පාසල් නිවාඩුවේ ළමුන් ගැන සැලකිලිමත් වන්න
(22.11.2024 – 14:36 +0530 – hirunews.lk/sinhala)
දීර්ඝ පාසල් නිවාඩුවත් සමග ළමුන් සම්බන්ධයෙන් දෙමාපියන් දැඩි අවධානයකින් පසුවිය යුතු බවට සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වල තුන්වන (3) වාරයේ පළමු (1) අදියර අදින් අවසන් වූ අතර තෙවන (3) වාරයේ දෙවන (2) අදියර සදහා යළි පාසල් විවෘත කෙරෙන්නේ ලබන වසරේ (2025) ජනවාරී මස 02 වනදායි.
බොහෝ දරුවන් වර්තමානය වන විට සිය නිවාඩු දිනයන්හීදි නිවෙස් තුළ කොටුවී සිටින අතර ඩිජිටල් තිර භාවිතයට බොහෝ සේ යොමු වී තිබෙනවා.
මේ හේතුවෙන් එම දරුවන්ට ‘මනෝ සමාජීය පරිසරය’ අහිමි වීම නිසා මානසික පීඩාවන්ට පත්වීමේ අවදානමක් පවතින බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
විද්‍යුත් තිරවලට ඇබ්බැහි වූ දරුවන් කාන්සාව, විෂාදය සහ නින්ද නොයෑම යන කාරණා සදහා ප්‍රතිකාර සඳහා පැමිණීම ද ඉහළ ගොස් තිබෙනවා.
එසේම, බොහෝ දරුවන් ‘අනවශ්‍ය වෙබ් අඩවි’ වෙත පිවිසීම ද ඉහළ ගොස් ඇති බව සදහන්. මේ අනුව දරුවන් සම්බන්ධයෙන් දෙමාපියන්ට ඇති වගකීම සම්බන්ධයෙන් ඔවුන් වඩාත් අවධානයෙන් සිටිය යුතු බව සෞඛ්‍ය නිර්දේශයයි.
විද්‍යුත් තිර භාවිතය හේතුවෙන් ළමුන් අතර අක්ෂි දෝෂ ඉහළ යෑමේ ප්‍රවණතාවක් පවතින බව ළමා රෝග විශේෂඥයින් පෙන්වා දෙනවා ෴
‘විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක’ ලෙස මහාචාර්ය ගෝමික උඩුගමසූරිය පත් කෙරේ
(22.11.2024 – 13:49 +0530 – hirunews.lk/sinhala)
ඇමරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය ‘විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක’ ලෙස පත් කර තිබෙනවා.

අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (22) ජනාධිපති කාර්යාලයේ දී මහචාර්ය ගෝමික උඩුගමසූරිය වෙත ලබා දී තිබෙනවා.
මහචාර්ය ගෝමික උඩුගමසූරිය කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිධාරයෙකි.
එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් වේන් ස්ටේට් යුනිවර්සිටි වෙතින් ආචාර්ය උපාධිය ද, ටෙක්සාස් සවුත් වෙස්ටර්න් මෙඩිකල් සෙන්ටර් වෙතින් පශ්චාද් ආචාර්ය උපාධිය ද හිමි කර ගෙන තිබෙනවා.
ඔහු පේටන්ට් බලපත්‍ර රැසකට උරුමකම් කියන අතර ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය සේවයෙන් ඉවත්ව ගරු සේවයක් ලෙස විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශ තනතුරට එක් වීම විශේෂත්වයකි ෴
සුඛෝපභෝගී ජීප් රථයක් හදිසියේම ගිනිගනී
(22.11.2024 – 13:15 +0530 – hirunews.lk/sinhala)
බොරැල්ල – කඩුවෙල ප්‍රධාන මාර්ගයේ තලංගම ප්‍රදේශයේදී අද (22) උදෑසන සුඛෝපභෝගී ජීප් රථයක් හදිසියේම ගිනිගැනීමකට ලක්ව තිබෙනවා.
ගින්නෙන් එම ජීප් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණා.
එමෙන්ම ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවට සඳහන්.
පසුව එම රථයේ පැමිණි පිරිස හා ප්‍රදේශවාසීන් එක්ව එම ගින්න පාලනය කිරීමට උත්සාහ දැරුවද එය ව්‍යර්ථවී ඇති අතර, අනතුරුව කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවීම් ඒකකයට පැමිණ එම ගින්න නිවා දමා තිබෙනවා.
+

හිසකෙස් වර්ණ ගන්වන ආලේපන ගැන දැනුම්දීමක්
(22.11.2024 – 12:10 +0530 – hirunews.lk/sinhala)
ප්‍රසිද්ධ වෙළඳ නාමයක් ව්‍යාජ ලෙස යොදා ගනිමින් සැකසූ හිසකෙස් කළු කරන ආලේපන වෙළෙඳපොල තුල අලෙවි කල ව්‍යාපාරික ස්ථාන වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය දිනක කටයුතු කර තිබෙනවා.
නිවැරදි හිසකෙස් කළු කරන ආලේපනයෙහි අනු ඇසුරුමක බර 21g ක් වන අතර ව්‍යාජ නිෂ්පාදනයෙහි අනු ඇසුරුමක බර 10g ක් වන බවයි වාර්තා වන්නේ.
පිටකොටුව පැරණි නගරශාලා ගොඩනැගිල්ලෙහි සහ පීපල්ස් පාර්ක්හි සිදුකරන ලද වැටලීම් වලදී වෙළඳුන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුනට විරුද්ධව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමෙන් පසුව වරද පිළිගත් ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට (2) දඩ මුදල් පනවනුලැබූ අතර අත්අඩංගුවට ගනු ලැබූ එම ඇසුරුම් විශාල ප්‍රමාණයක් රාජසන්තක කර විනාශ කිරීමට අධිකරණය නියම කරන ලදී.
භාණ්ඩ මිලදීගැනීමේදී මෙවැනි ව්‍යාජ නිෂ්පාදන සම්බන්ධව විමසිලිමත් වන ලෙස සහ එවැනි අවස්ථා පිළිබඳ තොරතුරු වෙතොත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කෙටි දුරකථන අංකය වන 1977 වෙත දැනුම්දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ඉල්ලා සිටී ෴
කුවේට් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්
(22.11.2024 – 10:55 +0530 – hirunews.lk/sinhala)
කුවේට් රාජ්‍යයේ සේවය කරන සියලුම ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තම ඇඟිලි සලකුණු එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් නිවේදනය කර ඇති ස්ථානවලට ලබාදෙන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටිනවා.
කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් මගින් දැනුම් දී ඇත්තේ එරට සිටින සියලු විදෙස් ශ්‍රමිකයින් ලබන 31 වනදාට පෙර ඇගිලි සලකුණු ලබා දිය යුතු බවටයි.
ඒ අනුව හවාලි, ෆර්වානියා, අහමාද්, මුබාරක් අල් කබීර්, ජහ්‍රා යන නගරවල පිහිටි ආරක්ෂක අධ්‍යක්ෂ කාර්යාලවල ඇඟිලි සලකණු ලබාදීමේ මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා.
කුවෙට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේ, ඇඟිලි සලකුණු ලබා නොදෙන විදේශිකයන්ගේ සියලුම රාජ්‍ය හා බැංකු කටයුතුවලට බාධා පැමිණිය හැකි බවටයි ෴
අධිකරණ නියෝගයකින් මෙරට පළමු වරට නිධානයක් ගොඩ ගැනීමට කටයුතු කරයි
(22.11.2024 – 10:43 +0530 – hirunews.lk/sinhala)
වේයන්ගොඩ – වඳුරව ප්‍රදේශයේ අධිවේගී මාර්ගයට අයත් ස්ථානයක ඇති ජනප්‍රවාදයේ සඳහන් නිධානයක් අධිකරණ නියෝගයක් ප්‍රකාරව මෙරට පළමු වරට නිධානයක් ගොඩ නැගීමට කටයුතු කරමින් තිබෙනවා.
මෙම ස්ථානයේ තිබෙන බව යැයි කියන නිධානයක් මෙතෙක් කල් බොහෝ පිරිස් විසින් හොර රහසේ නිධන් ගොඩගැනීම කටයුතු කර ඇති බව වාර්තාවනවා.
එය ගොඩනැගීමට තැත් කළ බොහෝ සැකකරුවන් එය ගැනීමට නොහැකී වු අතර වේයන්ගොඩ පොලිසිය මැදිහත් වී එම සැකකරුවන් අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමේ පසුව මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මෙම නිධානය ගැනීමට බොහෝ අවස්ථාවල උත්සහා කළ සැකකරුවන් වාර්තා වීම හේතුවෙන් අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයාගේ නියෝග පරිදි එම ස්ථානයේ නිධානයක් තිබේ දැයි සොයා බලන ලෙසට පොලිස් විශේෂ කාර්‍යය බලකායට උපදෙස් දී තිබෙනවා.
එම පරීක්ෂා කිරීම් වලට අදාළව ස්කෑන් පරීක්ෂණ වල ප්‍රතිඵල මත එහි යම් කිසි දෙයක් සඟවා ඇති බවටයි නිරීක්ෂණය වී තිබෙනවා.
ඒ අනුව අධිකරණය විසින් මහජනතාව ඉදිරියේ ඊයේ (21) දින එම ස්ථානය හැරීමට වේයන්ගොඩ පොලිසියට නියෝගය ලබා දී තිබෙන අතර අද (22) දිනයේදීත් එම කෑණිම් කටයුතු සිදු කෙරෙනවා.
ඊයේ දින (21) පැය තුනක (3) වෙහෙසකර කැණිම් කටයුතුවලින් අනතුරුව පස්වරු දෙකයි පනහට පමණ එම කටයුතු දිවා ආහාරය සදහා නතර කරනු ලැබූ අතර දිවා ආහාරයෙන් පසු කැණීම් කටයුතු ආරම්භ කිරීමෙන් පසු මහ වැසි ඇදහැලීම හේතුවෙන් පස්වරු හතරට පමණ කැනීම් කටයුතු අතරමග නවතා දැමීමට සිදු විය.
පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ආණ්ඩුවේ රස පරීක්‍ෂක කාර්යාලය, මීරිගම ප්‍රාදේශීය, ලේකම් කාර්යාලය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන රැසක නිලධාරීන් හැටකට (60) ආසන්න පිරිසක්ද ප්‍රදේශවාසී ජනතාව ද රැස්ව සිටිනවා.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් භූගත පරිලෝකනය කරන යන්ත්‍රයක ආධාරයෙන් පෙන්වා දුන් ස්ථානය දෑවැන්ත බැකෝ යන්ත්‍ර දෙකක් (2) යොදාගෙන හෑරීම සිදු කරයි.
එම යන්ත්‍රය වරින් වර පෙන්වා දුන් අන්දමට අදාළ ස්ථානය කැණීම් කරද්දී අධිවේගී මාර්ගයේ පස් තුනී කර ඇති කොටසේ පැති බැම්ම ද කපා පස් ඉවත් කිරීමට සිදු විය.
අධිවේගී මාර්ගයේ පස් කන්දේ පැත්තක් කපා දැමීමට සිදුවීම නිසා මාර්ග සංවර්ධන අධිකාරියට විශාල පාඩුවක් සිදුවෙන බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් දැනගන්නට ලැබිණි .
මෙම ස්ථානයේ නිදන් වස්තු සඳහා කැණීම් කළ බව කියන චීවරධාරියෙකු ඇතුළු නව දෙනකු (9) මේ වන විට රිමාන්ඞ් භාරයේ පසුවන අතර අවස්ථා කිහිපයකදී මේ ආකාරයෙන් කැනීම් සිදුකළ පිරිස් පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීම හේතුකරගෙන අධිකරණය මෙම නියෝගය ලබා දී තිබිණි.
++++
රජයෙන් හාරන වේයන්ගොඩ නිධන් වලේ ගලක් මතුවෙයි
(22.11.2024 – 19:45 +0530 – hirunews.lk/sinhala)
වේයන්ගොඩ – වඳුරව ප්‍රදේශයේ, ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ පොළොව යට ඇති නිධානයක් සොයා මේ වන විට කැණීම් කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඒ, අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදුන් අධිකරණ නියෝගයකට අනුවයි.
අදාළ කැණීම් කටයුතු ඊයේ (21) උදෑසන ආරම්භ කළ ද පැවති වැසි තත්ත්වය හමුවේ එම කටයුතු අද (22) දක්වා කල් තැබුණා.
මෙහි නිධානයක් ඇති බව පවසමින් වසර ගණනාවක සිට අවස්ථා කිහිපයකදීම මෙම ස්ථානය නිදන් හොරුන් විසින් හාරා ඇති අතර මේ ආකාරයෙන් කැනීම් සිදුකළ චීවරධාරියෙකු ඇතුළු නව දෙනකු මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවන බවයි පොලිසිය සදහන් කළේ.
මීට පෙර ද අදාළ ස්ථානෙය් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදුකළ පරීක්ෂණ කටයුතුවලදී මෙහි නිධානයක් නොමැති බවට තොරතුරු හෙළිව තිබුණා.
කෙසේ වෙතත්, පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ කිසියම් දෙයක් පොළොව අභ්‍යන්තරයේ ඇති බවයි.
ඒ අනුව අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ආණ්ඩුවේ රස පරීක්‍ෂක කාර්යාලය, මීරිගම ප්‍රාදේශීය, ලේකම් කාර්යාලය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන එක්ව මෙම කැණීම් කටයුතු ආරම්භ කර ඇති බව සදහන්.
රාජ්‍ය ආයතනවල මැදිහත්වීමෙන් මෙරටදී සිදු කරන පළමු නිධන් කැණීම් අවස්ථාව මෙය බවයි සැලකෙන්නේ.
ඒ අනුව, මේ වන විට එහි අඩි 20 කට අධික ගැඹුරකට කැණීම් සිදුකර ඇති අතර, මේ වන විට විශාල විශ්කම්භයකින් යුත් ගලක් මතුව තිබෙනවා.
එය පුපුරුවා හැරීම සදහා දැනට කටයුතු කරමින් සිටින බවයි අප වාර්තාකරු සදහන් කළේ ෴
උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්
(22.11.2024 – 09:30 +0530 – hirunews.lk/sinhala)
එළඹෙන 25 වැනිදා ආරම්භ වීටම නියමිත උසස් පෙළ විභාගය පවත්වනු ලබන කාලසීමාව තුළ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් මගහරවා ගනිමින් බාධාවකින් තොරව විභාගය පවත්වාගෙන යෑම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.
විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ඇතිවිය හැකි අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් නොසලකා හැරිය නොහැකි අතර, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ වනවිටත් ඉදිරි සතිය තුළ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිත අඩු පීඩන තත්ත්වයක් වර්ධන විය හැකි බවයි පුරෝකථනය කර ඇත්තේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත්ගේ ප්‍රධානත්වයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අනෙකුත් ආයතනවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ජාතික මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා සියලු අංශ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පවත්වා තිබුණා.
ඒ අනුව, මෙම සැළසුම ක්‍රියාත්මක කිරීම තුළින් මෙවර උසස් පෙළ විභාග කාල සීමාව තුළ දී ආපදා හේතුවෙන් සිසුන්ට මුහුණදීමට සිදුවිය හැකි බාධා මග හැරගනිමින් සාර්ථකව විභාගයට මුහුණදීමට අවශ්‍ය යහපත් පරිසරයක් නිර්මාණය කිරීම අපේක්ෂා කර තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් විභාග දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආපදා කළමනාකරණ ක්‍රියාවලිය හා සම්බන්ධ පාර්ශවකාර ආයතන සම්බන්ධීකරණයෙන් විභාගය පැවැත් වෙන කාලසීමාව තුළ ඇතිවිය හැකි බාධා කළමනාකරණය කර ගැනීම සදහා අවශ්‍ය මාර්ගෝපදේශ අදාල අංශ වෙත මේ වන විටත් නිකුත් කිරීමටයි කටයුතු කර තිබෙන්නේ.
යම් සිසුවෙකුට ආපදාවක් නිසා විභාගයට පෙනී සිටීමට බාධාකාරී තත්ත්වයක් පවතී නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරි අංක වන 011 366 8020 / 011 366 8100 / 011 366 8013 / 011 366 8010 සහ 076 311 7117 යන අංක වෙත දැනුම් දීමට හැකියි.
එසේ නැතිනම්, විභාග දෙපාර්තමේන්තු හදිසි ඇමතුම් අංක 1911 යන දුරකථන අංකයට ඒ බව දැන්විය හැකි අතර, හැකි ඉක්මනින් එම බාධා ඉවත්කර ගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කර ගත හැකි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴