කවුරුහරි හිතනවා නම් ‘මේ ලැබුණු රැකියා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නතර කරගෙන ඉන්නවා’ කියලා එහි කිසිදු සත්‍යතාවක් නෑ. වීසා ලැබෙනවා කියන්නේ අවසාන පියවර. විදේශ සේවා නියුක්ති කාර්යාංශය නොදැන වීසා ලැබෙන්න විදිහක් නෑ. ඒ වගේම එහෙම ලැබුණා කියලා විශාල මුදල් අයකරලා තියෙනවා. අපි දැක්කා ඊයෙත් (25) මුදල් ලබාගත්ත අයගේ නිවෙස් වටලලා තියෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතියකින් තොරව විදේශ රැකියා ලබාදෙන්න මුදල් අයකරන්න බෑ කාටවත්. අමාත්‍ය විජිත හේරත් මහතාත් අපිට උපදෙස් දුන්නා මේ දේවල්වලට කවුරුහරි මැදිහත් වෙලා තියෙනවා නම් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. නව රජය කිසිලෙසකින්වත් අරගල කරනකම් ගැටලුවක් දුරදිග ගෙනියන්නේ නෑ. මේක කිසි ලෙසකින්වත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
අපි දන්නවා දේශපාලකයන්ට සහාය දුන්න ඇතැම් පිරිස් යම් යම් උසිගැන්වීම් සිදු කරනවා. පහුගිය දවස්වල අනාවරණය වුණා විදේශගත වන පුද්ගලයන්ට ලබා දුන් ගුවන් ටිකට්පතෙන් විශාල ලෙස මුදල් වංචා කිරීම් සිදු කරලා තිබුණා. මම මේ තනතුරට පත්වුණාට පස්සේ මම රජයේ විදේශ රැකියා නියෝජිතායතනයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කළා. ඉන් මාසයකට අඩු කාලයකදී රු.288,000.00 තිබුණ ගුවන් ටිකට්පත් මිල රු. 165,000.00 – 150,000.00 දක්වා අඩුකරන්න පුළුවන් වුණා. එක් මාසයකදී අපි ගුවන් ටිකට්පත් 450 ක් පමණ මිලදී ගෙන තියෙනවා. එක ටිකට් එකකින් රුපියල් ලක්ෂයක් (100,000) ගත්තත් එක් මාසයකදී රුපියල් ලක්ෂ 450 ක වංචාවක් සිදුවෙලා තියෙනවා. මේක සිදුවෙලා තියෙන්නේ ටෙන්ඩර් පටිපාටිය ඇතුළේ. මේවගේ වංචාවලට කියන්නේ White collar robbery කියලා. නිසි ක්‍රමවේදය අනුගමනය කළාට පාර්ශ්ව තුනක් (3) විතරක් මැදිහත් වෙලා කරපු වංචාවක් මේක.
මේ වංචාවලට මැදිහත් වුණ අය මේ අරගලවලට මැදිහත් වෙලා අපි සිදු කරන මේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න උත්සාහ කරනවා. අපි එක එක තැරැව්කරුවන්ගේ, වංචාකරුවන්ගේ ඉත්තො නෙවෙයි. සැබෑ ජනතාවාදී නිලධාරීන්. මේ රජය මේ ගැටලුව සම්බන්ධයෙන් දරුණු විදිහට මැදිහත් වෙලා තිබෙනවා. මේක අපි නිවැරදි කරන්න ඕනේ. මේ නිකුත් වුණ වීසා නිත්‍යනුකූල නොවන බව අපි නැවතත් කියනවා. නීත්‍යනුකූල නොවන වීසා අපිට කිසි ලෙසකින්වත් නීත්‍යනුකූල කරන්න බෑ. විදේශ කටයුතු අමාත්‍යාංශය මේ අවබෝධතා ගිවිසුම පිළිගන්නේ නෑ. ඒ නිසා අමාත්‍යාංශය සහතික කරන්නේ නෑ. කැබිනට් පත්‍රිකාවක් අපිට ආපස්සට දාන්න බෑ. වංචනිකව අත්සන් කරපු ගිවිසුමක් බලගන්වන්න අපිට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න බෑ. අපි යළි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නේ මේ ක්‍රියාවලිය අලුතින්ම ආරම්භ කළාට පස්සේ විතරයි.
වසර 20 ක විතර කාලයක් තිස්සේ නීත්‍යනුකූල ක්‍රමවේදයක් අනුගමනය කරමින් අපි E-9 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ රැකියාවලට යොමුකරනවා. ඒ යටතේ වසරකට 6,000 ක පමණ රැකියා අවස්ථා අපිට ලැබෙනවා. මේ වන විට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 30,000 ක් විතර ඒ රටේ ඉන්නවා. ලෝකයේ රටවල් රැසකින් ශ්‍රමිකයන් දකුණු කොරියාවට ගත්තට ලංකාව අනුගමනය කරන ක්‍රමවේදය සම්බන්ධයෙන් ඒ රටේ විශාල පැහැදීමක් තියෙනවා. මේ E-8 වීසා ගැටලුව හේතුවෙන් E-9 වීසා කාණ්ඩය යටතේ හිමිවන රැකියාවලටත් ගැටලුවක් ඇතිවීමේ අවදානමක් තියෙනවා. ‘සෘතුමය රැකියා’ හිමිවෙන්නේ මාස 5-7 අතර කාලයකට. දළ වශයෙන් රුපියල් ලක්ෂ 7 ක වැටුපක් ලැබුණත් ලක්ෂ 35 ක වගේ වැටුපක් තමයි හිමිවෙන්නේ. ඒ රැකියා ලබාගන්න පුද්ගලික කණ්ඩායම්වලට ලක්ෂ 12, 18, 20 වගේ විශාල මුදලක් ගෙවලා අතට ලැබෙන දෙයක් නෑ. යාමට ඒමට ගුවන් ටිකට්පතත් මිලදී ගන්න ඕනි. ඒ අය අනිවාර්යෙන් කරන්නේ ඒ රටට ගිහින් පනිනවා.
මේ තැරැව්කාර කණ්ඩායම් උපදෙස් දෙන්නේ මාස 5 ඉවර වුණාම හොරෙන් පැනලා අවුරුදු 5-6 ක් ඉන්න පුළුවන් කියලා. මේ තත්ත්වය අනිවාර්යෙන් බලපානවා නීත්‍යනුකූලව දකුණු කොරියාවේ සේවයට යන්න සූදානම්ව ඉන්න ශ්‍රමිකයන්ට. කොරියානු බලධාරීන් අනිවාර්යෙන් මේ රැකියා කෝටාව අඩුකරන්න කටයුතු කරනවා.
අපි E-8 වීසා වංචාවට හසුවුණු අයගෙන් ඉල්ලා සිටින්නේ ඔබගෙන් මුදල් ලබාගත් පුද්ගලයන් පිළිබඳ අපිට තොරතුරු ලබාදෙන්න. රටේ ජනතාව මේ වංචාව සම්බන්ධයෙන් දැනුවත් කරන්න. මේ වංචාව නතර කරන්න අපිට උදව් කරන්න. මේ වංචාව සම්බන්ධ පුද්ගලයන්ට අපි රටේ නීතිය අනුව දඬුවම් කරන්න සූදානම්” ෴
ලංකා විදුලිබල මණ්ඩලයෙන් පාරිභෝගිකයින්ට දැනුම් දීමක්
(26.11.2024 – dinamina.lk)
යම් විදුලි බිඳවැටීමක් පිළිබඳව දැනුම් දීමට හැකිතාක් පහත සඳහන් ඩිජිටල් මාධ්‍යයන් භාවිතා කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයෙන් පාරිභෝගිකයින්ට දැනුම් දීමක් කර සිටියි.
ඒ අනුව CEBCare ජංගම දුරකථන යෙදුම, cebcare.ceb.lk වෙබ් අඩවිය, 1987 කෙටි පණිවුඩ සේවාව, ස්වයං සේවා IVR පද්ධතිය වැනි ඕනෑම ඩිජිටල් මාධ්‍යය ප්‍රවාහයකින් විදුලි බිඳවැටීම් දැනුම් දිය හැකිය.
Hiru TV Salakuna Live | Wimal Weerawansa | Episode 459 | 2024-11-25
+
දේශිය ආදායම් දෙපාර්තුමේන්තුව ලබන සෙනසුරාදා (30)ත් විවෘත වෙයි
(26.11.2024 – dinamina.lk)
ප්‍රධාන කාර්යාලය, සියලු ප්‍රාදේශීය සහ නගර කාර්යාල ලබන සෙනසුරාදා (30) දිනයේද විවෘතව තබන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සෑම වර්ෂයකම සියලු ආදායම් වාර්තා ලබාදිය යුතු අවසන් දිනය නොවැම්බර් 30 වනදා වන බැවින් එලෙස ලබන සෙනසුරාදා සිය කාර්යාල විවෘතව තබන බවයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පැවසුවාය.
2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත අනුව සියලු ආදායම් වාර්තා එනම් සංස්ථාපිත ආදායම් බදු, තනි පුද්ගල ආදායම් බදු සහ හවුල් ව්‍යාපාර ආදායම් බදු ලබාදිය යුතු වෙයි ෴
හදිස්සියේ මාධ්‍ය කැඳවූ විභාග කොමසාරිස් උසස් පෙළ ළමයින්ට විශේෂ පණිවුඩයක් දෙයි | 117ට කෝල් කරන්න (26.11.2024)
+
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාතන් අර්චුනාට වරෙන්තු
(26.11.2024 – 11:23 +0530 – hirunews.lk/sinhala)
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාතන් අර්චුනාට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක අද (26) නියෝග කළා.
ඒ ඔහු විසින් 2021.03.22 දින බේස්ලයින් මාර්ගයේදී ලසන්ක අබේවර්ධන යන අය පැදවූ මෝටර් රථය අනතුරට පත් කර, ඔහුට පහර දී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද (26) කැඳවූ අවස්ථාවේදියි.
සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාතන් අර්චුනා යන අය දිගින් දිගටම අධිකරණ මග හරිමින් සිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කෙරුණා.
මීට පෙර නඩු දිනයේ ද ඔහුට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබුණ ද එම වරෙන්තු ක්‍රියාත්මක වීමක් සිදුව ඇත්තේ නැහැ.
අගතියට පාර්ශවය වෙනුවෙන් නීතීඥ අසංක මෙන්ඩිස්, නීතීඥ ෂෙහාන් රාජපක්ෂ සහ විනුර ජිනදාස යන නීතීඥවරුන් පෙනී සිටියා ෴
බැඳුම්කර වංචාවට අර්ජුන මහේන්ද්‍රන්ට අධිකරණයේ පෙනී සිටීමට නොතීසි
(26.11.2024 – 11:09 +0530 – hirunews.lk/sinhala)
2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන දහයකට (10) අධික පාඩුවක් සිදුකළේ යැයි සඳහන් කරමින් අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති පැමිණිල්ලක සැකකරුවකු වශයෙන් නම්කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබෙනවා.
ඒ ලබන පෙබරවාරි මස 25 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා ෴
අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
(25.11.2024 – lankadeepa.lk)
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක (6) සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා කඩදාසි මිලදී ගෙන රුපියල් ලක්ෂ එකසිය විස්සක් (120) වංචා කර ඇතැයි චෝදනා කරමින් ‘නිප්චූන් පේපර් පුද්ගලික සමාගම’ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇත.
පුවත්පත් මුද්‍රණය කිරීම සඳහා කඩදාසි ගෙන්වා බෙදා හරින ‘නිප්චූන් පේපර් පුද්ගලික සමාගම’ පවරා ඇති මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ‘අර්ජුන ඇලෝසියස්’ හා ‘කඩතොට ගෙදර චමින්ද සහන්’ යන පුද්ගලයින් නම් කර ඇත.
මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල මහතා ඉදිරියේ කැඳවීය.
බන්ධනාගාර අධිකාරිය මගින් අර්ජුන අලෝසියස් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර දෙවැනි (2) විත්තිකරු අධිකරණයේ පෙනී නොසිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ධර්මතිලක ගමගේ මහතාගේ උපදෙස් පරිදි නීතිඥ පාතිමා සුහරියා මහත්මිය අධිකරණයේ කරුණු ඉදිරිපත් කළාය.
විත්තිකරුවන්ගේ බැංකු ගිණුමේ මුදල් නොමැති බව දැන දැනම 2019 වසරේ අවස්ථා හතරකදී (4) චෙක්පත් හතරක් නිකුත් කරමින් රුපියල් මිලියන 12 ක් වංචා කිරීම හා සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ මෙම නඩුව පවරා ඇති බව නීතිඥවරිය කරුණු ඉදිරිපත් කළාය.
විත්තිකාර ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් නඩුව සම්බන්ධයෙන් අධ්‍යනය කරුණු ඉදිරිපත් කිරීම හා උපදෙස් ලබා ගැනීම සඳහා සාධාරණ කාලයක් ලබා දී විත්තිකරුට ඇප නියම කරන ලෙසට ඉල්ලා සිටියේය.
දෙපර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂ පහ (5) බැගින් වූ ශරීර ඇප අටක් (8) විත්තිකරුට නියම කළේය. අධිකරණයේ පෙනී නොසිටි දෙවැනි (2) විත්තිකරුට මාර්තු මස 19 දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි ද නිකුත් කළේය ෴
බණ්ඩාරගම ප්‍රදේශයේ තරුණයෙකු අතුරුදන්
(25.11.2024 – 21:19 +0530 – sinhala.adaderana.lk)
බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකු අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ බණ්ඩාරගම බැල්ලන්තුඩාව ශ්‍රී ඤාණරතන මාවත ප්‍රදේශයේ පදිංචි චානුක ‘ගිම්හාර පෙරේරා’ නම් 21 හැවිරිදි තරුණයෙකි.
ඔහු මොරටුව, කටුබැද්ද ජර්මානු කාර්මික අභ්‍යාස විද්‍යාලයේ පාඨමාලාවක් හදාරමින් සිටි අයෙකි.
තරුණයන්ගේ මව්පියන් පවසන පරිදි සිය පුත්‍රයා සුපුරුදු පරිදි ඔවුන් සමග ඊයේ (24) රාත්‍රි ආහාරය ද ගෙන නින්දට ගොස් ඇති බවයි.
අද (25) අලුයම 04:30 ට පමණ මව ආහාර පිසීම සඳහා මුළුතැන්ගෙට යන අවස්ථාවේදී නිවසේ ප්‍රධාන දොර අඩක් විවෘත කර තිබෙණු දැක ඇති අතර දොර වසා ඇය සිය දරුවන් දෙදෙනා (2) බැලීමට නිදන කාමරය අසලට යන විට චානුක එහි සිට නැත.
සිය නිවුන් සොයුරා සමඟ එකම ඇඳෙහි නිදා ගන්නා චානුකගේ සොයුරා වන හේශාන් ද මේ පිළිබඳව කිසිවක් දැන සිට නොමැති බව සදහන් වේ.
පසුව ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ප්‍රදේශය පුරා චානුක සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කළත් කිසිඳු හෝඩුවාවක් දැනගැනීමට නොහැකි වී තිබේ.
පසුව මව්පියන් හොරණ පොලීසියට ඒ පිළිබඳව පැමිණිල්ලක් ද සිදු කර තිබේ.
එහිදී පොලීසියේ බෲනෝ නිල සුනඛයා යොදා සෝදිසි මෙහෙයුම් ආරම්භ කෙරුණි.
සිද්ධිය සම්බන්ධයෙන් මිල්ලනිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴