ජනාධිපති මාධ්‍ය අංශය නිල නිවේදනයකින් බොරු කියලා…
(03.11.2024 – 16:40 +0530 – lankacnews.com)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩුකර ඇති බවට පළවෙන මාධ්‍ය වාර්තා අසත්‍ය බවට ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කල නිවේදනය අසත්‍යයක් යයි නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙලෙස අදහස් දැක්වීය :
මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධව මුලින්ම අප විසින් අනාවරණය කිරීමෙන් අනතුරුව ප්‍රශ්නසහගත ක්‍රියා කලාපය සම්බන්ධයෙන් වර්තමාන ජනාධිපතිවරයා රජය සම්බන්ධයෙන් දැඩි ජනතා අප්‍රසාදයක් මතුවුණා. මේ නිසා ජනාධිපති මධ්යංශයේ තවත් බොරුවක් ජන ගත කිරීමට සැරසෙනවා.
2024.10.31 නියෝජ්‍ය පොලිස්පති, විශේෂ ආරක්ෂක දිශාව (ඩී.වී.පී. අජිත් හේමසිරි මහතා) විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක කොට්ඨාශය භාරව කටයුතු කරන අධ්යක්ෂ විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාශය පහ වෙත නිල වශයෙන් ලිපියක් යොමු කර තිබෙනවා. එහි පළවෙනි ඡේදයෙන්ම ජනාධිපති මාධ්‍යංශය විසින් නිකුත් කළ ලිපිය බොරුවක් බව පැහැදිලි වනවා. ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් නිලධරයන් අනුයුක්ත කිරීමේ කමිටුව විසින් ගන්නා ලද තීරණය පරිදි මෙම ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධ ලිපිය යොමුකළ බව ඔහු පැහැදිලිව සටහන් කරනවා.
නමුත් ඊයේ දිනයේ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වන්නේ එම කමිටුවේ තීරණය පරිදි ඉදිරියේදී තීන්දු තීරණ ගැනීමට සහ කටයුතු කිරීමට නියමිත බවයි.
ඒ අනුව ජනාධිපති කාර්යාලයේ නිකුත් කල නිවේදනය අසත්‍යයක්, එසේ නොමැති නම් නියෝජ්‍ය පොලිස්පති තුමා නිකුත් කල නිවේදනය අසත්‍යයක්. මෙය වහාම ජනතාවට පැහැදිලි කල යුතුයි.
ඊයේ (02) දිනයේදී ජනතා විමුක්ති පෙරමුණේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මාහතා විසින් නිසි ආරක්ෂක තක්සේරුවකින් පසුව ආරක්ෂාව අඩු කල බව පිලිගන්නවා. එතුමා කියන්නේ අනුර කුමාර මහතාට හා සමාන ආරක්ෂාවක් මහින්ද රාජපක්ෂ මහතාට තිබෙන බවයි. නමුත් මහින්ද රාජපක්ෂ මහතාට තිබෙන ජීවිත තර්ජනය අනුර කුමාර සහෝදරයාට නැහැ. මේ රටේ තිබුනේ ත්‍රස්තවාදී සංවිධාන දෙකයි. එකක් එල්.ටී.ටී.ඊ. සංවිධානය, අනිත් එක 88/89 ජනතා විමුක්ති පෙරමුණ. එල්.ටී.ටී.ඊ. සංවිධානය සමූල ඝාතනය වුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ වීරෝධාර නායකත්වයෙන්. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කරන්න නිර්දේශ කල ආරක්ෂක නිර්දේශයක් පෙන්වන්න කියලා අපි ඉල්ලනවා. කවුද මෙතන බොරු කියන්නේ කියලා අපට තේරෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ත්‍රීවිල් එකකුත්, ජීප් දෙකකුත්, බයික් දෙකකුත් දක්වා සහ නිලධාරීන් 60 ක් දක්වා ආරක්ෂාව අඩු කරන්නට නිකුත් කල නියෝගයක් අදටත් වලංගුයි. එය තවමත් ආපස්සට කැඳවා නැහැ. නමුත් ජනතා අප්‍රසාදය නිසා මේ නියෝගය ටික ටික ක්‍රියාත්මක කරන්න කියලා උපදෙස් දී තිබෙන බව අපට දැනගන්නට තිබෙනවා.
තමන්ගේ ද්වේශ සහගත අරමුණු වෙනුවෙන් මේ රටේ වැඩිම ජීවිත තර්ජනයක් තිබෙන නායකයාගේ ආරක්ෂාව අඩු කිරීමේ තීරණයක් අරගෙන අවසානයේ ඒ බෝම්බය අතේ පත්තු උනාම සියළුම දෙනා බොරු ප්‍රකාශ සිදු කරනවා. අපට අවශ්‍ය රටම ආදරේ කරන රටම ගරු කරන නායකයා ආරක්ෂා කර ගැනීමයි. මෙවැනි තත්වයන්ට මුලු ලෝකයේම උදාහරණ රාශියක් තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය කිසිඳු වගකිවයුතු නිලධාරීයෙකුගේ අත්සනක් හෝ නැතිව මේ නිවේදනය නිකුත් කර තිබෙනවා. එවැනි නිවේදනයක් විශ්වාස කිරීමේ හැකියාවක් තියෙනවද?
මේක අනුර දිසානායක හෝ හරිනි මැතිණිය යුද්ධය ඉවර කරපු රටක් නෙවෙයි. මහින්ද රාජපක්ෂ යුද්ධය ඉවර කරපු රටක්. දෙමල ඩයස් පෝරාව හරහා එල්.ටී.ටී.ඊ. සංවිධායනයේ අදිසි හස්තයන් කැනඩාව, එක්සත් රාජධානිය, යුරෝපය මුල් කර ගනිමින් දෙමළ ඩයස් පෝරාව අදටත් ක්‍රියාත්මක වෙනවා. අදටත් විරෝධතා වලදී මහින්ද රාජපක්ෂ මහතාගේ පඹයෝ හදලා ගිණි තියනවා. ඔවුන්ගේ වෛරය කොච්චරද කියලා අපට අදටත් පේනවා.
මේක ස්විට්සර්ලන්තය නෙවෙයි කියලා කියපු උපදෙස් අනුව හරිණි අගමැති තුමියට ආරක්ෂාව වැඩිකරගත යුතු නම්, යුද්ධය ඉවර කරපු නායකයාගේ ආරක්ෂාව තර්ජනයක් වන ආකාරයට අඩු කරන්නේ කවුරු පිනවන්නද කියලා අපට අහන්න වෙනවා.
ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල ලේඛනයේ සඳහන් වෙන්නෙ සම්පුර්ණයෙන්ම අසත්‍ය කරුණු. දැනටමත් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ත්‍රීවිල් එකකුත්, ජීප් දෙකකුත්, බයික් දෙකකුත් දෙන්න නිල වශයෙන් පිළිගත හැකි ලියවිල්ලක් තිබෙනවා. ඒ ලියවිල්ලේ පොලිස් නිලධාරීන් 180 දෙනෙකු දීල තියෙනවා කියලා සඳහන් වෙනවා, නමුත් 60 දෙනෙකුට වඩා තියාගන්න බැහැ කියලා මුල් ලිපියේ සඳහන් වෙනවා. පක්ෂ විපක්ෂ භේදයකකින් තොරව ජනතා අප්‍රසාදය එල්ල උනායින් පස්සේ තමන් ගත්ත තීරණය වසන් කරන්නට මේ ආකාරයේ බොරු කියන්න එපා කියලා ඉල්ලා සිටිනවා. මේ අවස්ථාවේ අපිට කිසිවෙකුගේ අනුකම්පාව ලබා ගැනීමට හෝ දේශපාලන වාසි ලබා ගැනීමට අවශ්‍යතාවයක් නැහැ.
ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය විනාශ කරපු මැදමුලනේ මහින්ද කියන්නේ සිංහයෙක් වගේ මනුස්සයෙක්. එතුමා කවදාවත් එතුමාගේ ආරක්ෂාව වැඩි කරන්න කියලා ඉල්ලන්නේ නැහැ. නමුත් ඒ සිංහයාව ආරක්ෂා කරගන්න ඕනේ නිසා අපි ඒ දේ ඉල්ලනවා. මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ පුරවෘත්තයක් වන නායකයෙක්. එතුමාගේ ජීවිතය අවදානමක යොමු කරන්න පක්ෂයක් ලෙස අපි ඉඩ ලබා දෙන්නේ නැහැ. ජනතාව ඉඩ ලබා දෙන්නෙත් නැහැ. ඒ නිසා බොරු මාධ්‍ය නිවේදන නිකුත් නොකර නිල වශයෙන් මේ නියෝගය අකුලා ගන්නා ලෙස අපි දැනුම් දෙනවා.
මේ 60 ක් කියලා ඉතිරි කරන පිරිසට රියදුරන්, ලිපිකරුවන්, පරිපාලන නිලධාරීන්, ඇතුලු පිරිසක් ඇතුලත් වනවා. මේ සියල්ල ආරක්ෂක කටයුතු වල නිරත වන්නේ නැහැ. රාජකාරි ලැයිස්තුව (Roster) අනුව, වරකට ආරක්ෂාව සැපයිමට නියමිත වන්නේ 20 දෙනයි. මේ සියල්ල ආරක්ෂක අංශ වලින් තහවුරු කරගෙන වගකීමෙන් කියන කරුණු.
අනුර කුමාර ජනාධිපතිතුමාටත් වෙඩි නොවදින රථයක් තිබුන නම් හොඳයි කියලා හිතෙන තත්වයට ඇවිත් තියෙනවා නම්, මේ ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදය විනාශ කල නායකයාගේ ජීවිතය ආරක්ෂා කරන්නට වරකට 20 දෙනෙකු ප්‍රමාණවත් ද?
ප්ලාස්ටික් ගැන භයානක අනාවරණයක්
(02.11.2024 – 15:49 +0530 – hirunews.lk/sinhala)
නිතර නිතර භාවිතය සදහා පාසැල් දරුවන් ඇතුළු මහජනතාව භාවිතා කරන ප්ලාස්ටික් බෝතල් සහ ආහාර ඇසුරුම් පෙට්ටි මිළදී ගැනීමේදී එම ප්ලාස්ටික් නිෂ්පාදනවල ආරක්ෂිත සලකුණ පිළිබද අවධානය යොමු කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එම සංගමයේ සභාපති උපුල් රෝහණ සදහන් කරන්නේ පතුල මත අංක 05 හෝ වීදුරුවක් සමග ගෑරුප්පුවක් සලකුණු කර ඇති ආරක්ෂිත සංකේතය සදහන් ප්ලාස්ටික් උපකරණ පමණක් නැවත නැවත භාවිතය සදහා සුදුසු බවයි.
එම ආරක්ෂිත අංකය වන අංක 5 හෝ ආරක්ෂිත සලකුණ සදහන් කර නොමැති ප්ලාස්ටික් වතුර බෝතල් සහ ආහාර ඇසුරුම් පෙට්ටි අළෙවි කරන ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.
දරුවන්ගේ ආහාර ඇසුරුම්වල සුරක්ෂිතතාව පිළිබද දැනුවත් කිරීම සදහා සංවිධානය කරන ලද මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපති උපුල් රෝහණ :
“දරුවන් සදහා භාවිතයට වෙළදපොලේ තිබෙන ප්ලාස්ටික් වතුර බෝතල් සහ කෑම පෙට්ටි බහුතරයක් නිපදවලා තිබෙන්නේ අනාරක්ෂිත ප්ලාස්ටිකවලින් බව වෙළදපොල නිරීක්ෂණවලදි අපට තහවරු වුණා. භයානකම තත්වය තමයි මේවායේ බිස්ෆීනෝල් ඒ වැනි පිළිකාකරන අඩංගු වෙන්න පුළුවන්. එවැනි අනාරක්ෂිත ප්ලාස්ටික් උපකරණ ආහාර පාන සදහා භාවිත කිරීම තුළින් දරුවන්ට පිළිකා වැලදීමේ අවධානම මෙන්ම මදසරුභාවය, ලිංගික දුබලතාවය, වැනි ප්‍රජනක පද්ධතිව ආශ්රිත ව්‍යාකූලතා වගේම පියයරු පිළිකා වැනි තත්වයන්ට මුහුණ දෙන්න වෙනවා. මේක දරුවන්ගේ සෞඛ්‍ය සම්බන්ධය භයානක තත්වයක්. ඒ නිසා අංක 5 සහ ආරක්ෂිත සලකුණ සදහන් වතුර බෝතල් සහ කෑම පෙට්ටි පමණක් දරුවන් වෙනුවෙන් මිලදි ගන්න කියලා මම දෙමාපියක් ඇතුළු රටේ සමස්ත මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම ආරක්ෂිත අංකය සහ සලකුනු සදහන් නොවන හෝ කිසිදු අංකයක් සදහන් නොවන ප්ලාස්ටික් ආහාර ඇසුරුම් උපකරණ අළෙවිකරණ ව්‍යාපාරිකයන්ට එරෙහිව ආහාර පණතට අනුව නඩු පැවරීමට කටයුතු කරනවා.
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සදහන් කළේ මේ පිළිබද වෙළදපොල නිරීක්ෂණ සහ වැටලීම් කටයතු එළඹෙන සතියේ සිට ආරම්භ කරනු ලබව බවයි ෴
‘හිරු සී.අයි.ඒ.’ අනාවරණයෙන් පසු රට පනින්න යන චීවරදාරියා
(02.11.2024 – 14:36 +0530 – hirunews.lk/sinhala)
නාග මාණික්‍යකින් හෙළ ශක්තීන් අවදි කළ හැකි බව පවසමින් සමාජ මාධ්‍ය හරහා මිත්‍යා මත පතුරවන පුද්ගලයෙකු මේ වනවිට බුද්ධ චීවරයට මුවා වී නීතියෙන් ගැලවීමට උත්සාහ දරමින් සිටින බව පුජ්‍ය බලංගොඩ කස්සප හිමියන් පවසනවා.
අදාළ පුද්ගලයා කළ වංචාවන් පිළිබඳ ‘හිරු සී.අයි.ඒ.’ හරහා කළ අනාවරණය සම්බන්ධයෙන් උන්වහන්සේ මේ අදහස් පල කළා.
රාවණා රජ සමයේ නිධානවලින් ලබාගත් පුරාවස්තු තමන් සතුව පවතින බවත් නාග මාණික්‍යක් හරහා හෙළ ශක්තීන් ලබාදිය හැකි බවට සමාජ මාධ්‍ය හරහා මිත්‍යා මත පතුරවමින් ජනතාවගෙන් මුදල් ලබාගන්නා පුද්ගලයෙකු පිළිබඳව ‘හිරු සී.අයි.ඒ.’ හරහා අප පසුගිය ඔක්තෝම්බර් 08 වනදා අනාවරණය කළා.
මොහු සමග කලක් එක්ව කටයුතු කළ මොරටමුල්ලේ කාන්තාවක් ප්‍රකාශ කළේ මේ සියල්ල පුරා වස්තු නොව ව්‍යාජ ඒවා බවයි.
අදාළ භාණ්ඩ මේ වන විට ඇය සතුව පවතින බවත් ඒවා ඉල්ලා එම පුද්ගලයා මරණ තර්ජන සිදු කරන බවත් ඇය හෙළි කර තිබෙනවා.
මෙම අනාවරණයෙන් පසුව විටින් විට සමාජය හමුවට විවිධ වෙස් ගෙන පැමිණෙන මෙම පුද්ගලයා පිළිබඳ තවත් තොරතුරු හෙළි වුණා.
+
+
+
+
+
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් යළිත් රතු එළියක්
(02.11.2024 – 13:13 +0530 – hirunews.lk/sinhala)
බඳවාගැනීම්, උසස්වීම් සහ වැටුප් විෂමතා ගැටලුවලට විසදුම් ලබා නොදෙන්නේ නම් ලබන අගහරුවාදා (05) සිට යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීරණවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.
කෙසේ වෙතත්, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොළගේ සඳහන් කරන්නේ දුම්රිය සේවකයන්ගේ ගැටළු සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව සිය අවධානය යොමු කර ඇති බවයි.
මේ අතර, මහජනතාව පීඩාවට පත්වන ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ නොදෙන බවයි ගම්පහ පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ.
ඡන්ද කාඩ් නොලැබුනහොත් කළ යුතු දේ ගැන ජනතාවට දැනුම් දෙයි
(02.11.2024 – 11:55 +0530 – hirunews.lk/sinhala)
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන 07 වනදාට පෙර නිවසට නොලැබුනොත් කළ යුතු දේ පිළිබඳව ජනතාව දැනුවත් කර තිබෙනවා.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අදාල දිනයට පෙර නොලැබුණහොත්, ඒ සම්බන්ධයෙන් ළගම ඇති තැපැල් කාර්යාලයෙන් විමසන ලෙසයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ ඉල්ලා සිටින්නේ.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෴
රටම දන්නා ‘ගාල්තැන්නේ හොර කපුවා’ගේ පැටිකිරියත් දිගහැරෙයි – අන්තිමට සිදුවූ දේ මෙන්න (03.11.2024)
++++++++
‘ගාල්තැන්නේ කපුවා’ රිමාන්ඩ්
(03.11.2024 – lankadeepa.lk)
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ ලේකම්වරයෙකු විසින් තමන්ට බාර දුන් බව කියන ලියාපදිංචි නොකරන ලද එකලස් කරන ලද සුපිරි ජීප් රියක් ලඟ තබා ගත් සිද්ධියක් සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිසියේ විශේෂ විමර්ශණ අංශය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන තෙල්දෙණිය වැඩ බලන මහේස්ත්‍රාත් ස්වර්ණා කරල්ලියද්ද මහත්මිය හමුවට ඉදිරිපත් කරන ලද මහනුවර සුප්‍රසිද්ධ දේවාලයක දේවගැතිවරයෙකු නොවැම්බර් මස 11 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත් තුමිය නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ ‘ගාමිණී ආනන්ද’ යන අයෙකි.
තෙල්දෙණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ මහතාගේ අධීක්ෂණ මත තෙල්දෙණිය පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශණ ඒකකය මඟින් සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරයි ෴
+
රන්ජන් මාව මරන්න හදනවා.. මාවයි, දරු පවුලයි බේරගන්නෝ.. (03.11.2024)
+
බරපතළ අවදානමක් පෙන්වමින් වෛද්‍ය චමල් සංජීවගෙන් හෙළිදරව්වක් (03.11.2024)
+
එකලස් වාහන බදු මගඩියකින් රජයට රුපියල් කෝටි 10 ක් අහිමිවෙලා
(03.11.2024 – lankadeepa.lk)
රේගු ගුදම් තුළ, එකලස් කර දේශීය වෙළඳපොලට නිකුත් කළ වාහන 326 කට කර්මාන්ත අමාත්‍යවරයාගේ නිර්දේශය පරිදි රේගු ආඥා පනතට පටහැනිව ලබාදී ඇති බදු සහනයකින් රජයට රුපියල් 103,803,200 ක ආදායමක් අහිමිවී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
බන්ධිත ගුදම් පහසුකම යටතේ වාහන උපාංග එකලස් කර නිපදවූ මෙම වාහන ගුදමින් මුදාහරින විට ඒවා ආනයන භාණ්ඩ සේ සළකා තීරුබදු ගණන් බැලීම හා ගෙවීම සිදුකළ යුතු වුවත් එසේ නොකර දේශීයව සියයට 30 කට නොඅඩු අගයක් එකතුකර නිපදවන වාහන සඳහා ලබාදෙන සියයට 70 ක බදු සහනය කොටස් එකලස් කර නිපදවා දේශීය වෙළඳපොලට නිකුත් කර තිබූ එම වාහන 326 නිපදවූ සමාගම් දෙකකට (2) ලබා දීමෙන් රජයට මෙම ආදායම අහිමිවී ඇති බව විගණන කාර්යාලය පෙන්වා දෙයි.
මෙම වාහන වෙනුවෙන් රුපියල් 350,432,000 ක බදු මුදලක් අයකළ යුතු වුවත් රේගු නීති රීති නොසලකා අමාත්‍යවරයාගේ නිර්දේශ පමණක් සළකා එම බදු මුදල රුපියල් 246,628,800 ක් දක්වා අඩුකිරීමෙන් මෙම පාඩුව රජයට සිදුවී ඇතැයි විගණන කාර්යාලය සඳහන් කරයි ෴
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴