අවසාන නිල ප්‍රතිඵලය ජාජබ 159, සජබ 40, දෙමළ 8, සිලින්ඩරේ 5, පොහොට්ටු 1, සර්වජන 1, සෙසු 5
අවසාන නිල ප්‍රතිඵලය ජාජබ 159, සජබ 40, දෙමළ 8, සිලින්ඩරේ 5, පොහොට්ටු 1, සර්වජන 1, සෙසු 5
(15.11.2024 – gossiplankanews.com)
මැතිවරණ කොමිෂන් සභාව මගින් 2024 මහමැතිවරණයේ අවසාන ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කර තිබේ.
මෙහිදී ජාතික ලැයිස්තු ආසනද සමග 159 ක 2/3 කට වැඩි විශිෂ්ට බලයක් ජාතික ජනබලවේගය සතුකරගෙන ඇති අතර සෙසු විපක්ෂය 66 කට සීමා කර ඇත.
එම ප්‍රතිඵල සටහන පහතින් :
+
+
මහ මැතිවරණය ජයග්රහණයෙන් පසු ජාතික ජන බලවේගය පවත්වන පළමු මාධ්‍ය සාකච්ඡාව (15.11.2024)
+
+
ඔව්, අපි ටෙලිවැකිය ලිවුවේ හොරුන්ට එරෙහිව හොරුන්ගේ පාලනයේදීමයි – අද ටෙලිවැකියෙන්… (15.11.2024)
+
ජනතා පරමාධිපත්‍ය බලය ඉදිරියේ විසිවුණු හිටපු මැති ඇමතිවරු
(15.11.2024 – 19:55 +0530 – sinhala.adaderana.lk)
හිටපු මැති ඇමතිවරු රැසකට ඊයේ (14) පැවති මහ මැතිවරණයේදී සිය මන්ත්‍රිධුරය අහිමි වී තිබුණි.
ඒ අතරට පසුගිය රජය නියෝජනය කළ ප්‍රබල අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද අයත් වීම විශේෂත්වයකි.
කොළඹ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණින් මැතිවරණයට ඉදිරිපත් වූ සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රේමනාත් සී. දොලවත්ත සහ මධුර විතාන යන මහත්වරුන්ට මෙන්ම සමගි ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ මනෝ ගනේෂන් සහ ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන්ට ද සිය මන්ත්‍රිධුර අහිමි වුණි.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් කොළඹ දිස්ත්‍රික්කයට ඉදිරිපත් වූ සරත් වීරසේකර මහතාටද පාර්ලිමේන්තු වරම් අහිමි විය.
සර්වජන බලයෙන් තරග වැදුණු උදය ගම්මන්පිල මහතාට ද මෙවර සිය අසුන අහිමිවී තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කයට නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ යටතේ තරග වැදුණු නිමල් ලන්සා, නලින් ප්‍රනාන්දු, ලසන්ත අලගියවන්න සහ කෝකිලා ගුණවර්ධන මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග වැදුණු ඉන්දික අනුරුද්ධ සහ ප්‍රසන්න රණවීරට මන්ත්‍රිධුර අහිමි වී තිබුණි.
එමෙන්ම 2020 මහ මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් සර්වජන බලයෙන් තරගවැදුණු මහාචාර්ය චන්න ජයසුමන මහතාටත්, මිලාන් ජයතිලක මහතාටත් මෙවර මන්ත්‍රිධුරය අහිමි වී තිබේ.
මේ අතර නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ යටතේ කළුතර දිස්ත්‍රික්කයට ඉදිරිපත් වූ රාජිත සේනාරත්න, පියල් නිශාන්ත සහ විදුර වික්‍රමනායක යන මහත්වරුන්ට මෙවර සිය මන්ත්‍රිධුරය අහිමි විය.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ඉදිරිපත් වු සංජීව එදිරිමාන්න මහතාට ද මෙවර පාර්ලිමේන්තු වරම් හිමිවූයේ නැත.
2020 මහ මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව මෙවර කළුතර දිස්ත්‍රික්කයෙන් සර්වජන බලයෙන් ඉදිරිපත් වූ රොෂාන් රණසිංහ මහතාටද මන්ත්‍රිධුරය අහිමි විය.
එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ යටතේ ඉදිරිපත් වූ මහින්දානන්ද අලුත්ගමගේ සහ වේලු කුමාර් යන මහත්වරුන්ට ද මෙවර සිය අසුන් අහිමිවුණි.
මේ අතර සමගි ජන බලවේගයේ තිස්ස අත්තනායක, වසන්ත යාපා බණ්ඩාර මහත්වරුන්ට මන්ත්‍රිධුරය අහිමි වී තිබේ.
එමෙන්ම සර්වජන බලයෙන් ඉදිරිපත් වූ දිලුම් අමුණුගම මහතාට මෙවර සිය අසුන අහිමි විය.
මේ අතර මාතලේ දිස්ත්‍රික්කයේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණින් ඉදිරිපත් වූ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාට සහ රෝහණ දිසානායක මහතාට මෙවර සිය පාර්ලිමේන්තු අසුන අහිමිව තිබේ.
එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ නිමල් පියතිස්ස මහතාට ද මෙවර පාර්ලිමේන්තු වරම් හිමිවූයේ නැත.
ගාල්ල දිස්ත්‍රික්කයට නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් තරග වැදුණු රමේෂ් පතිරණ සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන් ද මෙවර සිය අසුන රැකගැනීමට අපොහොසත් විය.
එමෙන්ම සමගි ජන බලවේගය යටතේ තරග වැදුණු චන්දිම වීරක්කොඩි සහ බන්දුලාල් බණ්ඩාරිගොඩ යන මහත්වරුන්ට ද සිය අසුන අහිමි වී තිබුණි.
මාතර දිස්ත්‍රික්කයෙන් නව ප්රජාතන්ත්රවාදී තරග වැදුණු කංචන විජේසේකර මහතාට සහ සමගි ජන බලවේගයෙන් තරග වැදුණු බුද්ධික පතිරණ මහතාට ද පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය අහිමී වී විය.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ඉදිරිපත් වූ නිපුණ රණවක මහතාට සහ සර්වජන බලයෙන් ඉදිරිපත් වූ වීරසුමන වීරසිංහ මහතාට මෙවර පාර්ලිමේන්තු වරම් හිමිවන්නේ නැත.
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ යටතේ ඉදිරිපත් වූ මහින්ද අමරවීර සහ අජිත් රාජපක්ෂ යන මහත්වරුන්ට මෙන්ම සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ උපුල් ගලප්පත්ති මහතාට මෙවර සිය අසුන අහිමිව ගොස් තිබේ.
මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ යටතේ ඉදිරිපත් වූ එස්.එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක සහ ඉෂාක් රහුමාන් යන මහත්වරුන්ට සිට අසුන් අහිමිවිය.
බදුල්ල දිස්ත්‍රික්කයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ යටතේ ඉදිරිපත් වූ නිමල් සිරිපා ද සිල්වා සහ හරීන් ප්‍රනාන්දු යන මන්ත්රීවරන්ටද සිය මන්ත්‍රිධුරය අහිමිවුණි.
එමෙන්ම සමගි ජන බලවේගය යටතේ ඉදිරිපත් වූ ඩිලාන් පෙරේරා මහතාට මෙන්ම එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ යටතේ ඉදිරිපත් වූ වඩිවෙල් සුරේෂ් මහතාටද මෙවර පාර්ලිමේන්තු වරම් හිමි වූයේ නැත.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් මොනරාගල දිස්ත්‍රික්කයට ඉදිරිපත් වූ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට මෙවර සිය අසුන අහිමි වී තිබේ.
මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ යටතේ ඉදිරිපත් වූ පවිත්‍රා වන්නිආරච්චි, මුදිතා සොයිසා සහ ජානක වක්කුඹුර යන මහත්ම මහත්මීන්ට සිය මන්ත්‍රිධුර අහිමි වී ගොසිනි.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ඉදිරිපත් වූ ප්‍රේමලාල් ජයසේකර මහතාටද මෙවර අසුන අහිමි විය.
කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ යටතේ ඉදිරිපත් වූ රංජිත් සියඹලාපිටිය, තාරක බාලසූරිය සහ දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරුන්ටද පාර්ලිමේන්තු වරම් අහිමි වුණි.
එමෙන්ම සර්වජන බලයෙන් ඉදිරිපත් වූ රාජිකා වික්‍රමසිංහ මහත්මියටද මෙවර සිය අසුන අහිමිවිය.
මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ යටතේ ඉදිරිපත් වූ අනුර ප්‍රියදර්ශන යාපා, ශාන්ත බණ්ඩාර සහ අසංක නවරත්න යන මහත්වරුන්ට මෙන්ම සමගි ජන බලවේගය යටතේ ඉදිරිපත් වූ අශෝක් අබේසිංහ, තුෂාර ඉඳුනිල් සහ මහාචාර්ය චරිත හේරත් යන මහත්වරුන්ට සිය අසුන් අහිමිවූහ.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ඉදිරිපත් වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද මෙවර පරාජයට පත්වුණා.
එමෙන්ම පුත්තලම දිස්ත්‍රික්කය සඳහා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණින් ඉදිරිපත් වූ අරුන්දික ප්‍රනාන්දු සහ අශෝක ප්‍රියන්ත යන මහත්වරුන්ට සිය අසුන් අහිමි වුණි.
මේ අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා සර්වජන බලයෙන් ඉදිරිපත් වූ කපිල අතුකෝරාල මහතාට ද මෙවර පාර්ලිමේන්තු වරම් හිමිවුණේ නැත.
දිගාමඩුල්ල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ඉදිරිපත් වූ ඩබ්ලිව්.ඩී. වීරසිංහ මහතාටද මෙවර සිය අසුන අහිමිව තිබේ.
එමෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයට තමිල් මක්කල් විඩුතලෛ පුලිකල් පක්ෂයෙන් ඉදිරිපත් වූ සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට ද මෙවර සිය අසුන අහිමිව ගොස් ඇත.
මේ අතර යාපනය දිස්ත්‍රික්කය සඳහා දෙමළ ජාතික සන්ධානය යටතේ ඉදිරිපත් වූ එම්.ඒ. සුමන්තිරන් සහ ඊ.පී.ඩී.පී (EPDP) පක්ෂයෙන් ඉදිරිපත් වූ ඩග්ලස් දේවාන්දා යන මහත්වරුන්ට ද මෙවර පාර්ලිමේන්තු අසුන අහිමි වී තිබීම විශේෂත්වයකි.
මේ අතර පසුගිය දිනවල සමාජයේ දැඩි කතා බහට ලක්වූ දේශපාලන චරිත කිහිපයකට ද මෙවර පාර්ලිමේන්තුවට පිවිසීමේ වරම් අහිමිවිය.
එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ නියෝජනය කරමින් තරගවැදුණු රන්ජන් රාමනායක, ටී.එම්.ඩිල්ෂාන්, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණින් ඉදිරිපත් වූ සාගල රත්නායක, රෝසි සේනානායක සහ සර්වජන බලයෙන් ඉදිරිපත් වූ දහම් සිරිසේන ද ඒ පිරිසය අයත් විය.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴
Historic results. Absolutely delighted. Hopefully we will develop this country along the way Singapore progressed. It cannot be done just in one-period of tenure, and needs at least 15-yr to put the country to right. But if NPP sticks to the election manifesto that they have given, we will begin to see the changes much quicker that will give us confidence that we are in the right path. Well done Maalimaawa, well done AKD and his team, well done VOTERS. Love you all!