කොතලාවල සරසවියේ මාරක චාරිකාව ගැන තවත් තොරතුරු එළියට
(01.11.2024 – 19:54 +0530 – hirunews.lk/sinhala)
බදුල්ල – මහියංගණ මාර්ගයේ අඹගහඔය ප්‍රදේශයේදී අද (01) පෙරවරුවේ බස්රථයක් පෙරළී යාමෙන් සිදු වූ අනතුරකින් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය දක්ෂිණ මණ්ඩපයේ සිසුවියන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත් වුණා.
අනතුරින් තුවාල ලැබූ තවත් 39 දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගෙන් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ සූරියවැව පිහිටි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය දක්ෂිණ මණ්ඩපයේ සිසු සිසුවියන් පිරිසක් රැගත් බස් රථයක්.
අද (01) පෙරවරු 07:45 ට පමණ සූරියවැව පිහිටි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය දක්ෂිණ මණ්ඩපයේ සිසු සිසුවියන් පිරිසක් රැගත් බස් රථයක් බදුල්ල මහියංගණ මාර්ගයේ අඹගහඔය ප්‍රදේශයේදී අනතුරකට ලක් වුණා.
අනතුර සිදුවන අවස්ථාවේදී එම බස් රථය තුළ සිසුන් 36 දෙනෙකු ආචාර්යවරු දෙදෙනෙකු (2) ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු (2) සහ රියැදුරු ඇතුළු 41 දෙනෙකු ගමන් කර තිබෙනවා.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය දක්ෂිණ මණ්ඩපයේ ප්‍රමාණ සමීක්ෂණ අධ්‍යයන අංශයේ සිසුන් පිරිසක් ඊයේ (31) අධ්‍යයන චාරිකාවක් සඳහා සුරියවැව ප්‍රදේශයෙන් පිටත්ව තිබුණා.
අනතුරුව ඔවුන් ඊයේ (31) රාත්‍රිය ගතකර තිබුණේ පස්සර, පල්ගහතැන්න අභ්‍යාස පුහුණු ස්ථානයේයි.
අද (01) උදෑසන ඔවුන් රන්දෙණිගල ජලාශයේ නිරීක්ෂණ චාරිකාවක් සිදුකරමින් මහනුවර බලා ගමන් කරමින් සිටියදී අඹගහඔය ප්‍රදේශයේදී වංගුවක් ගැනීමේදී බස් රථයේ සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් පෙරළී ගොස් මෙම අනතුරට සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලබා බස් රථය තුළ සිටි පිරිස ඉන් පිටතට ගැනීමට පොලිසිය, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදු වුණා.
එලෙස පිටතට ගත් තුවාලකරුවන් කඩිනමින් ඇතුළත් කෙරුණේ බදුල්ල ශික්ෂණ රෝහලටයි.
රෝහලට ඇතුළත් කෙරුණු තුවාලකරුවන් සඳහා රෝහල් කාර්යමණ්ඩලය දැඩි කැපවිමකින් ප්‍රතිකාර කටයුතු සිදු කලා.
කෙසේ වෙතත් රෝහල්ගත කරන විටත් සිසුවියන් දෙදෙනෙකු (2) ජිවිතක්ෂයට පත්ව සිටි බව බදුල්ල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ගයාන් කුරේ මහතා සඳහන් කළා.
එලෙස ජීවිතක්ෂයට පත්වූ ඉසුරි උමයංගනී නමැති සිසුවිය නිවිතිගල, කොළඹගම ප්‍ර දේශයේ පදිංචි 23 හැවිරිදි සිසුවියක්.
ඇයගේ පවුලේ ඥාතීන් බදුල්ල ශික්ෂණ රෝහලට පැමිණ සිටියා.
අනතුරින් ජීවිතක්ෂයට පත්වූ අනෙක් සිසුවිය තරංගා හෙට්ටිමුල්ල නමැති කුරුණෑගල, අඹකොටේ ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන අතර ඇයද 23 වැනි වියේ පසුවුණා.
අනතුරින් 6 දෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන අතර ඔවුන් මේ වන විට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි බදුල්ල ශික්ෂණ රෝහලේ රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
ඔවුන් අතර බස් රථයේ රියැදුරු ද සිටිනවා.
මේ අතර අනතුරින් තුවාල ලැබූවන්ට වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය නම් ඔවුන් ගුවනින් රැගෙන යාමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ගුවන් හමුදාවට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව තුවාල ලබා සිටි සිසුන් දෙදෙනෙකු (2) බදුල්ල ශික්ෂණ රෝහලේ සිට ගුවනින් වේරහැර පිහිටි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය රෝහල වෙත රැගෙන ඒමට කටයුතු සූදානම් කර තිබුණා.
කෙසේ නමුත් ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් එම කටයුත්ත අද සිදුකෙරුණේ නැහැ.
අනතුරට අදාළව බදුල්ල පොලිසිය සිදුකරන මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ බස් රථයේ තිරිංග පද්ධතියේ මතුවූ දෝෂයක් හේතුවෙන් රියැදුරුට රථය පාලනය කරගත නොහැකිව අනතුර සිදුවෙන්නට ඇති බවයි.
‘හිරු ප්රවෘත්ති’ කළ විමසීමකදි බදුල්ල පොලිසිය සඳහන් කළේ බස් රථය ප්‍රපාතයකට පෙරළී යාම වළක්වා ගැනීමට රියැදුරු උත්සාහයක් දරන්නට ඇති බවයි.
ඒ අනුව බොහෝ දුරට බස් රථය පස් කණ්ඩියේ ගැටී නතර වී ඇති බවද පොලිසිය පවසනවා.
අනතුර සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
+
+
මාලිමා ආණ්ඩුවේ විදෙස් ඇමති සුමන්තිරන් !
(01.11.2024 – facebook.com/UdayaGammanpilaFanPage)
- අනුර – සුමන්තිරන් – ශානි – රවි කුමන්ත්‍රණය ගම්මන්පිල හෙළිකරයි !
- චූදිත නිලධාරීන් පොලිසියේ ඉහල තනතුරු වලින් වහා ඉවත් කරනු !
- මහජන පෙත්සම දියත් කිරීම.
+
ලොහාන්ගේ සිද්ධියේ ඒළියට ආපු අලුත්ම එක මෙන්න, වීඩියෝ කරන්න බය වෙන්න එපා (01.11.2024)
+
ලොහාන් රත්වත්තේගේ නම ගෑවුණු සැප රිය ‘ගාල්තැන්නේ කපුවෙකු’ ළඟ නතර වෙයි
(01.11.2024 – 21:50 +0530 – hirunews.lk/sinhala)
ව්‍යාජ අංක තහඩු යෙදූ මිට්සුබිෂි වර්ගයේ මොන්ටෙරෝ ජීප් රථයක් මහනුවර තෙල්දෙණිය දිගන ප්‍රදේශයේ අයි.සී.සී. නිවාස සංකීර්ණයේ අත්හැරදා දමා ගොස් තිබියදී තෙල්දෙණිය පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ පසුගිය 20 වැනිදා මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම් සංජීව බස්නායක නැමැත්තා විසින් ‘මහනුවර ගාල්තැන්න ප්‍රදේශයේ දේවාලයක කපුවෙකු’ට එම ජීප් රථය ලබා දී ඇති බවයි.
ඒ අනුව පොලිසිය අදාළ කපුවාගෙන්ද ප්‍රශ්න කර ඇති අතර අදාළ ජීප් රථය එම කපුවා විසින් මෙම ස්ථානයේ දමා ගොස් ඇති බවද වාර්තා වනවා.
අදාළ වාහනයේ අංක තහඩුව සම්බන්ධයෙන්ද පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ මෙම අංක තහඩුවට අදාළ ටොයෝටා ප්‍රාඩෝ ජීප් රථයක් මැණික්හින්න ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ නමට ලියාපදිංචි කර ඇති බවයි.
එම වාහනයේ සියලුම ලියකියවිලිද නිතයනුකූලව පවතින බවද තෙල්දෙණිය පොලිසිය සොයාගෙන තිබෙනවා.
ඒ අනුව මෙම ප්‍රශ්නගත ව්‍යාජ අංක තහඩු සහිත ජිප් රථය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් ලබා ගැනීමටද පොලිසිය කටයුතු කර තිබෙනවා.
+
ලෙඩ්ඩු අනාතයි – කරාපිටිය රෝහලම වර්ජනයක් අරඹයි (01.11.2024)
+
කරාපිටිය ජාතික රෝහලේ වැඩ වර්ජනය අවසන්
(02.11.2024 – 14:13 +0530 – sinhala.adaderana.lk)
කරාපිටිය ජාතික රෝහලේ වෛද්‍යවරු විසින් ඊයේ (01) ප.ව. 5 සිට පැය 24 ක කාලයක් සඳහා ක්‍රියාත්මක කර තිබූ සංකේත වැඩ වර්ජනය අවසන් කර තිබේ.
එම රෝහලේ පිළිකා වාට්ටුව භාර විශේෂඥ වෛද්‍යවරයා විසින් රෝහලේ තවත් වෛද්‍යවරු කිහිපදෙනෙකුට තර්ජනය කළ බව පවසමින් ඔවුන් මෙම වර්ජනයේ නිතර වූහ.
කෙසේ වෙතත් වර්ජනයේ නිරත වෛද්‍යවරු, කරාපිටිය රෝහලේ අධ්යක්ෂවරයා සමග අද (02) සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය තාවකාලිකව අත්හැරීමට තීරණය කර ඇත.
එහෙත් අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් නිසි පියවර නොගතහොත් එළැඹෙන සඳුදා (04) යළි වර්ජනයක් ආරම්භ කරන බව වර්ජනයේ නිරත වෛද්‍යවරු පවසයි.
කරාපිටිය රෝහලේ සියලුම විශේෂඥ වෛද්‍යවරුන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සියලුම වෛද්‍යවරුන් මෙම වර්ජනයට එක්වූ අතර, ඒ හේතුවෙන් සායනික ප්‍රතිකාර සිදු නොවුණි.
මේ හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවකට පත්විය ෴
කොට්ටාවෙන් හමුවූ අංක තහඩු නැති රථය කාගේද ?
(02.11.2024 – 13:35 +0530 – sinhala.adaderana.lk)
අංක තහඩු නොමැති ෆෝර්ඩ් ලේසර් වර්ගයේ කාර් රථයක් කොට්ටාවෙන් සොයාගෙන තිබේ.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් බව කියන මෝටර් රථයක් කොට්ටාවේ පිහිටි මෝටර් රථ අලුත්වැඩියා කරන ස්ථානයක තිබෙන බවට ලද තොරතුරකට අනුව පොලීසිය එම ස්ථානය පරීක්ෂා කිරීමේදී මෙම මෝටර් රථය සොයාගෙන ඇත.
ඒ අනුව අදාළ ස්ථානයේ හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, අදාළ රථය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ රියදුරෙකු විසින් පසුගිය පෙබරවාරි මස 28 වනදා රථයේ ඇති වූ දෝෂයක් නිසා අලුත්වැඩියා කිරීම සඳහා ගෙනැවිත් දැමූ බවය.
රථය ගෙන ඒමේදී එහි අංකය KM-5421 ලෙස කඩදාසි කොළයක සටහන් කරගෙන ආ බවත් අදාළ ස්ථානයේ හිමිකරු පොලීසියට පවසා තිබේ.
ඒ අනුව අදාළ කාර් රථය කොට්ටාව පොලීසිය සිය භාරයට ගෙන ඇති අතර එහි එංජින් අංකය හා චැසි අංකයයන් අනුව විමර්ශන සිදුකරයි.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴
@ illegal motor vehicles. Ranil made a big noise that Anura has no right to call parliamentarians “rogues”. I ask why not? Observing all these illegal motor vehicles owned and concealed by two former leading ministers, it is blatantly obvious to us the public that parliamentarians are arch rogues involved in criminal activities, highly skilled in illegal criminal activities. Given that these rogue ministers were employed by Ranil in his former cabinet or in the government, then he should be aware of these facts, as well as his inadvertent or deliberate aiding and abetting these rogues by giving them a blind eye – for the purpose of currying voting favors from the rogues to remain in power . If the man at the top is thus suspect then all his organization, and parliament itself is suspect. So, we the public call out that all parliamentarians are rogues, or at least the ones in the ruling party. When AKD states that the parliament is full of rogues, he is certainly within his right as a citizen to call out. The evidence is there for all to see and read. Ask the police Ranil if you are blind or have your head in the sand.
@ Sumanthiran videsha amathita? Ithin kopamana hondada! Parlimentuwe hitapu pal horungen pita waedagath ugath seelaachaara manusyayek. Dravida jaathikayek unaata apema kenek. AKD Sumanthiramta aanduwe loku thanathurak denawnam mama ekata ithaamath kamathyi. Gommanpila jaathi waadaya awussanna hadanawa. Owata api waetenne nae; thamangema kuhakakama thamai Gomma penwanne Ranilta kadey yamin.