අන්තර්ජාලය ඔස්සේ සිදුකල මූල්‍ය වංචාවලට සම්බන්ධ ලංකාවේ 58 ක් CID භාරයට

අන්තර්ජාලය ඔස්සේ සිදුකල මූල්‍ය වංචාවලට සම්බන්ධ ලංකාවේ 58 ක් CID භාරයට


අන්තර්ජාලය ඔස්සේ සිදුකල මූල්‍ය වංචාවලට සම්බන්ධ ලංකාවේ 58 ක් CID භාරයට

(09.11.2024 – 08:29 +0530 – sinhala.adaderana.lk)

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනාව යටතේ පුද්ගලයින් පිරිසක් නාරාහේන්පිට ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ශ්‍රී ලාංකිකයින් 58 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.

නාරාහේන්පිට ප්‍රදේශයේ නිවසක රැදීසිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර තිබේ.

+++++++

+


මහ මැතිවරණයට නිවැරදිව ඡන්දය භාවිතා කරන ආකාරය

(08.11.2024 – 20:40 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 96% ක් පමණ මේවන විට බෙදා අවසන් බව නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ පවසනවා.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරණ කටයුතුවලදී මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිලිබඳව මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල අවදානය යොමු වී තිබෙනවා.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු ලබන 11 වන සඳුදා මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වීමටද නියමිතයි.

පාර්ලිමේන්තු මැතිවරණයේදී නිවැරදිව ඡන්දය සලකුණු කරන ආකාරය පිළිබඳවද මැතිවරණ කොමිෂන් සභාව අද (08) දැනුවත් කිරීමක් සිදු කළා.

එහිදී, ඡන්දය නිවැරදිව භාවිත කළ යුතු ආකාරය සහ ඡන්දයක් අවලංගු කෙරෙන ආකරය පිළිබඳව කොමිෂමෙන් පැහැදිලි කළා.

+


තවත් ලෑන්ඩ් කෲසර් ජීප් රථයක් සොයාගෙන

(08.11.2024 – 20:25 +0530 – hirunews.lk/sinhala)

මීගමුව දෙමංහන්දිය, කටියන ප්‍රදේශයේ තිබී ලියාපදිංචි නොකළ සුදු පැහැති ලෑන්ඩ් කෲසර් ජීප් රථයක් සොයාගෙන තිබෙනවා.

මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුවයි අදාළ රථය සොයා ගෙන ඇත්තේ.

මේ අතර එම රථය හිමි ව්‍යාපාරිකයා පොලිසියට පවසා ඇත්තේ විදෙස්ගතව සිටින තම සොහොයුරා එය එවූ බවටයි.

නමුත් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක හිමිකරුවෙක් විසින් අදාළ වාහනය ඔහුට ලබා දී ඇති බවයි.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙ වැඩිදුර විමර්ෂන ක්‍රියාත්මකයි ෴


මැතිවරණ සමයේ ආරක්ෂාවට පොලීසියෙන් වැඩපිළිවෙළක්

(08.11.2024 – 21:23 +0530 – sinhala.adaderana.lk)

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පොලිස් නිලධාරීන් 63,145 ක් මැතිවරණ රාජකාරි සඳහා යෙදවීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පති සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දුව මහතා පවසයි.

අද (08) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු පැවසුවේ ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 3200 ක් මෙන්ම ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද යෙදවීමට නියමිත බවය.

එමෙන්ම සිවිල් ආරක්ෂක නිලධාරීන් 12,227 ක් දෙනෙක් යෙදවීමට පියවර ගෙන ඇති බවත් ඔහු පැවසීය.

තවද ජංගම සංචාර 3109 ක් ක්‍රියාත්මක කිරීමටත් දිවයින පුරා මාර්ග බාධක 269 ක් යෙදවීමටත් සැලසුම් කර තිබේ.

එමෙන්ම කැරලි මර්දන කණ්ඩායම් 214 ක් සූදානම් කර ඇති බවත් යම් කඩාකප්පල්කාරී ක්‍රියාවන් අවේක්ෂණය කිරීමට බුද්ධි නිලධාරීන් යෙදවීමටත් පියවර ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය ෴


රුපියල් කෝටි 300 ක් රේගුවට වංචා කරන්න ගිය ලොක්කන් දෙදෙනෙක් (2) රට පනින්න යති..

(09.11.2024 – 00:02 +0530 – lankacnews.com)

රුපියල් කෝටි 300 වඩා වටිනා කමකින් යුත් තීරු බදු රහිතව මෙරටට ගෙන්වා ගත් රෙදි පිළි බහාලුම් 10 කට වැඩි තොගයක් සාපරාධී ලෙස අනවසර පාර්ශවයකට විකිණීමට තැත් කර තිබියදී ලැබූ තොරතුරු මත රේගුව විසින් වැටලීමක් කර එම තොගය අත්අඩංගුවට ගෙන ඇත.

අභ්‍යන්තර තොරතුරු අනුව සමාගමේ කොටස් හිමි ඉහළම තනතුරු දරන පිය පුතු දෙදෙනා (2), ඔවුන්ගේ ඥාති පුත්‍රයෙකු හා විගණනය භාර නිළධාරියා ඇතුළු වගකිවයුතු පාර්ශව කිහිපයක් මෙම වංචාවේ යෙදී ඇතැයි සැකයක් පවතයි.

මෙමගින් රජයට සහ රේගුවට වංචා කර ඇති මුළු මුදල රුපියල් බිලියන 10 කට වැඩි බවද පැවසෙයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සේවකයෙකු රේගුව විසින් ප්‍රශ්න කරමින් ඇතැයිද වාර්තා වන අතර එම සේවකයා බිල්ලට දී ප්‍රධාන සැකකරුවන් විදෙස් ගතවීමට සූදානමක් ඇති බවත් සමාගමේ සේවකයන් කියති.

වෙළෙඳපොළ ලයිස්තුගත මෙම සමාගමේ අක‍්‍රමිකතාවලට විරුද්ධව සමාගමේ ඉහළ තනතුරු දැරූ නිලධාරීන් කිහිප දෙනෙකු පසුගිය වසර කිහිපය තුළ ඉල්ලා අස් ව ඇති බවත් සේවක ආරංචි මාර්ග පවසයි.

කොටස් වෙලදපලට නිකුත් කරන ලද කොටස් අගය දිගින් දිගටම බිලියන ගණනින් පාඩු ලැබීමත් සමග අදාල කොටස් මිලට ගත් පිරිස් පැමිණිළි කර ඇතැයි ද වාර්තා වෙයි.

ආයොජන මුදලින් මිලට ගත් විදෙස් කම්හල් ද කුණු කොල්ලයට විකිණීම සිදුවන බවද සේවකයෝ පෙන්වා දෙති ෴


හදිසියේ කෝටිපති වූ ගායක ගායිකාවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට..

(09.11.2024 – 10:00 +0530 – lankacnews.com)

හදි­සි­යේම කෝටි­ප­ති­යන් බවට පත් වූ දෙමළ සංගීත කණ්ඩා­ය­මක තිදෙ­නකු (3) යාප­නයේ කෝපායි පොලි­සිය විසින් 07 දා අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

පසු­ගිය වස­රේදී ගායික ගායි­කා­වන් තුන් දෙනකු (3) එකතු වී සංගීත කණ්ඩා­ය­මක් පිහි­ටුවා ගෙන ඇති අතර ඔවුන්ගේ බැංකු ගිණු­ම්ව­ලට රුපි­යල් කෝටි ගණ­නින් මුදල් බැර වන බව වවු­නි­යාව පොලිසියේ අප­රාධ විම­ර්ශන අංශයේ නිල­ධා­රීන්ට නිරී­ක්ෂ­ණය වී තිබේ.

වවු­නි­යාව පොලි­සියේ අප­රාධ විම­ර්ශන අංශය වෙනත් පැමි­ණි­ල්ලක් මත පරී­ක්ෂණ සිදු­ක­ර­ගෙන යාමේදී මේ ගායක ගායි­කා­වන් තුන් දෙනාට (3) රුපි­යල් කෝටි ගණ­නින් මුදල් ලැබෙන බව පෙනී ගොස් තිබේ.

ගායක ගායි­කා­වන් තුන් දෙනා­ (3) ගෙන් එක් අයකු (1) වවු­නි­යා­වේද, දෙදෙ­නකු (2) යාප­න­යේද නිසා වවු­නි­යාව පොලි­සිය මේ සම්බ­න්ධ­යෙන් කෝපායි පොලි­සිය දැනු­වත් කර ඇත.

පොලි­සිය විසින් සිදු කරනු ලැබූ පරී­ක්ෂ­ණ­ව­ලදී මේ ගායක ගායි­කා­වන් තිදෙනා (3) ඉතාම කෙටි කාල­ය­කදී කෝටි­ප­ති­යන් බවට පත්ව ඇති බවට හඳුනා ගැනීම හේතු­වෙන් මේ සම්බ­න්ධ­යෙන් ප්‍රශ්න කිරී­මට ඔවුන්ව අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

සැක­කාර ගායක ගායි­කා­වන් තිදෙ­නා­ (3) ගෙන් කළ ප්‍රශ්න කිරී­ම්ව­ලදී ඔවුන්ගේ බැංකු ගිණු­ම්ව­ලට මුදල් බැර කොට ඇත්තේ කවර හේතූන් මතද යන්න හෝ මුදල් බැර කළ පුද්ග­ල­යින් පිළි­බ­ඳව සම්පූර්ණ විස්ත­ර­යක් ප්‍රකාශ කිරී­මට ඔවුන් අපො­හො­සත් වී ඇත.

මේ හේතු­වෙන් යාප­නය අධි­ක­ර­ණ­යෙන් ලබා ගත් රැඳ­වුම් නියෝ­ග­යක් මත ඔවුන් තිදෙනා (3) රඳවා ගෙන ප්‍රශ්න කරන බව පොලි­සිය කියයි.


දිව්‍ය ලෝකෙට යන්න අලුත් විදියක්? – නිරාගමික මිසදිටුවන්ගේ සොයාගැනීමක් ! (09.11.2024)

+


කෙම්පිටිය මන්ත්‍රී ඝාතන අභිරහස විසඳූ සුපිරි පොලිස් කත මෙන්න (09.11.2024)

++++++

09.11.2024

+


ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පිලිබඳ විශේෂ ප්‍රකාශය (09.11.2024)

+


රංජන්ගේ ෆොටෝ ලීක් වෙයි – මාධ්‍ය හමුවේ සියල්ල එළියට (09.11.2024)

+


පිහිටක් අවැසි බොදු දරුවෝ (09.11.2024)

ඔබගේ මුදල් පරිත්‍යාග පහත ගිණුමට බැරකරන්න :
M Gnanarathana Thero
A/C No. :
72046464
Bank : BOC
Branch : Mahaoya
T.P. No. :
074 020 6023

පැන්නේ බයට ස්වාමීනි, මෙයා අහිංසක මවක් | පිරමීඩ ජෝඩුව ධම්මික සහ සමුද්‍රාගේ පැටිකිරිය (රහසිගත වීඩියෝ) (09.11.2024)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *