2024 උසස් පෙළ විභාග නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 දක්වා
(07.11.2024 – 12:10 +0530 – hirunews.lk/sinhala)
2024 අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර හා කාලසටහන් අදාල පාසල්වල විදුහල්පතිවරුන් වෙත යවා ඇති අතර, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර හා කාලසටහන් ඔවුන්ගේ පුද්ගලික ලිපිනයට තැපැල් මඟින් යොමුකර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.
තවද, තැපැල් මඟින් ප්‍රවේශ පත්‍ර නොලැබුණු පෞද්ගලික අයදුම්කරුවන්ට නොවැම්බර් 18 වැනිදා සිට https://www.doenets.lk/ යන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් එම ප්‍රවේශ පත්‍ර බාගතකර ගැනීමට හැකියාව පවතිනවා.
එමෙන්ම, ප්‍රවේශ පත්‍රවල විෂය, මාධ්‍ය, සහ නාම සංශෝධන අවශ්‍ය නම්, සියලුම අයදුම්කරුවන්ට https://onlineexams.gov.lk/eic/index.php/clogin/ වෙබ් අඩවිය ඔස්සේ නොවැම්බර් 18 මධ්‍යම රාත්‍රි 12:00 දක්වා අදාළ සංශෝධන සිදුකර ගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ විභාග මධ්‍යස්ථාන මාරු කිරීම සිදු නොකරන බවයි.
තවද විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති උසස් පෙළ විභාගය සදහා සකස් කළ කාලසටහන පමණක් පරිශීලනය කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ ෴
පාර්ලිමේන්තු මැතිවරණයේ ජන්ද කාඩ් නිවෙස් වෙත බෙදීම අදින් (07) අවසන්
(07.11.2024 – 11:07 +0530 – hirunews.lk/sinhala)
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අදින් අවසන් වනවා.
මෙම කටයුතු තැපැල් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරනු ලැබුවේ පසුගිය 27 වනදා සිටයි.
අදින් (07) පසුව එම පත්‍රිකා නොලැබුනු ඡන්දදායකයින් ළගම පිහිටි තැපැල් කාර්යාලය වෙත ගොස් පාර්ලිමේන්තු මැතිවරණය පැවත්වෙන ලබන 14 වන දින දක්වා ඒවා ලබා ගැනීමට අවස්ථාව පවතිනවා ෴
යාපනයේ මැතිවරණ අපේක්ෂිකාවකගේ වෑන් රථයට ගල් ප්‍රහාරයක්
(07.11.2024 – 10:38 +0530 – hirunews.lk/sinhala)
යාපනය දිස්ත්‍රික් ප්රජාතන්ත්රවාදී දමිළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු අපේක්ෂිකාවක් ගමන්ගත් වෑන් රථයකට ඊයේ (06) කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කිරීමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් අරඹා ඇති බව චාවකච්චේරි පොලිසිය පවසනවා.
ප්රජාතන්ත්රවාදී දමිළ ජාතික සන්ධානයේ මැතිවරණ අපේක්ෂිකාවක් වූ ‘ශෂිකලා රවිරාජ්’ චාවකච්චේරි ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසේ සිට මැතිවරණ ප්රචාරක කටයුත්තක් සඳහා වෑන් රථයෙන් ගමන් කරන අවස්ථාවේදී නිවසට ආසන්න මාර්ගයකදී අදාළ ගල් ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
අදාළ ගල් ප්‍රහරය එල්ල කරන ලද පිරිස් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගල් ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී ‘ශෂිකලා රවිරාජ්’ වෑන් රථයේ සිටය ද කිසිඳු හානියක් ඇයට සිදුවී නොමැත.
කෙසේ වෙතත් මීට දින කිහිපයකට පෙර ඇයගේ නිවසට ගල් ප්‍රහාරයක් එල්ලවීමක් සම්බන්ධයෙන්ද පොලිසියට පැමිණිළි ලැබී ඇති හෙයින්, ඒ පිළිබඳව වැඩිදුර පරික්ෂණයක් අරඹා ඇති බවයි චාවකච්චේරි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ෴
විජිත කට ඇරියොත් කියන්නේ පට්ටපල් බොරු | ගම්මන්පිල ආයෙත් විජිත එක්ක එල්ලෙයි | ටිල්වින්ටත් දඩ ප්‍රශ්නයක් (07.11.2024)
+
රාජපක්ෂලා සමඟ ගේම් ගහපු, ITN සුධර්මන්ගෙත් පටි රෝල් වෙයි | ‘නොම්බරය කුරුණෑගල ගෑනූ කෙනෙකුගේ’ (07.11.2024)
+
රාජපක්ෂ අනුර ශිරන්ති හා බැදුණු ව්‍යාජ දේවගැති ජෙරම් (06.11.2024)
+
සුජීවගේ සිද්ධිය දුරදිග යයි | පොලිසිය කරපු වැඩේ සුජීව පතුරුම ගහයි | මෙන්න කිව්ව සැරකතා ටික (07.11.2024)
+
ක්‍රිෂ් ගොඩනැගිල්ලේ යකඩ කැබැල්ලක් වැටීමෙන් මෝටර් රථයකට හානි
(07.11.2024 – 15:30 +0530 – hirunews.lk/sinhala)
කොළඹ – කොටුව පැරණි පොලිස් ස්ථානයේ පිහිටා තිබූ භූමියෙහි ස්ථාපිත අතරමග ඉදිකිරීම් නවතා ඇති ‘ක්‍රිෂ් ගොඩනැගිල්ලේ’ යකඩ කැබලි කිහිපයක් පතිතවීම හේතුවෙන් ඒ අසළ නවතා තිබූ මෝටර් රථයකට දැඩි අලාභහානි සිදුව තිබෙනවා.
මහල් 55 කින් යුත් මෙම ගොඩනැගිල්ල අනාරක්ෂිත බවට ‘හිරු ප්රවෘත්ති අංශය’ ද අවස්ථා කිහිපයකදී අනාවරණය කළා.
මෙහි ඉදිකිරීම් මේ වන විට නවතා ඇත්තේ අධිකරණය විසින් ලබාදී ඇති නඩු තීන්දුවක් හේතුවෙන්.
+
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන මුල්‍ය වංචා වැඩි මට්ටමකට
(07.11.2024 – 21:04 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකාව තුළ WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදු කරන මුල්‍ය වංචා පිළිබඳව වාර්තා වැඩි මට්ටමකට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) පවසනවා.
WhatsApp ගිණුම් හිමියන්ගේ ගිණුම් වෙත අනවසරයෙන් පිවිසී ඔවුන්ගේ සම්බන්ධතා ලැයිස්තුවේ සිටින වෙත පණිවිඩ යවා මුදල් හෝ ආධාර ඉල්ලීම මෙම වංචාවන් අඩංගු තවත් එක් ක්‍රමයක් බවයි සඳහන්.
ඉහත මෙන්ම, Fake web අඩවි හෝ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ආයතන නම් භාවිතා කර විවිධ ව්‍යාජ පණිවිඩ මාර්ගයෙන් මුදල් ඉල්ලා වංචා සිදු කරමින් පවතින බව ද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
එහිදී දුරකථනයට ලැබී ඇති යම් කේතයක්, PIN / OTP කේතයක් හෝ මුරපදයක් භාවිතා කරමින් තම ගිණුම්වලට ප්‍රවේශය ලබා ගැනීමේ හැකියාවක් පවතින බවත් එමගින් මූල්‍ය වංචාකරුවන් එම ගිණුම් සඳහා ප්‍රවේශය ලබා ගන්නා බවත් සඳහ.
ආරක්ෂිතව තමන්ගේ ගිණුම් රැක ගැනීමට, අනන්‍යතාවය තහවුරු කිරීමක් නොමැතිව තම දුරකථන හෝ සමාජ මාධ්‍ය ගිණුමට ලැබෙන කේත, රහස් අංක හෝ මුරපද ලබාදීමෙන් වළකින්නැයි CERT අවධාරණය කරයි.
ඒ අනුව, WhatsApp හෝ වෙනත් සමාජ මාධ්‍ය හරහා හෝ බාහිර පාර්ශ්වයක් හරහා හෝ පුද්ගලයකුගෙන් මුල්‍ය අනුග්‍රහයක් ඉල්ලා පණිවිඩයක් ලැබුනහොත්, ඒ පිළිබඳව සත්‍යතාව තහවුරු කිරීම කටයුතු කරන ලෙස එම නිවේදනයේ සඳහන්.
එහිදී අන්තර්ජාල ගනුදෙනු වලදී සහ සමාජ මාධ්‍ය භාවිතයේදී පරිශීලකයින්ගේ රහස්‍ය තොරතුරු ඉල්ලා සිටින සැක සහිත පණිවිඩ විවෘත කිරීමට හෝ ප්‍රතිචාර දැක්වීමට පෙර, පණිවිඩය යැවූ ආයතනේ නිල වෙබ් අඩවි හෝ නිල සමාජ මාධ්‍ය ගිණුමෙන් එම පණිවිඩයේ සත්‍යතාව තහවුරු කරගැනීම වැදගත් යැයි එම නිවේදනය මගින් සඳහන් කරනු ලබනවා.
එසේම, සයිබර් වංචාවකට මුහුණ දීමට සිදු වුවහොත් වහාම ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සුදුසු බවත්, මෙම පැමිණිල්ල dir.ccid@police.gov.lk යන විද්‍යුත් ලිපිනයට මාර්ගගත ක්‍රමය ඔස්සේ යොමු කිරීමට ද අවස්ථාව සලසා ඇති බවත් එම නිවේදනයේ සඳහන්.
එම සවිස්තරාත්මක නිවේදනය පහතින් :
+
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴