උදය ගම්මන්පිල ඇමති විජිතට විවාදයකට අභියෝග කරයි.. දැනුම මදි වගේ නම් ඕනෑම මහාචාර්යවරයෙක් සමග එන්නලු..

උදය ගම්මන්පිල ඇමති විජිතට විවාදයකට අභියෝග කරයි.. දැනුම මදි වගේ නම් ඕනෑම මහාචාර්යවරයෙක් සමග එන්නලු..


උදය ගම්මන්පිල ඇමති විජිතට විවාදයකට අභියෝග කරයි.. දැනුම මදි වගේ නම් ඕනෑම මහාචාර්යවරයෙක් සමග එන්නලු..

(04.11.2024 – 13:20 +0530 – lankacnews.com)

පාස්කු වාර්තා සහ ණය ගැනීම පිළිබඳව තමන් සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිනෙන්නැයි විජිත හේරත් ඇමතිවරයාට ‘සර්වජන බලය’ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සහ ‘පිවිතුරු හෙළ උරුමය’ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අභියෝග කලේය.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (04) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුව හා එක් වෙමිනි.

පිවිතුරු හෙළ උරුමය නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය :

ඇමති විජිතට ප්‍රසිද්ධ විවාදයකට අභියෝගයක්

තමන්ගේ දේශපාලන හිතවතුන් වැරදිකරුවන් කරලා තිබෙන නිසා විජිත හේරත් ඇමතිතුමා බොරු හේතු දක්වලා අල්විස් වාර්තාව ප්‍රතික්ෂේප කළා. අල්විස් විනිසුරුතුමිය විෂමාචාර කරලා තිබෙන බවට ඇමතිතුමා චෝදනා කළාම පුළුවන් නම් ඒකට සාක්ෂි ඉදිරිපත් කරන්න කිව්වාම හෙමින් සීරුවේ ඒක මග හැරියා. ‘කිසිම ආයතනයකින් ණය අරගෙන නෑ’ කිව්වාම 2024 ඔක්තෝම්බර් 7 දා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක් ගත්තා කියලා අපි සාක්ෂි පෙන්නුවාම විජිත ඇමතිතුමාගේ ප්‍රතිචාරය වුණේ ‘ඒක අපි ගත්තු ණයක් නොවේ; කලින් ආණ්ඩුව ගත්තු ණයක්’ කියල යි. ඊයේ (03) ‘ආණ්ඩුවේ ඇත්ත ජනාධිපති ටිල්වින් සිල්වා මැතිතුමා’ත් මැතිවරණ වේදිකාවේ මේ බොරුවම නැවත වතාවක් කියනවා මම දැක්කා. බොරු කියලා ජනතාව රවටලා බලය ගත්තා මදිවට තව දුරටත් බොරු කියනවා. ටිල්වින් – විජිත මැතිතුමන්ලා බොරු කියන බවට අපි කියන්නේ ඇයි?

මේ තිබෙන්නේ ඔක්තෝම්බර් 07 දා ජනපති ඉදිරියේ ලෝක බැංකු නිලධාරීන් සහ අපේ මුදල් අමාත්‍යාංශ ලේකම් ණය ගිවිසුමට අත්සන් කරන ඡායාරූපය. මේ තිබෙන්නේ ණය ගැනීමෙන් උද්දාමයට පත් නවවන (9) ජනපති මෙන්ම ‘ණය වන ජනාධිපති’ වන අනුර දිසානායක මැතිතුමා සමාජ මාධ්‍ය වලට නිකුත් කරපු නිවේදනය. මේ තිඛෙන්නේ අපි ණය ගත්තේ නෑ කියලා විජිත හේරත් ඇමතිතුමා කළ ප්‍රකාශය. ජනාධිපතිතුමනි, ‘ණය ගත්තාට කමක් නෑ; පක්ෂයේ මහ ලේකම්තුමාටයි ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකතුමාටයි පොඩක් ඒ ගැන දැනුම්වත් කරන්න; නැතිනම් මහ ජනතාව ඉදිරියේ ඒ අය අසීරුතාවයට පත් වෙනවා.

ඒ වගේම ‘මුදල් අච්චු ගැසීමක් සිදුවෙලා නෑ’ වගේම ‘මහ බැංකුව ණය ගන්නේ පරිනත වෙන භාණ්ඩාගාර බිල්පත් පියවන්න විතරයි’ වගේ කාරණා ගණනාවක් පිළිබඳ අපි දැක්වූ අදහස් වලට ප්‍රතිචාර දක්වමින් විජිත ඇමතිතුමා බොරු කිව්වා. නමුත් එතුමා ඉන්න තැන මම නෑ; මම ඉන්න තැන එතුමා නෑ. ඒ නිසා පාස්කු වාර්තා සහ ණය ගැනීම පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට මම විජිත හේරත් ඇමතිතුමාට අභියෝග කරනවා. ‘තමන්ගේ දැනුම ප්‍රමාණවත් නෑ’ වගේ දැනෙනවා නම් ආර්ථික විද්‍යාව සහ නීතිය පිළිබඳ ඕනෑම මහචාර්යවරයෙක් සහයට කැඳවා ගෙන එන්න පුළුවන්. හැබැයි අපි එන්නේ තනියම. ‘ඌරන් රංචු ගැසී ආවාට සිංහයා එන්නේ තනියම’ කියලා කතාවක් තිබෙනවානෙ.

ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා සීඅයිඩියෙන් ඉවතට

රවි සෙනෙවිරත්න මහතාගේ නොසැලකිල්ල නිසා පාස්කු ප්‍රහාරය සිදු වුණු බවත් ඔහු තනතුරේ සිටිය නිසා මීට පෙර පැවැති කොමිෂන් සභා ඉදිරියේ මේ කාරණය නිසි අයුරින් මතු නොවුණු බවත් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා පොලිසියට පැමිණිල්ලක් කරමින් සඳහන් කළා. මේ පිළිබඳ පොලිස් විමර්ශනයක් සිදු කර ඔහුගෙන් සිදුවුණු සාපරාධි නොසැලකිල්ලට දඬුවම් කරන මෙන් පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටියා. මේ පැමිණිල්ල විමර්ශනය කරන්න භාර වුණේ සීඅයිඩියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා මහතාට. තමන් කළ වරද තමන් දන්න නිසා බොහොම කලබල වුණු රවි සෙනෙවිරත්න මහතා මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරලා තමන්ව අත්අඩංගුවට ගැනීමේ සුදානමක් තිබෙනවා; ඒක වලක්වන්න කියා ඉල්ලීමක් කළා. ඒ නඩුව තවම විභාග වෙනවා. ඒ අතරේ තමයි රවි සෙනෙවිරත්න මහතා පොලිසිය භාර අමාත්‍යාංශ ලේකම් වෙන්නේ.

රවි සෙනෙවිරත්න මහතා පොලිසිය භාර ලේකම් වුණත් පොලිස් විමර්ශනය දිගටම කරගෙන යන්න තරම් ඉන්දුක ද සිල්වා මහතා නිර්භීත වුණා. රවි සෙනෙවිරත්න මහතා මොකද කලේ? මැතිවරණ කොමිසමෙත් කනෙන් රිංගලා රාජකාරි අවශ්‍යතා මත කියලා ඉන්දුක ද සිල්වා මහතාව සීඅයිඩියෙන් පොලිස් මුලස්ථානයට මාරු කළා. ‘රාජකාරි අවශ්‍යතා මත’ කියලා කිව්වාට ‘කිසිම රාජකාරියක් පවරලා නෑ’ කියලා තමයි අපට නම් ආරංචි.

තමාගේ කොතරම් හිතවතෙක් වුණත් ජයවර්ධන ජනාධිපතිතුමා ‘ගෝනවල සුනිල්’ව ‘පොලිසිය භාර ලේකම්’ කලේ නෑ. තමාගේ කෙතරම් හිතවතෙක් වුණත් ප්‍රේමදාස ජනාධිපතිතුමා ‘සොන්ති උපාලි’ව ‘පොලිසිය භාර ලේකම්’ කලේ නෑ. තමාගේ කොතරම් හිතවතෙක් වුනත් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිතුමිය ‘බැද්දගානේ සංජීව’ව ‘පොලිසිය භාර ලේකම්’ කලේ නෑ. මොකද ඒ අය ‘පොලිස් විමර්ශන වල සැකකරුවන්’ නිසා. නමුත් ඉතිහාසයේ ප්‍රථම වතාවට ‘පොලිස් විමර්ශනයක සැකකරුවෙකු’ව පොලිසිය භාර ලේකම් බවට පත් කලේ වත්මන් ජනාධිපතිතුමා. ඉතින් අපි සැක කළ අයුරින්ම දැන් තමන්ට එරෙහිව තිබෙන විමර්ශනය කඩාකප්පල් කරන්න රවි සෙනෙවිරත්න මහතා තමන්ගේ ලේකම් ධූරය භාවිතා කරනවා.

+

+

+

+


ආගමන විගමන පාලකවරියට උත්තර නැතිවෙයි… මාධ්‍ය ප්‍රකාශක කෝ? (04.11.2024)

+


විජය මැරූ ලෙසම මාත් මරන්නයි හදන්නේ.. ආරක්‍ෂාව අඩු කරන්නේ ඒකටයි.. – හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග

(05.11.2024 – 14:10 +0530 – lankacnews.com)

තම සැමියා වූ විජය කුමාරතුංග මහතා දේශපාලන හේතූන් නිසා ඝාතනය කරන ලද ආකාරයෙන්ම තමන්වද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇත්දැයි සැකයක් පහළ වී ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සදහන් කරයි.

ඇය මේ බව සඳහන් කරන්නේ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් අඩු කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාට ලිපියක් යොමු කරමිනි.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිව තිබෙන සාකච්චාව ගැන ඇය විසින් මේ බව දැනුම් දී තිබේ.

ඇය පෙන්වා දෙන්නේ විශ්‍රාමික ජනාධිපතිවරුන් අතරින් වැඩිම තර්ජන ඇත්තේ තමාට බවත් ඝාතන උත්සාහයකට ලක්ව තුවාල ලැබූ එකම ජනාධිපතිනිය තමන් බවත් ඇය කියයි.

විශ්‍රාම ගියද කෙසේ හෝ ඝාතනය කරන බවට කොටි සංවිධානය විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කර ඇති පසුබිමක ආරක්ෂක නිලධාරීන් ප‍්‍රමාණය අඩුකර ඇති බවටද ඇය චෝදනා කරයි.

ජනාධිපතිවරණ සමයේදී බලයට පැමිණියහොත් ප්‍රභූ ආරක්ෂාව ලබාගන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ප්‍රකාශ කළත් දැන් ඔවුන් සිය ගණනින් සමන්විත ආරක්ෂක බලමුළු සපයාගෙන ඇති බවද පවසන ඇය ඒ මෙරට ප්‍රභූවරුන්ට යම් ආරක්ෂාවක් තිබිය යුතු බව පිළිගැනීමක් දැයි ප්‍රශ්න කරයි.


නතර කර තිබු ලොරිය ගැබිණි කාන්තාව සමග ප්‍රපාතයට පෙරැලේ…

(05.11.2024 – 13:20 +0530 – lankacnews.com)

නතර කර තිබු ලොරි රථයක් ගැබිණි කාන්තාවක් සමග මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරලිමෙන් ලොරි රථයේ ඉදිරිපස අසුනේ සිටි ගැබිණි කාන්තාව තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ (05) දින දහවල් 12 ට පමණ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය මුලික රෝහල ආසන්නයේදිය.

ගැබිණි කාන්තාව සායන කටයුතු සදහා ලොරි රථයෙන් ඇයගේ සැමියා විසින් රෝහල වෙත රැගෙනවිත් සායන කටයුතු අවසන් විමෙන් පසු ලොරි රථය නතර කර තිබු ස්ථානයට ගොස් ගැබිණි කාන්තාව ලොරි රථයේ අසුන් ගැනිමත් සමග ලොරි රථය රියදුරු නොමැතිව ඉදිරියට ධාවනය වි මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරලි ඇති බවයි නොර්වුඩ් පොලිසිය කියා සිටියේ.

රියදුරු ලොරි රථයේ අත් තිරිංගය ක්‍රියා නොකිරිම නිසා මෙම අනතුර සිදු වි ඇති බවත්, අනතුරෙන් ලොරි රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි පොලිසිය කියා සිටියේ ෴


ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්..

(04.11.2024 – 19:10 +0530 – lankacnews.com)

මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් (05) පස්වරු 06:00 සිට අනිද්දා (06) පෙරවරු 06:00 දක්වා පැය 12 ක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩල පවසයි.

ඒ අනුව ජා ඇල, කටුනායක හා සීදූව නගර සභා බල ප්‍රදේශ වලටත් කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ ජා ඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ජල කප්පාදුව සිදුවෙයි.

වැඩිදුර විස්තර සදහා ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ 1939 ක්ෂණික දුරකථන අංකය ඇමැතිය හැකිය ෴


අල්ලිරාජා සුභාෂ්කරන්ගේ සල්ලිවලට යටවුනු දේශපාලඥයන්ගේ ලැයිස්තුව ලීක්කරයි, සමහරුන්ට රු. කෝටි 50 ගානේ බෙදලා (05.11.2024)

+


බදුල්ලේ මාරක රිය අනතුරේ රියදුරු බීමත්ව රිය පදවා ලැයිසන් කැන්සල් වූ අයෙක්

(05.11.2024 – 15:13 +0530 – hirunews.lk/sinhala)

බදුල්ලේ සිදුවූ මාරක රිය අනතුරේ (කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ) රියදුරු ගාල්ල අක්මීමන පොලිස් වසමේ ලබුදුව ප්‍රදේශයේදී ඉකුත් අගෝස්තු 04 වැනිදා බීමත්ව බස් රථයක් පදවා යතුරුපැදියක් අනතුරට ලක් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අගෝස්තු 06 වැනිදා ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් පනස් පන්දහසක (55,000) දඩයක් නියම කර රියදුරු බලපත්‍රය මාස පහකට (5) අත්හිටුවා ඇති බව අද (05) අධිකරණයේදී අනාවරණය වී තිබෙනවා.

මෙම අනතුර සම්බන්ධයෙන් අක්මීමන පොලිසිය විසින් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් මගිනුයි අද (05) මෙම කරුණු ඉදිරිපත් කර ඇත්තේ.

උඩුගම දාම්මල ප්‍රදේශයේ පදිංචි රියදුරු විසින් සිය රියදුරු බලපත්‍රය අත්හිටුවීමෙන් පසු හිනිදුම පොලිසියේ සිය රියදුරු බලපත්‍රය අස්ථානගත වූ බවට පැමිණිලි කර වෙනත් රියදුරු බලපත්‍රයක් ලබාගෙන ඇති බවත්, ඉකුත්දා බදුල්ලේ සිදුවූ මාරක රිය අනතුරින් පසු ඔහු ළඟ එම රියදුරු පත්‍රය තිබී ඇති බවත්, අනාවරණය වී ඇතැයි පොලිසිය අධිකරණයට කියා සිටියා.

මෙම කරුණු සැළකිල්ලට ගත් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි ගමගේ, අදාළ රියදුරු බලපත්‍රය එහි රියදුරුට මුදා නොහැර තාවකාලිකව අධිකරණ භාරයේ රඳවා තබන ලෙස නියෝග කර තිබෙනවා ෴


සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අද (05) ඇරඹේ

(05.11.2024 – 09:20 +0530 – hirunews.lk/sinhala)

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් අද (05) සිට ලබන 30 වනදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ භාරගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව සියලු‍ම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින් ද, පෞද්ගලික අයදුම්කරුවන්ට පෞද්ගලිකව ද අයදුම්පත්‍ර ඉදිරිපත් කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඊට අදාළ උපදෙස් සහ අයදුම්පත විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි.

එමෙන්ම, අයදුම්පතේ මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබා ගන්නා ලෙසත් කිසිදු හේතුවක් මත අයදුම්පත් භාරගැනීමේ දිනය දීර්ඝ නොකරන බවත් විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා ෴


සාදය හමාරයි ආතල් ගත්තු තානාපතිවරු ආපසු ගෙදරට (05.11.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *