පාර්ලිමේන්තු මැතිවරණය 2024 : පස්වරු 04:00 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

පාර්ලිමේන්තු මැතිවරණය 2024 : පස්වරු 04:00 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය


පාර්ලිමේන්තු මැතිවරණය 2024 : පස්වරු 04:00 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

(14.11.2024 – 16:36 +0530 – hirunews.lk/sinhala)

පස්වරු 04:00 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය පහතින් දැක්වේ :

කොළඹ – 65%
නුවරඑළිය – 68%
පුත්තලම – 56%
මාතර – 64%
බදුල්ල – 67%
මඩකලපුව – 61%
කෑගල්ල – 64%
අනුරාධපුරය – 65%
කුරුණෑගල – 64%
පොලොන්නරුව – 65%
රත්නපුර – 65%
වන්නි – 65%
හම්බන්තොට – 60%
ගාල්ල – 64%
ත්‍රීකුණාමලය – 67%
මොනරාගල – 61%
යාපනය – 60%
දිගාමඩුල්ල – 62%
මාතලේ – 67%

මැතිවරණ රාජකාරීයේ යෙදුනු නිලධාරින් දෙනෙක් (2) සහ පොලිස් නිලධාරියෙක් (1) හදිසියේ මියයති

(14.11.2024 – 11:59 +0530 – hirunews.lk/sinhala)

ඡන්ද මධ්‍යස්ථානවල කටයුතු කළ නිලධාරින් දෙදෙනෙකු (2) සහ මැතිවරණ රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙක් (1) ඇති වු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව අද (14) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ කෑස්බෑව ඡන්ද මධ්‍යස්ථානාධිපති ලෙස කටයුතු අයෙකු හදිසි අසනීප තත්ත්වයක් හමුවේ රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි. ඇය කළ වයස අවුරුදු 48 පයාගල ප්‍රදේශයේ පදිංචිකාරියක් වනවා.

එමෙන්ම කොබෙයිගනේ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලය වයස අවුරුදු 57 ක පුද්ගලයෙක් හදිසි අසනීප තත්ත්වයක් නිසා මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

කෝපායි පොලිස් වසමේ, කුරුම්බුරායි ප්‍රදේශයේ පාසලක පැවති ඡන්ද මධ්‍යස්ථානයක සේවය කරමින් සිටි වයස අවුරුදු 33 ක පොලිස් නිලධාරියෙක් මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා ෴


ගල්කිස්ස, බඩෝවිට ඝාතකයින් වෙඩිතැබූ හැටි CCTV කැමරාවේ

(14.11.2024 – 13:35 +0530 – sinhala.adaderana.lk)

ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේ ඊයේ (13) රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණි.

පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රි 09:25 ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු (2) මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

මරණකරුගේ පපුවට සහ පාදවලට වෙඩි ප්‍රහාර 4 ක් පමණ එල්ල වී තිබේ.

මෙලෙස මියගියේ ගයාශාන් චතුරංග ප්‍රනාන්දු නමැති වයස අවුරුදු 30 ක් වූ බඩෝවිට, 3 වැනි අදියර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලීසිය සැක පළ කරන්නේ, වෙඩි ප්‍රහාරය සඳහා ටී-56 ගිනිඅවියක් භාවිත කරන්නට ඇති බවය.

මේ අතර, මෙම වෙඩි තැබීමෙන් අනතුරුව ඝාතකයින් මියගිය පුද්ගලයාගේ ඥාති සොයුරෙකුගේ නිවසට ද ගොස් ඇති අතර එම නිවසේ ගේට්ටුව විවෘත කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් ඔවුන් ඊට ද වෙඩි තබා පළාගොස් තිබේ.

එම සිද්ධිය CCTV කැමරාවක සටහන්ව තිබුණි.

පොලීසිය පැවසුවේ, ඝාතකයින් පැමිණි යතුරුපැදිය පසුගිය වසරේ මාර්තු 31 වැනිදා කඩවත ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් සොරකම් කරන ලද එකක් බවට විමර්ශනවලදී අනාවරණ වී ඇති බවය.

මියගිය පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙකු බවට අනාවරණ වී ඇති අතර, දෙහිවල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කෙරේ.

+


මහ ඡන්දේ අස්සේ ලංවීමේ ලොක්කෝ ගහගෙන|ලොක්කගේ කාමරේට යනකොටම දුන්න පහරින් විදුලි ඉංජිනේරුවා රෝහලේ (14.11.2024)

+


ගැඹුරු මුහුදේ සිදු කල විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

(14.11.2024 – news.navy.lk)

නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට බටහිර දෙසින් ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) අද (2024 නොවැම්බර් 14) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60 ක පමණ තොගයක් ඇති බවට සැක කෙරෙන අතර, එම බහුදින යාත්‍රාව සහ සැකකරුවන්, වැඩිදුර පරික්‍ෂාව සහ ඉදිරී නීතිමය කටයුතු සඳහා නාවික හමුදාව විසින් මේ වන විට ගොඩබිමට රැගෙන එමින් සිටියි ෴


ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ගැන මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්

(14.11.2024 – 18:02 +0530 – sinhala.adaderana.lk)

2024 මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු අද (14) අවසන්වීමත් සමග ඒ ඒ ගණන්කිරීමේ මධ්‍යස්ථානවලට ඡන්ද පෙට්ටි ළඟා වූ පසු ප.ව. 07:15 න් පසුව ප්‍රධාන ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ඡන්ද ගණනය කිරීමේ කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්. රත්නායක මහතා පවසා සිටියේ, තේරිම්භාර නිලධාරීන්ගෙන් ඡන්ද ප්‍රතිඵල ලද විගස මැතිවරණ මහලේකම් කාර්යාලයේදී එම ප්‍රතිඵල නැවත පරීක්ෂා කර මාධ්‍යයට නිකුත් කරන බවයි.

විශේෂයෙන් මෙම ප්‍රතිඵල අවස්ථා තුනකදී (3) ප්‍රකාශයට පත්කිරීමට කටයුතු යොදා ඇත.

පළමුව ප්‍රදේශ ආසන මට්ටමින් ඡන්ද ප්‍රතිඵල නිකුත් කෙරේ.

ඉන් අනතුරුව දිස්ත්‍රික් මට්ටමින් ඡන්ද ප්‍රතිඵල නිකුත්කරන අතර, ඒ සමග එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ලබාගන්නා මන්ත්‍රිධුර සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කිරීමට කටයුතු යොදා ඇත.

ආසන්න මට්ටමින් ප්‍රතිඵල නිකුත්කිරීමත් සමගම සෑම ගණන්කිරීමේ මධ්‍යස්ථානයකම මනාප ගණන්කිරීම ආරම්භ කෙරේ.

කෙසේ නමුත් මනාප ගණන්කරන අවස්ථාවේදී මනාප ගණන්කරනු ලබන්නේ ආසන ලබාගත් නැතහොත් මත්ත්‍රීවරු තේරීපත්වීමට සුදුසුකම් ලබන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එනිසා මන්ත්‍රීවරු තේරීපත්වීමට සුදුසුමක් නොලබන සියලුම දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයන් එම ශාලා පරිශ්‍රයෙන් ඉවත් කරනු ලබයි ෴


පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ විශේෂ මාධ්‍ය හමුව (14.11.2024)

+


මාතලේදී බස් රථයක් සහ වෑන් රථ අනතුරින් පුද්ගලයින් 3 ක් මරුට – 39 කට තුවාලයි

(14.11.2024 – 21:45 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල – මහියංගනය මාර්ගයේ මාතලේ, එලවනකන්ද ප්‍රදේශයේදී බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 3 ක් මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.

එම අනතුරින් 39 දෙනෙකු තුවාල ලබා ඇති අතර එම පිරිස රෝහල් ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව පවසනවා ෴

+

මාතලේ, ලග්ගල එළවනකන්ද ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීයෑමෙන් අද (14) පස්වරුවේ සිදුවූ අනතුරකින් එහි ගමන්කල පුද්ගලයන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව තවත් 20 කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇතිබව වාර්තා වනවා.
මේ වනවිට බස් රථය තුල තවත් තිදෙනෙකු (3) සිරවී ඇති බැවින් ඔවුන් මුදාගැනීම සදහා ප්‍රදේශවාසීන්, හමුදාව සහ පොලීසිය එක්ව දැවැන්ත පරිශ්‍රමයක් දරමින් සිටිනවා.
(14.11.2024 – 21:25 +0530 – facebook.com/accident1stofficial/)

++++++++

තිදෙනකුට දිවි අහිමි කල මාතලේ විල්ගමුව එලවනා කන්ද රිය අනතුරේ අද (15) උදෑසන රූපරාමු

+


මේක නම් ඉතින් විශ්මයට කරුණක් තමයි හිටපු මැකෝ අලුත් ආණ්ඩුවට උපදෙසක් දෙයි (15.11.2024)

+


කස්සප හිමිගේ WhatsApp අංකවලට SPAM ප්‍රහාරයක් (14.11.2024)

+


කඨින පෙරහැර නැවැත්වූ අපූරු මහමැතිවරණය (14.11.2024)

+

මුල අමතක වූ අගමැති හරිනි (15.11.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *