හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ V8 රථය CIDයට භාරදෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ V8 රථය CIDයට භාරදෙයි


හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ V8 රථය CIDයට භාරදෙයි

(11.11.2024 – 19:49 +0530 – sinhala.adaderana.lk)

හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේමසිංහ සතුව තිබූ ප්‍රශ්නගත V8 රථය අද (11) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බව වාර්තා වෙයි.

එම රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සන්තකයේ පවතින්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා සතුව තිබූ, රිය අනතුරකින් මනුෂ්‍ය මරණයක් සිදුකිරීමකට අදාළව නඩු භාණ්ඩයක් වූ මෝටර් රථය බවයි.

නීතිවිරෝධීව එකලස් කරන ලද ටොයෝටා V8 සුඛෝපභෝගී ජීප් රථයක් ඇති බවට ලද තොරතුරකට අනුව වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය ඉකුත් නොවැම්බර් 02 වැනිදා හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගේ නිවස පරික්ෂා කළද එහිදී සැකකටයුතු මෝටර් රථය හමුවී තිබුණේ නැත.

අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින් සුජීව සේනසිංහට අයත් කොල්ලුපිටියේ නිවසක් පරීක්ෂා කළේ ප්‍රශ්නගත සුඛෝපභෝගී මෝටර් රථය එම නිවසේ ගාල්කර ඇති බවට තොරතුරු ලැබී තිබු තොරතුරු අනුව ය.

එහිදී සොයාගැනුණු ජීප් රථය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කළාය.

එම නියෝගය ප්‍රකාරව ප්‍රශ්නගත මෝටර් රථය සුජීව සේනසිංහ විසින්ම රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි විමර්ශන අංශය අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වැඩිදුර විමර්ශන වාර්තාවක් මගින් විමර්ශනවල ප්‍රගතිය වාර්තා කළේය.

“ස්වාමිනි, මේ ප්‍රශ්නගත ජීප් රථය 2010 වසරේ මෙරටට ගෙන්වා ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ජේ ශ්‍රී රංගා මහතාට ලද තීරු බදු රහිත වාහන බලපත්‍රයෙන්. ඒ අනුව ස්වාමිනි මෙම මෝටර් රථය ලියාපදිංචි කිරීමෙන් තොරව මාස කිහිපයක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා මහතා භාවිත කර තිබෙනවා. එසේ භාවිත කරන අතරතුර තමයි ස්වාමීනි 2011 මාර්තු 30 වනදා මැදවච්චිය සෙට්ටිකුලම ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර එම අනතුරින් තිදරු පියෙකු වූ පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වුණේ. මෙවන් පසුබිමක මෙම ප්‍රශ්නගත සුඛෝපභෝගී ජීප් රථය 2022 වසරේදී හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ නමින් ලියාපදිංචි කර තිබෙනවා. පසුව මෙම ප්‍රශ්නගත ජීප් රථය කැලණිය ප්‍රදේශයේ වාහන එකලස් කිරීමේ ස්ථානයකට යොමුකර කොටස් කිහිපයක් එකලස් කිරීම සිදුකර තිබෙනවා”.

“එබැවින් ස්වාමිනි පුද්ගල මරණයක් සිදුකළ මෝටර් රථයක් මෙලෙස නීතිවිරෝධීව එකලස් කිරීම සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කළ යුතුයි. මොකද ස්වාමිනී මේක රටේ මහත් ආන්දෝලනයකට තුඩුදුන්න තවමත් විභාග වෙමින් පවතින නඩුවක නඩු භාණ්ඩයක්. එය සැඟවීමේ හෝ විනාශ කිරීමේ අවදානමක් පවතිනවා. එම නිසා අපි අධිකරණයෙන් ඉල්ලා සිටිනවා මෙම ප්‍රශ්න සහගත සුඛෝපභෝගී මෝටර් රථය අධිකරණය භාරයට පත්කරන ලෙස එහි වත්මන් හිමිකරුට නියෝග කරන්න කියලා “

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු කොළඹ කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ප්‍රශ්නගත සුඛෝපභෝගී මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කළාය.

+


Derana 360 | ව්‍යවසායක නීතිඥ දිලිත් ජයවීර (10.11.2024)

+


රාජගිරිය මැදවැලිකඩ ප්‍රදේශයේ පිහිටි ඇඟළුම් කම්හලක ගින්නක්

(12.11.2024 – 11:32 +0530 – sinhala.adaderana.lk)

රාජගිරිය මැදවැලිකඩ ප්‍රදේශයේ පිහිටි ඇඟළුම් කම්හලක අද (12) ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ හතරක් (4) පිටත් කර යවා ඇති බවයි ගිනි නිවන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය නොමැති බවටයි වාර්තා වෙන්නේ.

+

+


සරසවි සිසුවියක් දුම්රියෙන් ඇද වැටෙයි

(12.11.2024 – 09:55 +0530 – sinhala.adaderana.lk)

දුම්රියේ ගමන් ගත් තරුණියක් අද (12) උදෑසන හපුතලේ දුම්රිය ස්ථානයේ දී ඇද වැටීමෙන් බරපතළ තුවාල ලබා ඇතැයි හපුතලේ පොලීසිය පවසයි.

කොළඹ කොටුව සිට බදුල්ල බලා ගමන් කරමින් තිබු අංක 1045 දරණ රාත්‍රි තැපැල් දුම්රියේ එම තරුණිය සිට ඇත.

එලෙස අනතුරට ලක්ව ඇත්තේ, අරලිය උයන මාවඩවිල, රත්ගම ලිපිනයේ පදිංචි 21 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක බව පොලීසිය පැවසීය.

ඇල්ල ප්‍රදේශයේ සංචාරයක් සඳහා ඇය ඇතුළු 18 දෙනෙකු පැමිණෙමින් සිටියදී උදෑසන 06:30 ට පමණ හපුතලේ දුම්රිය ස්ථානයේ දුම්රිය නැවැත්වු අවස්ථාවේ දී ඉන් බැස ඇති අතර, නැවත දුම්රිය ගමන් ගන්නා අවස්ථාවේ දී එයට ගොඩවීමට යාමේදී තරුණිය ඉන් ඇද වැටී තිබේ.

ඇද වැටීමත් සමග ඇගේ වම් පාදයේ විලුබ මතින් දුම්රිය ගමන් කර ඇති අතර, ඒ හේතුවෙන් බරපතළ තුවාල සිදුව ඇතැයි පොලීසිය පැවසීය.

අනතුරට ලක්වූ තරුණියව කඩිනමින් ප්‍රතිකාර සඳහා දියතලාව මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර, හපුතලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


අනුර රකින්න හදන්නේ වැරදි කරපු දෙන්නෙකුව – පාස්කු ප්‍රහාරය ගැන ගම්මන්පිලගෙන් තවත් හෙලිදරව්වක් (06.11.2024)

+


තවත් සැප රියක් තංගල්ලෙන් එළියට

(13.11.2024 – 11:01 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි තුනහමාරක් (3,50,00,000) පමණ වටිනා ‘ලෑන්ඩ් කෲසර්’ වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් තංගල්ල පොලිස් වසමේ විතාරන්දෙණිය ප්‍රදේශයේ නිවසක් තුළ සඟවා තිබියදී මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (12) පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම මෝටර් රථය නීති විරෝධී ලෙස කොටස් එකලස් කර සකස් කර නීති විරෝධී ලෙසම ලියාපදිංචි කර ඇති බවට පොලිසියට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

මෙම ජීප් රථයේ වත්මන් අයිතිකරුවන ඇඹිලිපිටිය පල්ලේගම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් මාතර පොලිසියට බාර වී තිබෙනවා.

පසුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ වනවිට මෝටර් රථය පිළිබඳ රස පරීක්ෂක වාර්තාවක් ලබා ගැනීමට නියමිතව ඇති අතර, කළුතර ප්‍රදේශයේ දේශපාලනඥයෙකුගේ සහෝදරයෙකු විසින් මෙම මෝටර් රථය අදාළ ව්‍යාපාරිකයාට විකුණා ඇති බවටයි පොලිසිය කළ විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා ෴

+

උප්පැන්නයක් නැති තවත් සුපිරි ජීප් එකක් | මාතරින් රටම හොල්ලන පුවතක් | සුපිරි රථයට රෝහිතගේ නමත් ගෑවිලා (13.11.2024)

+

පසුගිය ඔක්තෝම්බර් 21 වැනිදා මහනුවර අනිවත්ත ප්‍රදේශයේදී පොලිස් භාරයට ගැනුණු රථ දෙකෙන් BMW වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය නීති විරෝධී ලෙස කොටස් එකලස් කර සකස් කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

පොලිස් භාරයට ගෙන ඇති මිට්සුබිෂි වර්ගයේ ජීප්රථයේද චැසි අංක කිසිවක් දක්නට නොමැති අතර එම රථය රජයට අයත් වාහනයක්දැයි පොලිස් විමර්ෂන ක්‍රියාත්මකයි.

ඒ අනුව මෙම වාහන දෙකෙහි හිමිකරු වන ‘ඉන්දික සේරම්’ නැමැත්තාට එරෙහිව විදෙස් ගමන් තහනමක් පැනවීමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට මේ වන විට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි ෴

+

කොළඹ රහස් බිල්ඩිමක සඟවා ඇති තවත් වාහන රැසක් ගැන බරපතළ හෙළිදරව්වක් (11.11.2024)

+


අනාරක්ෂිත ‘ක්‍රිෂ් ගොඩනැඟිල්ලට’ එරෙහිව නොතීසියට සමාගමේ නිලධාරීන් පිරිසක් අධිකරණයට

(13.11.2024 – 10:43 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කොටුවේ ඉදිකිරීම් අතහැර දමා ඇති මහල් 60 යුත් ‘The One Trash works ක්‍රිෂ් ගොඩනැගිල්ල’ අනාරක්ෂිත බවට කොටුව පොලීසිය අධිකරණයට කළ කරුණු දැක්වීමට ලද නොතීසියක් අනුව එම සමාගමේ පරිපාලන නිලධාරිනිය ඇතුළු සාක්ෂිකරුවන් පිරිසක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා.

නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරියෙක්, එම ගොඩනැගිල්ලේ තහඩුවක් වැටුණු කාර් රථයේ හිමිකරු, රථ ගාල්ලේ හිමිකරු , කඩ හිමිකරුවෙකු පොලීසිය කළ දැනුම් දීමකට අනුව අධිකරණයට පැමිණ ඇති බවයි සඳහන්.

ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 98 වගන්තිය යටතේ කරුණු දැක්වූ කොටුව පොලිසිය එම ආයතනයේ අධයක්ෂක මණ්ඩයට නොතිසි නිකුත් කරන ලෙස අධිකරණයෙන් කළ ඉල්ලීම අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සාක්ෂි අද (13) කොටුව අධිකරණය හමුවේ කැදවීමට නියමිතයි.

පසුගිය ඔක්තෝම්බර් මස 06 වනදා එම ස්ථානයට ආසන්නයේ නවතා තිබූ මෝටර් රථයක් මතට එම ගොඩනැගිල්ලේ යකඩ කොටසක් කඩා වැටුණු බවත් පසුගිය 08 වනදා රාත්‍රියේද එහි තිබූ යකඩ කොටසක් කඩා වුටුණු බවත් එම අවස්ථාවේ කාර්යාල සේවකයින් මෙන්ම රථ වාහන ද එම ස්ථානයෙන් ගමන් ගත් බවත් පොලීසිය බී-වාර්තාවක් මගින් අධිකරණයට දන්වා සිටියා ෴


බදු ගෙවන්න මෙන්ඩිස් සමාගමට අවසන් දින දෙයි

(13.11.2024 – 08:47 +0530 – hirunews.lk/sinhala)

ලබන 30 වනදා වන විට හිඟ බදු ගෙවීමට අපොහොසත් වුවහොත්, මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එහි උසස් නිලධාරියෙකු සදහන් කළේ, ඒ සම්බන්ධයෙන් වන උපදෙස් මේ වන විටත් අදාල සමාගමට යොමු කර ඇති බවයි.

මේ අතර, මාස 06 ක සිරදඬුවම් නියම කළ ‘ඩබ්ලිව්.එම්. මෙන්ඩිස්’ සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන ‘රන්දෙව් දිනෙන්ද්‍ර ජෝන්’ නමැත්තා තමන්ව ඇප මත මුදා හරින ලෙස කළ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කෙසේ වෙතත් අදාල මහේස්ත්‍රාත් අධිකරණ තීන්දුවට එරෙහිව එම තැනැත්තා විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන බවයි අභියාචනාධිකරණය කියා සිටියේ ෴


නීතිවිරෝධි මත්පැන් බෝතලයක් පානය කළ 2 ක් ජීවිතක්ෂයට

(12.11.2024 – 19:04 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධි මත්පැන් බෝතලයක් පානය කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) මියගොස් ඇතැයි පිටිගල පොලිසිය පවසනවා.

අනෙක් පුද්ගලයන් දෙදෙනා (2) රෝහල්ගත කර ඇති බවත් ඔවුන්ගෙන් එක්අයෙකුගේ (1) තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.

පිටිගල, මත්තක ප්‍රදේශයේ නිවසකදී මෙම සිද්ධිය ඇතිවී තිබෙන බවයි ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.

පුද්ගලයන් 4 දෙනෙකු ඊයේ (11) රාත්‍රියේ මෙම මත්පැන් බෝතලය පානය කර තිබෙනවා.

පසුව ඔවුන්ට ඇතිවූ ආසාත්මිකතා හේතුවෙන් ඇල්පිටිය රෝහලට ඇතුළත් කර තිබෙන බවයි පැවසෙන්නේ.

අනතුඉරුව මත්තක, මාරක්ගොඩ පදිංචි ධර්මපාල නමැති 60 හැවිරිදි පුද්ගලයෙක් සහ හැරිසන් විජේරත්න නමැති 76 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

බරපතළ තත්වයෙන් පසුවන එක් පුද්ගලයෙක් කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරුකර තිබෙන අතර ඔහු 64 වියේ පසුවන අයෙක්.

මෙම මත්පැන් බෝතලය ගෙනැවින් ඇත්තේ ඔහු බවට අනාවරණය වී තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධියට මුහුන පෑ අනෙක් පුද්ගලයා මේ වනවිට ඇල්පිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ අසාධ්‍ය තත්වයෙන් ප්‍රතිකාර ලබනවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලීසිය පරීක්ෂණ සිදුකරනවා ෴


රුපියල් මිලියන 43 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් කටුනායකදී අත්අඩංගුවට

(13.11.2024 – 11:04 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 43 ක් පමණ වටිනා මත් පෙති 56 ක් සමඟ සැකකරුවෙකු කටුනායක බණ්ඩානායක ගුවන් තොටුපලේදී මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සියරා ලියොන් ජාතික 32 හැවිරිදි පුද්ගලයෙකු බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

මෙම සැකකරු ඊයේ (12) පෙරවරුවේ තුර්කි ගුවන් සේවයට අයත් TK 730 දරණ ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

සැකකරු මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වන විට මත්කුඩු අඩංගු බවට සැක කෙරෙන ගුලි 17 ක් සොයා ගෙන තිබේ.

සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ තම බඩේ තවත් පෙති තිබෙන බවයි.

සොයාගත් පෙති තොගය සහ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට කටයුතු කෙරිණි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *