මාලිමාවට ඡන්දය දී බෞද්ධයන් මෙවරත් රැවටුනා ද ? – පූජ්‍ය බලංගොඩ කස්සප හිමි
මාලිමාවට ඡන්දය දී බෞද්ධයන් මෙවරත් රැවටුනා ද ? – පූජ්‍ය බලංගොඩ කස්සප හිමි
(08.10.2024 – Y/T Balangoda Kassapa Thero)
+
හිටපු මැතිඇමතිවරුන්ගේ මූල්‍ය අක්‍රමිකතා හෙළිවෙමින් පවතිනවා
(08.10.2024 – 21:57 +0530 – hirunews.lk/sinhala)
හිටපු මැතිඇමතිවරුන්ගේ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ තොරතුරු රැසක් මේ වනවිට හෙළිවෙමින් පවතින බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ පවසනවා.
ඔවුන්ට එරෙහිව පියවර ගැනීම සඳහා අදාළ ආයතන වෙත එම තොරතුරු ලබාදීමද ආරම්භ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
+++++++++
+
මිත්‍යා මත පතුරවා ජයටම කරන ඡාවාරම – ‘හිරු CIA’ අනාවරණය
(08.10.2024 – 21:39 +0530 – hirunews.lk/sinhala)
මහා රාවණා රජ සමයේ සිට පැවත එන පෞරාණික නිධන්වලින් ලබාගත් තෙල් වර්ග, මැණික් සහ දඹ රන් පිළිම ආදිය ලබා දෙන බව පවසමින් දෙස් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කරන ජාවාරමක් සම්බන්ධයෙන් ‘හිරු CIA’ තොරතුරු අනාවරණ කරගත්තා.
රාවණා රජ සමය පිළිබඳ තොරතුරු දැනකියා ගැනීමට මෙරට බොහෝ පිරිසක් ලොකු කුඩා භේදයකින් තොරව දක්වන්නේ ඉමහත් උනන්දුවක්.
එම ජනතා උනන්දුව කූට ලෙස උපයෝගී කොට ගනිමින් ඇතැම් ජාවාරම්කරුවන් ජනතා මුදල් වංචනිකව ලබාගැනීමට රාවණා රජ දවස නිදන් කර ඇති පෞරාණික නිදන් වස්තු, තෙල් වර්ග ලැබී ඇති බවත්, පුජා පවත්වා නාග මාණික්‍යක් හිමිකර ගත් බවටත් යුටියුබ් නාලිකාවක් හරහා මිත්‍යා මත වපුරමින් සිටින්නේ මෙලෙසින් :
“මහා රාවණා රජුගේ කාලයේ සිට තිබුන ශක්තීන් අවදි කිරීම සඳහා ඉපැරණි පුස්කොල පොතක් මට ලැබිලා තියනවා. ඉතාමත් වටිනා තෛලයන් විවිධ ස්ථානවලින් මට ලැබිලා තියනවා. ඊට අමතරව කළුදිය පොකුණ ස්ථානයේ මෙම පූජාවල් සිදුකිරීමේදී විශාල නාගයෙක් විසින් නාග මාණික්‍යක් මට ලබා දුන්නා. ඒ නාග මාණික්‍ය සහ මේ සියලු දේවල් සමග රට බේරාගැනීම සඳහා විදේශයන්හි සිටින නියම හෙළ දරුවන් වන ඔබට මේ ශක්තීන් ලබාදීම තමයි මාගේ යුතුකම.”
මොහුගේ මෙම ප්‍රකාශවලට රැවටී විදේශගත බොහෝ පිරිසක් මුදල් ලබා දී ‘විශ්ව ශක්තීන්’ ලබාගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතරවාරයේ ‘හිරු සී.අයි.ඒ.’ ඇමතූ මොරටුමුල්ල ප්‍රදේශයේ කාන්තාවක් පැවසුවේ විවිධ අවස්ථාවල ස්වරූප වෙනස් කරමින් කරළියට පැමිණෙන මෙම පුද්ගලයා කරන සියලු ප්‍රකාශ අසත්‍ය බවයි.
අදාල පුද්ගලයා අනුරාධපුර ප්‍රදේශයේ ඉඩමක කුටියක් ඉදිකරන අවස්ථාවක මෙම කාන්තාව ද එහි පුජාවක් සඳහා සහභාගී වී තිබෙනවා.
ඉන් අනතුවරුව ඔහු සතුව ඇති බව කියන නාග මාණික්‍ය ඇතුළු භාණ්ඩ මෙම කාන්තාවගේ නිවසටද ගෙනැවිත් තිබුනා.
නමුත් එම පිළිම මැණික් සහ දඹ රන් පිළිම නොව පිත්තල පිළිම බවයි අනාවරණය වී ඇත්තේ.
අප මෙම අනාවරණය හරහා ඔබට අවධාරණය කරන්නේ විවිධ වේශයන්ගෙන් කරලියට පැමිණ ජනතාව මුලාවට පත් කර මුදල් ඩැහැගන්නා මෙවැනි පුද්ගලයන්ට හසු නොවන ලෙසයි.
+
(08.10.2024 – 18:50 +0530 – hirunews.lk/sinhala)
වංචනික ලෙස ඉඩම් බලපත්‍රයක් සැකසූ නීතිඥවරයෙකුට වසර 08 ක සිරදඩුවම්
(08.10.2024 – 14:33 +0530 – hirunews.lk/sinhala)
රාජගිරිය – කොස්වත්ත ප්‍රදේශයේදී වංචනික ලෙස ඉඩම් බලපත්‍රයක් සකස් කිරිම ඇතුළු චෝදනා දෙකකට වරදකරුවෙකු වූ නීතිඥවරයෙකුට කොළඹ මහාධිකරණය විසින් වසර 08 ක සිරදඩුවම් නියම කර තිබෙනවා.
එමෙන්ම අදාළ විත්තිකරුට රුපියල් විසිදහසක (20,000) දඩයක් ගෙවීමටයි මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ නියෝග කළේ.
2013 වසරේ ඔක්තෝම්බර් මස 11 වනදා සිදුවු මෙම සිදුවීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් 2015 වසරේදී මෙම නඩුව පවරා තිබුණා ෴
අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ තවත් චීන ජාතිකයින් 20 දෙනෙකු අත්අඩංගුවට
(09.10.2024 – 10:24 +0530 – hirunews.lk/sinhala)
සයිබර් අපරාධවලට සම්බන්ධ තවත් චීන ජාතිකයින් 20 දෙනෙකු පානදුර, ගොරකාන ප්‍රදේශයේ හෝටලයක රැදී සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් සන්තකයේ තිබී ජංගම දුරකථන 437ක්, ලැප්ටොප් 05ක්, දුරකතන චාජර් 133ක් ඇතුළු උපාංග තොගයක් සිය භාරයට ගත් බවයි පානදුර – උතුර පොලිසිය ප්‍රකාශ කළේ.
වීසා නොමැතිව මෙම චීන ජාතිකයින් මාසිකව ලක්ෂ 20ක කුලී පදනම මත අදාළ හෝටලයේ රැදී සිට ඇති බව හෙළිව තිබෙනවා.
+
චීන ජාතිකයින් පිරිස රිමාන්ඩ්
(09.10.2024 – 16:56 +0530 – sinhala.adaderana.lk)
පානදුර ගොරකාන ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිටියදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 20 දෙනා එළඹෙන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පානදුර අතිරේක මහෙස්ත්‍රාත් අද (09) නියෝග කළේය.
බස්නාහිර බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත පානදුර උතුර පොලීසියේ නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, පසුගිය ඔක්තෝබර් 06 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හංවැල්ල පොලිස් වසමේ දී අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක ලෙස මුදල් වංචා සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතික පිරිස හා අද (09) දිනයේ අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් අතර සම්බන්ධතාවයක් තිබේද යන්න පිළිබඳ විමර්ශන සිදුකරමින් පවතින බවය.
+
+
‘වඩුවාකෙටූගල’ අසල පවත්වාගෙන යන ගල්කොරියක් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට දැඩි ජිවිත තර්ජන
(09.10.2024 – 13:25 +0530 – hirunews.lk/sinhala)
දඹදෙණිය රාජධානියට අයත් ‘වඩුවාකෙටූගල’ පුරා විද්‍යා ස්ථානය අසල පවත්වාගෙන යන ගල්කොරියක් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට දැඩි ජීවිත තර්ජන මතුව තිබෙන බව ‘හිරු CIA’ වාර්තාකරනවා.
එම ප්‍රදේශවාසීන් පවසන්නේ අදාළ ගල්කොරියෙන් ඉවක් බවක් නොමැතිව දමන ගල් බෝර හේතුවෙන් විසි වී යන ගල් පතුරු තම කුඹුරුවලට ද පතිත වන බවයි.
මෙරට තුන්වන රාජධානිය වන දඹදෙණියට අයත් ‘වඩුවාකෙටූගලේ’ පාදමට හානි වන අයුරින් ඒ ආසන්නයේ ගල් කොරියක් පවත්වාගෙන යන බව ‘හිරු සී.අයි.ඒ.’ හරහා 2022 වසරේ පෙබරවාරි මාසයේදී මුල් වරට හෙළි කළා.
ඒ වනවිට ‘වඩුවාකෙටූගලේ’ නිදන් හෑරීමක් ද සිදුව තිබු අතර ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය පාර්ලිමේන්තුවේ ද අවධානය යොමු වුනේ මැති ඇමතිවරුන්ගේ පවා ඇස් අරවමින්.
මෙම ගල් කොරිය හරහා සිදුවන මහජන පීඩාව සම්බන්ධයෙන් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ද පවතින අතර 2023.05.10 වැනිදා එම අධිකරණය මගින් කොන්දේසි සහිත ආඥාවක් ද නිකුත් කර තිබුනා.
අදාල ආඥාවෙන් නියෝග කෙරුණේ කලු ගල් කැඩීම හා ඊට අදාල සියළු කටයුතු සිදුකිරීමේදී මහජනයාගේ සෞඛ්‍යයට හෝ පැවැත්මට හානි නොවන අයුරින් සිදු කළ යුතු බවයි.
එහෙත් ගල්කොරියේ හිමිකරුවන් මේ වනවිට අදාල කොන්දේසි අමු අමුවේ උල්ලංඝනය කර මහජන පීඩා සිදුවන අයුරින් ගල් බෝර දැමීමෙන් අවට කුඹුරුවලට ද කළුගල් පතිතවීමෙන් දැඩි ජීවිත තර්ජන මතුව තිබෙනවා.
ඊට නිසි විසදුමක් ලබාදෙන ලෙස බලකරමින් ප්‍රදේශවාසීන් දඹදෙණිය නගර මධ්‍යයට පැමිණ උද්ඝෝෂණයක නිරත වුණා.
විරෝධතාව පැවති ස්ථානයට ගිරිඋල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා පැමිණ සිදුවන පීඩා පිළිබඳව යළි අධිකරණයට කරුණු දක්වන බව පැවසීමෙන් පසු විරෝධතාව අවසන් කෙරුණා.
+
අපේක්‍ෂකත්වය නොලැබුනු කමල් අද්දරආරච්චි ‘මාලිමාව’ හැර යයි.. ‘දෙවන පරපුර’ පක්ෂයෙන් මැතිවරණයට තරග කරයි..
(09.10.2024 – 22:22 +0530 – lankacnews.com)
පැවති ජනාධිපති මැතිවරණයේදී ‘ජාතික ජන බලවේග’ වේදිකාවේ කථිකයකු බවට පත් පත්වී සිටි රංගන ශිල්පී කමල් අද්දරආරච්චි ‘දෙවන පරපුර’ පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර ඇත.
ඔහු කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.
‘ජාතික ජන බලවේගය’ පක්ෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට ඔහු බලාපොරොත්තුවෙන් සිටි නමුත් ඔහුට ඒ සඳහා නාම යෝජනා නොලැබිනි.
ඒ අනුව ඔහු ‘දෙවන පරපුර’ සමඟ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරයි.
ඔහු මාධ්‍ය හමුවේ කියා සිටියේ විපක්ෂය ද ශක්තිමත් ලෙස ගොඩනැගීම සඳහා තමන් කටයුතු කරන බවයි.
+++++++
+
අපි සැලුන් දොර වැහුවා – දිනෙන්දින වැඩිවන දිලිත්ගේ පිරිස – සජිත්වගේ අපි විපක්ෂයේම ඉන්න බලාපොරොත්තුවක් නැත (09.10.2024)
+
සෞඛ්‍ය කැබිනට් පත්‍රිකා ජනපති 2 වරටත් ප්‍රතික්ෂේප කළේඇයි? නිලධාරීන් දෙසට වෛද්‍ය චමල් සැකය යොමු කරයි (09.10.2024)
+
භික්ෂුවට පමණක්ම නින්දා කිරීමේ සැඟවුණු උපක්‍රමය… (09.10.2024)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴
@ Balangoda Kassapa. This robe bearer should focus on saving his own soul, for which he entered the sasana. If he wants to get involved in politics, he should better disrobe and contest the elections as a layman, or become an activist for party political promotion. Monks like this one are disgracing the Sasana, putting us off all monks as we think that most of them are in Sasana for an easy way of living: free food, clothes, support, lodging etc, on the back of devotees. If you want to salve away for various political parties for cash, then do it outside the Sasana.